හමන සුලගට
කියන්නට හැකි නම්
නුඹ නොමැතිව හද හඩන බව
සුලග ඇවිදින්
ලොවට රහසේම
නුඹට පවසාවි
මම හඩන බව
පෙර සංසාරයයෙත්
මාව හඩවාපු
නපුරු නුඹ ලගම
කුමක් අයදිම්ද
යන්න පෙර මං බලන විට
තවත් නුඹ එයි
මගේ ලගටම
හිතම රිදවන්න
නුඹෙ සිත නැත
රිදවාල කිසිදිනක
ඇයිද නුඹ සිත
දරුණු කරගෙන
රැදෙන්නට නුඹ ලග
අවසරද පවසන්න
පෙමක් නැතිවත්
සනසන්න මගෙ සිත
"සිතින් අදිනවා ආපසු යන්න නොදී
ReplyDeleteනෙත් වලින් අදිනවා වාගෙයි අහින්සකී"
චන්දන
"යන්න ඔබ යන්න ඈත් වෙලා
ඔබ නිසා කදුළුල් සැලුනා"
අනුරාධා
"ලොවට වහන් වෙවී පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකී වෙනු වුනූ හැටී"
ගීත්
"පෙර සංසාරයයෙත් මාව හඩවාපු
නපුරු නුඹ ලගම කුමක් අයදිම්ද"
පසන්
කවුරු කොහොම කොයි විදිහට කීවත් ඒ දුක ඒ දුකම තමා. ඒ දුක දැනෙන්න ඒ දුක විදින්නම ඕන
පිස්සු හැදෙන comment එකක්නෙ.. ගොඩක් ස්තූතියි මචං...:D මොනව උනත් කියපු දේ ඇත්ත විදින්ම ඔනි ඒක දැනෙන්න.......:(
ReplyDeleteකතා නොකර
ReplyDeleteතරහ වෙලා ගිහින්
පැත්තකට වෙලා හිටියාට
එචිචරටම මම නපුරැද
දගකාර කමට නපුරැකමි කලාට
නුඔ නැතිව මෙහොතක් වත්
ඉන්නට බැරි බව
තාමත් ඔබ දන්නේ නැද්ද
යන්න නම් ආයෙත්
ReplyDeleteආයේ ආයේත්
එන්න නම් එපා .....
සුවද ඈතට
රැගෙන යන්න නම්
ආයෙත් ආයේ ආයේත්
එන්නෙපා .....
පබලු
මෙන්න මෙහෙම කිව්ව නම් ආයේ ආයේත් දුකක් නැහැ...:D
ලස්සනයි
ReplyDeleteලස්සන පද පෙලක්.
ReplyDeleteNipu /
ReplyDeleteඔව් නපුරුයි තමා....:D..:P
කියන්නට ආදරය
සිඹින්නට ඒ මුහුණ
තුරුලේම සැනසෙන්න
බැරිම නන් හිනැහෙන්න
නපුරු නුඹ හැර කවුද
රිදවන්නෙ මගේ සිත
නපුරුකම පිරවිච්ච
නුඹ නොවේ නම් වෙන කවුද
පබලු/
ReplyDeleteයන්න නුඹ ඈතටම
සුමුදු මුව කමල නොපෙනෙන්න
එන්නෙ නැහැ පසුපසුම
මගේ සිත හැර යන්න
කියන්න නන් ලේසී ඒත් කරන එකනෙ අමාරු ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
දිල්/
ReplyDeleteස්තූතියි ගොඩක්
මැණික්(සුළඟ)/
ReplyDeleteමැණික් සුලග පළවෙනි කොමෙන්ටුව නෙ ගොඩක් සතුටුයි ස්තූතියි අගය කරාට
ලස්සනයි.දිගටම ලියන්න.
ReplyDeleteruwan kumara maddage/
ReplyDeleteස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට