Tuesday, June 29, 2010

අවසන් ගමන් යන ඇය!!

දෙනුවන් යොමා ඔබ දෙස බැලීමි
නිසොල්මන්ය
සිනාසුන දෙනයන
හුරතලේ මුමුනන දෙතොල්පෙති
පියාගත් වනමය
මනමාලියක මෙන් සැරසුනද
සිනහවක් නැති
මල් පොකුර අත රැදවුනද
මල් සුවදක් විදින්නැති
මැලවුන නුඹ මුහුණට
සුවද පැන් ඉසින මම
නැවතත් නුඹ දෙස බැලීමි
ඒ නුඹමය
මගේ තුරැලේම
මාව සැනසවූ නුඹ
අද නිහඩවම නිදන හැටී
දෙනෙත් ඇර බලනු මැන
මා හිදින වග නුඹ අසල
හඩන්නට කදුලක් නැති
අතරමං වුන ලෝකයක
නුඹ ලගම සැතපෙන්නට පැතූ පැතුමන්
ම​ටත් රහසින් උදුරා
නුඹ අද තනිව සයනක නිදන හැටි
එපා පියනින් වසා ඇය ගෙනියන්න
සුන්දරම ලොකය
ඇය නුදුටු තැන් දකින්නට
ඇර තබනු මැන පියන් ලෝකය දකින්නට

Monday, June 28, 2010

නුඹ ගියාම මගෙ සිත හැර ..... සිත හැඩු හැටි මට පුදුමයි


සිනාසලන ඔය ඇස් දෙක
අරන් ගියා මට මතකයි
සදුත් හිරුත් හිහඩ වෙලා

බලං උන්න මට නුහුරුයි

ලො
වට හොරෙන් නුඹ ආවා
සිනාසුනා මම සත්තයි
නුඹ රහසෙම පිටු පෑවා
තනිවුන
සිත මට උරුමයි

ඇදුරුම්කම නැතත් නුඹට
මිතුරු උනා මම ඇත්තයි
නුඹ ගියාම මගෙ සිත හැර
සිත හැඩු හැටි මට පුදුමයි


Thursday, June 24, 2010

තනිකම විතරද උරුමේ !!

පියඹන්නට අහස සරා
ඇදි සිත්තම මහද පුරා
සිත්තරාම නිහඩ වෙලා
පින්සල ඇත විසි කරලා

සෙවනැලි ඇදි බිත්ති පුරා
නුඹ හිදීවි මදෙස බලා
සෙවනැලි වියකෙයි කියලා
මම ඉන්නෙමි තුරුලු වෙලා

පුන්සද ඇති රෑ අහසේ
සිත්තම් කල රුව නුඹගේ
බලමින් ඉමි මගෙ සයනේ
තනිකම විතරද උරුමේ

මගෙ කුටියේ හිස තියාන
සිහින මවමි නුඹෙ රුව ගැන
හඩන හැඩුම් සිත පුරාම
නුඹ දනීද මම කල පෙම

වනන්තරේ තුරු වදුලේ
මල් පිපේලු හොර රහසේ
මට දැනුනට එහි අරුමේ
එවන් මලට නැත උරුමේ

සමනළයින් එයි බලන්න
සිත් මල මත රොන් උරන්න
රොන් පිරුනම ඇති තරම්ම
උන් යයි පියඹලා යන්න

පියඹා යන සමනලයින්
යනවිට ඈතට ඇතින්
තනිකම එයි යලි විගසින්
කදුලු උනයි මට රහසින්



එපා වන රියදුරු කෙරුවාව

මේ දවස් ටිකේම ගෙදර වැඩ වලටයි යාලුවන්ගෙ මගුල් වලටයි රියදුරු කෙරුවාව කරල මට එපා වෙලා තියෙන්නෙ. ඒ මොකවත් නිසා නෙමේ අපේ රටේ ජීවත් වෙන බුද්ධිමත් මිනිස්සුන්නෙ නුවනක්කාර වැඩ නිසා. කවුරුත් තරහ වෙන්න එපා කිව්වට ඒ වගේ වැඩ හැමෝම කරන්නැහැ ​වැඩිපුරම ඒව කරන්නෙ අපේ ගෑණු පරාණයි අවුරුදු 65 පැනපු නාකි අංකල්ලයි තමා. ඒ නිසාද කොහෙද අපිට පුරුද්දකට ගිහින් පාර මැද්දෙ වාහනයක් පිස්සු කෙලිනව නන් අපි අහන්නෙ..

"බලපං ගෑණියෙක් ද නාකියෙක්ද කියල".... ඒ තරමටම ඔය දෙගොල්ල පාරෙ පිස්සු කෙලිනව කියල සමජගත වෙලා තියෙන්නෙ

අපි ඉස්සල්ලාම කෙල්ලො ටික හදා ගමුකො මමනන් කියන්නෙ කාන්තාවන්ට බලපත්‍ර දෙන්න කලින් දහපාරක් වත් පරීක්ෂා කරන්න ඔනි දෙන්න තහනම් කරන්න කියන්නත් බැහැ මොකද අර ටී වී එකේ වැඩසටනක් කරන රේස් පදින කෙල්ල ඉන්නෙ ... පුහ්.. අන්න වැඩකරුවො.. උදේ 7.00ත් 7.30ත් අතර කොට්ටෙ පාර ලග හිටිය නන් ඒකිගෙ වැඩ බලාගන්න තිබ්බ අලුපාට ටොයෝටා i.s.t කාර් එකක් පදින්නෙ. ට්‍රැෆික් එක නිකන් ගෙදර වගේ. අන්න කෙල්ලො ඉතින් ඔය වගේ අය නිසා බලපත්‍ර තහනන් කරන්නත් බැහැනෙ....

දැන් මොනවද කෙල්ලො කරන වැරදි, වමට සිග්නල් දාල දකුණට හරවනව, පාරෙ යද්දි මෙලෝ සිහියක් නෑ, එයාල හිතන් ඉන්නෙ සයිඩ් කන්නාඩි තියෙන්නෙ ලස්සලට කියල සමහර ​ගෑණු උදවිය ඉන්නව ජී​විතේට සයිඩ් කන්නාඩියකින් පාර බලල නැති සීට් එක ඇදල ලං කරගන්නව වින්ඩ්ස්ක්‍රීන් එක ලගටම එතකොට මූණ ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගෑවෙන තරමට මූණ ඉස්සරහට ඔබා ගත්තම දෙපැත්ත පේනැනැහැ එයාල පාරෙ යද්දි අපි වාහන අයින් කරල ඉඩ දෙන්න ඔනි. මේ ලගදි මගේ යාලුවෙක්ගෙ බයික් එකක් කෙල්ලෙක් හප්පල.. ඊට පස්සෙ ඒ කෙල්ල බැහැල ඇවිත් බයික් එක දිහා බලාගෙන හොටු පෙරාගෙන අඩනවලු. ඒකා තර්ඩ් පාටියක් දාන් ඉන්න එකෙක් ඉතින් යාලුව කියල...

"මිස් මගෙ තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් තියෙන්නෙ මිස්ගෙ ඉන්ෂවරන්ස් එකෙන් අරන් දෙන්න කියල" ඔන්න ඒ ගමන මහ හයියෙන් අඩන්න ගත්තලු තාත්තී බනී එහෙම කරන්න බෑ කියල .කාට කියන්නද අප්ප මේව.. පවු අහිංසකය අතේ සල්ලි ටිකෙන් ඒක හදාගෙන ඒ කෙල්ල හිතන් ඉන්නවනන් ඒකෙන් බේරුනා කියල මොන පිස්සුද... සීන් එක මතක් වෙන හැම සැරේම කෙල්ල කෙසේ වෙතත් කෙල්ලගෙ අම්මව නන් හොදට මතක් කරනව ඒකා...

අනික තමා වාහනේ පාර්ක් කරන එක හරියටම වාහනේ නවත්තන්නෙ පාර මැද කෙල්ලො හිතන් ඉන්නෙ එයාලට පාර ලියල දීල කියල. අනිත් අය ගැන ජීවිතේට හිතන්නැහැ. ටයර් එකක හුලං ගියත් වාහනේ එතනම තමා. පොඩ්ඩක් අයින් කරල නවත්තන්න තරන්වත් හිතන්නැහැ. ලොකු හන්දියකට ආවම වාහනේ පාර මැද්දෙ නතර කරන් දෙපැ
ත්තෙන් යන වාහනවල ලස්සන බලබල ඉන්නව මිසක් එයාලගෙ වාහනේ පාරට දාන්න මතක නෑ. පිටි පස්සෙ එකා හෝන් ගහගහ එලවන්න ඕනි එයාලව. කලර් ලයිට් වල කොළ පාට වැටුනත් යන්න නන් පිටි පස්සෙ එකා හෝන් ගහන්න ඔනි. මාර්ග නීති ගැන අවබෝධය අන්තිමයි.. අනික තමයි වාහන පැද්දට කාර්මික දැනුම අන්තිමයි .උදාහරනයක් කිව්වොත් පොද වැස්සටත් වයිපර් එක පුලුවන් උපරිම දාගන්නව. ලොකු වැඩ කෙසේ වෙතත් ඒ වගේ පොඩි දේවල් ගැනවත් අවබෝධයක් තියා ගන්න. යන්නෙත් ගාට ගාට ඒ උනාට පිටි පස්සෙ අයට යන්න දෙන්නෙත් නෑ. ඔවර්ටේක් කරන්න කවුරු හරි උත්සහ කරනව නන් ඒකට ඉඩ දෙන්න එහෙම කරන එක මදි කමක් විදිහට හිතන්න එපා

ඔය විදිහම තමා වයසක අයත් කකුල් වෙවුලනව ඒත් වාහන පදිනව මේ වගේ අය නිසා තමයි ට්‍රැෆික් වැඩි වෙන්නෙ ..

අනික තමයි පොදු කාරනා රෑ වෙලාවක පාරෙ යනව නන් තදපාට ඇදුම් අදින්න එපා වාහන රියදුරන්ට ඒ එළියෙන් හැම දේම පේනව අඩුයි. එහෙම ඇදන් යනවනන් පාර පනින්න කලින් හොදට බලල පාර මාරු වෙන්න. අනික් කාරණය තමයි හෙඩ් ලයිට් අනේ මොලයක් තියන මිනිස්සු ඉන්නව නන් ඉස්සරහින් වාහනයක් එද්දි ලයිට් ඩිම් කරන්න අමතක කරන්න එපා..

ඔවා තමයි මට මතක් වෙන්නෙ වැරදි කිව්වෙ හදා ගන්න වාහන පදිද්දි එපා වෙනවඅනිත් පැත්තෙ සීට් එකේ ඉදගෙන යනව තරන් ලේසි නෑ පැදන් යන එක මේක නන් කියන්නෙ සමහර අය ඉන්නව සැමිය හරි තාත්ත හරි අයිය හරි
වුරු හරි වැඩ ඇරිල ගෙදර ආපු ගමන් වාහනේ ගමනක් යන්න බලං ඉන්න අයට එයාල යාහනේ පදින්න බෑ කිව්වොත් වද දෙන්න එපා මහන්සි වෙලා ආවම වාහන පදින එක එපා වෙන වැඩක් විශේෂයෙන් රෑ කාලෙට

ඒ නිසා ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න. ඔය වැරදි ඔයාලත් කරනව නන් ඒවා හදාගන්න බලන්න

Wednesday, June 23, 2010

ආදරය නුඹට කල ......

පාවෙන්න
රන් සිහින තරු අතරින්
මා පැතූ
මගේ ලෝකයට නුඹ සමග
එනවාද
පියඹන්න මේ සොදුරු අහසේ
තුරුලේම
සැනසෙන්න නුඹ ව සතපාන
හිනැහෙන්න
මා සමග නුඹ මගෙද
හැමදාම


පුන් පෝය සද
අරන් නුඹ දෑතෙ සගවා
ලා සද
එළියේම නුඹේ ලගම වෙලිලා
පෙර පැතූ
සිහින මල් නුඹ නමින් පිපිලා
නුඹ නැතත්
අද ලගින් මගේ හිත පිරිලා
එනවා
තුරුලටම මටම පෙම් කරලා
කියන් මට
කුමරියේ නුඹ මගෙද
කියලා

සිහින මල්
පොකුරක්ම මගෙ දෑතෙ
තියලා
පිදුව නුඹ ප්‍රේමයෙන් මුසපත්ව
උන්නා
සිහින මල් වැල් වියන් නුඹ නමින්
පුදලා
මගේ මුලු ලෝකයම නුඹම වී
දැනුනා
නිල් නුවන් යුග වලින් නුඹව මං
පැතුවා
ඝනදුරින් ලෝකයම එළිය වී
තිබුනා


පෙම් කරපු නුඹ ලගම මගේ හිත
බිදිලා
නිල් නුවන් යුග වලින් මගේ ළය
පළලා
පෙම් කෙරූ නුඹ හිමින් අන් කෙනෙකු
පතලා
මගේ පෙම පාගලා නුඹ ගියයි
හැරදා
සිත් මලම නුඹ නමින් කදුලු රස
වින්දා
කියමු මැන මතු බවෙත් නුඹ යයිද
කියලා



Tuesday, June 22, 2010

ඔයා මට ආදරෙයිද..........

කරදිය රසින් හැඩඋන මද සුලගක් ගත දැවටෙද්දී ඈත සිතිජය රන්වන් හිරු එළිය ගිල ගන්නට මාන බලමින් සිටින මොහොතක ඇයත් මමත් පමණක් උණ බටින් සෑදු වැට අයියේ වූ බංකුවක් මත ඉදගතිමි. සුදෝ සුදු සිසිනිදු වෙරළ බැස යන මල හිරුගෙ එළයෙන්දෝ රන් වන් පැහැයෙන් දිලිසෙන්නට විය. මා ඇය දෙස බැලිමි නිල්වන් නෙත් සගල ඈත අනන්තය දෙස දල්වා ඇය තනිව මනෝ ලෝකයක කිමිදෙන බව දෙතොල් අග රැදි සිනහවෙන් කියාපාන්නට විය.

මීට සිවු මසකට පෙර හමු වූ අපදෙදෙන අතර ඇති වූ මිතු දමින් පසු අප හමුවූ පලමු අවස්ථාව මෙය විය
. කෙලිලොල් තරුණියක වූ ඇය පියකරු මුහුණකට උරුමකම් කී සුන්දර යුවතියකි. කථාකරන විට සැලෙන දෙතොලට වඩා සෙලවෙන දෙනයනත් සිනහවන විට කම්මුල දෙපස හට ගන්නා වු පියකරු චිත්‍රයත් ඇය කෙරෙහි වූ ආකර්ශනය වැඩි කිරීමට සමත් විය. පලමු පෙම අහිමි වී ගත කල තනිකම උරුමකම කරගත් දිවියක කෙටිකලක හෝ සැනසීමක් මා වෙත ගෙන එන්නට මේ අපූරු යුවතිය සමත් විය අහිමිව ගිය ආදරයක තනිකමත් විරහ වේදනාවත් උරුමව ගතකල දිවියට මද වශයෙන් හෝ සැනසුමක් ගෙන දෙන්නට ඇය සමත් වීම මසිතට මහත් අස්වැසිල්ලක් විය.

ගැහැණියකකින් සිදු වියයුතු රැකවරනයත් ආදරයත් ​මැනවින් දත් ඇය මසිතට මෙතරම් ලං වීම අරුමයක් නොවන බව ඇයට ලංවූ පලමු මස ගෙවි යන්නටත් පලමුව මා සිතට තදින් දැනෙන්නට විය
. සුලගට දග කරන අකීකරු කෙස් කලඹ මෙල්ල කරමින් සුන්දර සිතුවමක් මවන ඈ එක්වරම මා දෙස බලමින්.

"ඇයි" .......... යැයි අසන්නට විය

දීත්තිමත් නෙත් සගල මද
සිනහවකින් සැරසුන තොල් සගල සිහින ලොවකට මා කැදවාගෙන යන්නට විය.

"ඇයි අනේ"................ ඇගේ හුරතල් වදන් පෙල මා අවදිකරවිය
.

"ඇයි ලස්සන බලන්න තහනන්ද "....

සිනහවන තොල් සගලට වඩා දිදුලන ඒ දෙනයන සිපගන්නට සිතතුල දොරෙ ගලායන අශාව ආයාසයෙන් මැඩගත් මම...

"හංසි කාරනයක් අහන්නද".................

එක්වරම මා දෙස බැලූ ඇය

"මොකක්ද"

වටකුරු ඇස්දෙක වික්ෂිප්ත බැල්මකින් මාදෙස බලා අතෝරක් නැති කථාරැ
සක් කියාපාන්නට විය.

"මං ඔයාට ආදරෙයි හංසි"......

ඇයගේ ලෝකය නැති වූවකේ මෙන් මා දෙස බලා ඉන්නට විය.

"ඇත්තමයි මං ඔයාට ආද
රෙයි.... ඔයා මොකද කියන්නෙ කියන්න"....

ඇයටත් හොරායෙන් ඇයගේ දෙනෙතට ගැලූ කදුලු කැට දෙකපුලට හොරාවෙන් පහලට ඇදී යන්නට විය. මා අසරණය ඇගේ දෙනයන තෙමී යනු බලා සිටීමට නොහැකි තරමටම මම ඇයට ආදරය කරමි එහෙත් ...... සිතතුල හැගුම් එකිනෙක පරයා පොර බදන්නට විය

"ඇයි හංසි? කියන්න මට ආදරෙයිද කියල"...

ඉකිබිදුම් හඩ පෙරටත් වඩා වැඩි වූයෙන් ඇගේ හිස මගේ උර මතින් සගවා ගතිමි. සියුම් ලෙස හිස පිරිමදිමින් ඇගේ හිත සනසවාලන්නට වෙර දැරුවෙමි.

"මං බැදපු කෙනෙක්"....... ඉකිබිදුම් හඩ අතරින් ඇයගේ මුවින් පිටවිය

මුලු ලොවම නැවතී ගියා විලසිනි. ජීවිතයට ලං වූ සැනසුම එක්වරම පිපිරී යන්නට විය. මුලු ලොවක් මට එරෙහිව නැගී සිට්න්නට විය. වෙව්ලන දෑගිලිත් දෙතොලත් ආයාසයෙන් නොසෙලී තබාගන්නට අසාර්ථක වෙරක් දැරුවෙමි.

"ඇයි දෙයියනේ...... මට කිව්වෙ නැත්තෙ".... ගලා යන කදුලු දෙතොලම තෙමා ඇදී යද්දී ආයා​සයෙන් ඇයගෙන් විමසීමි...

"මට ඔයාව නැති කරගන්න බෑ....... මං ඔයාට ආදරෙයි ම
ට ඔයාව ඔනි"...

දෙදෙනාම තුරුලුව ඉකිබිදිමින් අහිමි පෙමක විරහව විදිනන්ට විය. ආදරයේ සැනසුම සිතට ලං වූවා පමණය. එහෙත් එය පිපී දිලෙන්නට තරම් පිං කර නොමැති බව වැටහීමෙන් දෙපා සීතලව යන්න විය. ඇගේ තුරුලේ සැනසුම සොයා සතුටු වූයෙමු. මුලු දිවියම ඇයම වන්නට විය.එහෙත් පීදු මල් පොකුර පිපෙන්නට පෙර පරව යාවි යැයි සිහිනෙකින්වත් නොසිතුවෙමි. මා එතරම් පවු කාරයෙක්ද?? .... මට ආදරයක් උරුම නැතිද ?..කෙලවරක් නැති සිතුවිලි දොරෙ ගලන් එන්ට ඉඩ හැර අගේ හිස මත මුහුන හොවාගත් මා කදුලු බේරී යන්නට ඉඩ හැර දෙනෙත පියා ගතිමි

Monday, June 21, 2010

.....පාවී රන් තරු අතරින්....


පාවී රන් තරු අතරින්
පුන් සදටත් හොරෙන් හොරෙන්
සත් සමුදුරු මුහුදු මතින්
ආවෙමි නුඹ ලගට හොරෙන්

සීතල හිම ගිරි අරණේ
උණුසුම් වේ නුඹ තුරුලේ
තුරු වදුලේ මල් අතරින්
නුඹෙ සුවදයි මට හැමුවේ

ඇලක දොලක වන උයනක
සිසිල රැන්දු නුඹෙ සෙනහස
රන් සමනළ තටුවෙන් එන
පාට උනයි මගෙ සිහිනෙම

මිහිදුම් සලු වියන් මැදින්
සිත්තම් කල රුව මනරම්
ලං උන මට නුඹ මෙතරම්
රෝස මලකි රුව එතරම්

මටත් හොරෙන් ලං උනාම
නුඹ තුරුලේ සැතපුනාම
සිහින හතම එළි උනාම
නුඹ මාගෙද මුලු දිවියෙම

Friday, June 18, 2010

සිහින මවන පෙම්බරා........ මම වෙමි දිවි ඇතිතුරා


සිහින ලොවක සැරිසරා
ආවෙමි මම නුඹ සොයා
සිහින මවන පෙම්බරා
මම වෙමි දිවි ඇතිතුරා

පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්‍රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ




මල් මුතු වැල් මාල නෙලා
ගෙලවට එය පලදලා
ගෙන යමි නුඹ ලං වෙලා
ඉන්නවාද මගෙ වෙලා

රන්තරු ලොවෙ ඇතිතුරා
මියනතුරා සැනසිලා
තුරුලේ නුඹෙ සැතපිලා
ඉන්නෙමි මගෙ නෙතු පියා

Thursday, June 17, 2010

බෝඩිමක බිහිසුනු රැයක්

දුර බැහැර පෙදෙසක රැකියාවක් කිරීමට සිදු වූයෙන් ජිවිතේ පලමු වතාවට බොඩින් ජීවිතයකට හුරු වන්නට මට සිදු විය. එවන් වූ දිවියක මිහිරවත් අමහිරත් කිසිම දිනයක අත් විද නැති නිසානේදෝ මුල් දින කිහිපය තුය මහත් ආගන්තුක බවක් මා සිත වෙලාගන්නට විය.

එකිනෙකට වෙනස් වූ චරිත කිහිපයකින් යුතු පුද්ගලයින් තිදෙනෙක් මා සමග සිටින බව මට දැනගන්නට ලැබුනේ එහි නවාතැන් ගත් මුල් දිනයේදිමය.

එකෙකු නමින් අනුර විය. ගබඩා පාලක තනතුරක් හෙබවූ ඔහු බෙහවින් තැන්පත් පුද්ගලයකු විය.උපාලි නම් වූ පරිගණක විධායකවරයා කෙළිලොල් මෙන්ම ඉතා විහිළු කාරයෙකු විය. අනිත් පුද්ගලයා වුයේ සෝමසිරිය ඔහු ඉතා කලහකාරී පුද්ගලයකු වන අතර නිතරම කවුරුන් සමග හෝ රණ්ඩුවක් ඇති කර ගැනිමට මාන බලමින් කල් ගෙවන පුද්ගලයෙක් බව උපාලි මා සමග පවසන ලදී.

එහි ගිය කාලයතුල මා හට විභාගයක් සදහා සුදානම් වීමට තිබූ හෙයින් මා සදහා වෙනම කාමරයක් වෙන් කර දීමට තරම් කාරුණික වීම ඔවුන් කෙරෙහි ඇති බැදීම වැඩි කරවන්නට සමත් විය. වෙනාදාට වඩා කලියෙන් එදින සේවය නිම කිරීම නිසාවෙන් අනුර
උපාලි සහ මම කල් ඇතිව බෝඩිම වෙත පැමිණ නා ගැනීම සදහා වැව වෙත ගියේය සුන්දර වට පිටාවක මිහිර විදිමින් ගත කල එම මොහොත නිවසින් පිට වූ නිසාවෙන් සිතට දැනුනා වූ කාන්සිය මදකට හෝ නිවා දැමීමට සමත් විය. වැව අසලම තිබූ කුඩා කඩයකින් ගත් ආප්ප කිහිපයකින් කුසගිනි නිවාගත් අප ඉතා ප්‍රිතිමත් සැදෑවක් ගත කර නැවතී සිටින නිවහනට පිය මැන්නේ තවත් එක් දවසක නිමාවක් සනිටුහන් කරමිනි.

එදින මහන්සියක් නොදැනුන නිසාවෙන් වෙනදාටති වඩා පහසුවෙන් ​පාඩම් වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකිවිය ​මල හිරු ක
වුලුවෙන්විත් දෙනෙතට එබෙමින් ගත කල කාලය නිමා වීමෙන් අවටින් ලොවටත් හොරාවෙන් අදුර රජ කරන්නට විය රැහැයියන්ගේ ගී රාවයත් නොයෙක් නුපුරුදු හඩවල් රැසක් මගේ තනියට හඩ නගද්දී සිතුවිලි ​දැහැනෙන් මිදුනු මම පොත කෙරෙහි නෙතු යොමන්නට විය.

නිහැඩි​යාව රජ කරන්නට වූයේ හෝරා කිහිපයක් පමණි එක් වරම සාලය දෙසින් වියරුව නැගුන හඩක් ඇසුවෙන් මම තිගැස්සී ගියෙමි

"අඩෝ........ ඔය මන්නෙ ගනින් යකෝ මම අද කපනව"

කිසිදා නොදුටු දසුනකින් මා සිත බියපත්ව ගැහෙන්නට විය ඒ අන් කවුරුත් නොව සෝමසිරි නම් වූ අප නිවසේව වෙසෙන අනිත් පුද්ගලයා විය ගොරකා මද දෙකක් මෙන් රතු වූ නෙත් සගල කොපයෙන් වියරු වැටුන මුහුණත් අවුල්ව ගිය කොන්ඩයත් ඔහුගේ මුහුණ රකුසෙකුට සම කිරීමට සමත් විය. මින් පෙර කිසිදාක මෙවැනි අත් දැකීමක් මා අත්විද නැත. මත් බවින් වියරු වූ ඔ
හු මන්නා පිහියක් හොයමින් නිවස සිසාරා දිවයන්නට විය.

කුස්සිය අයිනට රදවා තිබූ මන්නා පිහිය අතට ගත් ඔහු දුව යන්නට සැරසුනි. මෙවැන් සිදුවීමක් නුහුරු නිසාවෙන්දෝ මා මැද්දට පැන ඔහුගේ බදින් අල්ලා නිවසේ වූ මිතුරන්ට අඩගසන්නට විය.

" උපාලි බලං ඉන්නෙ
යකෝ මූව අල්ලපන් මේක කොටන්න යන්නෙ"

එහෙත් ඔහු නිසොල්මන්ය සිනාමුසු මුහුනෙන් මා දෙස බලා සිටි ඔහුගෙන් දිස් වූයේ මා කෙරෙහි ඇතිවූ අනුකම්පාවක්දැයි මට සිතා ගත නොහැකි විය.

සොමසිරි දගලන්නට විට

"අතෑරපන්ර්‍ !@#$%$ යෝ මට කපන්න ඕනි ...යකො " දගලන්නට වූ මේ ශක්ති වන්ත මිනිසාගේ බාහුවක් වැදීමෙන් මගේ මුහුනද වේදනා දෙන්නට විය. මා අසලට පැමිණි උපාලි


"යන්න දීපන් බං" සංසුන්ව පැවසුවේය මට සිතා ගත නොහැකි විය මිනිසෙකු මෙතරම් දරුණු වූ වෙලාවක එවැන්නක් කළ හැකිද මා සිත තුල භිතිය රජයද්දී අකමැත්තෙන් උවද ඔහුව ලිහිල් කලෙමි

එක්වරම මා දෙස
ට හැරුණ ඔහු මන්නා පිහිය මා දෙසට දිගු කර

"තෝ දැන ගනින් උඹ අලුත් එකා.... එකෙක් කපුපු මට යකෝ තව එකක් ලොකු නෑ යකෝ......" ඉලිප්පී ගිය නහරවලින් හා දා බිදු වලින් නැගි දිස්නයෙන් ඔ​හුගේ කේන්තිය හා ප්‍රචන්ඩත්වය මනාවට දිස්වන්නට විය. මා තවමත් ඔහු දෙස බලාගත් අත
මය

රකුසු නෙත් මා දෙසින් ඉවතට ගත් ඔහු මිටින් හල කුරුල්ලෙකු මෙන් කඩුල්ල දෙසට දුවන්නට විය වික්ෂිප්තව ගිය මම ඔහු පසුපසම දිව ගියේ මගේ දෙපයටත් නොකියාමය එක් වරම කඩුල්ල අයිනේ වූ අඹ ගසට නැග ගත් ඔහු පාරට බරව තිබූ අඹ අත්තක් කපන්නට විය

අරුමයකි අනික් මිතුරන් උලුක්කුවට මෙන් මට සිනාසෙයි

ඇයි බං මොකද මේ කිසි දෙයක් අදහා ගත නොහැකි වූ මම ඔවුන්ගෙන් ඇසීමි

"ඔක ඔහොම තමයි බීගෙන ආවම මොකක් හරි ඇගේ වැදුනොත් ඒක කපනව.... කලිනුත් පේර ගහක් කැපුව අපරාදෙ ගස් ටිකඋඹ ගිහින් පාඩන් කරපං....."

තවත් වරක් ඒ අමුතු පුදුගලයා දෙස බැලීමි ඔහු තවමත් ගස උඩය පාඩං කිරීමට තරම් නිදහස් සිතක් නොපැවති හෙයින්ඇද මතට වන් මා නිදන්නට වීමි

Tuesday, June 15, 2010

මා මල පසු

පායා එන්න සිත් අහස් ඉම පුරාවට



පායා එන්න සිත් අහස් ඉම
පුරාවට...
ඝන නිල්වන් අහසම එලිය වන
පුරා සද මෙන්.....
තුරුලේම සැතපෙන්න නුඹෙ මගේ
දිවිය ගෙන
පිණි වැටුණ රොස මල් කැකුලියේ
මගේ වු
කියනු මැන ආදරේ හිතේ පිපි
නොකියවු

පියඹා එන්න පුංචි සමනලුනේ
තුරු මල් මතින්
පාට දී යන්න හඩන පෙම් සිත
සනසවන්නට
විහග රෑනට කියනු මැන ගී ගයන්නට
හිමිදිරියේම
හිනැහී සැනෙසෙන්ට මගේ පෙම්
කැකුලියට
පිබිදෙන්න රොස මල් කැකුලියේ
මගේ උන
නුඹෙ පෙම්බරා හිදිනු ඇත සිපගන්න
ආදරය උතුරන

Monday, June 14, 2010

මම කසාද බදින්න තීරනය කරා

මම කසාද බදින්න තීරනය කරා. ඒ මොකවත් නිසා නෙමේ. කලින් පොස්ට් එක කියවල බලල මම අහගත්ත දේවල් එක්කම මගෙ යාලුවොත් කියපු නිසා. මේක මම ගොඩක් කල්පනා කරල ගත්ත තීරණයක්. අනික ජීවිතයක් හැමදාම තනියෙන් ගෙවන්නත් බැහැනෙ. කවුරුම හරි ඉන්නත් ඔනිනෙ. යාලුවොත් උපරිම සහයොගයක් දෙනව කියල මම දන්නව. ඒ නිසා බය නැතිව ගෙදරට කියන්න ඕනි කියල හිතල මම ගෙදරට ඒ ගැන කිව්ව.

අම්මයි තාත්තයි විතරයි සාලෙ හිටියෙ අක්ක කාමරේ වෙන වැඩක මුලින්ම ලැජ්ජවෙන් ඉදල ෆුල් ශක්තිය හිතට ඇරගෙන අම්මට මම කිව්ව...

"අම්මෙ මම බදින්න කියල හිතුව"

අම්ම​ගෙ මූන වෙනස් උන විදිහ මට හිතා ගන්න බැරි උනා. ගොඩක් වෙලා මම දිහා බලා ඉදල එකපාරටම තාත්ත දිහා බැලුව. තාත්ත ඇහුනෙ නෑ වගේ ටී. වී. එකබලාගෙන හිටිය. මම ආයෙත් ඇහුව

"අම්මල මොකද කියන්නෙ"

අම්ම හොද හුස්මක් අරගෙන කිව්ව ඔයාගෙ කැමත්තක් එහෙමවත් හැදෙයිද බලමුකො.... කියල තාත්ත තාමත් මුනිවත රකිනව. මම ගල්ගිල්ල වගේ බලාගෙන හිටිය. අම්මෝ....... පපුව ගැහෙනව හෝ....... ගාල ඒත් තාත්ත ඔහේ බලං ඉන්නව. එකපාරටම මම දිහා බලල ඇහුව...

"ඔය තරමටම හදිස්සිද"

මම කිව්ව "නෑ ඉතින් යාලුවොත් බදිනවනෙ ඒ නිසා මාත් බදින්න හිතුව" කියල......

ඔයාගෙ කැමත්තක්...... අම්මො ඇති යාන්තන් තාත්තගෙ ​අවසරෙත් ගොඩ. සතුට දෝරෙ ගලනව කියන්නෙ කියා ගන්න බෑ. ඒත් තාත්ත එච්චර සතුටින් නෙමේ කියල තේරුනා. අක්ක ගෙදර ඉද්දි මම බදින එක හොද නෑ කියල මම දන්නව. ඒත් මගෙ ජීවිතේ පිලිවෙලක් උනොත් හොදයි කියල තමා මම ඒ තීරනේ ගත්තෙ. දැන් මගුල් දවස ගැන කථා උනා නොවැම්බර් මාසෙ මට හොදයි කියල අම්ම කිව්ව මේ නොවැම්බර් වලට දාගම්මු කියල. මාත් ඉතින් දැන් කථා උන හැම දේකටම ඔලුව වැනුව. අක්කටත් මේක ඇහිලදෝ මන්ද එයා කිව්ව එයා ලග තියන සල්ලි ටිකකුත් දෙන්නන් කියල. හ්ම්ම්ම........ ඒක නන් හිතට මාර සහනයක් ඒත් අක්කගෙ මූණ නන් එච්චර හොද නෑ වගේ. අනේ මන්ද මම වැරදියි කියල දන්නව ඒත් මම දැන් තීරණයක් අරන් ඉවරයිනෙ..

දැන් තමා අමාරු හරිය. මංගල ආරධනා පත් ටික මැලිබන් වීදියෙන් කර ගන්න පුලුවන් එතකොට පිංතූර ටික ගන්න මගෙ යාලුවෙක් ඉන්නව ඒක නිකන් කරල දෙන්නන් කිව්ව මොනව උනත් හොද කැමරාවකින් පිංතූර 1000ක් විතර ගත්තම 50ක් විතර හොද ඒව වදීනෙ. එහෙමන ඉතින් හැමෝම කරන්නෙ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න ඔනි නෑනෙ. ඊලගට අන්දන කෙනා.... අපේ පුංචි මනමාලියො පාට කරන කෙනෙක් ඒ නිසා එයාගෙන් උදව් ගන්න පුලුවන් කියල මම දන්නව. ඒ ගැනත් මට වැඩිය හිතන්න ඔනි නෑ එතකොට සල්ලි ගොඩක් ඉතුරුවෙන නිසා ලොකු හෝටලයක මගුල ගන්න පුලුවන් නෙ. හෝටල් 5කටවත් කථා කරල ගනන් අහගන්න ඔනි දැන් මගුල් කේක් අරව මේව ගෙදර හදා ගන්න පුලුවන්නෙ ඉතින්. ඒව පස්සට දාමු....

රත්තරං බඩු ටිකට තමා ඉතින් ලොකු වියදමක් යන්නෙ. ඒකට බැංකුවකින් වත් ලෝන් කට්ටක් දාගන්න වෙනව. මගේ යාලුවෙක් ඉන්න නිසා ඒකත් වැඩි අමාරුවක් නෑ කියල මම දන්නව. මොනව උනත් හැම තැනම යාලුවො නිසා වැඩේ කරදරයක් නෑතිව ගොඩ දාගන්න පුලුවන් වෙයි වගේ. ඉතින් ඊට අමතරව ලොකු වියදම් වෙන වැඩ නෑ මම හිතන්නෙ.

ඔය ටික තමයි නෙ ලොකු වැඩ ටිකකට තියෙන්නෙ. මම මේ පෝස්ට් එක කලින්ම දැම්මෙත් මග ඇරුන දෙවල් තියනව නන් ඔයාල මට කියල දෙන්න.. බැදපු අයත් මේව බලනව ඇතිනෙ ඉතින්... මේ ඔක්කොම දැං මම සැලසුම් කරල ඉවරයි ඒත් ...................

මොකක්දෝ මන්ද ලොකු අඩුවක් තියනව කිය උනෙ නැති මොකක්ද??????? ම්ම්ම්ම්ම්ම්ම්ම..........

හුටා...........................................

මනමාලියෙක් නෑනෙ

දැන් ඉතින් හොයපන්කො ඒකකුත්......... හ්ම්ම්ම්ම්ම්ම.......................

Thursday, June 10, 2010

ඇයි මට කථා කලේ...... මම ආදරය කල එක පවක්ද???

පෙරුම් පුරාගෙන
අහිංසක පෙම් පැතුම් දෝත දරා
විදින්නට ජීවිතය නුඹ සමග
පෙර මං බැලීමි
ප්‍රාර්ථනවන් සිදු කලෙමි
ඒ සියල්ලම විසිකර දමා ගිය නුඹ
අන් කෙනෙකු හට දයාබර බිරිදක් විය
එයද ඉවසුවෙමි
හදේ ගලනා වේදනාවන් තනිව වින්දෙමි
නුඹට කිසි ලෙසකින් දුකක් නුදුන්නෙමි
යන්න ගිය නුඹට
නැවත අඩ නොගැසුවෙමි
සතුට උතුරා යන දිවියකට ආසිරි පැතුවෙමි
කිසිදු වරදක් සිදු කර නැත නුඹට
ඒත්
මාව රිදවන්නද දැන් මට කථා කරේ
මගේ දුක බලා සතුටින් හිනැහේද නුඹ
වේදනවන් පිරි ලෝකයක සැනසුම ලං වූවා පමණි
ඇයි මගේ සතුට උදුරන්න එන්නෙ

"මට ඔයාගේ හඩ අහන්න ඔනි උනා"
එය නුඹේ වදනයි

"මට ඔයාව මගේ කර ගන්න ඕනි උනා"
එයට පිටුපා ගිය නුඹ

අද
ඇයි මාව රිදවන්නෙ
මගේ කදුලද නුඹෙ සතුට
එය නම් පවසන්න
හඩන්නෙමි මම මියනතුරාවෙන්ම
සැනසේනම් ඔබ හැමදාම

මගේ පනටත් වැඩිය ආදරය කල පවට.
ඒ තරමටම විදවන්න ඕනිද
වරින් වර ඇවිත්
මට දුක් දෙන්න තරමටම
පව් කාරයෙක්ද මම නුඹ හට......

Wednesday, June 9, 2010

මගෙ සද නැතිය තනිවයි සිත පෙම් සයුරේ

පුන් සද නැතිය පාලුයි
කලු රෑ අහසේ
බඹරුන් නැතිය නිසලයි
පිපි මල් උයනේ
සිය​තුන් නැතිය නිහඩයි
මුලු ලෝ තලයේ
මගෙ සද නැතිය තනිවයි
සිත පෙම් සයුරේ

හැඩුමට කදුලු කවුරුන්දො
ගෙන දුන්නේ
ඔය වත කමලෙ සිනහව
කොහෙදෝ ඇත්තේ
මගෙ සුදු මැණික ඇයිදො
පිය මං මැන්නේ
නුඹ එනකම්ම මගෙ සිත ඇයි
නැවතී ඉන්නේ

සද තරු නැතත් නුඹටයි මම
පෙම් කෙරුවේ
සිය​තුන් නැතත් නු​ඹෙ හඩ
නොමැකී ඇත්තේ
යන්නට ගියත් සිත නුඹ ලග
තව ඇත්තේ
තව එකවරක් නුඹ දැකුමට මග
බලමින් ඉන්නේ





Tuesday, June 8, 2010

නැවතත් ඇය මට හිමි විය

වේලාව උදෑසන 10 බව දුම්රිය වේදිකාවේ සවිකර තිබූ වේලා යන්ත්‍රයේ කෑගැසීමෙන් දැනගතිමි. දුම්රිය කවුලුවට හිස තබාගත් මම ​නුවර යාමට සිදු වූ අයුරු මෙනෙහි කරන්නට විය....

"මචං මම බදිනව... උඹට විතරයි කිව්වෙ එන්නම ඕනි"....., ඒ මගේ මිතුරාගේ ඇමතුමයි, රාජකාරී ස්තානයෙන් නිවාඩුවක් ලබා ගත් මම නුවර බලා යාමට සූදානම්ය. දුම්රියේ හූ...... හඩ මනෝ ලොකය බිද දමද්දී මහ හඩක් නංවමින් දුමරිය ඉදිරියට ඇදෙන්නට විය. අවට නෙත් යොමා බැලිමි. සතියේ දිනයක් නිසාවෙන් දෝ මා අවට කිසිවෙකුත් පෙනෙන්නට නැත මා පමණය. සුපුරුදු හුදකලාව මා වෙලා ගන්නට විය. කවුලුවෙන් ඇදී එන සුලං පහරින් දෙනෙතට දැනුන වේදනාවෙන්දෝ සිහින් කදුලුබිදු දෙනෙත තෙමන්නට විය.

දුම්රියේ හඩ පමණක් පාලුවත් තනිකමත් මකන්නට සටනක යෙදෙද්දී ගම් දනව් පසු කරමින් කාලය ඉදිරියට ඇදෙන්නට වු අතර සුත්දරම අතීතයක මතක සටහන් මා ඉදිරියේ රූප පෙලක රග දක්වයි. තනිව වූවත් ඒ දසුන් දැකීමෙන් විටක මුවට නැගෙනා සිනහවත් රහසේම ඇද වැටෙන කදුලු බිදුවත් මැඩගනිමින් කාලය කාදමන්නට මහා සටනක යෙදෙන්නට විය.

කාළය කෙමෙන් ගෙවෙන්නට වූ අතර එක්වරම නෙත ගැටුනු දසුනෙන් මොහොතකට ගල් ගැසුනි. තරුණ යුවතියක් උසුලාගත නොහැකි බර බෑගයක් ඔසවාගෙන ඉද ගැනීමට තැනක් සොයමින් එහෙ මෙහෙ පැද්මින් අසීරුවෙන් ගමන් කරයි..

"දෙවියනේ"........................... මේ ඇයමද? ඒ දෙනුවනම, දෙදන තෙක් දික්වූ කෙස් කළඹ, රත්පැහැ තොල් සගල, මේ ඇයමද සියොලගම සලිත වන්නට විය දෙතොලින් හඩක් නගන්නට නොහැකි වූවෙන් ආ​යාසයෙන් වාරුගත් දෙපය බිම තබා ඇය අසලට යන්නට වීමි.......

සැමදා මා ආද
රයෙන් ඇමතූ වදනින්ම ඇයට ඇමතිමි....

"මුතූ".....................

තිගැස්සුනු ඇගෙ මුහුන, කියාගත නොහැකි හැගුමන් දොරේ ගලා යන දෙනුවන, කෙසේ නම් විස්තර කරන්නද.... ඇගේ ඒ මුහුණ, උතුරා ගලා යන සතුටකින් ඇය වැලද ගතිමි හැගුමන් වචනයට කියාගත නොහැකිවෙන් දෝ හඩන්නට වූ ඇයට හඩන්නට ඉඩ හැර තවත් තදින් ඇයව වැලදගන්නට විය...

කාලය කෙමින් ගත වන්නට විය මගේ සතුට කෙසේ නම් විස්තර කරන්නද. ඇය නැවතත් මගේ තුරුලේය සතුට ඉවසාගත නොහැකිව දෙනෙතින් ගලා යන කදුලු ගංගාව කිසිදා මා මෙතරම් කදුලු සලා නැත. සතුට උතුරා යන්නට විය. දෙතොලින් වදන් පැවසීමට නොහැකි නිසාදො අපේ දෙනයන රහසින්ම මුමුණන්නට විය. ඒ සුන්දර අතීතය නැවතත් මගේ තුරුලේය... දුක්බරව ගෙවු ජීවිතය නැවතීමට කාලය පැමිණ ඇත ....

ආයා​සයෙන් ආසනය මතට බරවූ අප දෙදෙන කුමක් නම් පවසන්නද.. දෙනුවන අතොරක් නොමැතිව තවමත් දොඩමලුය. ඇතින් බිං ගෙයක් ලං වනු මග දෙපස වූ මහා ගල්කුලු සලුකුනු කරන්නට විය. ආදරයත් රාගයත් සිත තුල පොරබදන්නට විය. සුමුදුව සිප ගත් ඒ නළල දෙනුවන ඇයගේ හැඩීම් මහ හඩින් උත්සන්න කරන්නට විය. මම දනිමි ඇය තවමත් ආදරය කරන බව දෙකපුල් වලින් ගලායන කදුලු බිදු මගේ දෙතොලින් රහසේම තොල ගා බලද්දී සංසාර පුරුද්දට මෙන් ඇය තව තවත් මගේ තුරුලට විය...

මුලු ලොවම නතර වූවාක් මෙනි ඇයත් මාත් පමණය බිංගෙය තුලින් නැගුන කලුවර අප වෙලා ගනිද්දී අතීත මතක සටහන් තුල කිමිදෙමින් මා ඇගේ මුව මඩල සිනිදුව සිපගතිමි. දෙනුවන පියාගත් ඈ ඒ සුන්දරම මොහොත අත්විදින්නට විය. වෙවුලන දෙතොල් එකින් එක ලංව දොඩමලුය. සිප ගැන්මට මුලු ලොවක් ඇරයුම් කරයි පෙරුම් පුරා සිටි මොහොතක ඇයත් මාත් පමණය. කවුලුව මැදිනු හමා එන සීතල සුලග ආසිරි පතන්නාක් මෙනි. සුලගට දගකරන කෙලෙලැල් අප වටා එතෙත්දී එම සුන්දර මොහොත ආදර සිතුවිලි වලින් පිරී යන්නට විය

එක් වරම නැගුනු සුපුරුදු කට හඩකින් තිගැස්සී ගියෙමි.........................

"පුතා".............................................. නැගිටල තේ බොන්න..... දැන් කී පාරක් කථා කරාද???..."

ඒ හැමදාමත් හිමිදිරියේ නැගෙන මෑණියන්ගේ වදන් පෙලයි. වාරුනැති දෙපා ආයාසයෙන් බිම තබමින් එලියට වන් මම මුහුණ සොදා තේ බොන්නට වීමි.....

Monday, June 7, 2010

හමන සුලගට කියන්නට හැකි නම්

හමන සුලගට
කියන්නට හැකි නම්
නුඹ නොමැතිව හද හඩන බව
සුලග ඇවිදින්
ලොවට රහසේම
නුඹට පවසාවි
මම හඩන බව

පෙර සංසාරයයෙත්
මාව හඩවාපු
නපුරු නුඹ ලගම
කුමක් අයදිම්ද
යන්න පෙර මං බලන විට
තවත් නුඹ එයි
මගේ ලගටම
හිතම රිදවන්න

නුඹෙ සිත නැත
රිදවාල කිසිදිනක
ඇයිද නුඹ සිත
දරුණු කරගෙන
රැදෙන්නට නුඹ ලග
අවසරද පවසන්න
පෙමක් නැතිවත්
සනසන්න මගෙ සිත



Friday, June 4, 2010

තනිව ගත කල මංගල රැයක්

මිනිසෙකු පතන සුන්දරම දිනයක නිමාවෙන මොහොත උදා වී ඇති බව පසක් වූවේ සියලු දෙනාම මග මගට පැමිණ රථය දෙස දෙනෙත් යොමනු දුටු විටය. ආසිරි සුභ පැතුම් මිටි දෝතින්ම තුරුලු කරගෙන මම අසල සිටි සුන්දරම යුවතිය දෙස දෙනෙත් යොමා බැලීමි. ඇයගේ උතුරා යන සතුට දෙනෙතින් වෑහෙන අයුරු මගේ සිත තුල අහිංසක ආදරයක පැතූ ප්‍රාර්ථනාවන් නැවත සිහිගන්වන්නක් විය. ඇයගේ සුන්දරත්වය මින් පෙර නොදුටූ විරූ තරමිය ඇය අදින් පසු මගේ බිරිදයි. නැවතත් ඇය දෙස බැලීමි මගෙ උර මතටවන් ඈ...

"අදින් ඉදන් මම ඔයාගෙ මාව බලා ගන්නවද රත්තරනෙ"

සුසුම් වැටීම මොහොතකට නතර විය. ලොකයම නතර වූවාක් මෙන් විය. කෙළිලොල්ව ගත කල ජීවිතයකට මහමෙරක් මෙන් බරක් සිතා ගත නොහැකිය. නිහඩ බව රකිමින් ඇගේ නලලත සුමුදුව සිප ගතිමි. ඇගේ දෙතොලින් නැගුනු සුන්දර සිනහව මසිත කුල්මත්කරන්නට සමත් විය.

නගර පසු කරමින් රථය ඉදිරියට ඇදෙන්නට විය.. පෙරදින රාත්‍රියේ සිටම වෙහෙස වූ නිසාවෙන්දෝ මා උර මත නිදන ඇය උකුල මතට ගතිමි. සිනිදුව හිස පිරිමදිමින් සුව නින්දකට මග පෑදු මම අතීතය මෙනෙහි කරන්නට විය.

මිතුරෙකුගේ හැදුනුම් කමක් මත මීට වසර කීපයකට පෙර ඇයව අදුන ගත් අතර අප දෙදෙනාටම හොරෙන් අප අතර දලු ලා වැඩුන ආදරයක් අද මෙලෙස මල්ඵල දරා ඇත. සතුටත් අනාගතය ගැන සිතේ ඇතිතුල ඇති වූ සිහින් චකිතයත් මුසුවූ අමුතු හැගීමකින් මා සිත පිරී යන්නට විය. දිනක් ඇගේ ඉල්ලීමක් මත විවාහයට පෙර අප ශාරීරිකව කිසි ලෙසකින්වත් එක් නොවන බවට දුන් පොරොන්දුව අදින් අවසන් බව හැගීමෙන් ලැජ්ජාවකින් හා සතුටක් මුසුවූ සුන්දරම හැගීමකින් සිත කිළිපොලා යන්නට විය.

ඇගේ නළලත නැවතත් සුමුදුව සිප
ගත් මම කදුකරයෙන් හමා එන සිහින් සුලගක සුව විදිනු පිණිස රථයේ වීදුරුව පහත හෙලීමි. සුලගට දග කරන කෙහෙලැල් ඇගේ දෙතොලින් නැගෙන මුදු සිනහවත් නිරාවරණය වූ ඉන පෙදෙසත් දුටු විට අනුරාගී හැගුමන් සිත තුල දොරේ ගලා යන්නට විය.

සුභ සිහිනය උදාවන මොහොත ලං විය. රථය හෝටලය තුලට ලගාවන විට පිමිණි සේවකයකු විසින් අප පිළිගත් අතර රෝස පෙති ඇතිරූ මංගල සයනකින් යුතු අලංකාර කාමරයකට කැදවන් යන ලදී . ඇයත් මාත් පමණය ජීවිතනේ ගැහැණියක සමග තනිවු පලමු අවස්ථාව විය. කියාගත නොහැකි හැගීමක් සිතතුල හොල්මන් කරන විට ඇය කවුලුව තුලින් ඈත කදු පෙල දෙස නෙත් යොමන්නට විය.

ඉනවටට අත ​යොමා තුරුලු කරගත් ඇයගේ සුසිනිදු දෙකපුල් සිප ගත් මම සවන්පත් වල පැලදි තෝඩු ගැලවීමට ඇයට සහය උනෙමි.

නැවතත් ඇගේ බෙල්ල සිප ගැනීමට ගිය විට..,

"මොකෝ හදිස්සි........ නරකයි ඔයා නන් යන්න වොෂ් එකක් දාගෙන එන්න" තුවායත් මා අත තැබූ ඇයගේ හුරතල් වදන් පෙල ඇය කෙරෙහි වූ ආදරය තවත් වැඩි කරන්නක් විය.
මා පැමිණි පසු හුරතල් ලෙසට මා තුරුලට විත් මුව සිඹ නැවත නාන කාමරයට දුව ගොස් සැගඋනි, ඈගේ මෙවැනි කෙලිලොල් හැසිරීම් මින් පෙරද අත්විද ඇති මුත් අද සිතතුලටවන් හැගීම විස්තර කළනොහැක්කකි.

කාමරය පුරා පැතිරුනු රත් පැහැති ආලෝකය කාමරය තුල තම බලය පතුරවද්දී මා නෙත් අයා සිටි මොහොත උදාවන්නට විය. නාන කාමරය තුලින් එලියට වන් ඇගේ දසුන මට කිසිලෙසික්වත් අමතක කළ නොහැක්කක් විය. උස් වූ ලැම පෙදෙසින් පටන්ගෙන දෙදෙන තෙක් පමණක් දික් වූ තුවායකින් සැරසි තෙත දිය බිංදු වෑහෙන කෙස් කලඹ නිලෟවන් දීප්තියක් විහිදුවන ඇයගේ දෙනුවන මගේ අනුරාගී හැගීම් මත තවත් ගිනි අවුලන්නට විය.

ආදරයත් අනුරාගයත් මුසුවූ හැගීමකින් ඇයව තුරුලටගත් මම මොහොතක් ඇය දෙසම බලා ඉන්නට විය. තෙත දිය බිංදු නලලතින් පටන් ගෙන දෙනයන උඩින් පැන දෙකපුල් මතින් රූටායන අපූරුව මොහොතක් වින්දෙමි, සයනේ සැතපවූ ඇයගේ සුසිනිදු මුව කමල ආදරයෙන් සිපගන්නට විය.

වසර ගනනාවක් පෙරුම් පිරූ මොහොතක් උදා වින රත්පැහැති මන්ද ආලෝකය මසිත අනුරාගී හැගීම් තවත් වැඩිකරන්නක් විය. ​නලලත නැවතත් සිපගත් මම දෙතොලේ මත නළියන දිය බිංදුවක රසද තොලගා බැලීමි.
මගේ තුරුලටවන් ඈගේ හැසිරීමෙන් ගත කිලිපොලා යන්නට විය. මා සිත පිරුණු තුටු හැගීමි කෙලස නම් පවසන්නද එවන් සුන්දරම සිතුවිල්ල නිමේසයකින් අහිමි විය.

සුමුදුව මගේ නලලත සිපගත් ඇය රහසින් යමක් කොදුරන්නට විය,

"මගෙ
ඔලුව රිදෙනව පැටියො අපි දැන් නිදා ගම්මුද?"

පැතූ ලෝකය එක කුලුගෙඩි පහරකින් බිදීයන්නට විය. ලොකයම මට එරෙහි වූ ලෙසින් දැනුනි වසර ගනනක් සිත තුර තෙරපාගත් හැගීම් නිදහස් කිරීමට කොපමණ සිහින දුටුවේද එහෙත් ඒ සියල්ල අවසන්ය දැනුන ශෝකය සිතතුලම හිරකරගෙන.

"හ්ම්ම්ම්....... ඔයා නිදාගන්න මගෙ මැණික" සිතට එකගව නොවූවත් ඇයගේ සතුට වෙනුවෙන් පැවසීමි. නලලත සහ දෙනුවන සුමුදුව සිපගත් මා ඇයගේ හිස පිරිමදිමින් මොහොතක් ගත කළෙමි.

සිහින පොදි සමග ගත කිරීමට පැමැණි මංගල රැය මෙලෙස තනිවම විදින්නට සිදුවූ හැටි, ඇයව සයනේ නිදන්නට ඉඩ හැර ශිතකරනයතුල වූ බීර බෝතලයක් කඩාගත් මම සීතල කදු මුදුන් වල සුන්දරත්ය විදිමින් මංගල රැය එළි කරන්නට හාන්සි පුටුම මත හිද ගතිමි....

"
පුද්ගලික අත්දැකීමක් නොවන බව කරුනාවෙන් සලකන්න.... සිතුවිල්ලක් පමණි"

Thursday, June 3, 2010

ලියන කවි මගෙ සිහින අහසේ ......අදින් නවතිද ලොවට රහසේ

පැතූවත් සිත සිහින පොදි බැද
බිදෙන විට යයි සීදී හැම අත
පතන්න​ට තව ලොවක් නැති විට
අහිමි ලොව හැර කොහේ යන්නද
තන්නට විය නව ලොවක්
ගඩොලින් ගඩොල එක පෙලකට බැද
මගේ ඉදිරියෙ ඇද වැටෙන විට එය
කුමක් කරමිද බලා ඉනු හැර

තබන හැම පියවරම
පොළව යයි පිපිරිලා
මගේ පව් කාරකම
මටම වදයක් වෙලා

ලොවින් ඈතට පියඹ යන්නට
කිසි ලෙසින් නෑ පියාපත් පැතුවේ
අමුතු ලොවකට අරන් ගිය නුඹ
ඇයිද මේ ලෙස අතැර දැමුවේ

වරින් වර මට දැනෙන සැනසුම
ඇයිද එක ලෙස නොම තියෙන්නේ
දුකම විතරද මගේ සැනසුම
නැතිවදෝ එය මම නොදන්නේ

හිරුට දුක නැත සදුත් නිහඩය
තරුත් අද ඇයි
නිහඩ වූයේ
ගලන ගං දිය හමන මද නළ
සිහින වැල් ඇයි නතර
වූයේ

යන්න සිතුවත් ලොවට රහසේ
බැරිය හැර යන්න මෙලෙසේ
ලියන කවි මගෙ සිහින අහසේ
අදින් නවතිද ලොවට රහසේ

Tuesday, June 1, 2010

හිතට ආපු හැම දෙයක්ම

හ්ම්ම්ම් එකට හිටපු යාලුවෙකුත් අපිව දාල සදහටම යන්න යනව. අනේ මන්ද කාටද මේව කියන්නෙ. ජීවිතය පටන් ගත්ත විතරයි. පවුලේ එකම දරුව. අවු 25ක් තිස්සේ ජීවත් කරල එයාලගෙ කර මතින්ම අවසන් ගමන් යන්න උනාම කොච්චර දුකක් ඇත්ද?කලින් පෝස්ට් එක කියවපු අය අහල තිබ්බ මොනව වෙලාද නැති උනේ කියල. ඒක තමයි හිතා ගන්නම බැරි දේ වකුගඩු දෙකම නරක් වෙලා. ඒ නිසා මොලයට විෂබිජයක් ගිහින් නැතිවෙලා ති​යනව කියන්නෙ. වකුගඩු නරක් වෙන්නෙ කොහොමද ඒකගෙ ජීවිතේට අරක්කු සිකරටි කටේ තියල නෑ. එහෙම වෙලත් ඔය වගේ දේවල් වෙනව නන් මොන මගුලටද මේ දොස්තරලා බොන්න එපා කිය කිය මැරෙන්න හදන්නෙ?? අනේ මන්ද ඔය විකාර....

මොනව උනත් කොළඹ මම හැදිච්ච එක ගැන ඊයෙ මම ගොඩක් සතුටු උනා. මොකද යාලුවො හැමෝම නිවාඩු දාල ඔක්කොම වැඩ අතෑරල අපේ පංති වල ඉදල රට ගිය අය ඇරෙන්න අනිත් හැමෝම වගෙ ඊයෙ ඇවිත් හිටිය. ගෑණු පිරිමි කියල නෑ ඒකාලෙ වගේම සහෝදර බැදීමක් අපි අතරෙ තාමත් තියනව කියල හිතද්දි කොච්චර සතුටුද. මම ගියේ මිශ්‍ර පාසලකටනෙ ඒ යාලු කම් අදටත් එහෙමයි. කෙල්ලො කියල නෑ මහ රෑ උනත් තමන්ගේ මිතුරා වෙනුවෙන් කරන්න උන හැම යුතුකමක්ම කරන්න එයාල ඉදිරිපත් උනා. රට ඉන්න අයත් කී පාරක් මටම කථා කරාද, කොච්චර දුක් උනාද ,මේ සහෝදර බැදීම මම නන් කිසිම ගමක ගැමි පරිසරයක දැකල නෑ. බදුල්ලෙ ගිය මල ගෙරිදිත් අපි කථා උනේ අපි කොළඹ හැදිච්ච එක කොච්චර වාසනවාක්ද කියල .කවුරු හරි කිව්වොත් තාම ගම එහෙමයි කියල මම කියනව නෑ කියල. මොකද මම කොළඹ හිටියට අපේ දෙමව්පියො හැදුනෙ ගමේ අපේ නෑයො ඔක්කොම ගමේ ඉන්නෙ. මට ගමෙත් නගරයෙත් හොදට අත්දැකීම් තියනව අරක්කු බොන්න බූරුව ගහන්න මල බත කන්න විතරයි එයාල මල ගෙදරකට එන්නෙ. ඉස්සර ගොයම් හිටවන්න මුලු ගමම එකතු උනත් අද ඒ දේ කර ගන්නත් සල්ලි දෙන්න ඔනි. ගම පිරිහිලාද නැත්තන් ගමේ මිනිස්සු කොළඹ ඇවිත් කියල මට නන් තේරෙන්නෑ ......

අපි කෙල්ලො ඔනි තරන් අශ්‍රය කරල තියනව. අවුරුදු 10කට විතර පස්සෙ දකින්න ලැබුනත් ඒ බැදීම තාම එහෙම්මමයි. අපි එයලව වැලද ගනිද්දි බලන් ඉන්න එකෙක් කියනව ඇහුන" අර බලපන් ඒකි බඩුවක්ද කොහෙද හැමෝම කිස් කරනව කියල" නෑ ඒ සහෝදර බැදීම අපිට කෙල්ලො මැජික් නැත්තෙ ඒ නිසයි. ක්‍රිඩා තරග තියෙද්දි කෙල්ලෙකුට අනතුරක් උනාම ඒකිව කරේ තියාගෙන පුථමාදාර දෙන්න දුවන්නෙ ඒ කෙල්ලත් එක්ක බුදිය ගන්න නෙමේ කියල අපි දන්නව. අදටත් මට ඔනි තරන් මිතුරියො ඉන්නෙ ඒ සහෝදර බැදීම් අදුරන නිසා. ඒක තේරුන් ගන්න බැරි අය හිතන්නෙ අපි ලං වෙලා හිනා වෙලා කථා කරාම ලවු කරන්න හදන්නෙ කියල. මම නන් ඒව කොහොමත් ගනන් ගන්නැහැ මොකද මට බලෙන් කිසිම කෙල්ලෙක්ව ලගින් තියා ගන්න ඕනි නැති නිසා. ඒ බැදීම් කියල දුන්න අපේ මිශ්‍ර පාසල පිරිමි පාසලක් විතරක් කරන්න යෝජනා කරපු වල් පිනාට නන් ​අල්ලන් ගහන්න හිතෙනව. දැන් වෙලා තියෙන්නෙ කෙල්ලො නැති වෙලා කොල්ලො කෙල්ලො වෙලා. ඉස්සර අපිට අපේ ගුරුතුමන්ල කිව්වෙ දුවල, පුතාලා කියල දැන් කියන්න වෙලා තියෙන්නෙ පුතාල, දුවල වගේ පුතලායි කියල ඒකෙත් වරදක් නෑ ඉතින් බලපුවම එයාලටත් හැගීම් තියනවනෙ ඉතින්...

කොහොමින් හරි මට මේ වයසෙදිම මගේ වයසෙ මාත් එක්ක හිටපු කෙනෙක්ගෙ මල ගෙදරකට යන් උනා. ඒ වගේ දෙයක් කාටවත්ම වෙන්න එපා මම නන් කියන්නෙ එච්චරයි. අපි කොච්චර හොදට හිටියත් වෙලාව ආවම යන්න වෙනව. ඉන්න ටික කාලෙ හැ​ම වෙලේම සතුටින් ඉන්න බලන්න. කාගෙන් හරි වරදක් උනොත් කථා කරල විසද ගන්න. හැම කෙනෙක් එක්කම හොදින් සතුටින් හිටියම අපි දන්නෙම නැතුව ජීවිතය ජයගෙන කියල අපිටම හිතෙනව.

හිතට ආපු දේ ගොඩක් කිව්ව.. දැන් ආපහු යන්න ඔනි. හෙට එක යාලුවෙක් අවසන් ගමන් යනකොට තව යාලුවෙක් කසාද බැදල අලුත් ජීවිතයක් පටන් ගන්න යනව. අනේ... දෙන්නටම එකම විදිහට සුභ පතන්න තිබුනන්. හවසට මලගෙදර සරසල රෑට මගුල් ගෙදර සරසන්න වෙලා.. කාගෙ මැවීම්ද දන්නැහැ මේව... ටිකක් නිදා ගන්නත් ඔනි. මොකද හෙට මගුල් රථය පදවන්නත් ඔනිනෙ... ඔයාලට කිසිම වින්දනයක් නැති හරවත් දෙයක් නැති ලිපියක් දැම්මට සමාවෙන්න... හිතට ආපු දේ කියල දැම්ම විතරයි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget