මිනිසෙකු පතන සුන්දරම දිනයක නිමාවෙන මොහොත උදා වී ඇති බව පසක් වූවේ සියලු දෙනාම මග මගට පැමිණ රථය දෙස දෙනෙත් යොමනු දුටු විටය. ආසිරි සුභ පැතුම් මිටි දෝතින්ම තුරුලු කරගෙන මම අසල සිටි සුන්දරම යුවතිය දෙස දෙනෙත් යොමා බැලීමි. ඇයගේ උතුරා යන සතුට දෙනෙතින් වෑහෙන අයුරු මගේ සිත තුල අහිංසක ආදරයක පැතූ ප්‍රාර්ථනාවන් නැවත සිහිගන්වන්නක් විය. ඇයගේ සුන්දරත්වය මින් පෙර නොදුටූ විරූ තරමිය ඇය අදින් පසු මගේ බිරිදයි. නැවතත් ඇය දෙස බැලීමි මගෙ උර මතටවන් ඈ...
"අදින් ඉදන් මම ඔයාගෙ මාව බලා ගන්නවද රත්තරනෙ"
සුසුම් වැටීම මොහොතකට නතර විය. ලොකයම නතර වූවාක් මෙන් විය. කෙළිලොල්ව ගත කල ජීවිතයකට මහමෙරක් මෙන් බරක් සිතා ගත නොහැකිය. නිහඩ බව රකිමින් ඇගේ නලලත සුමුදුව සිප ගතිමි. ඇගේ දෙතොලින් නැගුනු සුන්දර සිනහව මසිත කුල්මත්කරන්නට සමත් විය.
නගර පසු කරමින් රථය ඉදිරියට ඇදෙන්නට විය.. පෙරදින රාත්‍රියේ සිටම වෙහෙස වූ නිසාවෙන්දෝ මා උර මත නිදන ඇය උකුල මතට ගතිමි. සිනිදුව හිස පිරිමදිමින් සුව නින්දකට මග පෑදු මම අතීතය මෙනෙහි කරන්නට විය.
මිතුරෙකුගේ හැදුනුම් කමක් මත මීට වසර කීපයකට පෙර ඇයව අදුන ගත් අතර අප දෙදෙනාටම හොරෙන් අප අතර දලු ලා වැඩුන ආදරයක් අද මෙලෙස මල්ඵල දරා ඇත. සතුටත් අනාගතය ගැන සිතේ ඇතිතුල ඇති වූ සිහින් චකිතයත් මුසුවූ අමුතු හැගීමකින් මා සිත පිරී යන්නට විය. දිනක් ඇගේ ඉල්ලීමක් මත විවාහයට පෙර අප ශාරීරිකව කිසි ලෙසකින්වත් එක් නොවන බවට දුන් පොරොන්දුව අදින් අවසන් බව හැගීමෙන් ලැජ්ජාවකින් හා සතුටක් මුසුවූ සුන්දරම හැගීමකින් සිත කිළිපොලා යන්නට විය.
ඇගේ නළලත නැවතත් සුමුදුව සිප ගත් මම කදුකරයෙන් හමා එන සිහින් සුලගක සුව විදිනු පිණිස රථයේ වීදුරුව පහත හෙලීමි. සුලගට දග කරන කෙහෙලැල් ඇගේ දෙතොලින් නැගෙන මුදු සිනහවත් නිරාවරණය වූ ඉන පෙදෙසත් දුටු විට අනුරාගී හැගුමන් සිත තුල දොරේ ගලා යන්නට විය.
සුභ සිහිනය උදාවන මොහොත ලං විය. රථය හෝටලය තුලට ලගාවන විට පිමිණි සේවකයකු විසින් අප පිළිගත් අතර රෝස පෙති ඇතිරූ මංගල සයනකින් යුතු අලංකාර කාමරයකට කැදවන් යන ලදී . ඇයත් මාත් පමණය ජීවිතනේ ගැහැණියක සමග තනිවු පලමු අවස්ථාව විය. කියාගත නොහැකි හැගීමක් සිතතුල හොල්මන් කරන විට ඇය කවුලුව තුලින් ඈත කදු පෙල දෙස නෙත් යොමන්නට විය.
ඉනවටට අත යොමා තුරුලු කරගත් ඇයගේ සුසිනිදු දෙකපුල් සිප ගත් මම සවන්පත් වල පැලදි තෝඩු ගැලවීමට ඇයට සහය උනෙමි.
නැවතත් ඇගේ බෙල්ල සිප ගැනීමට ගිය විට..,
"මොකෝ හදිස්සි........ නරකයි ඔයා නන් යන්න වොෂ් එකක් දාගෙන එන්න" තුවායත් මා අත තැබූ ඇයගේ හුරතල් වදන් පෙල ඇය කෙරෙහි වූ ආදරය තවත් වැඩි කරන්නක් විය.
මා පැමිණි පසු හුරතල් ලෙසට මා තුරුලට විත් මුව සිඹ නැවත නාන කාමරයට දුව ගොස් සැගඋනි, ඈගේ මෙවැනි කෙලිලොල් හැසිරීම් මින් පෙරද අත්විද ඇති මුත් අද සිතතුලටවන් හැගීම විස්තර කළනොහැක්කකි.
කාමරය පුරා පැතිරුනු රත් පැහැති ආලෝකය කාමරය තුල තම බලය පතුරවද්දී මා නෙත් අයා සිටි මොහොත උදාවන්නට විය. නාන කාමරය තුලින් එලියට වන් ඇගේ දසුන මට කිසිලෙසික්වත් අමතක කළ නොහැක්කක් විය. උස් වූ ලැම පෙදෙසින් පටන්ගෙන දෙදෙන තෙක් පමණක් දික් වූ තුවායකින් සැරසි තෙත දිය බිංදු වෑහෙන කෙස් කලඹ නිලෟවන් දීප්තියක් විහිදුවන ඇයගේ දෙනුවන මගේ අනුරාගී හැගීම් මත තවත් ගිනි අවුලන්නට විය.
ආදරයත් අනුරාගයත් මුසුවූ හැගීමකින් ඇයව තුරුලටගත් මම මොහොතක් ඇය දෙසම බලා ඉන්නට විය. තෙත දිය බිංදු නලලතින් පටන් ගෙන දෙනයන උඩින් පැන දෙකපුල් මතින් රූටායන අපූරුව මොහොතක් වින්දෙමි, සයනේ සැතපවූ ඇයගේ සුසිනිදු මුව කමල ආදරයෙන් සිපගන්නට විය.
වසර ගනනාවක් පෙරුම් පිරූ මොහොතක් උදා වින රත්පැහැති මන්ද ආලෝකය මසිත අනුරාගී හැගීම් තවත් වැඩිකරන්නක් විය. නලලත නැවතත් සිපගත් මම දෙතොලේ මත නළියන දිය බිංදුවක රසද තොලගා බැලීමි.
මගේ තුරුලටවන් ඈගේ හැසිරීමෙන් ගත කිලිපොලා යන්නට විය. මා සිත පිරුණු තුටු හැගීමි කෙලස නම් පවසන්නද එවන් සුන්දරම සිතුවිල්ල නිමේසයකින් අහිමි විය.
සුමුදුව මගේ නලලත සිපගත් ඇය රහසින් යමක් කොදුරන්නට විය,
"මගෙ ඔලුව රිදෙනව පැටියො අපි දැන් නිදා ගම්මුද?"
පැතූ ලෝකය එක කුලුගෙඩි පහරකින් බිදීයන්නට විය. ලොකයම මට එරෙහි වූ ලෙසින් දැනුනි වසර ගනනක් සිත තුර තෙරපාගත් හැගීම් නිදහස් කිරීමට කොපමණ සිහින දුටුවේද එහෙත් ඒ සියල්ල අවසන්ය දැනුන ශෝකය සිතතුලම හිරකරගෙන.
"හ්ම්ම්ම්....... ඔයා නිදාගන්න මගෙ මැණික" සිතට එකගව නොවූවත් ඇයගේ සතුට වෙනුවෙන් පැවසීමි. නලලත සහ දෙනුවන සුමුදුව සිපගත් මා ඇයගේ හිස පිරිමදිමින් මොහොතක් ගත කළෙමි.
සිහින පොදි සමග ගත කිරීමට පැමැණි මංගල රැය මෙලෙස තනිවම විදින්නට සිදුවූ හැටි, ඇයව සයනේ නිදන්නට ඉඩ හැර ශිතකරනයතුල වූ බීර බෝතලයක් කඩාගත් මම සීතල කදු මුදුන් වල සුන්දරත්ය විදිමින් මංගල රැය එළි කරන්නට හාන්සි පුටුම මත හිද ගතිමි....
"පුද්ගලික අත්දැකීමක් නොවන බව කරුනාවෙන් සලකන්න.... සිතුවිල්ලක් පමණි"
ලස්සනට ලියලා තියනවා
ReplyDelete[එත් පැන්ඩෝල් දෙකක් අරන් ගියානම් අරම වෙන්නේ නැහැ ... අපරාදේ ... ෂික් ...]
මදැයි කොලා කිව්වලු.
ReplyDeleteවැප් අයියගේ කතාව එල. T.V එකෙත් හැම තිස්සේම කියන්නේ ඒකනේ.
කියවුයෙමි. පද ගැලපීම ගැන කියන්නට දෙයක් නැත.
ReplyDelete@ වැප්,
මේ ඒ අස්සේ මාර්කටින් කරන්න එනවාද?
හපොයි... මෙහෙම දෙයක් ඇත්තට උනොත්....
ReplyDeleteලස්සනට ලියල තියෙනව මලයො..
ReplyDeleteවැප් /
ReplyDeleteස්තූතියි කොල්ලො අගය කරාට ඔන්න උඹගෙයි ගීත්ගෙයි අසාව ඉෂ්ඨ කරා ටික කාලෙකට හික්.... හික්... හික්ස්.....
RanDil /
ReplyDeleteඇයි පද ගැලපෙන් නැද්ද...:(.....:D ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් කොමෙන්ටුවක් දාල දිරි ගැන්නුවට....
Hasitha /
ReplyDeleteහික් හික් හික් මම බැන්ද දවසටනන් පැනඩොල් දෙකක් අරගෙන තමයි යන්නෙ ස්තූතියි සද පැත්තට ආවට
පිස්සා පලාමල්ල /
ReplyDeleteඒක තමයි මාත් දාන්න කලින් කල්පනා කරපු දේ කොයි එකටත් කාඩ් පැක් එකක්වත් අරන් යන එක හොදයි එදාට......:D
``` Outsider``` /
ReplyDeleteගොඩක් ගොඩක් ස්තූතියි අගය කරාට......
අයියෝ පද ගැලපෙන්නේ නැති නිසා නොවෙයි. ගැලපුම අගේ කරන්නට බැරි තරම් අගෙයි ඒකයි. :D
ReplyDeleteRanDil /
ReplyDeleteආ.... එහෙමද එහෙනන් එළ.... එළ.... ස්තූතියි ආයෙත් පාරක් දිරිගැන්වීමට ...:D
හිනෙකින් කාටවත් මෙවන් විපතක් නොවෙවා.......! මට වෙන්නඩත් එපා.....!...
ReplyDeleteමොනවා කරන්නද ඉතින් නිදා ගන්න දෙනවා ඇරෙන්නට....
නියමෙටම ලියලා තියන්වා...
හපොයි... වෙලා තියෙන දෙයක්... මේක ඈත්ත සිද්දියක් නේද?
ReplyDeletenicely written bro,congrats
ReplyDeleteහෆොයි!! මදැයි කොලා... හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා!!!
ReplyDeleteලස්සනට ලියලා තියනවා සහෝ..
අයියෝ......... ඇයි බන් කඳු පැත්තට එක්කගෙන ගියේ,එහේ සීතලයි නේ බන්.එ නිසා උඹට යන්න තිබ්බේ මුහුද තියෙන පැත්තට නේ.....ඊ ලඟ සැරේ එකවත් එහෙම කරෆන් ;) ^_^
ReplyDeleteහිකිස් හිකිස් ....
චික්...හරි නරකයි... මහ වල් කොල්ලෙක්......
ReplyDeleteඅයියෝ... මාර කෙල්ලෙක්නෙ.කොහොම උනත් ලස්සන නිර්මාණයක්.නියමයි.
ReplyDeleteIf some one really love her. This is not a BIG deal.. Y cant wait one more day ??.
ReplyDeletethis kind of thing happend to me and I did that sacrifice for her and Im really happy about my decision. Because love is not always depend on lust(sex).. We have to identify abt her feelings well.
ඉලංදාරියා /
ReplyDeleteඅපෝ ඔව් මගේ එකම ප්‍රාර්ථනයත් ඔකම තමා ඉතින් :D.... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට........
Nipu /
ඔව් ඔව් ඇත්ත සිද්ධීයක් ඔයාට ඉතින් ඊරිසියයිනෙ අපි බැන්ද කියල........:P :P
milan /
ReplyDeleteThank You So..................much Buddy..........
ළමයා /
ගොඩක් ස්තූතියි අගය කරාට...............:D
iresh /
ReplyDeleteකලින් කථා උන විදිහටනෙ කරේ ඉතින් කවුද දන්නෙ මේ ගෑනිට සීතල ඇලජික් කියල හික් හික් හික්ස් ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගිය එකට
මනමාලි /
කවුද මේ හුරතල් මනමාලි......අපි මොකක් හරි ලිව්වොත් තමා ඉතින් වල් ඉසුරුමුණියෙ පෙම් යුවල කලාත්මකයි.... අනේ මන්ද මෙහෙමත් ලෝකයක් ඉතින් ... :D :D ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට....
ruwan-sithruusoebaa /
ReplyDeleteගොඩක් ස්තූතියි අගය කරාට
Anonymous/
සහතික ඇත්ත ඔයා කියල තිබ්බ දේ නන්. ඒත් එදා ඒ මොහොතට මොනව හිතෙයිද?? හික්... හික්... හික්ස් ...ගොඩාක් ස්තූතියි ඇවිත් ගිය එකට
මොනවා කියන්නද . ප්‍රබන්දයක් නොවැ.
ReplyDeleteගලායෑම සුන්දරයි.
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
ReplyDeleteඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා......
ඒක තමයි ඒ අවස්ථාවට උචිත ගීතය. ඒක ගායනා කලේ නැද්ද?
කථාව හොදයි හැබැයි පහුවදා දවසේ රාත්රිායේත් සිදුවුන දේ ලියුවනන් වඩාත් අගෙයි :) . හැමදාම ඔළුව රිදෙන්න විදිහක් නැහැනේ.
:D :D අනේ පවි ....අනේ මට වැඩෙමයි....
ReplyDeleteඇත්ත සිද්ධීයක් නමි ඉතින් ඊරිසියා කරන්නේ මොකටද?
අපි බැන්දා??? ඒකනේ මෙය "සිතුවිල්ලක් නොවන බව කරුනාවෙන් සලකන්න....මෙය පුද්ගලික අත්දැකීමකි"
We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
මෙයාටත් පහළ වෙන සිතුවිලි !!!!!! ම්ම්ම්ම් හොදයි ඉතින්.. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා හිතමු නේද?
ReplyDeleteමහසෙන් /
ReplyDeleteස්තූතියි අගය කරාට
ගීත් (සහෘදයා)/
ඒව ලියන්න බෑ පුද්ගලික දේවල්නේ හික්.... හික්... හික්ස්....
Nipu
ඔනි විදිහට හිතා ගන්න.මට මොකෝ ඉතින් :P
ස්වප්නා /
හ්ම්ම්ම්.... ඉතින් එහෙම හිතල නිදා ගන්න තමා වෙන්නෙ. හික්... හික්... හික්... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Admin
ReplyDeletehttp://blogsinhala.com/
ඒ පැත්තට ගියා, වැඩේ සංකීර්නයි වගේ........:(
උඹේ ලියමන උපරිමයි!!
ReplyDelete