Saturday, October 15, 2011

ගූගල් බස් මියයන්නට පෙර - පස්වන කොටස

2010 දෙසැම්බර් 4

වැස්ස වහිනවා..
හ්ම්ම්ම්.. ඉතින්...
මතකද අපි දෙන්නා ඉස්සර වැස්සට තෙමුනා..
හ්ම්ම්.. ඔවු..
ඒ කාලෙ අපි කොයි තරන් ආදරෙන්ද හිටියේ...
හ්ම්ම්..
අපි අදත් තෙමෙමුද???..
පිස්සුද මිනිහෝ.. මේ ළමයි බලා ගන්නවා මදිවටද ඔහෙත් තෙමිල නහින්න හදන්නේ.............

............................................................................................................................................

2010 දෙසැම්බර් 12

නින්ද නේන රෑ පුරා
සිහින මවමි නෙතු පියා
තරු මල් මුතු ගිලිහිලා
පොළව සිඹියි සැගවිලා

සරා සදට ලංවෙලා
මුමුණන හුරතල් කථා
තරු පොකුරට සැගවිලා
යයිදෝ ලොවටත් හොරා

දේදුනු පැහැයෙන් සදා
සිත්තම ඈත බොදවෙලා
පින්සල දෙඅතින් බදා
බලා හිදිමි නුඹ දිහා ...............

............................................................................................................................................

2010 දෙසැම්බර් 31

දිනසති ගෙවී මාසය යයි අපිට හොරා
මාසෙන් මාසෙ ගෙවිලා එය ඉවර වෙලා
දොලොස් මසක් ගෙවිලලු එහි අරුම කිමා
සතර අතින් සුභ පැතුවලු සියලු දෙනා

එරබදු පිපි රතු පාටින් දි‍ස්නෙ වෙලා
වෙසක් පුන් පොහෝ දිනයද ගෙවිල ගියා
පො‍සොන් ඇසල දින සති වී නැතිව ගියා
දොලොස් මසක් මේ අයුරින් ඉවර වෙලා

එළඹෙන දිනක නව පැතුමින් ඉතිරෙන්නයි
කිරි පැණි නැතත් නිරෝගි කම උතුරන්නයි
හිත් තුල සතුට නිම්නැති ලෙස පැතිරෙන්නයි
නව අවුරුද්දකට මා ඒලෙසින් සුභ පැතුවයි

නව අවුරුදු කියා අප හට වෙනසක් නැතුවා
නිරෝගි සුව කොයි කාටත් හිමි වේවා
සිතේ සතුට පිරිලා ගොස් ඉතිරේවා
සියළු දෙනා හට ආසිරි පැතුමන් පැතුවා

............................................................................................................................................

2011 ජනවාරි 1

පියඹා යන්න පෙරුම් පිරුවෙමි
නිල්වන් අහස සිසාරා
තටු ලද්දෙකු පරිද්දෙනි
මිහිදුම් වළා අතරින් රිංගා
දේදුනු මත හිද නුඹ හා දොඩමලු වෙන්නට
පෙරුම් පිරුවෙමි..
කිසිලෙසකවත් නොසිතුවෙමි
අනෝරා වැසි වැටී
දේදුන්න බොදවී
මා නැවත තනි වන වග..............

............................................................................................................................................

2011 ජනවාරි 30

සිතුම් පැතුම් අප කළ කී
ගලවා ගන්නට නොහැකී
කකුලේ බැදි කළු ගලකී
පනිමි වතුරට යන්න වියකී

අතීතය වදයකී
අමතක කළ නොහැකි විසකී
විස ඉතුරු වුන හදකී
හිත තුල මැකී නොයන කවියකී..................

ඇය අසයි වදදී
සිත ‍මෙලෙස ඉවසද්දී
නොලැබ පෙම දුක් වද්දී
නුඹ තවත් රිදවයි මට වදදී............

ආදරෙයි කියද්දී
නොහිටියා නුඹ කන්දී
මගේ පෙම පාගද්දී
තවත් පෙම් කරයි සිත හඩද්දී.................

............................................................................................................................................

2011 පෙබරවාරි 22

ආසයි මට කවි කියන්න
නුඹ එනවද අහං ඉන්න
බස් වල මට කවි ලියන්න
අවසර නැතිවද කියන්න

කුරුල්ලනේ පියාඹන්න
වන තුරු මල් හිනා වෙන්න
මගෙ කවි සිත සගව ගන්න
දෙවියනි මට වරම් දෙන්න

මිහිදුම් සළු ඇදි යන්න
සීත සුලං හමා එන්න
මගෙ කවි සිත නැති කරන්න
දුවලා ඈවිත් උදවු වෙන්න...............

............................................................................................................................................

2011 පෙබරවාරි 23

සත්සර තනු නැතුව පද සතරක් ගලපා
කීවෙමි කවි නිතර හිත තුල තිබු හින්දා
බසයේ මග කවිය නිරතුර වද දෙන හන්දා
සමුදෙමි කවිය නුඹ හට මිනිසුන් අකමැති හින්දා

මිහිදුම් වලා දේදුනු උපමා බන්දා
ඈල දොල නිතර සිලි සිලි හඩ දෙන හන්දා
පදවැල් තිබුවත් මට අවසර නැති හින්දා
කවි සිත යන්න දැන් තනියක් නැති හින්දා

බසයේ කවි ගෙතුම් මේ විලසින් නවතිනවා
මා මිය ගියොත් මේ කවි මා අමතනවා
බසයෙන් කවිය අද දින සමු දී යනවා
මගෙ කවි ඈයට පමණක් දැන් හිමි වෙනවා

නිල්වන් අහසෙ ​සියොතුන් ඉගිලී යනවා
සුසිනුදු සේද සළුවෙන් ලොව වැසි යනවා
මා ලියු අවසන් කවි පේලි ලියවී නවතිනවා
කවි සිත මගේ උරණව වෙන් වී යනවා

............................................................................................................................................

2011 මාර්තු 15

සත් සමුදුරෙන් එහා
අපේම ලොවක් තනා
එපිටටම පිහිනලා
සැගවෙමුද තනිවෙලා

වන උයන් සරසලා
දේදුනු වියන් බැඳලා
වළා යහනක සැතපිලා
සැගවෙමුද තුරුලේ හිනැහිලා.......

............................................................................................................................................

හිත තනි වෙලා..
සයුරු ඉම හිඳ තනිවෙලා
නුඹ ඈවිත් ලං වෙලා
ඉඳින් තනිනැත හිත හිනැහිලා

කවුරුදෝ පියමං කලා
සුසුම් සුවදින් මත් කලා
නුඹ ඈවිත් මට හිමි වෙලා
තවත් තනි නැත මා නුඹෙ වෙලා...............

............................................................................................................................................

2011 අප්‍රේල් 15

මිහිදුම් සළු වියා නිල් අහසේ රන්දාලා
තරු මල් මාල අමුණා දෙපසින් සිටුවා
සුසුනිදු වළා යහනක නුඹ සතපාලා
අපි එක් වෙලා ලොව ඇත තව මග බලලා

බැදි රන් තොරන් වැයු හේවිසි නැවතීලා
අ‍පගේ ලොවක අද අප ඇත තනිවීලා
බැඳි රන් හුයෙන් සුරතක් අපෙ එක් කරලා
සොදුරිය ඉතින් අප පමණයි ජීවිතයට මුල පුරලා.......

බස් මියයන්නට පෙර හතරවෙනි කොටස

2010 නොවැම්බර් 5

හිරු බැස ගියා අහසට අදුරක් දීලා
සඳ එන තුරා මං සිටියෙමි නෙතු ඇරලා
වැහි හින්දාලු සඳ තරු ඇත මිලින වෙලා
මං දැන්න යන්න යමි තනිකම ඇත වෙලිලා

අහසේ ඉන්න දෙවිඳුනි නෙත් යොමනු මැන
පොළවේ ඉන්න දෙවිඳුනි ‍මේ අසනු මැන
මේ බස් මගින් මගෙ සිත සතුටින් පුරන
තිස්තුන් කෝටියක් දෙවිඳුනි රකිනු මැන

..........................................................................................................

2010 නොවැම්බර් 5

නුඹ මගෙන් සමුගන්න
කෙලෙසකින් සිදු වෙයිද
නුඹන් මා මගෙන් නුඹද
හැකි වේද වෙන්වෙන්න

ආදරය කෙලවරේ..බැදුනු යදමින් අප කෙරේ
සිදුණු ආදර මන්දිරේ .. සිහින නැතිවද නුඹ හදේ

ගියත් පිටුපා නුඹ හදින්
කෙලෙස මිදෙමිද ඒ ආදරෙන්
අවසරද යදිමට නුඹ කෙරෙන්
එන්න හැකිවද යළී ආදරෙන්

..........................................................................................................

‍2010 නොවැම්බර් 11

ජීවිතය
පැතුම් පොදි අත දරාගෙන
ඇත අනන්තය මත ඇදි
ලස්සන සිතුවමක් සොයා ගෙන
පිය නැගුවෙමි
පැතුම් පොදි කරපින්නා ගෙන
රන් තරු වලින් සරසා ගත්
නිල්වන් සේද ඇතිරූ පාවඩ මතින්
පියමං කෙරුවෙමි
අනන්තය තව බොහෝ දුර ඇත...
රිදුම් දෙන විඩාපත් පා යුග දෙස
නෙත් යොමා බැලිමී.........
පාවඩත් නැත..අදුරට එළියක් වූ රන් තරුත් නැත..
අනන්තය මත ඇදි සිතුවම එලෙසමය..
විඩා හරින්නට වීමී...
තව බොහෝ දුර යා යුතුය..
දෙපා වාරු නැත..තනිකමට හුන් නුඹද නැත...
නැවතත් නැගිට සිටීමට හැකි දැයි නොදනිමි..
දෙනෙත පියා ගතිමි වෙහෙස නිවන්නට..
දෙනෙත් යළි හිරු එළිය
දකින්නට පිං කර ඇති දැයි නොදනිමි

..........................................................................................................

‍2010 නොවැම්බර් 13

මොකක්ද ඔය රත් කරන්නේ යකඩේ..ඇයි?
ඉතින් ඇයි රත් කරන්නේ?
තලන්න ලේසිනේ....
ඔය මොකද ඔය තරං හයියෙන් ගහන්නේ
තලන්න..එතකොට තමයි අපිට ඕනි දේ කරන්න පුලුවන්....
ඔය තරන් හයියෙන් ගහනව නන් ඇයි රත් කරන්නේ..
තැලෙන යකඩෙට ඔය තරන් වද දෙන්න ඕනිද???

..........................................................................................................

‍2010 නොවැම්බර් 15

මුහුදේ මැද්දේ ඉන්න
මොරුන්ගෙනුත් බේරිලා
අලි තඩි ආගාධ වලට වැටෙන් නැතිව
ඒවටත් උඩින් පැනලා
කවදාවත් නොදුටු සත්තු හිටියට
උන්ගෙනුත් බේරිලා
අර මහ ලොකුවට පේන
සත් සමුදුරම පීනලා ආපු මට
තාමත් ඔයාගෙන් ගැල වෙන්න බැරි ඇයි...????

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

පියනගමින් ජීවිතය නැමැති
කාන්තාරය මත..
පිපාසය දිය බිඳක් ඉල්ලා හඩා වැටුනද
අසන්නට කිසිවෙකුත් නැති
තනිවුන මං පෙතක
හදවතේ සුසුම් මග හරින විට
ජීවිතය තවත් උසුලාගත නොහැකි නම්
අවසන් සුසුමක්ද ගිනිගත් ලොවට පිට කර
මියදෙන්න හැකිය..
මල් මිටක් දෙඅතේ තබන්නට
නොහැකිවනු ඇත කාන්තාරය මැද......

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

යකෝ මං ආසියා දාද්දි.
කවදාවත් හිතුවේ නෑ
උඹ බුරුව දාලා
මගේ පොරව කපල ගනී කියලා....
මොකද මට අමතක උනා ඌ බුරුව උනත්
තුරුම්පු කියලා..........

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

කැටයම් කරල නැති උනාට
රබර් ලීයෙන් හදපු
පිදුරු වලින් පුරවල තියන
මලානික පෙට්ටියට වෙලා මං ඉන්නං
වටේට මල් ගහන්න කවුරුත් නැති උනාට
මං වෙනුවෙන් කියල අරන් යන්න දේකුත් නැති උනත්
එදාටවත් නුඹ එනවද
මට හිනා වෙලා එක පාරක් කථා කරන්න...
ආදරෙයි නොකිව්වත්...
මට පුලුවන් උනොත් මං එදාට කියන්නං
මං කොයි තරන් ආදරේ කරාද කියලා..........

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

කල්පයක් පෙරුම් පුරලා
එක රැයක් පහන් කරලා
ඉර මුදුන් වෙන්නත් කලින්
ඔයා ලගට දුව ගෙන එද්දි
.........................
ඔයා වෙන කෙනෙක්ව කසාඳ බැදලලු.....

මං හිත හදා ගත්තා.....

කල්පයක් පෙරුම් පුරලා..
මං හිත හදා ගත්තා කියල හිතුවට
පෙරුම් පුරපු කල්පෙම කරල තියෙන්නේ
ඔයාට තවත් ආදරේ කරපු එක...

..........................................................................................................

‍2010 නොවැම්බර් 26

මිහිදුම් සලුව රැළි අතුරා අහස පුරා
සීතල තුරුලු ‍ලොව තුල මම හිදිමි බලා
පුන් සද එබෙන මහ රෑ නුඹ ලගට වෙලා
ඉන්නට හැකිද නුඹෙ ළයමත තුරුලු වෙලා

කරුවල පිරුණ මගේ ලෝකය එළිය වෙලා
වනපෙත් මතට මල් වැටිලා පාට වෙලා
දෙසිතක් බැදුන දෑතක් අද එකතු වෙලා
ඇවිදන් යමුද අපි තුරුලව ලගට වෙලා

..........................................................................................................

‍2010 නොවැම්බර් 28

ලස්සන රතු රෝස මල් පොකුරක් රන්දා
නිළමේ ඈදුම මේ දැන් මං ගොස් ගත්තා
අලියට මද කිපිලා හන්දා බයකුත් ඈතුවා
පොඩි කුමාරියේ නුඹ මග ඈතිදෝ මන්දා......

ගමටම මගුල් කියලා මං නුඹ කැන්දා
යන දින ලගයි නුඹ මට හිමි වුන හින්දා
කුමාරියේ වලව්වව මට දෙනවද මන්දා
අලියා එපා නුඹ ගෙන යමි මම කැන්දා...........

..........................................................................................................

‍2010 නොවැම්බර් 29

ගුරු පාර අයින දිගට
පිපිල තිබ්බා වැටෙකෙයි මල් දිහා බලාගෙන
මං සිහින මවමින් එද්දි
නිදි කුම්බා පැලයක් පෑගිලා
මං පියවි සිහියට ආවා......

දැන් හරි..:-D

..........................................................................................................

‍2010 නොවැම්බර් 29

ලස්සන පාට මල් පොකුරක් අත රන්දා
තුන් ඉරි ගෙල වටට මුතුදෙපොටක් පලදා
පොරුව මතදි අතපැන් වක් කර බන්ඳා
කැන්දන් යන්න එනවද නුඹ රන් ළන්දා

රෑ හිස් අහසේ නුඹ රුව සිත්තම් කරලා
පුන්ස‍ දෙ කැලුම් ගෙන එය හැඩකර දමලා
මිහිදුම් සලුවෙ තරු අමුණා වට කර පළදා
බලමින් ඉන්න නුඹ කැමතිද මට නන්දා.

බස් මියයන්නට පෙර තුන්වන කොටස

2010 සැප්තැම්බර් 22

ඔයා මට ආදරෙයිද??
හ්ම්ම්....
කොයි තරන් ආදරෙයිද
හ්ම්ම්ම්ම..මෙච්චරක් ආදරෙයි..
අනේ..ඔය පොඩ්ඩයිනෙ...
ම්ම්ම්ම්ම..එහෙනන්..මෙච්.......චරක් ආදරෙයි...
අනේ...එච්චරද...
හ්ම්ම්ම්..මේ..........................ච්චරක් ආද‍රෙයි
අනේ...මදි ඒ..
ඔයිට වඩා මට ආදරේ කරන්න බෑ මොඩයෝ....

හ්ම්ම්ම්..එහෙමද??
එහෙනන් ඔය ඇති...

........................................................................................................

2010 සැප්තැම්බර් 24

තුරු මල් වියළිව ඈල දොලද නිහඩව
ලොවම අද පාලුද
නුඹ යයිද දුර ඇත

සද තරුත් මිලිනව රැහැයි හඩ කො කොහිද
තවත් රෑ දිගුවේද
සිත යලිත් හඩනු ඈත

වසින වැසි අහස මත ඈද හැලෙයි පැල්පතට
තනිකඩව හඩන සිත
දිය බිංදු රිදවයිද

මිදුල මත අඹ රු​කහි ගි ගයන සියොත් නද
ගිරවු නැත ​ඈයිද අද
තනිවු සිත තවත් රිදුනිද

........................................................................................................

2010 සැප්තැම්බර් 25

ලොවම නිදන පාලු රැයක ගෙවා දැමූ දිනයක
පැතුම් කරපින්නාගෙන
අවසන යලිත් පැමිණ ඇත
නිදන්නට අවැසිය
රිදුම් දෙන ජීවිතය
සොවින් වැලපෙන සිතත් අරගෙන
නින්ද නෙතු මගහරින විට
නුඹ යලිත් සැතපෙයි නෙතු පියන් යට
පියවන්න නෙතු මට නිදන්නට
සිතත් වැලපෙයි නුඹ දකින්නට
අහිංසක මගෙ සිත යලි දෙන්න මට
දෙනෙත් ආසයි දැන් නිදන්නට...........

........................................................................................................

2010 ඔක්තෝම්බර් 1 වෙනිදා..

හමා එන මද නලක නුඹ හනික නැග එන්න
දේදුන්න මත නැගිල තරු පොකුරු ඈහිදින්න
අර පේන කදු මතින් පියඹාල හිනෙහෙන්න
නෙලූ මල් පොකුරු ගෙන හනික නුඹ පැමිනෙන්න

අහස් කුස සිසාරා ආදරය පවසන්න
නුඹ තුරුලෙ සැතපීලා නුවන් යුග සගවන්න
ඔය උකලෙ හිස තියන් ඒ සුවද විදගන්න
මගේ ලොව සරසන්න මගෙමවී නුඹ ඉන්න.........

........................................................................................................

2010 ඔක්තෝම්බර් 8

සදලු තලේ වැට අයිනේ
හිරිපොද ඇවිදින් වැටුනේ
බයිට් ටිකත් පෙගිල ගියේ
සෝඩ පමණි උතුරු උනේ

ගෙදර එන්න ඕනි උනේ
හනි හනිකට ගිල දැමුවේ
හොද සිහියෙන් පිට වූයේ
අතර මගදි මොකද උනේ

අකුරු මැකි බොද වී යයි
ලොවම මගේ වට කැරකෙයි
නින්ද අසල නැති හින්දයි
වෙරි මදිවද කියල හිතෙයි

........................................................................................................

2010 ඔක්තෝම්බර් 14

සොදුරු නුදුටු රුව
මල් මත රැන්දුව
ඈත දුරක උව
දකින නුඹේ රුව

දේදුනු අතරින්
පාර සොයාගෙන
සමනළියකගෙන්
පාර අසාගෙන

රන් තරු එළියෙන්
නුඹ සරසාගෙන
කැන්දන් එමි නුඹ
මෙගේම තුරුලට......

........................................................................................................

2010 ඔක්තෝම්බර් 31

ස්ටෙස් වෙනස් කරමුද
හා
දැන් මොකක්ද දාන්න ඕනි..
ඉන් රිලේෂන්ෂීප් දාමු
දාන්නම ඕනිද
ඔවු..ඈයි බය වෙන්නේ..අපි දාමු
අනේ මට බැ..
ඈයි...
මං වෙනුවෙන් දාමු
හ්ම්ම්ම්ම්
ඔන්න මං දැම්මා
එපා...........
ඈයි
මගේ බොයි ෆ්‍රෙන්ඩ් තරහ වෙයි...:-D

........................................................................................................

2010 නොවැම්බර් 1

අර තියන විල් තෙරෙට මං ඔයාව අරන් යන්නද
ඔයා කොහොමද ඒක කරන්නේ..
මං ඔයාව කරේ තියාගෙන පීනන්නං..
ඔයාට පීනන්න බෑනේ
නෑ මට පුලුවන්..
එහෙනන් අර අතන කෝටුව ලගට පීනල එන්න..
හරි....
මං ගිහින් ආවා..කෝ ඔයා....
මං මෙහේ...
කෝ ඉතින්..
මට බෝට්ටුවක් හම්බ උනෝ...මං යනෝ.....:-D

........................................................................................................

2010 නොවැම්බර් 2

දිවුරා කියන්න මගෙ නලලත අත තියා
නොයන වග මා හැර දමා
යන දිනයක් වෙතොත්
යන්න
ඇතටම
දෙනෙත් මායමට නොපෙන්නට
මා සොයා ඒවි
නුඹ ලගටම යලිත්
දිවුරු වග සිත් මලින් නැගිටින්නට පෙර
මරාදමන්න මා
මිය යමි නුඹ ළය මත
වැළදගමි ඒ මරණය
අතැ'ර නුඹ නොමැති ජීවිතය...:-D.

........................................................................................................

2010 නොවැම්බර් 4

මං පිහිනන්න උගතිමි
සත් සමුදුරෙන් පිහිනන්න
මන්ද යත් නුඹ දුර බැවිනි..
මා පිහිනීමට පටන් ගත්තෙමි
සත් සමුදුර මැද්දටම
මන්ද යත් මං නුඹට ආදරය කළ නිසාවෙනි
​අහෝ...
නුඹ අන් නැවක යන අයුරු දුටුවෙමි
මා සයුරු මැද අතරමං වී ඈත..
එගොඩත් නැත
මෙගොඩත් නැත...:-D

ගූගල් බස් මියයන්නට පෙර - දෙවනි කොටස

පලවෙනි කොටස දැකලා නැත්නන් මෙතනට ගිහින් එන්න ඕනි..

2010 අගෝස්තු 31

පාවෙ සුදු දුහුල් වළා
ලොවට රහසෙ පියඹලා
මගෙ පෙම ඇයටත් කියලා
විගස එන්න මා සොයලා...........:D

ඉක්මනට ගිහින් වරෙන්.. තව දෙතුන් තැනකට උඹව යවන්න ඕනි... :-D

.........................................................................................................................

2010 අගෝස්තු 31

සිහන රැයක නිදි වරා
දෙනෙතත් මගෙ වෙහෙසිලා
නුඹ හොරහෙන් පැමිණිලා
මගේ ලොවම එලි කළා

සරා සදත් හිනැහුනා
තරු පොකුරුත් බැබලුනා
දෙහදක් අපෙ එක් වෙලා
නුඹ මගෙ තුරුලට වුනා

.........................................................................................................................

2010 සැප්තැම්බර් 1

සරා සිහින ගුවන් තල අරා
මල් පෙත්තක ගොඩ වෙලා
පාවී වී ගොස් ලොව පුරා
මං අවෙමි නුඹ කරා

රෑ පුන් සදෙ කිරණ මැදින්
තරු මල් වල පැහැය අරන්
මං එන විට ලොවට හොරෙන්
ඔහු හිටියලු තුරුලු කරන්

.........................................................................................................................
කියන්න මට
ආදරෙයිද නුඹ මට
ආදරෙයි නම් ඒ තරමටම
රැගෙය යනුමැන
නුඹෙ සසුම් පොද.........

සද හිරුට තනි නැතිලු
නුඹ තවත් මගෙ නෙමෙලු
කුමට තව මේ කදුලු
ආදරේ නුඹට හින්දමලු

.........................................................................................................................

සිනාසෙන්න ආසයි මං
නුඹ නැතිවත් මගේ ලොවට
හොරෙන් එබෙන සද රුස් විත්
සතුට අරන් යයි රහසෙම

හිමිදිරියෙම දකින නුඹේ
ලස්සන පද වැල් නිසාම
ලං වෙන්නට බැරි මගෙ හිත
තවත් හඩයි මට රහසෙම

ඔහු නුඹ ලග සිටින තුරා
සතුටින් නුඹ ඉන්නවාද
මං තනිඋන මගේ ලොවක
තව දවසක් එළි උනාද.....

.........................................................................................................................

අත්හරිනු මැන බැදි යදම් වලින්
නිදහසේ පියඹා යන්න
නිල් අහස් කුස පුරාවට
මගේ ලොවක් සොයාගෙන
රජවෙන්න මට
මගේ මිහිමඩලතුල

.........................................................................................................................

පියඹා යන්න අහස පුරාවට
බැදි යදිමින් බිදී ගිය මං
අනේ දෙවියනි රකිනු මැන සෙනෙහසින්
නැවතත් හිමි නොවන්නට අහිමි පෙම

යන්න වන උයන් සිසාර
තෑනූ ලොකය විසිර ගිය දූවිලි
නෙත් අගින් ගිලිහුන කදුලින් පිසදා
සරසන්න අවසරද මගේ ලොව යළි

ඉඩ හරිනු මැන
සියොත් රැලකට පියඹා ගී ගයන්නට
වන උයන් තුරු මලින් සරසන්නට
ඒ සුවද සිසාරා මගේ හද මඩලතුල
පුරවනු මැන නැවුම් ලොකයක සුසුම් පොද

.........................................................................................................................

2010 සැප්තැම්බර් 3

නිවේදනයයි...!
අවිහිංසක, අවංක, කීකරු,
බොළඳ, ළපටි, සුදු
තරුණ කෙල්ලකගේ
සෙනෙහස උවමනා කර තිබේ.

.........................................................................................................................

2010 සැප්තැම්බර් 5

සුසම් සුවදක නැගුන සිතිවිලි
මගේ ලොව වෙත පාවුනා
ලගින් නොමැතිව දැනෙන ප්‍රේමය
තවත් මොහොතක සැනසුවා

දුරින් ඉද නුඹ ගොතන කවි පද
මගේ සිත තුල ගොලු වෙලා
තවත් දිනයක දුරින් උන් අප
සිතින් මොහොතක් එක් වුනා

.........................................................................................................................
2010 සැප්තැම්බර් 6
බසයක් නොමැත අද අහලක පෙනෙන්නේ
මං බස් නැවතුමේ නැවතිල සිටින්නේ
සෙනගත් නැතිලු අද ඈයි මේ වේ​ලෙන්නේ
කවුරුත් නැතිද බස් පාරට දමන්නේ

.........................................................................................................................

2010 සැප්තැම්බර් 15

පෙර නුදුට ඔබ කවුද
නීල දෙනයන
දෙතොලෙ සිනහව
මටත් නොකියම
මටම ලං වුන
වසා ඇති දොර
පියන් විවරව
මගේ සිත නුඹ
අරන් යනවද................

.........................................................................................................................

2010 සැප්තැම්බර් 20

මා සියදිවි නසා ගැනීමට තීරණය කෙරුවෙමි..තව දුරටත් මේ කුරිරු සමාජය හමුවේ ජීවත් වීමට උවමනාවක් නොවූවෙන් මා ජිවිතයට සමු දීමට තිරණය කෙරුවෙමි.වස බීමට සිතා පලිබොධනාශක අළවි සැලක් සොයා ඈවිද ගියමුත් එවන් ස්ථානයක් සොයා ගැනීමට අපහසු විය..එල්ලෙන්න සවි ශක්තිය ඇති කඹයක් විකුනණ ස්ථායක් නොමැතිය..සියල්ල බාල බඩුය..අහම්බෙන් නෙත ගැටුණි..සුරා සැලකි..නැවතත් ජිවිතයට සමු දීමේ ආශාව ඈතිවිය..අත ඈති මුදලින් ගල් භාගයක් ගතිමි..අනෙකුත් දෑ ගැනීමට දැන් මුදල් නැත..නමුත් දිවි නසා ගැනීමේ ආසාව නිසාවෙන් මහත් ආයාසයෙන් අමුවෙන් භාගය හිස් කළෙමි..කට තිත්තය..කඩල ඈටයක් හපමින් දුම් වැටියක් දල්වා ගත් මා සෙමින් නිවද දෙසට පිය මනින්නට විය.නමුත් මියදුනේ නැත..නිද්දේදී මිය යමියි අදිටනින් ඇදට ගොස් නිදන්නට විමි..අදෝමැයි..අදත් ඇහැරුණි..උත්සහය ​අත්නොහරමි..අද දිනද දිවි නසා ගන්නට උත්සහ කරමි...

.........................................................................................................................

2010 සැප්තැම්බර් 21

ඇයගේ සිසිනිදු සමට මා වශි විය..හේතුව කිමකදැයි අසා බැලිමි..ලක්ස් නිසාවෙන් ඇය රෑප සුන්දරියක් විය..ඇය මට ආලය කරයි..මා ඇයට ආලය කිරීමට බියය..මක් නිසාද යත් ලක්ස් සබන් ලොව නැති උවොත් ඇයත් මට එපා වෙන බැවිණි......

ගූගල් බස් මියයන්නට පෙර - පළවනි කොටස

ගූගල් බස් යනු මා දිවියේ අලුත් පිටුවක් පෙරලන්නට සමත් වුන.. ආදරණිය නවාතැන් පලකි...ලොව ඇති වූ යම් දෙයක් නැති විය යුතුය.. එය එසේ හෙයින් ගූගලයාද ගූ ගල් බස් වල අවසානය මෙසේ දැනුම් දී ඇත.

Google Buzz is going away, but your posts are yours to keep
In a few weeks we'll be retiring Google Buzz. At that time you won't be able to create any new posts, but your existing content will remain accessible in two important ways:
  1. You can view it on your Google profile
  2. You can download it using
දිනය 2010 - අගෝස්තු 26 -
එය මා බස් ලොවට පය තැබූ ප්‍රථම දිනයයි.. ජීවිතයක නව පිටුවක ආරම්භයයි..

කන බත් පිඩක් පාසා නුඹ සිහිවෙනවා
තනිකම සිතට නිරතුරු මගෙ වද දෙනවා
නොදකින නුඹේ නිල්​ නෙතු සිහිවෙනවා
තවනන් බැහැ ඉවසන්න මං විගසින් එනවා

තව මල් පිපීයන් ලොව සුන්දර වන්න
රන් සමනලුන් පියඹාපන් රොන් ගන්න
නුඹ තව හිනැහියන් ම​ගෙ සිත තුටු වෙන්න
මං නොදුටුවත් මගෙ පෙම පිළිගන්න

ගෙල වට රන් මාල බැදලා සරසනවා
මංගල පොරුවේ මං නුඹ හිදවනවා
ගමටම මගුල කියලා නුඹ ගෙනයනවා
නාඩන් නගේ ලගදිම රැය එළි වෙනවා
.........................................................................................................................................
2010 අගෝස්තු 27
ආසයි මට ලොවට හොරෙන්
ඔබ වෙත පියඹලා එන්න
තරු පොකුරෙන් පාර අසා
නුඹ කොහිදැයි සොයා ගන්න

සිනා පොකුරු දෝත දරා
නුඹෙ සුසුමේ පා කරන්න
මුලු ලොකෙන් වහන් වෙලා
හැකිනම් නුඹෙ මගේ වෙන්න ...........:-D
...........................................................................................................................................
2010 අගෝස්තු 30
පුන් සද ඇයිද අහසේ හිනෙහනේනේ
තරු වැල් කිමද නිදි නැති රෑ බබලන්නේ
මිහිදුම් වලා ඇයිදො පියඹා යන්නේ
නුඹ නැති ලොවක් ඇයි මෙලසින් දිදුලන්නේ

පිණි දිය වැටුන පිට්ටනියේ අවිදින්න
මල් වැහි තුරුලෙ තෙමිලා හිනෙහෙන්න
නුඹ තුරුලේම මුමුණන ගී අහගන්න
තව එක වරක් නුඹ ඇවිදින් සැතපෙන්න
..........................................................................................................
2010 අගෝස්තු 30
මේ ඇස් පියවෙන්නට මත්තෙන්
දකින්න ඇත්නම් නුඹ රුව රහසින්
අන්සතු ළදකට මා පෙම් බැදුමින්
දුක විතරද අද උරුමය මෙලසින්

හඩන්න කදුලැලි දෙනෙත පිරෙන්නට
නගන්න සුසමන් සිහිවන සැම විට
හිදින්න නුඹ ලග මේ හැම මොහොතට
කියන්න ඇයි නුඹ හැර ගියෙ මෙලෙසට

නුඹටත් රහසින් මං පෙම් කෙරුවා
හැර යනතුරු එය නොදැනිම තිබුනා
නුඹ අන් තුරුලක සතුටින් වෙසෙනා
දෙනෙතට රහසින් කදුලැල් ගලනා

අහිමි බවක් මට පෙර සිට දැනුනා
මටත් හොරා සිත ප්‍රේමෙන් වෙලුනා
අසන්න මේ පෙම නුඹ ලග නැතුවා
නොදනිමි තවමත් මගෙ සිත හඩනා

නුඹ රුව දැකුමට සිත වද දෙන්නා
අහිම උනත් නුඹ මගෙ පෙම ලෙසිනා
නුඹව ලබන්නට නොහැකියි දැනුනා
ලොවට හොරෙන් සැගවෙන්නට සිතෙනා

එම නිසාවෙන් ගූගල් බසය තුල මා කල කී දෑ සුන්දර මතක සටහනක් ලෙසින් බ්ලොග් පිටුව මත රඳවා තැබීමට මා තීරණය කලෙමි.. පුරා අවුරුද්දක් පුරාවට ලියූ දේ ඇති නිසාවෙන් කොටස් ව
ශයෙන් මෙය පළ කිරීමට සිදු වී ඇත..එය මෙසේ සනිටුහන් කරන වගයි.

Monday, September 19, 2011

Hits වැඩි කරගන්නේ කොහොමද?

මං සාමාන්‍යයෙන් මේ වගේ මාතෘකා ඔස්සේ පෝස්ට් දාන්නැති උනත් ඊයෙ අපි සෙට් එක හැහ්..ආහ් මේ ඒ කිව්වේ මායි ..අභිත.. ලසිත්.. ‍ඕනයා.. අ‍සේල..වෙනී..සහ අන්තිම පේලියෙ අවංක පැට්ටයි එකතු වෙලා ‍පොත් ප්‍රදර්ශයට යන්න හිතාගෙන බොරැල්ලට සෙට් වෙලා ඉද්දි මේ ගැනත් කතා කරපු නිසා මටත් හිතුනා අපේ ආධුනික නවක බ්ලොග් කරුවන්ට මගේ හිතේ තියන අදහසුත් කිව්ව නන් හොදයි කියලා. අපි ගොඩක් ආසයි නේ ඉතින් Hits වලට.. ඉතින් සමහර අය නන් කියන්නේ Hits ඕනිම නෑ කියලා.. ඒත් අපිත් පෘතක්ජනයොද මොකක්ද මන්දා කියලා අපිට එව්වා නැතුවත් බෑ කියලා සමහර අය කියනවා.. මේ ලගදි මං දැක්කා බ්ලොග් ගඩොල් සහ අපේ මාරය අයියාතුමාත් ඒ වගේම අභිත ගොයියාත් දාල තිබ්බා ඔය Hits ගැන මොනවද මන්දා කියලා..අභිතට නන් ඉතින් පාඩුවක් උනයි කියන්නේ එහෙම එව්වා ලියලා..අනේ මන්දා අප්පා ඔව්වා.. ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරයිනි ඔයාලට තේරෙනවා නේද ඔය වචනේ අපේ ජීවිත වලට කොයි තරන් බලපානවද කියලා.. ඉතින් එහෙවු එකේ මට පුලුවන්ද මේ වගේ මාතෘකාවක් ගැන කතා නොකර බලාගෙන ඉන්නේ.. හරි.. දැන් පූර්විකාව ඇති.. දැන් ඉතින් අපි මෙහෙම පටන් ගමු..හැබැයි මං මේ ලිපිය බොහෝ දිර්ඝව ලියන්න අහසක් නෑ.. මට ඕනි පුලුවන් තරන් කෙටියෙන් මේ හැමදෙයක්ම ඔයාලට කියල දෙන්න විතරයි.. මං හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා..

දැන් බලන්න අපි Hit කියන වචනේ මධුර මහත්තයාගේ ශබ්ධකෝෂයේ සටහන් කරාම මෙන්න මේවයි එතුමා කියන්නේ..

ගහනවා
ගැටෙනවා
ගුටි බානවා
ගුටිදෙනවා
තට්ටු කරනවා ඔන්න ඔය වගේ තේරුන් ටිකක් තමා එන්නේ.. දැන් බලමු අපි පුළුවන් සරළ ක්‍රම වලින් ඒ Hits වැඩි කරගන්න ක්‍රමයක්.. ‍මං මෙතනදි මදුර මහත්තයා කියන හැම වචනයකටම අදාලව කතා කරන්න යන්නෑ.. මං මුලින් ටිකක් කියලා දෙන්නං.. ඊට සමාන විදිහට ඔයාලට පුලුවන් ඔයාලගෙ Hits වැඩි කරගන්න..

අපි මුලින් බලමු ගහනවා කියන අර්ථය අරගෙන..
ඉතින් ඕක වැඩිය විස්තර කරන්න ඕනි නෑනේ.. ඔයාලා කැමති විදිහකට ගහන්න පුලුවන්.. ඒ කිව්වේ.. මිනිහෙකුට අතින් ගහන්න පුලුවන්.. නැත්තං වේවැලකින් ගහන්න පුලුවන්.. එහෙමත් නැත්තං කකුලෙන් ගහන්න පුලුවන්.. ඒ ආකාරයෙන් ඔබ කැමති විදිහකට ඕනිම දෙයක් පාවිච්චි කරලා ගහන්න පුලුවන්.. හරි.. දැන් දන්නවනේ ඔයාල Hits වැඩි කරගන්න එක ක්‍රමයක් ගැන..

අපි බලමු.. තවත් එක ක්‍රමයක් ගැන..
ගැටෙනවා කියන එක නන් ආයෙ අමුතුවෙන් කරන්න ඕනි නෑනේ.. බස් එකකට නැග්ගම ගැටෙන්න පුලුවන්නේ ඕනි තරන්..ඒ නිසා අනිත් ක්‍රමේ ගැන බලමු නේ..

ගුටි බානවා..
ගුටි බාන්නේ කොහොමද කියන එක නන් මාත් හරියටම කියන්න දන්නෑ.. ඔයාලට පුළුවන් වෙලාවක ඒ ගැන හොයල මටත් කියන්න ඇ... නැත්තං ඒක මාත් දන්නෑනේ...

ගුටි දෙනවා..
ගුටි දෙන්න කෙසේ වෙතත් අද මං ගුටි කනවා කියලා නන් දන්නවා.. හැබැයි ඒත් මං ඔයාල වෙනුවෙන් මේ වගේ රිසර්ච් එකක් කරලා කරුණු එකතු කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතල තමයි අද මෙහෙම පෝස්ට් එකක් දැම්මේ..කමක් නෑ.. ගුටි කෑවත් කමක් නෑ.. රට ජාතිය වෙනුවෙන් කියලා මං හිත හදාගන්නං කෝ..

අන්තිමට අපි සලකා බලමු තට්ටු කරනවා කියන එක..
කොච්චර තට්ටු කරත් කමක් නෑ.. දොර ඇරෙනව නන්.. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරකර ඉන්න.. ඒ කොහාටද කියන එක නෙමේ ගැටුළුව.. තට්ටු කරන්න තැනක් තියනවද කියන එකයි මුලින්ම බලන්න ඕනි. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරන්න තැන් හොයා ගන්න බලන්න...

ඒ ආකාරයෙන් ශබ්ධකෝෂය සදහන් වන ආකාරයට ක්‍රියා කීරීමෙන්.. ඔබට Hits වැඩි කරගැනීමට හැකි වනු ඇත.. ජය නියතයි.. ආධුනිකයිනි.. වර ඉදිරියට..
ගහන්න...
ගුටි දෙන්න..
ගුටි බාන්න..
තට්ටු කරන්න.. ඔබගේ Hits වැඩිවනු ඇත.. තරුණ ජීවිත අයාලේ යාමට ඉඩ නොදී ඉහත සදහන් දේ නිතර පුරුදු පුහුණු කීරීමෙන් මහත් ඵල ලභා ගත හැක..

ප.ලි.

සුට්ටක් පාඩං කරන්න හිතාගෙන නිවාඩුවක් ගත්තා.. ඒ නිවාඩුවෙන් ඔයාලට වැදගත් පණිවිඩයක් දෙන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දැම්මේ.. මං හිතනවා ඔයා‍ලගෙ ජීවිත වලට මේ ලිපිය වටිනවා ඇති කියලා..
ජයවේවා!!!!!

Sunday, September 11, 2011

කොස්ස ගෙනෙන් යකෝ..

කොස්ස ගෙනෙන් යකෝ..
අහවල් මගුලක් කරන්නද?
පැහිච්චකන් නැතුව කොස්ස අරන් වරෙන් යකෝ..
මට බෑ...............
තොට කණ පැලෙන්න ගහනවා.. කියපුවම ගිහින් කොස්ස ඇන්න වර..
මට බෑ.................................
තෝ....!@$$$%%%^^ ගුටි නොකා.. ගිහින් කොස්ස අරන් වර...
ආහ්.. මොකටෙයි කොස්ස..
ඇයි බොල හිපාටුවො මේ මකුළු දැන් පෙන්නැද්ද බොට.. ගිහින් කොස්ස ඇන්න වර..
ඉතින් මේ හදිස්සියෙ මක්කටෙයි මකුළු දැල් කඩන්නෙ..
බොල තොට පැහිච්චකන් වැඩක් නෑනේ.. ගිහින් කොස්ස ඇරන් වර....
මට බෑ. ඇයි කියාපං..
බොල ගොන්ටෝ.. බලපං.. දැන් මේකෙ මකුළු දැල් බැඳිලා යටවෙලා ගියාම කවුද මේක බලන්න එන්නේ...
ආහ්.. ඉතින්.. බොට ලියන්න බෑ කියලා මං මක්කොරන්නද?
බොල නගුටො... මට ලියන්න බැරි විභාගෙ නිසා.. ලබන මාසෙ ඉවර වෙනකං ලියන්න වෙන්නෑ කියලා උඹ දන්නැද්ද?
ආහ්.. ඉතින්.. තොට ලියන්න බැරි නන් නොලිය ඉදින්.. අහවල් මගුලක්ද කරන්නේ..
ඉතින් යකෝ මං දැන් තොට කිව්වද මට ලියන්න ඕනි කියලා.. තෝ හොද හිතින් ගිහින් කොස්ස අරන් වර.. නැත්තං මං තොට ගහන්නේ වේළුනු එකෙන් හරි.. ??
ආහ්.. මුගෙ සද්දෙ.. ඕං කොස්ස.. අරන් ඕනි මගුලක් කරගනින්...

හම්මේ........ ඇති යාන්තං වැලළිලා යන්න කලින් මකුළු දැල් ටික කඩාගත්තා.. දැන් පලකො ආයෙත් පාඩං කරන්න.........
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...