
සෙනග අතරින් එකෙකු පැමිණෙයි
මටත් රහසේම පියනින් වසා දැමීමට සැරසෙයි
අඩ අදුර මා අවට පැතිරී යද්දී
දෙපසින් දල්වා තීබූ පහන් සිලේ එළියෙන්
නුඹ දුව එනු පෙනිණි
දෙතොලින් පවසන්න වෙර දැරෑවෙමි
එක් වරක් ඇගේ රුව බලන්නට ඉඩ දෙන්න
නමුදු මුවින් වදනක් නැත
දෙතොලම නිසලය
ගලා යන්නට කදුලු නැත
නුඹගේ විලාපය මැදින්
විසි කෙරූ රෝස මල
මගේ දෙතොල සූරාගෙන පහලට ඇදී ගියද
එය නවතා ගන්නට වෙර නොදැරුවෙමි
අගුලෙන් පියන හිරවී යනු ඇසිනි
සෝ විලාපයවන් අතරින්
මිතුරන්ගේම උර මතට නැගී මා
ඇගේ මුහුණත් නොබලාම
අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................
මටත් රහසේම පියනින් වසා දැමීමට සැරසෙයි
අඩ අදුර මා අවට පැතිරී යද්දී
දෙපසින් දල්වා තීබූ පහන් සිලේ එළියෙන්
නුඹ දුව එනු පෙනිණි
දෙතොලින් පවසන්න වෙර දැරෑවෙමි
එක් වරක් ඇගේ රුව බලන්නට ඉඩ දෙන්න
නමුදු මුවින් වදනක් නැත
දෙතොලම නිසලය
ගලා යන්නට කදුලු නැත
නුඹගේ විලාපය මැදින්
විසි කෙරූ රෝස මල
මගේ දෙතොල සූරාගෙන පහලට ඇදී ගියද
එය නවතා ගන්නට වෙර නොදැරුවෙමි
අගුලෙන් පියන හිරවී යනු ඇසිනි
සෝ විලාපයවන් අතරින්
මිතුරන්ගේම උර මතට නැගී මා
ඇගේ මුහුණත් නොබලාම
අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................
