පුන් සද නැතිය පාලුයි
කලු රෑ අහසේ
බඹරුන් නැතිය නිසලයි
පිපි මල් උයනේ
සියතුන් නැතිය නිහඩයි
මුලු ලෝ තලයේ
මගෙ සද නැතිය තනිවයි
සිත පෙම් සයුරේ
හැඩුමට කදුලු කවුරුන්දො
ගෙන දුන්නේ
ඔය වත කමලෙ සිනහව
කොහෙදෝ ඇත්තේ
මගෙ සුදු මැණික ඇයිදො
පිය මං මැන්නේ
නුඹ එනකම්ම මගෙ සිත ඇයි
නැවතී ඉන්නේ
සද තරු නැතත් නුඹටයි මම
පෙම් කෙරුවේ
සියතුන් නැතත් නුඹෙ හඩ
නොමැකී ඇත්තේ
යන්නට ගියත් සිත නුඹ ලග
තව ඇත්තේ
තව එකවරක් නුඹ දැකුමට මග
බලමින් ඉන්නේ
කලු රෑ අහසේ
බඹරුන් නැතිය නිසලයි
පිපි මල් උයනේ
සියතුන් නැතිය නිහඩයි
මුලු ලෝ තලයේ
මගෙ සද නැතිය තනිවයි
සිත පෙම් සයුරේ
හැඩුමට කදුලු කවුරුන්දො
ගෙන දුන්නේ
ඔය වත කමලෙ සිනහව
කොහෙදෝ ඇත්තේ
මගෙ සුදු මැණික ඇයිදො
පිය මං මැන්නේ
නුඹ එනකම්ම මගෙ සිත ඇයි
නැවතී ඉන්නේ
සද තරු නැතත් නුඹටයි මම
පෙම් කෙරුවේ
සියතුන් නැතත් නුඹෙ හඩ
නොමැකී ඇත්තේ
යන්නට ගියත් සිත නුඹ ලග
තව ඇත්තේ
තව එකවරක් නුඹ දැකුමට මග
බලමින් ඉන්නේ
හරිම ලස්සනයි පද ටික...
ReplyDeleteපද ටික විතරක් නෙමේ...අලුත් ඇඳුමක් අන්දලා නිසා බ්ලොග් එකත් හරිම හැඩයි පසන්
දිල් /
ReplyDeleteකාලෙකට පස්සෙ දිල් ලස්සනම ලස්සන comment එකක් දාල තියෙන්නෙ... ගොඩක් ස්තූතියි ඒකට......
අපෝ ඔයා දන්නැනෑනෙ අපේ ගීතුයි වැප් කොල්ලයි මේ අලුත් ඇදුම අන්දන්න කලින් කියපු හරියක්... මොනව උනත් ඒ දෙන්න තමයි මේක මේ තරමට හරි ලස්සන කරන්න උදව් කරේ... ස්තූතියි ගොඩක් අලුත් ඇදුමත් අගය කරාට.....
හරි ලස්සන කවි කෑලි ටික....
ReplyDeleteසිතට ලංවී හිදිනට බැරි
ReplyDeleteනෙතට ලංවී විදින්නට බැරි
ජීවිතේ එක ලගින් එන්න බැරි
සබදකම් කුමකට දුක පිරි..
ලස්සනයි !!!
ම්ම්ම්..
ReplyDeleteමගේ හිතේ දෝංකාරයද මන්දා...
අපූරුවට ගළපලා තියනවා...
ලස්සනට ගළපලා තියනවා..
ReplyDeleteපුන් සද නැතත් කලුවර රෑ අමාවක
ReplyDeleteබබරුන් නැතත් මල් උයනේ රොන් ගන්න
නිහඩව ඇතත් සියතුන් නැති ලොව අවට
තනිකම මකයි හිමි සද නුබෙ සදහටම....
indi /
ReplyDeleteගොඩක් ස්තූතියි මගේ කවි කෑලි ටික කියවන්න ආවට
පබලු/
ගොඩක් ස්තූතියි පබලු ලස්සන පද ටිකට
චමිදේවා/
ගොඩක් ස්තූතියි ඇවිත් අගය කරල ගියාට
ක්‍රිශාන් /
ReplyDeleteස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
kesh /
ReplyDeleteගොඩක් ලස්සන පද ටිකක් .....ස්තූතියි ගොඩක්.......
ලස්සන කවිය..
ReplyDeleteස්වප්නා\
ReplyDeleteගොඩක් ස්තූතියි අගය කරාට........