මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ඒ මගුල සෝයි කියන ලංකාවෙ එකෙක්වත් ගෙයි පිලිකන්නෙ ඔහොම මගුල් කන්නෑ කියලා මට සුවර්.. ලංකාව වගේ අපෙරදිග සංස්කෘතියක් තියන රටක ඔය වගේ හොරෙන් මගුල් කන සිරිතක් නෑනේ.. අපෙරදිග මිනිස්සු මගුල් කන්නේ මුලු රටටම කියලා තමා.. ඕං ඒකනේ ඉස්සර කාලෙ කියන්නේ හත් දොහේ මගුල් කනවා කියලා.. මුලු ගමටම කියනවලුනේ..දැන් කාලෙ ගමට තියා නෑයොන්ට කිව්වට පස්සෙ අල්ලපු ගෙදරටත් මගුල කියන්නෙ හෙන ගේමක් දීලා නොවැ..ඇයි හත්දෙයියනේ දැන් බත් වේලක් දෙන්න රුපියල් 3000.00 ක් වත් නැතුව බෑනේ.. මේ කොහෙ තියන සල්ලියක්ද අප්පා.. 200යකට කිව්වත් ලක්ෂ 6ක් යනවා.. කැමරා අල්ලන එකාටයි අන්දන්න එන එකාටයි රත්තරං බඩු වලටයි.. මොන මල ඉලව්වක්ද.. ලක්ෂ 10ක විතර යනවා ඔය කියන විදිහට බැලුවොත්.. මොන හත්තිලව්වකටද අප්පා ඔච්චර වියදං කරලා මගුල් නටන්නේ..අනිතිමට ණය වෙලා මගුලක් අරං ඒකට ඇවිත් සැපට කාල බීලා යන උන්ම පස්සෙ කියනවා මොන මගුලකට එච්චර වියදං කරාද මන්දා කියලා.. සතපහක් වියදං කරලා ගල් අරක්කු සුට්ටක් නොබොනො උන් මගුලට ඇවිත් රට අරක්කු හොයනවා.. හලේ මෙහෙවු ලංකාවක්.. ඔය අරක්කු කේස් එකෙත් මගුලට අරක්කු නෑ කියලා වැඩියෙන්ම කියවනවා කියන්නේ ජීවිතේට සත පහක් වියදං කරලා අරක්කු ටිකක් බොන්නැති උන්ලුනේ.. උන් මගුලට එන්නෙ පිනට අරක්කු සුට්ටක් බීලා යන්න වෙන්ටැ..
හරි දැන් ඉතින් දැන් නොකෙරන මගුල් කියවලා වැඩක් නෑ නේ.. දැන් අපි බලමු කෙරෙන විදිහට අඩු වියදමට මගුලක් නටන්නෙ කොහොමද කියලා..දැන් ඔය මගුල් නටද්දි මනමාලියයි මනමාලයයි මහ රෑ ජාමේ 12 විතර ඉදං අන්දන්න පටං ගන්නවනේ.. කොහොමත් මගේ සුට්ටං දැනුමෙ හැටියෙට පාන්දර 4 5 වෙද්දි ජෝඩුවම මගුලට ලෑස්ති වෙලා නොවැ ඉන්නෙ..
ඉතින් දැන් පාන්දර 4 ඉදං දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න එකේ පෝරුවෙ මගුල ගන්නවා පාන්දර 7ට විතර.. එතකොට පොටෝ ගන්න උන්දැටත් උදේ පැය තුනක්ම තියනවනේ..ඉතින් උන්දැගෙ පුරස්නත් එතනින්ම විසද ගන්න පුලුවන්.. ඊට පස්සේ පෝරුවෙ මගුල් 7.20ට ඉවරයි.. ඔන්න දැන් පොල් බිදලා පහන් පත්තු කරලා කිරිබත් කපලා ඔය නැටුම් සේරමත් නැටුවට පස්සෙ වෙලාව 7.45 වෙයි.. ඊට පස්සෙ යනවා නෑයොන්ට කතා කරන්න.. මුපු හෝල් එකේම නෑයොන්ට කතා කරලා ඉවර වෙද්දි 8.45 වෙයි...

8.45 ට යනවා කෑම මේසෙට..මොනවද එතකොට කෑම මේසෙ තියෙන්නේ..
කිරිබත්
නූඩ්ලස්
රතුකැකුළු බත්
ඉදි ආප්ප..
පාන්
ආප්ප
පිට්ටු
චීස්
බටර්
අල හොදි/පරිප්පු/ මාලු/ මස්/පොල් සම්බෝල /ඕනිම නන් කම ඔය මොනවා හරි දාගන්න බැරියැ....(ආහ් කොහොමද මෙනූ එක ඇ.. )
තව.. කැවුම් කොකිස් අරවා මෙව්වා ඩෙසට් එකට.. ඕනිම නන් පලතුරු තියන්න පුලුවන්..
ඔන්න ඔය කෑමෙ මෙසෙට ගියා.. ජෝඩුව කෑවා බඩ පැලෙන්න.. ඊට පස්සෙ සුට්ටක් නටන්න පුලුවන් කස්ටියටම.. උදේ දහය වෙද්දි මගුල ඉවරයි...ඊට පස්සෙ ජෝඩුව යනවා පොටෝ ගන්න.. පොටෝ අල්ලන එකාට පුලුවන් ඇති වෙනකං පොටෝ ගන්න දවල් වෙනකංම..එතකොට ඒකත් හරි...
දැන් බලන්න මේක කොයි තරං වාසි ක්රමයක්ද..
මගුලෙ වියදමෙන් තුනෙන් එකක් ඉවරයි.. ඒ කිව්වේ ඔය කෑම මේසෙට වියදම එක්කෙනෙක්ට 1000ක් ගියත් අවුලක් නෑ.. 200ක් ආවොත් ලක්ෂ දෙකෙන් ගොඩ...
මගුලට එන අයට රස්සාවල් වල නිවාඩු දාන්න ඕනි නෑ.. ෂෝට් ලීවු දාල ආව නන් දවල්ට වැඩට යන්න පුලුවන්..
ජෝඩුවට හනිමූන් ගිහින් මහන්සියට නිදා ගන්න ඕනි නෑ.. එදාම වැඩ අල්ලන්න පුලුවන්..
බොන්න නෑ කියලා කවුරුත් කියවන්නෑ.. මොකද උදේ පාන්දර බොන්නෑනේ.. අනික දවල්ට වැඩට යන්නත් තියනවනේ.. ඒ නිසා ඒ අවුලත් ඉවරයි..
ලාබයි ලේසියි පහසුයි.. එන්න. ඔබත් අදම මගුලක් ගන්න...

