Friday, March 23, 2012

හිත කියන කතාවක්.....

මම පාරක් දිගේ ඇවිදගනෙ ගියා
අරමුණක් තිබුනද මතක නෑ
තනියෙන් ගමනක් යන්න වෙන්නැති
මට මතකයි
ඒක හරි ලස්සන උදෑසනක්
හිරු රන්වන් පාටින් පායල තිබ්බා
මං ඇවිදගෙන ගියා
මං දැක්කා...
තුරුලෙ හිනැහෙමින් පෙම් කරන අය
ඉතින්...
පෙම් කරන්න හිතාගෙන නැවතුනා
පෙම දුර ගමනක් ගියා
මම තාමත් නැවතිලා
මග හැරුන තැන් පසු කරන්න හිතාගෙන
ආයෙමත් ගමනක් යන්න පිටත් උනා
ආසයි ආයෙත් පෙම් කරන්න
නවතින්න අමාරුයි.. මට බයයි නවතින්න
මග හැරුන බොහෝ දේ තියනවා මට ගන්න
‍මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම ‍දුර ගමනක් ගියා
පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
මම ගොඩක් දුර ගිහින්...
නවතින්න අමාරුයි..
ඉර බැහැල යන්නත් ලගයි
හැම තැනම කළුවර වෙලා
එක බංකුවක් තියනවා
මට මහන්සියි.. ගොඩක් දුර ඇවිල්ලා
මම ඉදගත්තා ටික වෙලාවකට
බලා හිටියා.. දුර ඈත පෙනෙන ආදරය
ටිකක්වත් ලගට එයි කියලා
ගොඩක් වෙලා ඉදගෙන ඉන්න බෑ
ඉර අවරට ගියාම නපුරු සත්තු එයි
මට තනියෙන් ඉන්න අමාරුයි
සීතල සුලගක් හමාගෙන යනවා
සමහර වෙලාවට බය හිතෙනවා
මම මෙතනම මිය ගියොත් කියලා....

Thursday, March 1, 2012

මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි....


සීත අහසෙ මල් යහනක
දේදුන්නක පිණි බිඳුවක
පායන රන් තරු දහසක
නුඹව සොයමි තවත් රැයක

පායන රන් විමන් යටින්
නීල නයන කැළුම් මැදින්
සියොත් නාඳ ගී අතරින්
නුඹ ගෙනයමි ලොවට හොරෙන්...

...........................................................................
නිදන නෙතු යුග දෙස
බලාසිටියෙමි...
නුඹ සිනාසෙනු ඇත..
මා දිහා බලාගෙන..
වැසු විමන් විවර නොකරම
නුඹ සිනාසෙනු ඇයිද..
දනීද නුඹ..
තවමත් මා නුඹ සමීපයේ..
සිටිය වග....

..........................................................................
නුඹ පෙම් කවිය විය
තාලය සොයා
අතරමං වුන
තවත් එක
කවියකුට.......

.........................................................................
නිල්වන් සේද ඇදි නුඹ ගත සරසාලා
රන්වන් නුඹ වතේ රතු තිලකය තියලා
දුටුවන් පිනවනා ඉග සොඟ නළවාලා
කැදවන් යන්න දෙනවද නුඹ මගෙ කරලා

........................................................................

මල හත්තිලව්වුවේ.. තොපිලට මතකද මං මල් සරාට යවපු ලිවුම.. මං ඌට ලියුමක් ලිවුවෙ අහවල් මගුලක් කරන්න හිතාගෙන නෙමේනේ.. අන්තිමේදි ඌ මටම කෙලින්න ආවනේ.. ඒ මගුල් ඔක්කොම ඉවර වෙලා මං උගෙන් සමාවත් ගත්තයි කියමුකො..එදයින් මෙදා සත්තයි මං ඌත් එක්ක අද වෙනකං කතාකරලා නෑ.. අනේ අම්මපා සත්තයි...


අර මහ පාන්දර කුකුලා අතේ අරං නැගිටගෙන ගිය මගුල තිබ්බෙ. අන්න එදා මට තාමත් මතකයි.. බිං කරුවල වැටිලා තිබ්බා මහ පාන්දර දහයට විතර.. සුදුම සුදු පාටයි මං ඇහැ ඇරලා බලද්දි.. මං ඌ වෙනුවෙන් නැගිට්ටා මිසක් සත්තයි වෙන ‍මි‍නිහෙක් නන් මං ඒ තරං උදෙන් නැගිටින්නෑ.. මල රෙද්ද අද ඔපිස් එකේ ඉන්ටනෙට් නෑනේ.. මේ ‍කුලියට ඉල්ල ගත්ත ඩොංගල් කට්ටකින් ලියලා දැම්නෙ නැත්තං හරි නෑ නේ..
තොපිලට ඉතින් මෝල් වගේ කට ඇරං බලං ඉන්නැතුව කල්පනා කරපල්ලකෝ මං මේ මොන අහවල් කෙංගෙඩියක්ද කියන්නෙ ‍කියලා.. හා ඇත්ත කියපං.. තොපිලට තේරෙනවද යකෝ මං මේ මොනවද කියන්නෙ කියලා..
මටත් තේරෙන්නෑ යකෝ.. තොපිලයට තේරෙන්නැත්තං අහවල් මගුලකටද යකෝ තවත් ඇස් ගෙඩි දෙක එලියෙ දාගෙන බලාගෙන ඉන්නේ.. ‍සික්.. හැටි විතරක් ‍තොගෙ.. ඊයා....

.............................................................................

ඔයාලට මං කිව්වට එහෙම අහක බලාගෙන යන්න එපා.. මං ඉස්සර ඉදන්ම කරේ ඔය වගේ බයිලා ලියපු එක.. ඔය උඩින් තියන හැම විදිහකින්ම මං බයිලා ලිව්වා..ඒවා ඔයාලා හැමෝම මෙලෝ රහක් නැති උනත් බැලුවා.. මට එක වෙලාවකට ඔයාල ගැන දුකත් හිතුනා. මං මොනවා ලිව්වත් ඔයාල කියෙව්වා..අද වෙනකොට පෝස්ට් 180 ක් විතර ලියලා තියනවා.. ඒ හැම දෙයක් එක්කම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි.. මං තීරණය කරා සමුදෙන්න.. මට දුකයි එහෙම කරන්න..ඒත් කරන්න දෙයක් නෑ.. ජීවිතේ එහෙම තමා.. හැම දෙයක්ම කාලය සමග නැති වෙලා යනවා..කාලය ගෙවිලා ගියාම ඒ හැම‍ දෙයක්ම අතීතය වෙලා.. එහෙම ගොඩ නැගුණු අවුරුදු දෙකක අතීතයක් අදට අවසන් වෙනවා...

එහෙනන් මට අවසරයි මට අදට මේ ලියමන නවත්තන්න...

මාත් එක්ක අවුරුදු දෙකක් පුරාවට රැදිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි..අදට මං මේ බ්ලොග් කෙරුවාව පටං අරං අවුරුදු දෙකක් වෙනවා ඇ...

ආයත් කියනවා.. මා සමඟ මේ තරං දුරක් ආපු හැ‍මෝටම ගොඩක් ස්තූතියි..ඉදිරියටත් ඉතින් ඔයාලා මාත් එක්ක ඉදී කියලා මං හිතනවා.. ඔන්න එහෙම කරන්න ඕනි ඇ.........

ප/ලි...

මගේම සොහොයුරෙක් වගේ ඉදලා අද අප අතරින් වෙන් වී ගිය ඉලංදාරියා නොහොත් දිළුම් සහෝදරයව මතක් කරන්න ඕනි.. දිළුම්.. උඹට නිවන් සුව අත්වේවා.........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget