ඇදි සිත්තම මහද පුරා
සිත්තරාම නිහඩ වෙලා
පින්සල ඇත විසි කරලා
සෙවනැලි ඇදි බිත්ති පුරා
නුඹ හිදීවි මදෙස බලා
සෙවනැලි වියකෙයි කියලා
මම ඉන්නෙමි තුරුලු වෙලා
නුඹ හිදීවි මදෙස බලා
සෙවනැලි වියකෙයි කියලා
මම ඉන්නෙමි තුරුලු වෙලා
පුන්සද ඇති රෑ අහසේ
සිත්තම් කල රුව නුඹගේ
බලමින් ඉමි මගෙ සයනේ
තනිකම විතරද උරුමේ
මගෙ කුටියේ හිස තියාන
සිහින මවමි නුඹෙ රුව ගැන
හඩන හැඩුම් සිත පුරාම
නුඹ දනීද මම කල පෙම
සිහින මවමි නුඹෙ රුව ගැන
හඩන හැඩුම් සිත පුරාම
නුඹ දනීද මම කල පෙම
වනන්තරේ තුරු වදුලේ
මල් පිපේලු හොර රහසේ
මට දැනුනට එහි අරුමේ
එවන් මලට නැත උරුමේ
සමනළයින් එයි බලන්න
සිත් මල මත රොන් උරන්න
රොන් පිරුනම ඇති තරම්ම
උන් යයි පියඹලා යන්න
සිත් මල මත රොන් උරන්න
රොන් පිරුනම ඇති තරම්ම
උන් යයි පියඹලා යන්න
පියඹා යන සමනලයින්
යනවිට ඈතට ඇතින්
තනිකම එයි යලි විගසින්
කදුලු උනයි මට රහසින්
simply amazing.....very touching....:D
ReplyDeleteදේදුනු පාට මල් හීනයක දැවටී
ReplyDeleteසිත්තමි කල සෙනෙහස
දාවල් ගිනිගත් අවිවට පිච්චි
මිදී ගියා සේ සිතට දැනුනත්
අවකාෂයේ පාවි
දසත සැරිසැරැ තනිකම
කුරැලු පිහාටුවක් වගේ
දොතට අරන්
ඔබේ හදවතට
එපා තුරැල් කර ගන්න
මා ජිවත් වන තුරාවට
This comment has been removed by the author.
ReplyDeleteපාලුව තනිකම රජයන
ReplyDeleteගන අදුරේ හිතට එබෙන
මිහිරි සුවද සයන පුරා
අතුරා යලි දුරට දුවන ....
සමනළ තටුවල පාටින්
හීන හුගක් එකතු කරන
මල වල සුමිහිරි සුවදට
වසග වෙලා සුවද සදන....
ජීවිතේම ලගට වෙලා
ඉන්න කියා පෙරුම් පුරන
හීන අරන් නුබම ගියා
කදුලු බින්දු තියා ම'නෙත...
ලස්සනයි පසන්!!!
Shadow/හේමලයා /
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝ...
නිපු /
මං දන්නවනෙ නිපූ ඔයාල මාත් එක්ක ඉන්නව කියල.. එකනෙ මෙච්චර සතුටින් ඉන්නෙ
kesh /
ReplyDeleteස්තූතියි ගොඩක්...:D :D
පබලු /
නියමයි පබලු. හැමදාමත් වගේ පද පෙල නන් ඉස්තරම්. ස්තූතියි ගොඩක්