Monday, March 21, 2011

රෑන ගිරවු වට කරගත් වැටකේ මල වැන්නේ - "නැගිටපං යකෝ."..

රෑන ගිරවු වට කරගත් වැටකේ මල වැන්නේ
නුඹ රූ වරුණා කියන්න ගී පද මට නැත්තේ...
ඊ... ඊ.....

ගොන්ටා.. මොකෝ බොල බෙරිහන් දෙන්නේ....
නොදකින්.. මගේ කණ ඉස්සරහම කොටලුව බෙරිහන් දෙනවා..

ඇයි බං..
තෝ නිද්දෙන් කියවන්නෙ මොකද බොල..
ආහ්.. මං නින්දෙන්නද හිටියෙ.. කවුද බං දන්නේ..
මොකද බොල කරේ..
මං කෙල්ලෙක්ට ටොක් කරා බං..
මං හිතුවා උඹ අර සිංදුව කතාවක් වගේ කියවං යද්දි.. එහෙම මගුලක් තමා කියලා...

සික්.. මගේ විලිසංගෙ මූ එහෙම්පිටින්ම පාවල දුන්න හැටි.. නොදෝමකින් නරුමයා...

දැන් මොකෝ උඹ අර ඇසිලියාගෙ කුකුලාවත් කිහිල්ලෙ ගහගෙන මෙහෙට ආවේ..

ඒකිගෙ දුව දෙන්න බෑ කිව්වා බං.. මං කිකිලිව ගෙනාව..
ඇයි තෝ කිකිලිව කසාදෙට ගන්නද..
නෑ වස්සෝ.. අද දුකට බොද්දි බයිට් ගන්න සල්ලි නෑ බොල.. මූව ගම්මු...

නොදෝමකින් පවුකාරය.. ඔකාව මරද්දි මං අහක බලාගෙන ඉද්දි මරපං.. මට බෑ පවු පුරෝ ගන්න..

ඇයි එතකොට උඹ මස් කන්නැද්ද....

කනවා යකෝ.. පිස්සුද.. මං කනවා.. ඒත් උඹ කිකිලිව මරනවා මං දැක්කෙ නෑනේ.. ඒ නිසා මට පවු නෑ බොල..

නොදකින් මුන් වගේ යාලුවෝ... දැන් නැගිටපං...

මචං.. උඹ හොද එකා වගේ අර සරම අරන් දීපං බං...

කෝ බං.. කොහෙද..

අර තියෙන්නෙ බං.. අර ෆෑන් එකේ කැරකෙන්නෙ..
කක්කුට්ටෝ.. තෝ ෆෑන් එකේද නිදාගත්තෙ..
නෑ බං.. හුලගට යන්නැති යකෝ.. දැන් තෝ පල එළියට.. මං ලැජ්ජාව ව‍හගෙන එනකං..

දත් සෙට් එක යන්තං බුරුසු පාරවල් දෙකකින් අතුල්ගෙන එළියට ආපි..

දැන් කොහෙද යන්නෙ..
යමුකෝ එළියට....

දෙන්නත් එක්ක පරණ සිනි මුට්ටයක් කිර කිර යද්දි.. මෙන්න ඉන්නවා ඉට්ටූඩියෝ එක ලග මනමාලියෙක්... සික් විතරක්.. මල හෝතම්බුවො වගෙ ඉස්සරහට යන්න බෑනේ.. අිටත් ඉතින් චීත්තයක් නොබල ඉන්නත් බෑනෙ.. බැලුව මලමාලි දිහා.. මල මගුලයි කිව්වලු.. මුලු මූණම දේදුන්නක් වගේ.. හිටින්කෝ ඩිංගක් පැහැදිලි කරනකං..

නළළ - රන් පැහැ සහ කහ පැහැයක්
ඇස් දෙක - ලා නිල් / කළු / සහ රීදි පැහැ
නහය - දෙපස ලා කහ පැහැය සහ මැදින් රන්වන් පැහැය
කම්මුල් - ලාරෝස පැහය
දෙතොල - රත් පැහැ
නිකට - පාට කරන්න අමතක වී ඇත.. (උපන් කලු පැහැය මතුවී ඇත)

මචං..
ඇයි බං...
අද වෙසක්ද බං..
නෑ යකෝ ඇයි..
අර බලපංකො බං.. වෙසක් එකට දාපු වෙස් මූනක් වගේ බං..
කවුද...
අර මනමාලි බං..
ඇයි බං.. ඔය ලස්සනට ඉන්නේ..
කොහෙද බං ලස්සන.. බලපං තීන්ත කලර් කාඩ් වගේනෙ බං..
එහෙම තමයි යකෝ. මනමාලියෙක් උනාම..
ආහ්..එහෙමද..කවුද බං දන්නේ.. අපි වෙලා තියනවා කියලැයි..

අඩි ‍දෙකක් යන්න හම්බ උනේ නෑ.. ලස්සන කෙල්ලෙක් අම්මත් එක්ක පොලේ ඇවිත්.. සා.. උ‍දේ පාන්දරම හරිම සුන්දරයි කිව්වලු..

දුව - අම්මා අපි අර මොල්ට් වෑන් එකෙන් කිරි පැකට් එකක් ගම්මුකො
අම්මා- ඇයි දුව.. ගෙදර කිරි තියනවනේ
දුව- අනේ අම්මා... එතනික් කිරි පැකට් එකක් ගත්තම කුඩයක් තෑගි දෙනවලුනේ
අම්මා- ඒ උනාට දුව ඔය කිරි අපේ ගෙදර කවුරුත් බොන්නෑනේ.නිකං විසිකරන්න වෙන්නෙ
දුව - අනේ අම්මා කුඩයක් නිකං දෙනවනේ
(දුවට කුඩයක් අරන් දීමේ අටියෙන් අම්මා කිරි මුදලාලි ලගට යයි)
අම්මා- දැන් කීයද කිරි පැකට් එකක්
මුදලාලි - රු.400.00 නොනා..

මුදල් දී කිරි පැකට්ටුවක් මිලදී ගනී........
අම්මා- දැන් මුදලාලි අර කුඩේ තෑගි දෙන එක..

(මුදලාලි තුන්ඩු කෑලි සහිත පෙට්ටියක් දිගු කරයි)

‍මුදලාලි - නෝනා මෙතනින් ‍තුන්ඩුවක් තෝර ගන්න.. ඒකෙ තියන දේ හම්බ වෙනවා

අම්මා.. තුන්ඩුවක් ගෙන බලයි.. ටොපියක් යනුවෙන් සදහන් බව කියයි..

හත්තිලව්වු ටොපියක් ගන්න මේ තරන් වියදන් කරන්න ඕනිද අප්පා.. අපිටත් පිස්සු හැදෙනවා.. ඔන්න කෙල්ල පස්සෙන් අපිත් ගියා.. දෙන්නා රෙදි කඩේකට.. එතන ලස්සන කුඩ එල්ලලා තිබ්බා.. අම්මා කුඩයක් අරගනෙ ගාණ බැලුවා...

හත්තිලව්වයි... රු.315.00කිව්වලු..

අන්න අල්ලපිය...අර ඇන්ටිය සිහින නැති උනා.. දුව තෑගි හම්බඋන ටොපිය කටේ දාගෙන බලං ඉන්නවා.... හලේ.. මෙහෙවු ලෝකයක් අප්පා...............

මචෝ.. මොකද කරන්නේ..
හිටු.. බෝතලයක් ගන්න සල්ලි අරන් ‍එන්නං...
මාත් ඉතින් අර බැංකුවෙ සල්ලි මැසිම ලග හිටගෙන ඉන්නවා.. ඇතුලෙ ස්වීට් කපල් එකක් ප්‍රේම කරනවා..

කෙල්ල - මට පාස් වර්ඩ් එක මතක නෑනෙ--
(කෙන්තියට පත් කොල්ලා)
කොල්ලා - මොන මගුලක්ද ගෑණියෙ කරන්නේ..
කෙල්ල - කෑගහන්න එපා බල්ලෝ.. මෙව්වා රෙකෝඩ් වෙනවා..

ලොවම කැරකෙනු පෙනින..දෙනෙත නොපෙනී ගියේය.. මා ප්‍රේමයෙන් මත් උනෙමි..

අදට නිමි...


Tuesday, March 1, 2011

අවුරුද්දක්ම කෙටුවලු

ඔන්න අවුරුද්දක්ම මං කෙටුවලු.. මොනවද හප්පේ ඉතින් කෙටුවේ.... වෙන මක්කෙයි ඉතින්.. මේ බ්ලොග් ඩිංගිත්ත තමා ඕං අවුරුද්දක්ම කෙටුවේ.. අදට හරියටම දින 365කට කලින් පටන් ගත්ත මේ බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් උනයි කියන්නේ..දැන් මොකක් හරි කියන්නත් ඕනි නොවැ..මං දැන් මොනවද කියන්නේ....ම්ම්ම්ම්ම්ම්ම්. මං ​මේ බ්ලොග් ​එක පටන් ගත්ත හැටිත් කලින් කිව්වා නොවැ....එතකොට අද මොනවද කියන්නේ ඇ.........

කල්පනා කොරද්දි මගේ හිත අතීතයටම දුවගෙන යන්න පටන් ගත්තා.. මේක කොරන්ට බෑ.ඒ ඉලව්ව අල්ලලා පුටුවේ ගැටහන්න ඕනි. ඕං හරි ඇ..හිත දුවපු ඩිංගට අතීතය මතක් උනා කියහන්කෝ.. මෙන්න මෙහෙමයි දැන් උනේ..

මං මගේ බ්ලොග් ගුරාගෙන් ඈහැව්වා මොකක්ද බං මේ බ්ලොග් කියන්නේ කියලා.. ඌ මට එව්වා ලින්ක් එකක්.. මගුලයි.. මගේ තනිකමලු.. අනේ මන්දා.. නිකං මොලේ විකාර උනා එයාගෙ තනිකම දැකලා.. පබලු කියල කෙනෙක්ලු ඉතින් ඒක ලියන්නේ.මං හිතුවා පබලු කියන්නේ හෙන වයසක වියත් ප්‍රවීණ රචකයෙක් කියලා...කවුදෑ ඉතින් දන්නේ එයත් අපි වගේම සුට්ටක් මොන්ගල් චරිතයක් කියලා...දැන්නේ ඒකත් දන්නෙ ඉතින්... ඔන්න ඔහොම ටික දවසක් යද්දි මට හම්බ උනා දිල් ලියපු සිතුවිළි සැඳැල්ල කියල බ්ලොග් එකක්..ඔන්න ඔය බ්ලොග් දෙක තමයි මං ඉස්සල්ලම කියවපු බ්ලොග් දෙක.. හලේ මන්දා.. ඉතින් ඔහොම ටික දොහක් ගිහින් ආසාවෙ බැරි කමට මාත් පටන් ගත්තා කොටන්න. ඒ කාලෙ බුකියෙ​ බාර්න් බඩී එකේ වවන්න පොළව කොටපු නිසාද මන්දා මේ බ්ලොග් එකටත් කොටන්න ඕනි තරන් වෙලාවකුයි ලියන්න දේවලුයි තිබ්බා..හලේ මන්දා දැන් නන් මක්කක් වෙලාද කියලා...

ඔන්න ඉතින් මාත් හිත හදාගෙන ​ලියන්න පටන් ගත්තයි කියමුකෝ..පලවෙනි දෙවනි පෝස්ට් නන් ටිකක් විතර කරවල වගේ වේලුනා.. මෙන්න ටික දවසකින් කොමෙන්ටුවක් වැටුනා කියහන්කෝ.. කාගෙන්ද දන්නවද අර සිහින සෙවනැළී ලියන රවේන් ගෙන්..​ඒ තමයි මගේ බ්ලොග් එකට වැටුන පළවෙනි ​කොමෙන්ටුව...ඊට පස්සේ මට කොමෙන්ට් කරේ චේජනාගේ පිටුව ලියන සොයුරියගෙන්..තවත් පෝස්ට් එකක් දෙකක් යද්දි මගේ බ්ලොග් ලිවීමට දිරිය දුන්න අතීතයෙන් අහුලන මතකයන් ලියපු දිල් කොමෙන්ට් කරන්න ගත්තා...ඊට පස්සේ මට උදව්වට ආවේ අපේ බිඟු නද ලියන බිගු අයියා...ඔන්න ඔහෙම යද්දි රවාත් මට සෑහෙන්න උපදේස දීලා තියනවා මේ බ්ලොග් කෙරුවාව සම්බන්ධව..ඌටනන් මතකද මන්දා.. මට නන් මතකයි මං එක සැරක් බ්ලොග් එක නවත්තංන හදද්දි ඌ කිව්වා...

උඹලා අපි එක කාලෙ ලියන්න පටන් ගන්න අය.. උඹලව එහෙම ලේසියෙන් මග දාල යන්නෑ කියලා...හැබැයි මොන දෝෂකටද මන්දා අද ඌ එදාටත් වඩා මගෙ යාලුවෙක් වෙලා.. හලේ මන්දා ඉතින්...

ඔන්න ඔහෙමයි මගේ බ්ලොග් ලියමන ආරම්භ උනේ..ඉතින් ඔහෙම කල් ගත වේගෙන යද්දි මාත් අවුරුද්දකින් වයසට ගියා.. බ්ලොග් එකටත් වයස අවුරුද්දක් උනා නොවැ..මේ ​බ්ලොග් කෙරුවාව නිසා සෑහෙන්න යාලුවෝ ටිකක් එකතු උනා නොවැ... ඉස්සල්ලාම යාලුවො ටිකක් සෙට් උනේ කවි මඩුව නිසා.. ඒ අයගෙන් පළවෙනියා තමා තමා අපේ ගීත් සහෘදයා.ඈත්තම කිව්වොත් ඌ මට සෙට් උනේ කොමෙන්ට් වලින් මගේ බ්ලොග් එකේ ගිය වලියක් නිසා.. ඌටනන් මතකද මන්දා..හික්ස්... කවි මඩුවෙන් ඊලගට මට සෙට් උන ​උතුමා තමා අපේ වැප්නි සාතන් කියන්නේ.. ඒ උතුමා නිසා තමයි මං අද වෙනකං බ්ලොග් එක ලියන්නේ.. එක පාරක් මං බ්ලොග් එක නවත්තනවා කියලා පෝස්ට් එකක් දැම්මට පස්සේඒ උතුමා මාව හොයාගෙන ඈවිත් මට හොදවයින් දෙකක් කියලා ඒ පෝස්ට් එක මකවලා දැම්මෙ නැත්තං.. සමහර විට මං මේ බ්ලොග් එක නවත්තන්නත් තිබ්බා..පස්සෙ පටන් ගන්නත් තිබ්බා හැබැයි.. හලේ..මං පවු අප්පා...ඔන්න ටික දවසකට පස්සේ ඒ වැප් උතුමා මාව එක්කං ගියානේ බස් පදින්න.. මගුලයි

එතන ඉන්නේ බ්ලොග් ලියන දැවැන්ත අයනේ..මුලදි නන් ඈත්තටම මට බයත් හිතුනා.. අපේ තිස්ස අයියා.. (පස්සෙ බැලුවම නෑ කමට මගේ පුතා වෙනවලු ඉතින්)දුකා අයියා, මරණේ.රන්දිකා අන්ශා.. ජීවිතේ මල්..වත් අක්කා. තව බොහොමයි..(ඔය දැවැන්තයෝ කිව්වේ ඉතින් පෝස්ට් එහෙම හරබර උගත් සම්භාවය කොමෙන්ට් 30 ක් 40ක් වැටෙන බ්ලොග් නිසා ඕං)ඔය වගේ වියතුන් කියලා හිතාගෙන හිටපු සෙට් එකක් මැද්දට මං වගේ දුක් අදෝනා කාරයෙක් රිංගද්දි සුලුපටු බයක්ද ඉතින්.. වැප් උතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය නිසාම මාත් බය නැතුව පය ගැහැව්වා ඉතින් බස් පදින්නත්..හලේ මෙන්න බස්.. එයාලා වියතුන් වගේ හිටියට අපි වගේමයි නොවැ...සැහෙන්න පිරිසක් මට අදුරගන්න පුලුවන් උනා ඔය බස් කෙරුවාව නිසා..ඔය සමහර අයට පිං සිද්ද වෙන්න මං එක විභාගයකුත් ගොඩ ගියා නොවැ...

බස් පදින්නෝ ගැන ලියන්න ගියොත් වෙන මුකුත් ලියන්න වෙන්නෑ ඉතින්..දැන්ඉතින්වෙනමොනව කියන්නද.දැන් ඉතින් ස්තූති කථා වාරේ..

මුලින්ම ස්තූති කරන්න ඕනි මට බ්ලොග් උගන්නපු ගුරාව.. ඌගෙ නම කියන්න එපා කියල නොවැ තියෙන්නේ..ඊලගට මගේ පස්සෙන් එක සියළුම සහෘදයන්ටත් ඒ වගේම කොමෙන්ටුවක් දාලා මාව දිරිමත් කරන කරපු ඒ සියලුම දෙනාට මගේ හද පිරි ස්තූතියි පිරිනමනවා.. ඕං බාර ගන්න හොදේ..
මොන බයිලෙ කිව්වත් මේක කියවන අය දාන කොමෙන්ට් ​නිසා තමයි ඉතින් ලියන්න ආස හිතෙන්නේ.. ඒ අයට කොයි තරන් ස්තූති කරත් මදි ඉතින්..අනිත් දේ තමා මගේ බස් යාලුවෝ.. දැන් නන් බයක් නැතුව රටින් භාගයක් විතර යන්න පුලුවන්.. කොහෙ ගියත් බස් පදින් බස් යාලුවෙක් ඉන්නවා..

බස් යාලු​වනේ නම් වශයෙන් කියන්න යන්න ඕනි නෑනේ.. මගේ දුකේදිත් සැපේදිත් මාත් එක්ක හිටපු සියළුම දෙනාට මං ස්තූති කරන්නෑ.. එහෙම ඕනි නැති නිසා.. හූ හූ....(ඔන්න ස්තූතියි හොදේ...)

අවසාන වශයෙන්
ආහ්.. අමතක උනානේ.. අහිංසකී කියල කෙනෙකුත් මං අදුර ගත්තනේ.. අනේ මට ලැජ්ජයි අප්පා.. ඕං මං එයාවත් අදුරගත්ත හොදේ....
ඔන්න දැන් නන් අවසාන වශයෙන් මට මුකුත් කියන්න දෙයක් නෑ.. ආයෙමත් ඔබ සියළු දෙනාටම මාගේ ස්තූතිය පිරිනමනවා....ගොඩා.....................ක් ස්තූතියි හොදේ...

මං ගියාවෙ හොදේ...ආහ් කියන්න අමතක උනා.. ඉලංදාරියා ගැනත් චුට්ටක් මතක් කරන්න ඕනි.. මතක් කරන්න ඔයාලට අමතක වෙලා නෑනේ.. ඒ නිසා ඕනි නෑ නේ..

එහෙනන් මං ගියාවෙ ඇ......... හැමෝටම ස්තූතියි ආයෙමත් වතාවක්....


ප.ලි.

අවුරුද්දටම ලියන පළවෙනි පසු ලිවීම.. මට කොඩක් අය කියනවා කොමෙන්ට් එක​ට රිප්ලයි කොමෙන්ට් එකක් දාන්නෑ කියලා.. අනේ මිතුරනේ තරහ නන් වෙන්න එපා.. මේ වැඩ අස්සේ තියන බ්ලොග් ටික කියවලා ආයෙත් මොනව හරි ලියලා.. රිප්ලයි කමෙන්ට් එකකුත් දාන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි අප්‍රේල් මාසෙන් පසසේ මං ටිකක් නිදහස් වෙයි කියලා හිතනවා.. මගෙන් වැරැද්දක් වෙලා තියනවා නන් ඒකටත් සමාවෙන්න හොදේ......:-D

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...