Thursday, August 21, 2014

කරන්න දෙයක් නෑ..

කරන්න කිසිම දෙයක් නෑ. අද වැස්සා.. වැස්සා කියපුවම නිකං වස්සා වගේ.. ඒ නම හරි යන්නෑ.. අද අහස් දිය ඩිංගක් බිමට වැටුනා. ඩිංගක් කිව්වට ඒක ටිකක් සැරයි. වැස්ස සැර වුනාම හංදියෙ ත්‍රීවීල් අයියලා සැර වෙනවා. දන්නෑ ඇයි කියලා. මම වැස්ස නිසා අද ඔපිස් එන්න පරක්කු වුනා. ඔපිස් ඇවිත් මට කරන්න තියන වැඩ අඩුයි. ඉතින් නිකං ඉන්න කාලෙ වැඩී. නිකං ඉන්නකොට කම්මැලි හිතෙනවා. මිනිස්සුන්ට කම්මැලි කියලා හැගීමක් තියෙන්නෙ අපරාදේ. එහෙම තියන නිසානේ මට කම්මැලි හිතෙන්නේ.

ඉස්සර මම එංගලන්තෙ ඉගන ගනිද්දි එහෙට වැස්සෙ නෑ. හිම වැටුනේ. එහෙ හරි ලස්සනයි. එහෙ කිසිම මිනිහෙක් දුක් විදින්නෑ. එයාලා හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට ලංකාවේ.. හම්බන්තොට අයට හාල් නෑලු. එහෙම කියලා ගොඩක් අය බුකියෙ දුක් වෙලා තිබ්බා. හාල් නැතුව හම්බන්තොට මිනිස්සු ගොඩක් දුක් විදිනවා. පවු එයාලා..රට ඉන්න ගොඩක් අය ලංකාව ගැන හෙන කැක්කුමකින් කතා කරනවා. ලංකාවෙ ඉන්න මට නන් එහෙවු කැක්කුමක් නෑ. මං හම්බකරං කන ගානෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. මට වෙන අය දුක් වින්දට ගානක් නෑ. මොකද හම්බන්තොට එකා කෑවද කියලා මං අහන්නෑනේ. ඒ නිසා මට ඒ දුක දැනෙන්නෑ. ඒක අපෙ කාලකණ්නිකම වෙන්නැති. ඔවු එහෙම වෙන්නැති.

දැං ලංකාවට වහිද්දි පාරෙ වතුර පිරෙනවා. පාරෙ වතුර පිරුනම සපත්තුව ඇතුලට වතුර යනවා. සපත්තුව ඇතුලට වතුර ගියාම දවසෙම ඒ සපත්තු දාගෙන ඉන්න හරි අමාරුයි. ඒ නිසා පාරෙ වතුර පිරෙන්න දෙන්න හොද නෑ.අපි පයින් යන මිනිස්සු. වහන පදින අය හයියෙන් යනවා.. ඒ වාහනේ තෙමෙන නිසා වෙන්නැති. එයාලා හයියෙන් යද්දි රෝ්‍ද වල මඩ වලවල් වල වැටිලා අපේ ඇගට වතුර විසිවෙනවා. ඒ වෙලාවට ඒ රියදුරු මහත්යාගෙ අම්මා මතක් වෙනවා. ඒත් සමහර වෙලාවට එයාලට හදිස්සියක් වෙන්නැති නේ. ඒ නිසා ඔව්වා ගැන විස්සෝප වෙලා වැඩක් නැතුවා. ඒ වෙලාවට මට හිතෙනවා පිටරට යන්න. පිටරට ගිහින් එහෙ මහන්සි වෙලා රස්සාවක් කරලා ලංකාවට බනින්න පුලුවන්. ලංකාවෙ ඉද්දි පඩි මදි. මං දන්න රට ගිය හැමෝම වාහනයක් අරගෙන ගෙයක් හදලා ආතල් එකේ ජීවත් වෙනවා. ඉතින් ලංකාවෙ ඉන්න උනුත් ඔය ටිකම කරනවා. එකම වෙනස රටගියාම වගේ ලංකාවට බැනලා ආතල් එකක් ගන්න චාන්ස් එකක් නැති වෙනවා. මොකද ලංකාවෙ ඉද්දි බනින්න වෙලාවක් නෑ නේ.. එක්කො රස්සාව. නැත්තං ගෙදර සාමාජිකයො එක්ක ආතල් එකේ ඉන්න ඕනි. නැත්තං ඉන්න රොත්තක් වෙන යාලුවො එක්ක සෙට් වෙන්න ඕනි. ඔය මොකක් හරි වෙන ආතල් වැඩක් නිසා ලංකාවට බැනලා ගන්න සෙට් වෙන ආතල් එක මට නන් මිස් වෙනවා. ඒක අපරාදයක්..

කරන්න දෙයක් නැති කමට මොනවා හරි ලිව්වා. අද දෙදහස් දා හතරේ විසි එක් වෙනිදා. මගේ බ්ලොග් එකේ මට පස්සෙ බලන්න හිතට ආපු දේවල් ටිකක් ලිව්වා. නැත්තං මට මෙහෙම එව්වා හිතුනා කියලා අමතක වෙයි. එහෙම අමතක වුනොත් අපරාදේ. මේ වගේ අදහස් වලින් තමා කවදා හරි මේ පුංචි ලංකාව ලොකු කරන්න පුලුවන් වෙන්නේ. අපි හැමෝම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න යනවා. අපේ රට දූපතක්. ඉතින් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න නන් එක්කො ඉංදියාවට ගිහින් සෙට් කරන්න ඕනි..අන්න එදාට ලංකාව දුපතක් නෙමේ. එහෙම වුනාම අපිට පුලුවන් වෙයි දූපත් මානසිකත්වය නැති කරන්න. මං හිතට ආපු කවියක් ලිව්වා. අදට ඇති. ඇගිලි රිදෙනවා..


නෙතු පියන
සීත රාත්‍රියේ
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද..සිත රැගෙන ගියේ.
ගෙනත් දියන් මට
මෝඩ ගෑණියේ...(ඩර්ටි වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
ගෙනත් දෙන්න මට
මගෙ සිහින කුමරියේ.......(ලවු වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
රැගෙන ගියා නම්...
තියං මැරීයන් යෝදියේ..(බූට් වර්සන්)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget