Wednesday, October 27, 2010

තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ වෙන්න..




සිහිනයක් දෝ නුඹ නෙතග හිද
සනසනා
වළාවක් නැති අහස් කුස ලග මිහිදුමක් වී
හිනෙහෙනා
අනන්තය ලග වසන්තය වී මගේ තුරුලෙම
සැතපෙනා
කියාපන් නුඹ මටම හිමි උන ආලයද මේ
උතුරනා

ඝන දුරට තනි තරුවක්ව අහස් කුස සරසා
ඉන්න
පුන් සදක් නැති තනිය නුඹ ඇවිත් දුරලා
යන්න
අපෙ ලොවක හිනැහෙන්න නුඹ තවත් ලං
වෙන්න
රන් තරුව පෙම් බදින මගෙම වී නුඹ
ඉන්න

මිහිදුමක පාවෙන්න නුඹ ලගම
දැවටෙන්න
දේදුන්න මත ඉන්න ඒ පැහැය නුඹ
ගන්න
සදලු තල මුදුනටම මා ඇවිත් දැක
ගන්න
තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ
වෙන්න...


(විරහව විතරද කියල හැමෝම අහන නිසා ඔන්න දැම්මා එහෙම නැති එකක්....:-D )

Tuesday, October 19, 2010

සොයා යන්නට හැකි නම්.....



සොයා යන්නට නුඹ ​හමුවනාතුරු
පියාපත් නැතිවද පියඹා යන්න
හමා එන සුලගට කියන්නට හැකිනම්
පවසා යන්න ඈය කොහෙද වග

ණාටු රලු පොළව මත
වියළි ගියත් මැටි පිඩලි
තෙතමනයක් නොලද නුඹේ පාමුල
තවද අයදියි දිය පොදක් මම.......

වසන්තය යළී නොආවත් මට
තුරු මලින් නැතිවී ගියත් ලොව
නුඹ දකින තුරු හිදින මම
කොහේ සොයමිද නෙතක් ඔබ හැර

දේදුන්න අමනාපව ගියත් අද
එක වරක් පායන්න මගේ සිත් මායිම
සුන්දරත්වය විදින්නට නොව ඔබ ලග
පාරක් සොයා ගන්න යට ලං වෙන්න

Sunday, October 17, 2010

මිහිදුම් වළා මැද සිත්තම් කරමි නුඹෙ රුව.....


මිහිදුම් වලා මැද
සිත්තම් කරමි නුඹෙ රුව
රන් තරු වලින් සරසා
දේදුනු පැහැයෙන්
ඔප දමා
සිත් අහස මැද
සදක් සේ රදවා
බලමි නුඹෙ රුව
සිත්තමක තෙලි තුඩක
වියළි බව නොදනිමිද
ඒ තුඩට පැහැය දී
සිත්තමත් හඩවයිද
තරුත් නැති අහස් කුස
සදකෙසේ බබලයිද
නේක තරු දිලෙන විට
සද කෙසේ හිනැහෙයිද
ඇත එන වළාකුලු
නුඹෙ සුවද ගෙන එයිද
ඒ සුවද විදගන්න
මියෙන්නට පෙර හැකිවේද.......

Friday, October 15, 2010

මේ සුභ සිහිනයෙ එළිය දකින්නට


සිහින මලින් නුඹ මුව සරසන්නට
මල හතක් ගෙන ගෙල පලදන්නට
රන් පොරුව මත නුඹ හිදවන්නට
දවස ලගයි දැන් රැය එළිවන්නට

සීතල කදුරට නුඹ ගෙන යන්නට
මිහිදුම් සලුවෙන් නුඹ සරසන්නට
ලස්සන සයනක නුඹ සතපන්නට
දිනයි ලගයි නුඹ මගේම වන්නට

වාලාකුළක නැග පාවී යන්නට
රන් තරු අතරින් පියඹා යන්නට
පුන් සද තනියට අහසේ දිලෙන්නට
නුඹ එනවද මට සිහින දකින්නට

දෑගලි එක්කර අතපැන් ලන්නට
ලස්සන ආසිරි පැතුමි ලබන්නට
මේ සුභ සිහිනයෙ එළිය දකින්නට
දිනයක් එවිද මට හිනෙහෙන්නට

Sunday, October 10, 2010

ඇයි මනමාලි නිදාගෙන ඉන්නෙ??



මනමාලියක් මා ඉදිරිපිට නිදන අපූරුව
දෙනෙත් අලු පැයෙන්ද තෝඩු එල්ලෙන්න නැතුවම
රෝසම මල් පෙකුරක් අතේ තියාගෙන
ඇයි නිදාගෙන ඉන්නෙ?
රතුම රතු මල් පොකුරක් මැද සුදු පාට මල් තියලා
ලස්සනම ලස්සන සුදු ගවුමක් ඇදල
මට කිව්වෙ මාල හත දානවා කියල නේද?
ඇයි ගවුමක් ඇදන් ඉන්නෙ...
කථා කරන්නකො..මං ආවා බලන්න..
රත්තරං මාල හතක් දාලා කාර් එකෙන් යද්දි
මට හිනා වෙනවා කිව්ව නේද..අන්න කාර් එක ඇවිල්ලලු.
කෝ ඉතින් හිනා වෙන්නකො.....
අත් දෙකටම මේස් දාලා..අද නන් හරි ලස්සනයි
ඒත් ඇයි මේ මූණ මැලවිලා...
මං එද්දි මල් පොකුරක් ගෙනාපු නැති එකට තරහද?
කවුද ඔය එයාගෙ ඇගට වතුර ඉහින්නෙ..
මං බලාගෙන ඉන්නෙ නංගියො..
කථා කරන්නකො...
මොකක්ද ඔය කරන්න හදන්නෙ
ඇයි එයා නිදා ඉන්න ඇද වහන්න හදන්නෙ
ආහ්..මේ පෙට්ටියක්..
‍මගේ චූටි නංගි නිදි නෙමේද??


2009-10-10 වන දින මිය ගිය ආදරනීය විශාකා නංගී වෙනුවෙනි...එයා ගැන චූටි විස්තරයක් මෙතනතියනවා...

නිවන් සැප ලබෙන්න ඕනි චූටි නංගියෝ...........!!!!






Tuesday, October 5, 2010

මාද දැන් පෙම්වතෙකි.........

මිතුරියකගේ ඇදුනුම්කම මත හදුනාගත් ඈ සමග කථා කල දින කිහිපය තුල පෙර කිසිම මිතුරියකුගෙන් නොලද රැකවරනයක් හා ආදරයක් මට දැනෙන්නට විය.මීට මාස කිහිපයකට පෙර සාදයකදි මුණ ගැසුන අප දෙදෙන මෙතරම් ලගින් ඇසුරු කරාවියයි මා කිසිවිටකත් නොසිතුවෙමි.දුරකථනයෙන් දිවා රෑ දොඩමලුව අප පෙම් බස් නොදෙඩවුවද ඒ ගත කළ කාලය මා සි​ත තුල මතක සටහන් අහුරක් සනිටුහන් කර හමාරය .පෙර දින රාත්‍රියෙහි මා දුරකථයෙන් කල සංවාදය නැවතත් සවත් පෙති තුල දෝංකාරය දෙන්නට විය.

"හංසි........:

"හ්ම්ම්ම්ම්.........."

"ඇයි කථා කරන්නැත්තෙ?"

"නෑ මං ඔයා කියන දේ අහන් ඉන්නෙ.....ඉතින් කියන්නකො මොනව හරි"

සුසුමක් හෙලූ මා සිතට එවන් වදනක් අවේ කෙලෙසක දැයි මා දැනුදු කල්පනා කරමි..මුවගට නැගුන සිහින් සිනහව සමගින් නැවතත් අතීතයතුල කිමිදෙන්නට විය.

"අපි හෙට හම්බවෙමුද හංසි?........"

"හ්ම්ම්ම්ම්....ඇයි එකපාරටම එහෙම අහන්නෙ"

"මට කියන්නකො.. ඔයාට පුලුවන්ද මාව හම්බවෙන්න එන්න...."

"මං ඔයාව ගොඩක් විශ්වාස කරනවානෙ... ඉතින් මං මොකටද බෑ කියන්නෙ...."

මෙවන් වූ වදනක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකල මා සිත තුල උතුරා ගිය සතුට කියා නිම කළ නොහැක.ඒ මො​හතේ ඇයගේ මුවගට නැගුන හුරතල් සිනහව තවම සිත තුව දෝංකාරය දෙන්නා වැනිය.ඒ සුන්දර මොහොත තුල ගිලී පිහිනමින් සිටියදී මා අත දැවටුන සුසිනිදු අතක් නිසාවෙන් මා ගැස්සී ගියෙමි.

"මොකෝ රට අල්ලනද කල්පනාව?............."

සිනහවන විට වල ගැසෙන දෙකපොල් ද සුලගට දග කරන කෙහෙරැ
ල් තුලින් මා ඇගේ දුටු සුන්දරත්වය කෙසේ නම් විස්තර කරන්නද?

"මොකද අනේ බය වෙලා වගේ මං දිහා බලංනෙ?..........."

මුවගට නැගුන සිනහව ආයාසෙන් මැඩගත් මා ඇය සමග දොඩමලුවන්නට වීමි.

"හ්ම්ම්මම්ම්.........ඔයා හරි ලස්සනයිනෙ........"

"ඔවු අපි ලස්සනයි තමා...මගෙ නංගිව දැකල නැද්ද..එයා මටත් වඩා ලස්සනයි....."

නිතරම මා සමග රන්ඩු කළ ඈ මා සමග මෙතරම් කෙළිලෙල් ආකාරයෙන් කථා කරාවියැයි මා නොසිතුවෙමි. ඇය සමග දොඩමලු වන්නට වචන නැත.ඇය ගිරවියක් මෙන් කියවාගෙන යයි..විටක මාගේ ගති පැවතුම් ගැන පවසයි..ඒවාගේ වැරදි සොයා දිවයයි..​මා පොඩි ලමයෙක් මෙනැයි පවසයි..ඒ සියල්ල අසා සිටිමට මා සිත මහත් සේ ඇලුම් කරයි.ඇය බනින විට මා තවත් ප්‍රිය කරයි.

සුලගට දග කරල කෙහෙලැලි සමග පොර බදිමින් ඈත අනන්තය දෙස බලාගෙන සිටි ඇගේ අසිරිය මෙතරම් යැයි විස්තර කළ නොහැක..දිගු නාසයත් පැහැපත් සමත් සමගින් අතෝරක් නැති දොඩමලුව ලෙලදෙන තොල් පෙතින් මගේ සිත තුල ඈ පිළීබද වර්ණවත් සිතුවම් නගන්නට විය.

"හංසි.........."

"හ්ම්ම්ම්ම්............"

"මං ඔයාට ආදරෙයි............"

මුලු ලොවම මොහොතකට නැවතුනා වැනිය..ඒ වදන් පෙල ගැලපීමට මා සිතට හැකියා​වක් ඇති වූයේකෙලෙසකදැයි මා සිතන්නට විමී..හදවත ගැහෙන රිද්මය වඩාත් පැහැදිලිව සවන් පෙති මත පතිත විය. ඇය තවමත් නිසොල්මන්ව මා දෙස නෙතු යොමා සිටී..ඇයගේ දෙනෙත කදුලින් බර වූයේ සතුට නිසාවෙන්ද නැතිනම් දුකක් නැගුනයෙන්ද යන්න මා හට සිතීමට අවැසි වූයේ නැත..ඇයගේ කරවට අත යැවූ මා ඇයගේ හිස මා පපුතුරහි සගවා ගතිමි.

"මං ඔයාට ආදරෙයි මැණික්...ඇත්තමයි..........."

අය තවමත් නිහඩවය..

"මට මැණික කියන්න එපා..."

"ඇයි ඒ?"

"මං ආස නෑ"

"හ්ම්ම්ම්ම්...ඉතින් මං ඔයාට මැණික කිව්වෙ නෑනෙ.........."

"ඇයි දැන් කිව්වෙ........."

"නෑ මං කිව්වෙ මැණික් කියලා.....මැණික කියන්නෙ එකයි..ඔයා මට ගොඩක්....ඒ නිසා මං මැණික් කිව්වා....."

ඇය කොපය සිතේ රදවාගෙන සිහින් හඩින් සිනාසෙනු ඇසින...

"පිස්සා......."

එය ඇගේ නොරිස්සුමයි

සිහින් සිනහවක් සිතතුල රදවාගෙන මා නැවතත් ඇයගේ සවන් මතට බර උනෙමි

"මට ආදරයිද හංසි.........."

හ්ම්ම්ම්ම්මම්..................

"මං ඔයාට ආදරෙයි....ඇත්තමයි"........

සතුට වාවාගත නොහැක.දෙනෙත් කදුලින් පිරී යන්නෙ හුදෙක් සිතට නැගුන සතුට නිසාවෙන් බව මා දනිමි

කා......................ට්

නිහඩ පරිසරය දෙදුරුවා අධ‍‍‍්‍යක්ශක වරයාගේ විධානය ගිගුම් දෙන්නට විය..මා සමීපයට පැමිණි අධ‍‍‍්‍යක්ශකවරයා

"වෙල්ඩං බෝයි වෙල්ඩන්..." යැයි පවසමින් ඉදිරියට යන්නට විය..

බොහෝ හවස් වී ඇති නිසාවෙන් අදට රූගත කිරීම් සිදු නොවන බව අප හොදින් දන්නා කාරණයකි..

"පුතා..ආයෙ අගහරුවාදා ෂූටින්...හවස 5ට..වෙලාව වරද්දන්න බෑ....හරිද?....."

ඒ අප ටෙලි නාටකයේ අධ‍‍‍්‍යක්ශක වරයාගේ අවසන් වදන් පෙලයි..සුන්දර යුවතිය වන නාටකයේ ප්‍රධාන නිළීය වෙත පිය මං කල මා ඇයට සුභ පතා නැවතත් නිවසට යාමට මෝටර් රථය වෙතට නැගුනෙමි..

Sunday, October 3, 2010

ජීවිතය තවත් එක් දවසක

වෙරළ තීරය තවමත් රන්වන් පැහැයෙන් බබළයි..ඔහු සමග වෙනදා ඇවිද යන මං තලාව පෙර ලෙසම රළ පහරින් සේදීයයි.නුඹ දෙඅත පටලා ගෙන පුංචි ළදැරියක් මෙන් රන්වන් වෙරළ තීරය මත ඇවිද ගිය අයුරු අපහැදිලි ඡායාවන් තුලින් මට මැවී පෙනෙන්ට විය.කදුලු නිසා බො වුන සිතුවමක් ද නැතිනම් ආයාසයෙන් වලදැමූ අතීතය නිසාවෙන් එය බොද වුණි දැයි සිතන්නට අවැසි නැත..ඒ දුක්ඛිත අතීතය අමතක කර දැමූවත්, විඩාබර දිනක් අවසන, රිදුම් දෙන ශරීර කූඩුව, පරදවා සිත හඩන්නට වී‍මෙහි මට අරුමයක් නොමැත.

සයුර හිරු ගිලගැනීමට පොර බදන තුරු මා හි සිට ගල්පොත්ත මත වැතිරී ගතිමි.රන්වන් හිරු එළිය නෙත් කෙවනි රිදවද්දී සිත අතීතයට ඇදී යන්නට විය..

නුඹ මාගේ හොම මිතුරාය.එකම ආයතනයක් තුල ජීවිතය දුක සැප සමව බෙදා ගනිමින් ගත කළ සුන්දර අතීතයක සිත්තම් අහසේ මැවෙන්නට විය.අප දෙදෙන නොදෙඩූ දෙයක් නැති තරම්ය.මාගේ ජීවිතය තේරුම් ගැනීමට නුඹ හැර වෙනත් සමතෙකු මේ මිහිපිට නොමැතියයි සිතුවෙමි.

දිවියේ ඒ සුන්දරම දින මෙතරම් අසුන්දර වර්තමානයක ආරම්භය යැයි කිසි කළෙක නොසිතුවෙමි..දැනුදු එදින නුඹෙන් ලද පහස මට දැනෙන්නා සේ විය.එදිනද මෙවන් වූ සුන්දර දිනයකි..නුඹ මගේ දෙසවනට ලංව

"මං ආදරෙයි මුතූ"..."ඇත්තමයි...ඔයා මට ආදරෙයිද?"

දෙසවන අදහාගත නොහැකිව නුඹ දෙසම මා බලා සිටියේ මා තරම් පිනැත්තියෙකු මේ මිහිමඬළතුල සිටීදැයි සැක හැර දැන ගනීමට මෙනි..

ඔහුටත් හො‍රාවෙන් පපුතුරෙහි සැගව

"ඔයා මාව කවදාවත් දාල යන්නනෑ නේද......"

"නෑ රත්තරනෙ...ඔයා දැන් හැමදාමත් මගේ..මගේ විතරමයි.."

පිරිමියකුගෙන් ඒ තරම් ආදරයෙන් ලද උණුසුමක පළමු සිප ගැනීම සටහන් කරමින් නළල මත ඔහු හාදුවකින් සැරසීය..දැනුදු නළලත අතගා බැලීමි..ඒ උණුසුම එලෙසමය..නුඹ නොමැතිව හෙලන ලද අනන්ත වූ සුසම් පොදක තවත් එක් සුසුමත් හිස් තලයට පාව යන්නට විය.

ගෙවී ගිය දින සති ගනන් තුල කිසිවෙකුට වෙන් කළ නොහැකි අයුරින් අප ලංව තිබුණි.නිවසින් පැමිණි බාධක ද නොසලකා මා ඔහු සමග පිටව ගිය දින දැනුන දුකත් උතුරාගිය සතුටත් තවමත් සිත තුල හොල්මන් කරයි.

අප දෙදෙන එක්ව සෑදූ සුන්දර කැදැල්ල මේ අයුරින් නුඹ කිසි විටකත් බි දමාවියයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.නුඹ එනතුරා මහමග දෙනෙත අයාසිටි මට නු‍ඹෙන් ලැබෙන උණුසුම් සිප ගැනීමක් මිස අන් කිසිවක් මා ඉල්ලා නැත.නුඹ මගේ ලෝකය විය.ඒ ලෝකය තුල නුඹ නමින් විදි වේදනා නුඹ අදද නොදනියි..ඒ සියල්ල සිදු වී හමාරය..නුඹ මාහට දුන් වේදනා ඉවසාගත නොහැකිව වෙන් වෙන්නට සිතුවෙමි.ඒ ආදරය තවම එලෙසමය..නුඹ එක් දිනක් මාගේ සිත වටහා ගත්තේ නම් මා තවමත් නුඹ තුරුලේමය... පුරුද්දට මෙන් දෙනෙතට උණන කදුලු දෙකපොල් මතින් බේරී පහලට ඇදෙන්නට විය..

මහ මුහුද සටනින් ජයගෙන ඇත.හිරු සයුරුතෙර ගිලී සැඟවෙන්නට ආසන්න මොහොතක රන්වන් වෙරළ තීරය මත නුඹ නමින් ගලන පද පෙළක් සටහන් කළෙමි..

සිනහ පොකුරු මුව රන්දා
නුඹ තුරුලෙහි සුව වින්දා
සුසුම් පොදක රස හින්දා
ලොවට හොරෙන් දුක් වින්දා

ඈත අහසෙ තරු ගානට
මුහුදේ රළ පෙළ ගානට
පෙමින් බැදුන නුඹගෙ සිතට
කෙලසක මං යයි දුරකට

රන් තරු පායන්න එපා
පුන්සද මෙ‍හි එන්න එපා
ඔහුගෙ හිතක් රිදනු එපා
මා යලි තනි වෙන්න එපා

ඈත සමුදුරු මතින් වේගෙන් නැග ආ රළ පහරින් පද සේදීයන අයුරු බලා සිටින්නට විය..සියල්ල මැකී ගොසිනි..එය අපෙ ආදරය මෙන්ම අතීතයට එක්ව ඇත..අනන්තය දෙස බලා නිදහස් කල සුසුම් පොද පාව යන්නට ඉඩ හැර මා නිවස දෙසට පිය මනින්නට වීමී....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget