Monday, May 31, 2010

මිතුරානෙනි ඔබට නිවන් සුව !!!!!!!!!!



විසි පස් අවුරුද්දක් පුරාවට
ජීවන මහ සයුර මැද
තනිව කරපින්නා ගත් ජීවිතය සමග
මහා රළ සමග උරෙන් උර ගැටී
ගෙවා දැමූ ජීවිතය
මරුවාට බිලි වුයේ කෙසේද
විවාහය නැමැති සුන්දරම සිතුවිල්ලක පැටලි
තම පෙම්වතිය අත හැර
තනිව ගමනක් යන්නට සැරසෙන නුඹ කොතරම් රුදුරුද
එන්න නැවත එක් වරක්
අප නිසා නොව
දිවි මගක අතරමන් උන
පෙම්වතිය නිසාවෙන්
අයදිමි සැමගෙන්ම නුඹට යළි ජීවය දෙන මෙන්
එක වරක් දෑස් ඇර බලනු මැන
සොවින් වැලපෙන නුඹේම සොයුරන් වෙත
යන ගමන නවතාලිය නොහැකි බව දනිමි
පතන්නට එක දෙයක් ඇත
උපදින මතු භවයෙත් අපි අතරම ඉද
ඉක්මන් නිවන් සුව හැර නුඹ වෙනුවෙන්
අසරණ මම කුමක් අයදිම්ද?????

Saturday, May 29, 2010

නෙතු පියන් ඉන්න හැකි නම්

නෙතු පියන් ඉන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
සද හිරුත් නැති
අහසෙ තරු නැති
ලොවක් උව කම් නැත
ඉන්න හැකි නම් නුඹට ලං වී

ගලන ගං දිය සිදී තිබුනත්
පිපාසය නැත සිතට දැනුනේ
නුඹගෙ තුරුලේ සිටිය මොහොතක්
කෙලස කිව මැන අතැර යන්නේ

තුරු මුදුන් මල් පිපී තිබුනත්
සියොත් නෑ අද ගී ගයන්නේ
හමන සුලගක් ගතට දැනුනත්
සිසිලසක් නෑ මගෙ
සිතට දැනුනේ

තව වරක් මට එන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
ලොවම අහිමිව ගියත් මට නම්
එයම ඇති මිය යන්න සැනසී

Friday, May 28, 2010

වෙසගේ සිරි අසිරි

පුන් සද නැතත් වෙසගේ මහ රෑ අහසේ
බැලුමට ගියයි වෙසගේ සිරි සිත්සේ
මහ මග ඇවිද බැලුවයි අසිරිය වෙසගේ
දුටුවේ වෙසක් නොව අමුතුම සිරි වෙ​සගේ

සිල්ගත් ගැහුණු සුදු ඇදුමින් සැරසීලා
රසනැති දානෙ ගැන පවසයි වට වීලා
උන්ගේ මොල වලට මැටි ඇත පිරවීලා
ඒ ගැන කියන්නට මගෙ පද මදි වීලා

සුපිරිම වාහනය වහලය ඇරගෙන ආවා
එහි පිටි පස්සෙ කෙල්ලන් දෙදෙනෙක් දුටුවා
එකෙකුගෙ උඩු ඇදුම ගලවා විසි කෙරුවා
අපි නන් හොදට ඇගෙ අම්මව සිහි කෙරුවා

​ඇදලා ඩෙනිම එය ඉහලට නමලා
සුදු දිග සාය එය ඇත ඉන තෙක් පලලා
උඩු කය නිරුවතින් පන්සලෙ දන වැටිලා
කාටද වදින්නේ මේ හැටි පේ වීලා

කොල්ලන් උවත් මහ මග හැසිරෙන්නේ
උමතුව අයාලේ ගිය උන් වැන්නේ
යම ලොම යම පල්ලො මේ විදිහට එන්නේ
කොල්ලන් උවත් කොල්ලන් දැයි සැක හිතුනේ

ගෙදරට තියන හොදම ඇදුම තෝරාලා
අම්මත් එක්ක ඇය එයි හුරතල් වීලා
කොල්ලෙකු සොයා ගැනුමට අරමුණ වීලා
වෙසගේ සිරි බලන්නට ඇය ඇත පැමිණිලා

වෙසක් පුන් පොහෝ දින ගෙදරට බොරු කියලා
ඔහු එන්නේයෙ මිතුරන් හා එක් වීලා
කෙල්ලන් එක්ක බොරුවට හුරතල් වීලා
ඔහුගේ අරමුණත් කෙල්ලකු ගැනුමට හොයලා

කැරකෙන කූඩු මග දෙපසේ තිබුනාට
කෙල්ලන් කැරකීලා ගස්සල යන කලට
බාගෙට ඇදල තොල් රතු කර එන කලට
මරගන රැගුම් පරදී ​මුන්ගේ වැඩ වලට

අප මහ සමිදු මේ බව දැන සිටියා නන්
පස් මහ බැලුම් නොව මේ ගැන සිතුවා නන්
මතු බව දකින නුවනක් ඇති වී තිබුනා නන්
ඉපදී බුදු නොවී සැනසෙනු ඇත නිවනින්

කීමට ඇතත් වෙසගේ සිරි රස කරලා
දෙනතම නිදි බරයි ඒ අසිරිය බලලා
අයිදිමි එක දෙයක් ඔබ සැමටම වැදලා
සංවර ලෙසට හැසිරෙන් තෙමගුල සිහි කරලා


Monday, May 24, 2010

කොල්ලන්ට පමණයි

අද ලියන්න යන දේ කොල්ලන්ට පමණයි. ඒ කිව්වෙ අද මම ලියන්න හදන්නෙ ගැහැණීය ගැන. පෙම්වතිය බිරිද මේ මොන විදිහකට බැලුවත් ගැහැණිය තමයි සතුට. ඒ ගැහැණිය ගැන කෙටියෙන් ටිකක් ලියන්න තමයි හදන්නෙ. දිගට ලිව්වොත් කොටස් කඩන්න වෙන නිසා කෙටියෙන් ලියන්නන්. දිගට ඔනි නන් කියන්න තව පෝස්ට් එකක් දාන්න බැරියැ නෙ.

"ගැහැණියකට තම සැමියාගේ කබාය මත රැදුනු කෙස් ගසක් මීටර් 20 ක දුර සිට පෙනෙන අතර මොටර් රිය නැවැත්වීමට එන විට ගරාජයේ දොර නොපෙනන බව එක්තරා පොතක සදහන් විය"

ගැහැනුන් සහ පිරිමින් වෙනස් ය. සිතුම් පැතුම් අශාවන් සහ හැකියාවන් අතරින්ද ඔවුනොවුන් වෙනස් වෙති. ලිපිය කෙටි කීරිම පිණිස කරුණු වශයෙන් පමණකි දක්වමි.

ගැහැණියට බොරු හදුනා ගැනීම සදහා සහජ ඉවක් පවතී. තම සැමියා/පෙම්වතා බොරුවක් පවසන විට ඇයගේ දෙනෙත් දෙස බලන්න. එය ප්‍රමාණයෙන් විශාල වන අතර බොරුව පවසා යන්නට යන විට ඇය සැක හැර දැන ගැනීමට මෙන් ඔහු පසු පසම පැමිණේ.

අනිකාගේ අදහස් තේරුම් ගැනීමට පිරිමින්ට වඩා වැඩි හැකියාවක් ඇත. උදා* පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩන්නේ යනුවෙන් පවසනු විනා පියාට තම දරුවා වටහා ගැනීමේ හැකියාවක් නැත. නමුත් ගැහැණියත් දරුවකු අඩන විට ඒයට හේතුව සහ කල යුතු දේ මැනවින් දනී. එය ඈත යුගයේ සිට පැවත එන්නකි. පිරිමියා දඩයමේ ගොස් කෑම සැපයීම සදහා පරිනාමනය උන අතර ගැහැණිය තම දරුවන් නිවස බලාගැනීම සදහා පරිනාමනය වී ඇත.

ඇස් වලින් යමක් දෙස බැලීමේදී ගැහැණුන්ට පුලුල් ප්‍රදේශයක් පෙනෙන අතර පිරිමින් උමගක් තුලින් මෙන් ඈතට දකිති. ගැහැණුන් පිරිමින් දෙස හොරෙන් බලන අවස්ථාවල පිරිම්නට කලාතුරකින් එය අසු වන්නේ මෙම දර්ශන ප්‍රදේශවල තිබෙන වෙනස් කම නිසාය.

ගැහැණුන්ගේ කන් ඇසීමද පිරිමින්ට වඩා හොදින් සිදුවේ රාත්‍රියේ තම දරුවා හඩන ශබ්ධයට පිරිමියන්ට වඩා ඉක්මනින් ගැහැණිය හදුනා ගනී.

අපි දැන් බලමු ගැහැනියකගේ හිත දිනා ගන්නා ආකාරය.....................

නිතරම ගැහැණියකට සවන් දිය යුතුය. ඇය කථා කරන අවස්ථාවන් වලදී එයට බාදා කිරීමෙන් ඇය පිරිමින් ගැන කලකිරීමට පත්වේ.
ගැහැණියක් පිරිමියකු සමග බොහෝ කථා කරයි නම් එයින් අදහස් වන්නේ ඇය එම පිරිමියා කෙරෙහි ආකර්ශනයක් පවතින බවයි.

ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය එසේ නොවුනහොත් ගැහැණිය දුක් වේ.

මිතුරන් අතර සිටිනවිට තම පෙම්වතියගේ හෝ බිරිදගේ අත අල්ලාගෙන සිටින්න. එය මගින් ඇයතුල පිරිමියා කෙරෙහි වැඩි විශ්වසයක් ඇති වේ.

පෙම්කරන සමයෙහි ලිංගික ඇසුරු කීරීම් සදහා කිසිවිටකත් බලපෑම් නොකල යුතුය. එය මග හැර දෙදෙනාම එකතු වී බොහො වේලා පිළිසරක යෙදී සිටීමෙන් වැඩි ආදරයක් ලබාගත හැක.

ගැහැණුන් ආදරය කිරීමටත් පෙමින් වෙලී සිටිමටත් අධික ලෙස අශාවක් දක්වති.

කිසි විටකත් ගැහැණියක් කථාකරන අවස්ථාවල​දී වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමනේ වලකින්න. එවිට ඔබ ඇයට ආදරේ නැතැයි යන සිතුවිල්ල ඇයතුල හට ගනී.

ඇයගේ විසින් කරන හොද ක්‍රියාවන් සහ ඇගේ ලස්සන නිතරම අගයන්න. උදා* අද උයපු කෑම රසයි... ලස්සන ඇදුමක් මේක ඔයාට ලස්සනයි... එවැනි දෑ..

විවාහ උන පසු මසකට දිනක් හෝ රාත්‍රි කෑම සදහා එළි මහන් ප්‍රදේශයකට ගොස් දෙදෙනා කථා කරමින් ගෙවන දිනක්තුල ඇගේ සතුට වැඩි කල හැකි අතර වැඩි ආදරයක්ද පිරිමින්ට ලැබිය හැක.

ලිංගික ආස්වාදය (මේව කියවන පොඩි ළමයි නෑ කියල හිතනව) ගැහැනියට බොහෝ ලිංගිකආස්වාදය ඕනෑය නමුත් ඒ තමා ආදරය කරන තමාගේ සැමියාගෙන් පමණි පෙම්වතාගෙන් එවැන්නක් අපේක්ෂා නොකරයි. පෙම්වතා ලග සීටීමෙන් පමණක් ඇය සෑහීමකට පත්වේ.

අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්...........

වැළද ගන්න, වර්ණනා කරන්න, සුව පහසු ලෙස හැසිරීමට ඉඩ දෙන්න, ආදරයෙන් අත ගාන්න, ඇල්ම මහත්සේ දක්වන්න, ඇය තම ජීවිතය බව හගවන්න, ඇගේ හැගීම් දැනීම් වටහා ගන්න, ආදර ගී ගයන්න, ඇය අගය කර කථා කරන්න, ඇයගේ කටයුතු සදහා උදවු කරන්න, ඇයගේ වේදනාවන් වලදී සුව පහසුව දෙන්න, ඇය අස්වස්සන්න, තුරුලුකර ගනිමින් තදින් සිප ගන්න, ඇය අනුමත කරන්න, ඇයට ඉතා උතුම් ලෙස ආදරය කරන්න..............

මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න

තව විස්තර තියනව කෙටියෙන් දැම්මෙ කියවන අයටත් වැඩ ඇතිනෙ මේ පීළිබද වැඩිපුර කරුණු ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරපු
"පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි" කියන පොත කියවල ලබා ගන්න පුලුවන් විවාහ උන අය ඒ පොත බැලුවනන් හොදයි කියල මම හිතනව මේ සමහර කරුණුත් එ පොතේ ඒව තමයි

මේ ලිපිය බැරි වෙලාවත් කෙල්ලෙක් බලලා එයාට හිතුනොත් පිරිමින් ගේ ආදරය දිනා ගන්නෙ කොහොමද කියල දැන ගන්න මට කියන්කො ඒකටත් මොනව හරි කරන්න බැරියැ

Friday, May 21, 2010

කම්මැලි හිරු කුමාරිය

වෙනදාට මටත් පෙර නැගිට ගෙන
සිහින දකිමින් නළියන නෙත් ​දෙකට එබි කම් කරන
නෙතට වද දී ඒ සිහිනෙන් අහැරවන
නපුරු දිලිසෙන හිරු එළිය
අද මද්දහනය උදා වූවත්
මිදුම් සලුව පොරවාගෙන
වළාකුලු කොට්ටයක හිස තියාගෙන
හිරිපොදින් සැදුන සුන්දරම සයනක
තාමත් නිදන හැටි
අප සීතලේ
ගැහෙමින් සිටින විට
ඒ දෙස කිසි ලෙසකින් නොබලාම
කම්මැලිකම ඉහටත් උඩින් ගිය
මේ හිරු කුමාරිය නිදන හැටි
කම්මැලි කුමාරියනේ
දැන්වත් පිබිදෙන්න
සීතල පොරවාගත් අපේ සියොලග දැවටී
උණුසුමක සුව දෙන්න
දැන්වත් පිබිදෙන්න

Wednesday, May 19, 2010

ගෙනත් දෙන්න මට මගෙ සද





සිනා සලන ඔය ඇස් ලග
කථා කරන තොල් පෙති ලග
සමන් පිච්ච සුවද හමන
නුඹ ලග මම සැතපෙන්ද


කඩන් වැටෙන වැහි පොද උඩ
හඩා වැටෙන රළ පෙල ලග
පෙම් කලාට නුඹ මන් වට
නුඹ ඇත ඔහු සමගින් අද


රෑ අහසේ තරු කැට නැත
පෝය උනත් පුර හද නැත
වළාකුලින් හැංගූ සද
ගෙනත් දෙන්න මට මගෙ සද

Tuesday, May 18, 2010

නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

බලන්න
කවුලුවෙන් නෙතු යොමා
වැහි බිංදු පොළව සිඹින අපූරුව


මගේ හද කුමක් කියන්නේ
නුඹ ලගටම දිව එන්නේ
මල වැහි යටින් මගෙ තුරුලට එන්නේ
මම නුඹ ලගමයි නුඹ තුරුලේ ඉන්නේ

මල් මත වැහි බිදු රග දෙනවා
තුරු මත වැහි බිදු දිලිසෙනවා
මද අදුරින් ලොව වැසි යනවා
නුඹ තව වර මගෙ තුරුලට එනවා

දෙනුවන් කැලුම් උතුරා ඇද හැලෙනා
නලලේ දිය බිංදු දෙකපුල් සිඹ යනවා
දෙතොලම නුඹෙ තෙමිලා දිය පොද පිරිලා
එදිය බිංදු මගෙ දෙතොලින් රස බලනා

නූඹ හැර ගියත් මගෙ හිත දුක් වෙනවා
මම තාමත් නුඹ එනකන් දුක් වෙනවා
නුඹ අද දිනෙත් ඔහු තුරුලෙම සැතපෙනවා
නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

Monday, May 17, 2010

මත් වෙන්න අද හැර වෙන කුමන දවසක්ද ??

එලි මහන් වැරැන්ඩාවක
හොදම මිතුරන් දෙදෙනෙකු සමග
රවුම් මේසයක් වට හිද
අතට ගත් දුඹරු
වන් වූ විදුරුව පිරෙන්නට
සුදු පැහැති දේ වක් කර
ඉතිර යන්නා වූ රන් වන් පැහැති විදුරුව
දෙතොලට ලං කර
කොළ පැහැති ඇපල් කැබැල්ලක් ගෙන
දෙතොලින් සුමුදුව හපමින්
වැටෙන වැහි බිදු සියොලගට හිරිකඩ ගෙනෙද්දී
නුඹෙ මතකපිටු රන් වන් විදුරුව තුල දිග හැරෙන විට
අතීත සිහිනයක්තුල තවත්වර සිහිනයක් දකිමින්
වැහි බිංදු රටාවක් නැති තනුවක් මවන විට
තුරු ලතා වල්මත්ව වැනෙන මොහොතක
මල් මතට වැටෙනා වූ දරුණු වැහි බිදු මලින් මල රිදවද්දී
ඒ දෙසම නෙතු අයා ගෙන නිහඩබව රජකරන
තවත් එක් නිමේෂයක
නුඹ ගැනම සිතමින්
මත් වෙන්න සුරාවත් සමග අතීත සිහින පිටු දිගහැර
අද හැර වෙන කුමන දවසක්ද ??

Friday, May 14, 2010

කවි මඩුව ගැන මට හිතුන දේ

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ සද පැටිය ගොඩාක් සතුටින් හිටියා.ඒ වෙන මගුලක් නිසා නෙමේ. ඒ මේ කවි මඩුවක්ද මොකක්ද නිසා. මගේ හිතට කොච්චර සැහැල්ලුද කියනව නන් WTC උඩම තට්ටුවෙ ඉදල බිමට පැනල අත් දෙක වනපුවම ගලදාරි එකේ වහල උඩට පියඹාගෙන යන්න පුලුවන් තරමෙ සැහැල්ලුවක් දැනෙනව මම ඒක කරන්නෑ මොකද මට වහලෙන් බිමට බැහැ ගන්න බැරිවෙයි කියල හිතට බයයි..

ඉතින් ඔය මඩුව ගැන මට හිතුන දේ කියන්න කලින් මට වෙච්ච දේ කියන්න ඔනිනෙ. පසන් බබාගෙ ඇග හැම තැනම කැපුම් පාරවලුයි පොලු පාරවලුයි පිරිල .කවුද දන්නවද මේ අහින්සකයට එහෙම කරේ පොඩ්ඩක් හිටින්නකො කියනකන්.
මගේ අංක එකේ හතුරා තමයි දිල් ​කියන කෙල්ල අර මොනවද මන්ද අහුලන කලු කෙට්ටු කෙල්ල දැන් මතකද? අන්න එයා තමයි ඔයාල දන්නැ එයා මට තුන් පාරක් පිහියෙන් ඇන්නා.. ​

පළවෙනි පාර පාන් කපන පිහියෙන් ඊට පස්සෙ උල් පිහියකින් අන්තිමට මට රම්බෝ පිහියකින් ඇන්නනෙ බොකු බඩවැල් එලියට එන්න. එකි හරි වසයි අපේ ගමේ ඇසිලින් නැන්ද වගේ. හරි දරුනුයි මාත් නිකන් හිටියෙ නෑ වැටේ තිබ්බ වැටමාර කොට්ටක් කඩාගෙන එයාට හොදට තඩි බෑව. ඊට පස්සෙ එයාට මල පැනල කුස්සියට දිව්වනෙ වංගෙඩිය උස්සන් එන්න මට ගහන්න වෙලාවට. ඒ කෙල්ලට ඇගේ හයිය හත්තිය නෑ. අම්මප නැත්තන් ඔකි මාව එතනම මරනව වංගෙඩියෙන් ගහල. පෙර පිනකට මම බේරුනේ. එයා බැරි වෙලාවත් අපේ හිපෝ අක්කගෙ සයිස් උනා නන් ඔයාලට සදගෙ මල ගමට තමා එන්න වෙන්නෙ.

එයාගෙන් බේරුනා කියමුකො ඊට පස්සෙ ආවනෙ ඉලංදාරියෙක් මට තඩි බාන්න දෙකේ හතරෙ පොල්ලකුත් අරගෙන මම දුන්න දෙකක් උඩින් ගිසින් පස්ස බිම ඇනෙන්නම මටත් ඉතින් පාරවල් දෙක තැනක් වැදුනා ඔව මොකද අපි අපිනෙ.

ඊට පස්සෙ අප්පා මහ දරුණු ළමයෙක් හම්බ උනානෙ. දෙයියනේ උගේ සැර කඩුවෙන්මයි කොටන්නෙ. නමනන් මොකක්ද අනුරාධද කොහෙද.එකා මට ගැහුව ගැහිල්ලක් අම්මප මම හිතුව මැරිල වැටෙයි කියල. පුදුම ලේ රත් වීමක්නෙ තියෙන්නෙ. අප්පා මම බේරුන බේරිල්ල දෙයියො බැලුව වගේ.

ඊට පස්සෙ දෙයියනේ කියල ප්‍රේමයක් කරන්න පටන් ගත්ත මඩුව ඇතුලෙදි කොහෙද අර සොබා දහම ඇවිත් ඒකිව උස්සන් ගියානෙ පස්සෙ කියනව මට ආයෙත් භාර ගන්නලු අපි අහුවෙයි ඔවට හූ..... හූ...... මම ගත්තෙ නෑ ඒ බර බාගෙ අපි තාමත් කුලුදුල් හරිද හූ....හූ.....

ඔන්න ඊලගට තමයි සීන් එක අර අපේ හැම වෙලේම නිදන් ඉන්න නංගි අර හීන දකින්නිය ස්වප්නා කියල ලදැරිය හොද ළදැරිය හිටපු ගමන් නින්දෙන් නැගිටල එනව කියපන්කො තඩි මෝල් ගහකුත් උස්සගෙන ඔලුවටමයි ගහන්නෙ සද බබාගෙ තෙල් වල බේරුනේ අනූ නමයෙන් හිටපු ගමන් ඇවිත් මෝල් ගහෙන් ගහල අයෙත් නිදා ගන්නව නරක හීනයක් දැක්කම වෙන්නැති ඇහැරෙන්නෙ පවු අහින්සක එකි මොනව උනත් දුකේ බෑ හීන කියල ඔහොමත් හීන දකිනවද මම අහන්නෙ.

හික්.... හික්.... අපේ හිපෝ පැටිය ආවනෙ අර තනි දතත් ඉස්සරහට දාගෙන මට තඩි බා​න්න.මමත් නිකන් හිටියෙ නෑ දුන්න රිටර්න් එක පැලෙන්නම. ඒත් එයාට නන් ඒක දැනෙන්නැතුව ඇති අලි ඇගනෙ තෙල වැඩිද කොහෙද මටත් ඉතින් පාරවල් දෙක තුනක් වැදිල තිබ්බ තැලුම් පාරවල් ටිකක් අපෙ අම්ම දැකල පෙන්නුවෙ මට ලැජ්ජෑවෙ බෑ ඉතින් මක් කොරන්නද නේ.

ඔන්න දැන් තමයි වීරය බැස්සෙ. ඒ කිව්වෙ අර ඔටුව පිටින් එන සහෘදයා එකා ආවනේ රට ඉදි ගහකුත් එක අතකින් අරගෙන අනිත් අතින් යකඩයකුත් අරගෙන මට කෙලින්න අම්මප මාත් දන්න වැඩ දාල බේරුනා නැත්තන් කෙලියම තමා අහින්සක පාටට හිටියට මොකෝ උගෙ සැර. හපන්නමයි පනින්නෙ. හරි දරුනුයි අප්පා මෙයාල
ඒ ඉතින් හතුරුනො ඊලගට මිතුරො අංක එකේ මිතුරිතමා අර පබලු කියන කෙල්ල අප්පා ඒකිගෙ සැර පබලු හතර අතේ විසි වෙනව කවි ලියද්දි සෙල්ලන් නෑ බට්ට ටගේ හිටියට කවියට හරි දස්සී එකි (වෙන නැත්තන් පුහ්) කොච්චර හොදට දීග කෑවත් ඒ කෙල්ලත් එක්ක හිටපු ගමන් ගහනවනෙ බත් මුට්ටියෙන් ඔලුවට මාත් ඉතින් ඒ වෙලාවට පරිප්පු හැලියෙන් එකිගෙ ඔලුවට ගහල නිකන් ඉන්නව මම කියල වෙන මක්ක කරන්නැයි ඉතින් ආ කියන්න අමතක උනානෙ ඒ කෙල්ලට කවුදෝ මන්ද බොරුවක් කියල ඔසරිය ඇන්දම නිළියක් වගේලු නිළියො දැකල නැති ​කෙනෙක් වෙන්නැති කියල තියෙන්නෙ පවු එයා හිතන් ඉන්නෙ ඒ ඇත්ත කියල පවු ඔහොම මිනිස්සුන්ව රවට්ටන්න හොද නෑ නේපවු අසරණ කෙල්ල කලු උනාට සිරියාවන්ත එකි පවු රවට්ටල දුකේ බෑ

ඊලග මිතුර තමයි සොරෝ අසුපිට නැගගත් අසරුව සොරෝ හික්..... හික්...... මම හිතුව ඒකා ලොකු අයියෙක් කියල මොකෝ නම දැක්කම මතක් වෙන්නෙ නාකි ලොන් හැලිච්ච මූණක්නෙ බැලින්නන් මටත් වැඩිව බාලයි කියහන්කො. ලැජ්ජාවෙ බෑ අයියෙ කියලත් කිව්ව ෂික්.... නවනිංගිරාවයි උනේ.
තව හිටිය අනේ කට්ටිය ඔක්කොම ගැන කියන්න ගියොත් මේ ලියන එක දිග වෙනවනෙ ඒ නිසා කෙටි​යෙන් කියන්නන් නිශාචරය වැප් ඒ වගේ ගොඩක් අය හිටිය මාත් එක්ක රන්ඩු කරල නම කියවුනේ නැති කෙනෙක් හිටියොත් මට සමා වෙන්න හොදේ..
දැන් මේක අහවර කරමු. කියන්නට දේ නන් බෝමයි දැනට ඇති කියවන ඔයාලටත් වෙන වැඩ ඇතිනෙ මම විශේෂයෙන් ස්තූති කරන්න ඔනි ගීත් සහෝට.. මේ වටිනා අදහස ගෙනාවට ගීත් උඹට ඒකට ගොඩාක් පිං ඊලග කෙනා තමයි වැප් සහෝ මට කවි මඩුවට ගොඩ වෙන්න බැරුව ඉන්න (System අවුල් වෙලා)හැම වෙලාවදිම පිහිටට අවෙ එයා තමයි.. ඒකටත් ගොඩක් ස්තූතියි ලාංකීය සිතුවිලි එකටත් ඔන්න ස්තූති කරා මේ වගෙ දෙයක් කර එකට..

මේ ලිපිය ගොඩක් ලොකු උනා හිතේ තියන සතුට කියන්නත් ඔනිනෙ සමා වෙන්න දිග වැඩි උනාට මාව සතුටෙන් තියපු ඔය හැමෝටම පිං මගේ අතින් හිත් රිදීමක් එහෙම උනා නන් සමා වෙන්න හොදේ මම පවුනෙ
මම ගියාවෙ මේ ලිපිය මඩුව ඉවර වෙන්න කලින් ලිව්වෙ නිවාඩු දවස් වලට මට ඇත්තටම නිවාඩුවක් නැතී නිසා පංති යන්න තව වැඩ ගොඩක් තියන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ

මම ගියා එහෙනන් අන්තිමටත් කියන්න තියෙන්නෙ මම නගරේ කොල්ලෙක්....... දෑවැද්ද බලාපොරොත්තුවන.......මහා කලු සිංහලයෙක්.... හූ ....හූ...... මගේ පැත්ත දින්නා හූ ....හූ...... අනිත් අය පරාදයි හොදේ...



Wednesday, May 12, 2010

විවාහයට තුන් මසක් ගෙවුනු තැන

විවාහයට තුන් මසක් ගෙවී ඇත
කුලුදුල් බිරිද මගේ තුරුලේ නිදන මොහොතක
මහ රෑ උදා වන්නට පෙර මං බලන විට
වදින්නට විය දුරකථනය විටින් විට
හලෝ
පුරා සිවි වසරක ප්‍රේමයක
මුවින් නැගුනා වූ ඒ පුරුදු හඩ
මසිත මත් කරමින් ඇසෙන විට
බිරිදකි මගේ තුරුලේ සැපට නින්දක
සියොලගම කිළිපොලා යන
වෙවුලන මුවින් පිටවන
වචන කැටි කොට දුනිමි පිළිතුරු ඇගේ පැනයට
මට නුඹ මුන ගැසීමට අවසර දෙන්න මොහොතකට
එසේ බැරි නම් නුඹට එනු මැනවි මගේ මල ගමට
නැවතත් නෙත් හැර බැලීමි සිහිනයක් නොවන බව වටහා ගතිමි
අන් දෙයක් කරන්ට සිතක් නැති හෙයින් මම එන බවට පැවසීමි
මහ රෑක බිරිද තනි කොට
යන්නට ගියත් ඇයගෙ වදනට
වෙන අන් මගක් මසිත නැති විට
කැටුව ආවයි ඈව ගෙදරට
බිරිදක් මගේ දකුණු පස
පෙම්වතියයි මගේ ඉදිරිපස
දෙදෙනාට මා මැදිව හිද
අසරණව දෙවියන් යදිමි මම

Tuesday, May 11, 2010

කවි මඩුවට ගොඩවූ මගේ විලාපය

කවි මඩුවකට ගොඩ වූවයි දුක් විදලා
කවි කාරයෝ බොහොමයි එහි වැහි වැහැලා
කියනා වදන් ඈත මී පැණියෙන් රස කරලා
අයියෝ දෙවියනී මම වේලුනි වලි හොයලා

වලියට කිසිත් නැත මම කලු හන්දා
ඔක්කොම එතන අය එක එක කවි බැන්දා
මම අයිනකට වීලා එහි තනි රැක්කා
ඉන්නට බැරිම තැන පැදුරත් අකුලන් ආවා

අයියෝ දෙවියනී මට උන වියෝයා
පැදුරත් අරන් මම දුවගෙන ගියෝයා
උස්සන් ගිය පැදුර එහි දිග හැරී​යා
මම තනි හින්දා ආපහු දුව ගියෝයා

අයියෝ ගීත් අයියේ නුඹ සිටියා නන්
රවා කොලුව වත් මගෙ තනිකම රැක්කා නන්
බිගු අය්යා රැකියාවේ නොසිටි නන්
කෙලසකවත් මට වෙන්නැහැ මේවා නන්

Saturday, May 8, 2010

ඈගේ පැතුම

නුඹ බොන්න
අක්මාව ඉදිමෙන තෙක්
ශරීරය දිරා යන තෙක්
නුඹ මැරී පලයන්
තවත් නුඹ බොන්න
තවත්
තව තවත්
එපා නවතන්න
බී මතින් නුඹ මැරී පලයන්
මක් නිසාද යත්
මට පැවසිය හැක
මගේ පෙම්වතා
බීමතින් මිය ගිය ​හෙයින්
මම අද තනියම


මම ඇයට අදත් ආදරය කරමි
ඒ නිසා අදත්
මද්දහනය උදා වත්ම
මම
ඇගේ සිහිනය
ඉටු කර ඇත
ඇය සතුටු වනු ඇත
මම ????????

Friday, May 7, 2010

සිහිනයෙ අලුත් පිටුවක

සිත තුල හැගුම් හිර කර
නෙත් තුල පැතුම් පොදි බැද
සිහිනයෙ අලුත් පිටුවක
නැවතිලා මගේ දිවියම

ආදරය කරමිද
නැවතත් අහිමි වී යයිද
මේ පෙර ලෙසද
මං උමතු වේවිද

පෙර මං බලමි මොහොතක් ඉදගන්න
නුඹෙ ලගට වී අපි ගැනම විමසන්න
සුන්දර සිතුවිල්ල සිහිනයක් වි යන්න
එපා සිහිනෙන් මාව පුබුදන්න

සිහිනෙන් මැවෙන නුඹෙ රුව
විදිමි වරක් නොව සිය දහස් වර
ජීවිතය මෙය නම් උරුම ලද
එකම දේ සිදු වේවිද යළිත් වර

Thursday, May 6, 2010

පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා


සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා

Wednesday, May 5, 2010

ඉතින් අවසරයි නෙත් පියන්නට


අවසන් මොහොත පැමිණ ඈත
ජීවිතය නැමති වේදිකාව තුල දිග හැරුනු
නාටකය අවසන් වීමට කාලයයි
තිරය වැසීමට ඔවුනොවුන් පොරකති
අවසන් සුසුම පිළිගැනීමට
මුලු ලොවම නිසලය
ගැලු ගං දිය නිසොල්මන්ය
පිපී හිනැහුන මල්
මගේ තනියට මල් වඩමකට එතෙනු ඇත
වේදනාවන් දොරේගලන නෙත් කෙවෙනි
කදුලින් තෙත්ව ඇත
දුකට නොව
අත්හැර යන්ට කිසිත් නැත
නැවතත් හැරී බැලුවෙමි
පෙර ලෙසමය මා පමණය
දෙකපුල තෙමා රෑටා වැටෙන කදුලු
වේදනාවට නොව නුඹ දකින්නට ඇත්නම්
දෙනුවන පියෙන්නට පෙර එක වතාවක්
බොදවූ දෑස් ඉදිරියෙහි මැවෙම නුඹෙ රුව
වෙවුලන දැගිලි වලින් පිරිමදින්නට වෙර දරමි
වාරු නැත අසරනය තවත් රැදෙන්නට මේ මායාවතුල
කාලය හරස්ව ඇත
ඔහු අත වනයි යන්නට කාලය පැමිණ ඇත
ඉතින් අවසරයි නෙත් පියන්නට

Tuesday, May 4, 2010

ආදරෙයි මම...... නුඹට පෙර ලෙස

සිහින් සුසිනිදු........
වලා අතරින්
සැගිවිලා ගිය......මගෙ සරා සද
ඇත නොපෙනන.... ඉමව්වක හිද
දේවතාවක්..... ලග නිදනු ඇත//

අයද ලතවුන.... අහිමි ප්‍රේමයේ
ඉරිතලා ගිය..... අහිංසක හද
සැගවිලා නුඹ..... ගෙවන දිවියක
මල් පිපේවා..... නුඹේ ලොවතුල

සිහින් සුසිනිදු //

අහිමිමුත් නුඹ........මගේ දිවියට
නුඹේ ලොවතුල...... මල් පිපෙනු ඇත
එපා කිසිවිට...... පසුතැවෙන්නට
ආදරෙයි මම...... නුඹට පෙර ලෙස

සිහින් සුසිනිදු //

(තනුව හිතේ....දාන්න විදිහක් නැහැ :(... :D )

Monday, May 3, 2010

නැවතත් ඇය තුරුලු විය

මන්දාරම ගොඩ ගලන වෙලාවක
කිසිදා නොපැතූ මොහතක
මගේ දෙනුවන පින් කර ඇතිද මෙතරම්
ඇය යනු දුටිමි
මම ආසම ඇදුමින් සැරසී
අහිංසක මුහුන දකින්නට
පිං කර ඇතිද මා මෙතරම්
දුව ගියෙමි
මේ ඇයමද......
දෙදෙනෙත් අදහා ගත නොහැක
නැවත ඇය පැමිණ ඇත
දෙනෙතින් උතුරා යන
සතුට වවා ගත නොහැකිව
දෙදෙනාම ගොලුය
දෙනුවන දොඩමලුය
මලින් පිරීගිය
වන උයනක්තුල අප තනිවමය
අනන්තය තෙක් සිතුවිලි ගලා එයි
ඇය දෙස බැලූ මොහතක
දෙනුවන් පියා ගත් ඇය
වත ලං කලෙමි
සිඹින්නට ඒ මුහුණ
නැවතත්
මුවින් ඇද හැලෙන සුන්දර සිනහව
ඇය මගේමයි
නැවතත් ඇය මා ලගයි
තුරුලු විය තවත්
දෙතොල ලං කරමි
සිඹින්නට සුසිනිදු දෙතොල



" දඩාස් ".....
මා ඇද වැටුණි
සිහිනයෙන් අවදි විය
නැවතත් ඇද මතට පැමිණි මා
නිදන්නට වීමි..........

Sunday, May 2, 2010

සද ලෙඩ වෙලා

අනේ පවු සද පැටියට හොදටම උණ හැදිල හරිම අමාරුයි බදුල්ලෙ මිතුරෙක්ගෙ මැණියන්ගෙ මරණය හේතුවෙන් එහෙ කාලය ගත කරල අද තමයි ගෙදරට පාත් උනේ එහෙදි කොහේදො යන පාහර කූඩැල්ලෙක් මාව කාල මට හොදටම ​උණ හැදිල හරිම අමාරුයිඑකා දන්නෑනෙ ඔය ජා​තියෙ එවුන් මට ඈලජික් කියල ඒකට නන් වැඩිය අමාරු නැහැලු පිස්සු ගතිය පොඩ්ඩක් වැඩි වෙලාලු මාව කාපු නිසා වෙන්නැති නෙ මට අමාරු තිසා කෙටියෙන් කියන්නන් මම දැන් යන්න ඕනි හරි අමාරුයි ඊට කලිව් පොඩි උපදෙසක් දෙන්නන්

තමන්ගෙ මැණියන් හෙද නිළධාරිනියක් නන් උණක් හෙම්බිස්සාවක් හැදුනට ජීඋ​විතේට එයාලට කියන්න එපා අත් දැකිමෙන් කියන්නෙ අද උදේ ඈති උන දෙබසක් කියන්නන්කො

මම :- අම්මෙ මට හොදටම උණ හරිම අමාරුයි
අම්මා :- පැනඩෝල් 2ක් බොන්න
මම :- ඇග හොදටම රිදෙනවනෙ
අම්මා :-- එහෙම තමයි ලෙඩ උනාම දැන් නිදා ගන්න

ඉතින් අසරණ මම නිදා ගත්ත මැරෙන්නැයැ ඉතින් ඔහොම තමයි එයාල ලෙඩක් ගනන් ගන්න නම් මැරෙන්නම යන්න ඔනි අපිනෙ මේ​​කෙ අමාරුව දන්නෙ
කවි ලියන්න අමාරුයි ඒත් පිස්සුව හොදටව වැඩි වෙලා ඉන්නෙ ඒ තිසා පොඩි එඩිට් කරපු කවි ටිකක් දාල යන්නන්

මුලු ගතම ලෙඩ වෙලා
දාඩියෙන් නෑවිලා
කූඩැල්ල නිසා උණ හැදිලා
මම දුක් වෙන්නා

උණ හැදිලා
දුක් විදලා
ඇදටම වී මම ලත වෙන්නා

අනිත් එක

හනික වරෙවු කොල්ලනේ
මෙන්න මෙහෙ වරවු
තොපිට හරිම වාසියක් නට නටා වරෙවු යකෝ
පසන් බබයි නියන්නේ
මගේ සදයි කියන්නෙ

මගේ කකුල කාපු එකා හොයල මරල ගෙනත් දියෝ

වනන්තරේ සොයාපියෝ
ගස් අතරේ සොයා පියෝ
මගේ කකුල කාපු එකා කවුරුන් හරි ගෙනත් දියෝ

අනිත් එක

ගල් ලෙන ​බිදලා
ලෙන් දොර ඈරලා
පැනල ගිහිල්ලා
පර කූඩැල්ලා

කූඩැල්ලා නම් ඔල මොල ගති ඇති
මම මෙන් මුදු නැති

ඈයි කුඩැල්ලො
මාවම කෑ​වේ
කන්නට කවුරුත් නැද්දෝ හිටියේ

අනිත් එක

මඩේ ලගින කූඩැල්ලන් මරල දාමි මං
දුවල ගිහින් කූඩැල්ලව කඩල දාමි මං
චපල උගේ බොටුව කඩා වලදන්නෙමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං

මකුලු දැලෙන්
මකුලු දැලෙන් උව බැදල කෑලි කඩමි මං
දුවල ගිහින් උව මරලා කැලි කපමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං

ඇති අනේ දැන්නන් ආයෙත් අමාරුයි මම කාගෙවත් බොලොග් මේ දවස් වල බැලුවෙ නෑ සනීප උනාම එන්නන්කො එතකන් හැමොම පරිස්සමින් ඉන්න රන්ඩු කරගන්නෙ එහෙම නෑ තේරුනයි

බුදු සරණයි
ටටා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...