Saturday, January 21, 2012

නිර්මාණකරුවා මරා දැමිය යුතුද??


මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්‍රායෝගිකව එ‍ය එසේ සිදු නොවන එක ගැටළුවක්

වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා / රසවින්දකයා බුද්ධිමත් විය යුතුයි. නමුත්.. "මම" කියන චරිතය මූලික කරගෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය උන බ්ලොග් කලාවක් වර්ධනය වෙන කාලෙක පාඨකයා ලෑස්ති නෑ එතනින් අයින් වෙලා වෙනස් විදිහකට නිර්මාණයක් රස විදින්න.. මං කියන්න්නෑ "මම" හෝ "පුද්ගලික ජීවිතය" මාකට් කරන්න පුලුවන් කියලා නිර්මාණ හැකියාවක් නැතුව.. ඒක කරන්න ඇත්තටම හැකියාවක් තියෙන්න ඕනි.. උදාහරණ කිව්වොත්.. අපේ මාරය අයියා ලියන මාරායාගේ හෝරාව , තව සයිබර් යාය ලියන බුද්ධි, කතන්දර ,එතනින් ගියාම ඉන්ද්‍රනාත් තේනුවර අයියා ලියන මගේ කතාව.. (මං ආසම පුද්ගල ආත්ම විග්‍රහයක්.. ) ඒ හැමෝගෙම නිර්මාණ ඇතුලෙ විවිධාකාර වූ හැකියාවන් තියනවා..සහ එවැනි ජනප්‍රියතාවය ඉහල තලයක තියෙන්නෙ ඇත්තටම ඔවුන්ගෙ හැකියාව නිසා..අනිත් අතින් ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඒ තමන්ගේ ජීවිතය බව.. එය එසේ කිරීමේ කිසිම ගැටලුවක් නෑ..

නමුත්..

ගැටළුව ඇත්තේ ඔවුන් මනින එසේ නැතිනම් එවැනි ජනප්‍රිය බ්ලොග් රසවිදින ඇසකින් අනෙක් සියළුම නිර්මාණ කරුවන් දිහා බැලීම පුරුදු කරගෙන සිටීමයි.. මා දකින එවැනි අවස්ථා කීපයක්..

ලගදි ඔබා අයියා ලිව්වා වයසට ගිහින් අමතක වීමේ ලෙඩක් තියන කෙනෙක් ගැහැනියක් එක්ක සෙක්ස් කරන සීන් එකක් ගැන..ඇත්තටම ඒ කතාව ලස්සනයි.. නමුත් හැමෝටම ගැටළුවක් උනේ ඔබා අයියා තමන්ගේ බිරිදටත් ඒකම කරනවද කියන එක? ඒකට ඒ කතාව අන්තිමට ඔබා අයියා ලියලා තිබ්බා මං මේ කතාව කලින් ලිව්වද කියලා අහලා.. ඒ වචන ටික මූලික කරගෙන කවුරු හරි හිතුවා නන් ඒ කතාව ඔබා අයියගෙ කියලා.. හරි ඒක කමක් නෑ කියමු..

තිස්ස අයියා ගම්මු.. නිර්මාණ ගැන කියන්න ඕනි නෑනේ.. ගෙදර එන්න ලං වෙලා ආදරය ගැන අපූරු නිර්මාණයක් කරොත් නිර්මාණය මොන මගුල උනත් ලස්සන උනත් කැත උනත්.. අහන්නෙ "ලෝඩ් කරගෙනද ඉන්නෙ" කියලා.. ඒක තමයි හැමෝටම තියන පොදු ගැටළුව.. හරි එහෙම හිටියත් නිර්මාණය තුලින් රස විදිය යුත්තේ තිස්ස අයියගෙ පුද්ගලික ජීවිතයද??

අනිත් දේ සුදු හංසි නගා අලුත් කතාවක් පටන් ගත්තා ලියන්නේ.. දැන් ඒක බලන හැමෝගෙම තියන ගැටළුව සුද්දි ලියන්නේ එයාගෙ ඇත්ත අත්දැකීමක්ද කියන එක.. ඒ පෝස්ට් එකට මුලින් වැටුන ගොඩක් කොමෙන්ට් ‍වල පොදු ගැටළුව මේක ඇත්තටම සිදු වුන දෙයක්ද.. ආහ්.. එහෙනන් අපි බලනවා කියන එක..

ඒ කියන්නේ අපේ පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ අනුන්ගේ චීත්තයක් හේදීම පමනක්මද??

වෙනී අයියා සහ පොඩි මෑන්.. මෙන්න මෙතනයි උඹලගෙ තර්ක නැති වෙලා යන්නේ.. අපේ පාඨකයා අදටත් බුද්ධිමත් නෑ නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් විදිහට දකින්න..මං කවි ලියන එක නවත්තන්න ප්‍රධාන හේතුවත් ඕකයි.. මගේ නිර්මාණයක් තුලින් හැ‍ම වෙලේම මගේ පුද්ගලික ජීවිතය දකිනවට මං ආස නෑ.. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඨකයාට ඕනි දේ දීලා ඉන්නවා.. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ..

මං මේ බ්ලොග් සමාජයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා..ඉස්සර ඇත්තටම මීට වඩා රසවින්දනයකින් උසස් පාඨක සමාජයක් හිටියා..නිර්මාණ ඉතාමත් උසස් තැනක තිබ්බා.. තිස්ස අයියගෙ ‍බ්ලොග් එක බලන්න යන්නෙ කොමෙන්ට් කියවන්න බලාගෙන.. "සුලා" කියන කෙනෙක් කෙමෙන්ට් කරනවා.. ඒක උපරිමයි.. තව නම් වලින් කියන්න බැරි තරන් උසස් රසවින්දයක් තිබ්බ කොටසක් ඉස්සර හිටියා.. දැන් ඒ හැමෝම පේන්න නෑ..ඉස්සර කොමෙන්ට් එකක් කියන්නේ නිර්මාණයට තවත් එක නිර්මාණයක් එකතු වීමක්..ඒක කවදාවත් චැට් බොක්ස් එකක් උනේ නෑ.. එතන නිර්මාණයක් පැහැදිලිව ශිෂ්ඨ ලෙස විවේචනය කරා.. ඇගයීමක් කරා..ඒ තිබුන සම්ප්‍රදාය ඇයි දැන් නැත්තෙ..

දැන් ඉන්න පාඨකයන් ඇත්තටම නිර්මාණයක් හා නිර්මාණකරුවා යනු දෙදෙනෙක් කියලා වෙන් කරන්න තරන් බුද්ධිමත්ද.. නැත්තං හැමෝටම නිර්මාණය හා නිර්මාණ කරුවා ‍එක්කෙනෙක්ද..එහෙමත් නැත්තං හැමෝටම ඕනි තව කෙනෙක්ගෙ කුණු ගොඩක් අවුස්සන්නද.. නැත්තං අනුන්ගෙ චීත්තයක් හොදන්න විතරමද??

‍එය එසේ සිදු වේ නම්.. ලාංකික බ්ලොග් කරණයේ අනාගතය තවත් එක ගොසිප් පිටු ගොඩක් විතරද??

මං බ්ලොග් ලියන්න ආපු කාලෙ තිබ්බ උසස් නිර්මාණ අද නැති වීම බ්ලොග් කලාවේ පරිහානියේ ලක්ෂනයක්ද නැතිනම් නිර්මාණ සදහා අගය කිරීමක් නැති වීම හේතුවෙන් ඇති වුන කළකිරීමක ප්‍රතිඵලයක්ද??

නිර්මාණකරුවා කරුවා නිර්මාණයකින් පසු මියයාතුයි.. එය එසේ සිදු කිරීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුයි.. නමුත් එය එසේ නොවන්නේ පාඨකයා බුද්ධිමත් නොවන නිසාද??

මෙම මාතෘකාව තවත් එක් සෙට් වීමකට හේතු වාසනා වේවා!!!!


Thursday, January 12, 2012

ගමේ කථාවක් - දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!!

ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පා‍යගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් ‍පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න හිතේ තියාගෙන.දත මැද ගන්න පහල වෙලේ ළිදට ගිහින් ආපහු එව ගුනයට ඇහුනෙ උඩහ ගෙදර කිරි අප්පා කෑගහනවා..

මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නෙ කියලා තේරුන ගුනයා කෙහෙල් පදුර අස්සෙන් රිංගලා බලපුවම තමා වෙච්ච සංතෑසිය දැක්කෙ.දනිපනි ගාල කෙහෙල් ගාලෙන් පැන ගත්ත ගුනයා ‍කාමරේට පැනගෙන සරමට උඩින්ම කමිසයක් ඇගට දාගෙන පිලිකන්න පැත්තෙන් එලියට බහිද්දි තමා ගුනයට මතක් උනේ සෝමපාලගෙ ගෙදරට දෙන්න කියපු කොස් ගෙඩිය තාම පිලිකන්නෙ කියලා..කුසුමා බලන්න යන ගමන් වැව් කණ්ඩියෙන් පැනල සෝමදාස‍ ලගෙ ගෙදරට යන්න හිතාගෙන ගුණයා එලියට බැස්සා.

වැව් තාවුල්ලෙ දිය කඩිති වල තිත්ත පැටවු නටනවා වෙනදට අසාවෙන් බලා හිටියත් අද තියන වැඩ ටික ඉවර කරන්න ඕනි නිසා ගුණයා සෝමදාසගෙ ගෙවල් පැත්තට හැරුනෙ ගමන ඉක්මන් කරන්න හිතාගෙන. සෝමදාසෙගෙ ගේ තිබ්බෙ වැව පල්ලහා තිබ්බ කඩමණ්ඩිය කෙලවරේ.. උන්ගෙ ගෙදර කවුරුත් පේන්න හිටිය නැති නිසා ‍ගුණපාල මිදුලටම ගියා..

"සෝම දාස................. සෝම දාස..... " පුලුවන් තරන් හයියෙන් ගුණපාල කතා කරත් ගේ පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ..

"සෝම දාස........... තෝගෙ අම්මට....... " වචනෙ ඉවර කරන්න හම්බ උනේ නෑ

"කවුද යකෝ මෙතන කෑහගහන එකා.. කාගෙ අම්මටද යකෝ....."

"සෝමදාම.. උඹලගෙ අම්මට කියපං අපේ ගේ පිළිකන්නෙ තියන කොස් ගෙඩින ඇන්න එන්න කියලා.. දැන් දවස් දෙකක් විතර වෙනවා.. කොස් ගෙඩිය වැල වෙයි.."

"දැන් උඹ කොහෙද ඔය දුවන්නේ.."

මං අද දවල්ට කුසුමට එන්න කිව්වා බං දං කැලේ කොටු පනින්න..

ඉතින් මේ උදේ කොහෙද යන්නෙ..

අර අපේ ගෙවල් උඩහ කිරි අප්පට බලලෙක් පැනලනේ..

ඉතින් තොගෙ බල්ලද.. තෝ කොහෙද දුවන්නේ..

අප්පගෙ ඇට තැලිලලු.. මං හිටියොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මට.. ඒ නිසා මං ගෙදරින් පැන ගත්තා..

කොයි ඇටේද තැලිලා තියෙන්නේ...

උකුල් ඇටේ කියලා තමා අපෙ අම්මා කියනවා ඇහුනේ...

මාත් මේ පියවතී නගාට කිව්වා ඔලිඳ කෙලින්න දවල්ට එන්න කියලා.. මාත් එන්නද එහෙනන් උඹලත් එක්ක දං කැලේ කොටු පනින්න..

හා එහෙනන් උඹ ඇදුමක් දාගෙන වරෙන්කො.. මං එතකං වෙරළු ගෙඩි ටිකක් කඩා ගන්නං..

හිටපං ගුනේ මං හාල් ටික ගරලා එන්නං..

තෝ කාටද හාල් ගරන්නෙ..

මං ආච්චිට හාල් ගරන ගමන් හිටියෙ බං..

නොදකින්.. ආච්චිට හාල් ගරා ගන්න කියපං බං.. උඹ නැඹිලිය ආච්චිට දීලා වරෙන් යන්න..

දෙන්නත් එක්ක දෙකේ ඇලෙන් ඇග පොඩ්ඩක් හොදගෙන සපත්තු පාලම උඩට වෙලා කදයක් දාගෙන හිටියේ කුසුමයි පියවතියි එනකං.
කුසුමා සුදු ගවුමක් ඇදගෙන නියර දිගේ එනවා දැක්ක ගුණපා‍ලගෙ මූණු අදුරු වෙලා ගිහ හැටි සෝමදාස ‍දැක්කත් නොදැක්ක වගේ හිටියේ ගුණපාල ගැන හොදින්ම දන්න නිසා.

මොකද කුසුමා සුදු ඇදුමක් ඇදගෙන

අම්මා රෙදි හෝදලා ගුනේ අයියා.. මේක විතරයි තිබ්බෙ..

දැන් සුදු ගවුමෙ මඩ ගැවෙයිනේ..

ඒක තමයි අයියා.. මට බයයි.. සුදු ගවුමෙ මඩ ගැවුනොත් ගෙදරින් බනී මට..

මොකද කරන්නෙ සෝමදාස..

අපි එහෙනන් සියාතු ආතගෙ බඩඉරිඟු කොටුවට පනිමු.. පැලත් තියනවා මැස්සත් තියනවනේ..

ආහ්.. එතකොට සියාතුව නැද්ද

නෑ බං.. අද සමෘද්ධිය දෙන දවසනෙ..මං දැක්කා අද ජැංඩියට ඇඳගෙන අප්පුවගෙ ටැක්ටරේ නැගලා යනවා.

එහෙනන් පියවතී කැමති වෙයිද..

ආන්.. එන්නෙ ඒකී.. පියවතී.. සියාතු අතාලගෙ හේනට යමුද..

හා.. මං මේ කියන්නමයි උන්නෙ.. ලපටි ඉරිඟු කරලක් කාලෙකින් කෑවෙ නෑ..

වරෙව් යන්න එහෙනන්.. පය ඉක්මන් කරපං.. ඉර මුදුන් වෙන්න කලින්..

‍සුමනා අක්කා මට බැන්නනේ සෝමදාය අයියේ..

ඒ මොකද පියව‍තියෝ

නෑ මං උඹත් එක්ක දං කැලේ රිංගනවා කියලා කොටු පනින්න..

ඇයි බොල.. ඒකිය සිරිදාසව පිලිකන්නෙ තියාගෙන කොස් වරකා කපා ගන්න හොදයි.. තොයි මායි දං කැලේ කොටු පැන්නම ඒකිට තියන රුදාව මොකද...

ඔව්වට කෑ ගහලා වැඩක් නෑ සෝමෙ.. මෙන්න මෙහි වරෙන් යන්න පය ඉක්මන් කරලා...

සියාතු ආතාගෙ හේන බඩ ඉරිගු කරල් පිරිලා එක යායට.. බලං ඉන්න ආස ආස දර්ශනයක්.. පරිසරේ ලස්සන විදින්න කැමති ගුණපාල කුසුමාගේ අතින් අල්ලගෙ අඹගහ මුදුනෙ තියෙන පැලට දිව්වෙ මැස්ස පැත්ත යන සෝමදාට කතා කරගෙනමයි

සෝමේ.. ඉර බහින්න කලින් ඇල ලගට වරෙන්.. නාගෙනම යමු..

සෝමදාසට ඒ දේ ඇහුනා දැයි මා නොදනිමි.. පරිසරය තුල විහඟ ගී නාදය හැරෙන්නට වෙන කිසිම හඩක් නෑසුනි...

අදට කතාව ඉවරයි....................

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget