මම කසාද බදින්න තීරනය කරා. ඒ මොකවත් නිසා නෙමේ. කලින් පොස්ට් එක කියවල බලල මම අහගත්ත දේවල් එක්කම මගෙ යාලුවොත් කියපු නිසා. මේක මම ගොඩක් කල්පනා කරල ගත්ත තීරණයක්. අනික ජීවිතයක් හැමදාම තනියෙන් ගෙවන්නත් බැහැනෙ. කවුරුම හරි ඉන්නත් ඔනිනෙ. යාලුවොත් උපරිම සහයොගයක් දෙනව කියල මම දන්නව. ඒ නිසා බය නැතිව ගෙදරට කියන්න ඕනි කියල හිතල මම ගෙදරට ඒ ගැන කිව්ව.
අම්මයි තාත්තයි විතරයි සාලෙ හිටියෙ අක්ක කාමරේ වෙන වැඩක මුලින්ම ලැජ්ජවෙන් ඉදල ෆුල් ශක්තිය හිතට ඇරගෙන අම්මට මම කිව්ව...
"අම්මෙ මම බදින්න කියල හිතුව"
අම්මගෙ මූන වෙනස් උන විදිහ මට හිතා ගන්න බැරි උනා. ගොඩක් වෙලා මම දිහා බලා ඉදල එකපාරටම තාත්ත දිහා බැලුව. තාත්ත ඇහුනෙ නෑ වගේ ටී. වී. එකබලාගෙන හිටිය. මම ආයෙත් ඇහුව
"අම්මල මොකද කියන්නෙ"
අම්ම හොද හුස්මක් අරගෙන කිව්ව ඔයාගෙ කැමත්තක් එහෙමවත් හැදෙයිද බලමුකො.... කියල තාත්ත තාමත් මුනිවත රකිනව. මම ගල්ගිල්ල වගේ බලාගෙන හිටිය. අම්මෝ....... පපුව ගැහෙනව හෝ....... ගාල ඒත් තාත්ත ඔහේ බලං ඉන්නව. එකපාරටම මම දිහා බලල ඇහුව...
"ඔය තරමටම හදිස්සිද"
මම කිව්ව "නෑ ඉතින් යාලුවොත් බදිනවනෙ ඒ නිසා මාත් බදින්න හිතුව" කියල......
ඔයාගෙ කැමත්තක්...... අම්මො ඇති යාන්තන් තාත්තගෙ අවසරෙත් ගොඩ. සතුට දෝරෙ ගලනව කියන්නෙ කියා ගන්න බෑ. ඒත් තාත්ත එච්චර සතුටින් නෙමේ කියල තේරුනා. අක්ක ගෙදර ඉද්දි මම බදින එක හොද නෑ කියල මම දන්නව. ඒත් මගෙ ජීවිතේ පිලිවෙලක් උනොත් හොදයි කියල තමා මම ඒ තීරනේ ගත්තෙ. දැන් මගුල් දවස ගැන කථා උනා නොවැම්බර් මාසෙ මට හොදයි කියල අම්ම කිව්ව මේ නොවැම්බර් වලට දාගම්මු කියල. මාත් ඉතින් දැන් කථා උන හැම දේකටම ඔලුව වැනුව. අක්කටත් මේක ඇහිලදෝ මන්ද එයා කිව්ව එයා ලග තියන සල්ලි ටිකකුත් දෙන්නන් කියල. හ්ම්ම්ම........ ඒක නන් හිතට මාර සහනයක් ඒත් අක්කගෙ මූණ නන් එච්චර හොද නෑ වගේ. අනේ මන්ද මම වැරදියි කියල දන්නව ඒත් මම දැන් තීරණයක් අරන් ඉවරයිනෙ..
දැන් තමා අමාරු හරිය. මංගල ආරධනා පත් ටික මැලිබන් වීදියෙන් කර ගන්න පුලුවන් එතකොට පිංතූර ටික ගන්න මගෙ යාලුවෙක් ඉන්නව ඒක නිකන් කරල දෙන්නන් කිව්ව මොනව උනත් හොද කැමරාවකින් පිංතූර 1000ක් විතර ගත්තම 50ක් විතර හොද ඒව වදීනෙ. එහෙමන ඉතින් හැමෝම කරන්නෙ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න ඔනි නෑනෙ. ඊලගට අන්දන කෙනා.... අපේ පුංචි මනමාලියො පාට කරන කෙනෙක් ඒ නිසා එයාගෙන් උදව් ගන්න පුලුවන් කියල මම දන්නව. ඒ ගැනත් මට වැඩිය හිතන්න ඔනි නෑ එතකොට සල්ලි ගොඩක් ඉතුරුවෙන නිසා ලොකු හෝටලයක මගුල ගන්න පුලුවන් නෙ. හෝටල් 5කටවත් කථා කරල ගනන් අහගන්න ඔනි දැන් මගුල් කේක් අරව මේව ගෙදර හදා ගන්න පුලුවන්නෙ ඉතින්. ඒව පස්සට දාමු....
රත්තරං බඩු ටිකට තමා ඉතින් ලොකු වියදමක් යන්නෙ. ඒකට බැංකුවකින් වත් ලෝන් කට්ටක් දාගන්න වෙනව. මගේ යාලුවෙක් ඉන්න නිසා ඒකත් වැඩි අමාරුවක් නෑ කියල මම දන්නව. මොනව උනත් හැම තැනම යාලුවො නිසා වැඩේ කරදරයක් නෑතිව ගොඩ දාගන්න පුලුවන් වෙයි වගේ. ඉතින් ඊට අමතරව ලොකු වියදම් වෙන වැඩ නෑ මම හිතන්නෙ.
ඔය ටික තමයි නෙ ලොකු වැඩ ටිකකට තියෙන්නෙ. මම මේ පෝස්ට් එක කලින්ම දැම්මෙත් මග ඇරුන දෙවල් තියනව නන් ඔයාල මට කියල දෙන්න.. බැදපු අයත් මේව බලනව ඇතිනෙ ඉතින්... මේ ඔක්කොම දැං මම සැලසුම් කරල ඉවරයි ඒත් ...................
මොකක්දෝ මන්ද ලොකු අඩුවක් තියනව කිය උනෙ නැති මොකක්ද??????? ම්ම්ම්ම්ම්ම්ම්ම..........
හුටා...........................................
මනමාලියෙක් නෑනෙ
දැන් ඉතින් හොයපන්කො ඒකකුත්......... හ්ම්ම්ම්ම්ම්ම.......................
අයියෝ.....මොනාද අනේ...මම හිතුවා ඔක්කොම කියනකොට මනමාලියෙකුත් හොයාගෙන ඇති කියලා...මම ඒත් බැලුවා ඔක්කොම කියනව මනමාලිගැන කිවුවේ නෑනේ කියලා...අනේ ඉක්මනට එයවත් හොයගන්නකෝ...
ReplyDeleteall the best...:D
kesh/
ReplyDeleteඅනේ මට තනියෙන්ද ඒක හොයා ගන්න වෙන්නෙ මම හිතුව මගෙ යාලුවො ඒකටත් උදවු කරයි කියල .........:( :'(
කමක් නෑ ඉතින් අඩුම ගානෙ සුභ පැතුවනෙ ....:D
එකත් ජයසිරි මන්ගලම්...............
ReplyDeleteඉර හද පත්තරෙට බාරදෙන්න.....
ජයවෙවා.
ෂෑක් ... මාර කේස් එක .... බලපන් මනමාලි සාක්කුවෙද කියලා
ReplyDeleteහි හි
ඔක කොහොම හරි නොවැම්බර් මාසෙ ගමු. බය වෙන්න එපා. තව දවස් කොච්චර තියනවද. දැන් ඉතින් මං වගෙ දකින් දකින එකිගෙන් අහන්න පටන් ගනින් " මාව බඳිනවද.. " කියලා. ඔහොම යද්දි එකෙක් ව සෙට් වෙයි, තිබ්බ අඩිය ආපස්සට ගන්න එපා.. එක නෙමෙයි.. මෙ නිපු කියන නංගි උඹට පිස්සු කියලා තියනවා, මෙකිව මරන්න එපැයි බන්. එහෙම කියනවද සතෙකුට උනත් මුහුණ බලාගෙන. මෙ වගෙ කෙල්ලො තමයි බන් අපිව කවදත් විනාශ කරෙ. පරිස්සමෙන් හිටපන් ඔය කෙල්ලගෙන්... හි.. හි..
ReplyDeleteමටත් කෑගැස්සුනා. කෙල්ලෙක් නැහැ කියපු හාම, යකෙ වැඩිපුර ඉන්නෙ කෙල්ලොනෙ මෙරටෙ. බයවෙන්න එපා.. ඔක්කොම හදාගනින්කො.. අන්තිම තප්පරෙදි හරි වෙඩින් එකට එන කෙල්ලෙක්ව හරි සෙට් කරගන්න බලමු.. වැඩෙ ගොඩ... මං ගියා..
ඉලංදාරියා/
ReplyDeleteඅනිවා අනිවා දැන් නන් හැම තැනමටම හදහනේ කොපියක් බාරදෙන්න වෙනව ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
වැප් /
ReplyDeleteනෑ බං හැම තැනම බැලුව කොහෙවත් නෑ බං දුක් සීං ...එක බං .....:(
රවා /
ReplyDeleteඒක තමයි මාත් දැං කරන්න හිතන් ඉන්නෙ දකින දකින එකෙන් අහනව ලවු කරන්න නෙමේ බදින්නම හික් හික් හික්ස්
මේ මේ ඒක නෙමේ කොලුව වැඩිය නිපූත් එක්ක පැටලෙන්න යන්න එපා මස් තිබ්බට වලියට නන් කටු අත්තක් ගේමම තමා ඉල්ලන්නෙ මාත් හරි පරිස්සමින් තමා ජීවත් වෙන්නෙ
වැඩිපුර කෙල්ලො හිටියට උන් එලියට බහින්නෙ වෙසක් බලන්න විතරද කොහෙද අපිට හොයන්න ඔනි උනාම එකෙක්වත් නෑ බං ෂික්.... විතරක් ...:(
It seems you studied in a mixed school (now boys only) in Kotte, close to the Election Commissioner’s Office. Hmm... me too.
ReplyDeleteGood writings friend. Keep it up.
පැහ් . . . මදැයි ඉතින් කොලා. මම මේක කියව කියව හිතුවෙ කාලෙකින් මගුල් කෑමකුත් කන්න බරි උනා නේද කියල බොලේ ......... හොඳා හොඳා . . . කල් යල් බලල හොඳ තැනකින් කටයුත්තක් එහෙම කොරගත්තනං එහෙනං . . . . !
ReplyDeleteඅයියෝ බදින්න හදිසිම නම් මම දෙන්නමි සිම්පල් ප්ලෑන් එකක්. මේකයි ප්ලෑන් කසාද රෙජිස්ටර් කරන තැනකට ගිහින් හිස් තැනක් තියලා රෙජිස්ටර් වෙයන්. කෙල්ලක් හම්බ උනහම හිස්තැනේ අත්සන් කරලා වෙඩින් එකක් ගනිං. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ.
ReplyDeleteහි හී කලින් නම් නැති වුනේ මුද්ද.එත් එදා නම් හිටියා ලන්ඩන් වල ඇල්බට් අන්කල්.
ReplyDeleteමේ මනමාලි කොහෙන් ගන්නද මේ හදිසියේ.වෙඩිම පෝස්ට්පෝන්ඩ් කරගන්න වෙයිද? :( :D :D :D
රවා/ පිස්සු හැදුනු කෙනාට පිස්සු කියලා කියන්නේ නැනිව වෙන මොනවා කියන්නද? මාව මරන්න නම් එච්චර ලේසි වෙන එකක් නම් නැහැ.අනික ඉතින් ගැරංඩි මරලා නිකන් පවි පුරව ගන්න ඔනේ නැහැනේ රවා අයියා.අනිත් එක තමයි ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න ඔනේ නැහැනේ.ඇත්ත තිත්ත වුනාට මම මොනවා කරන්නද?පසා කොලුවට පරිස්සමි වෙන්න කිවුවට මොකද අනේ පවි දැනටමත් කොල්ලා අහුවෙලා ඉවරයිනේ....
ReplyDeletepasan/ ඇත්තද? මලක නටුවේ කටු නැති වුනොත් එක නිකමිම මලක් විතරයිනේ ඔන වෙලාවක කාට වුනත් ඇවිල්ලා කඩාගෙන යන්න පුලුවන්.ඒ වුනාට නටුවේ කටු තිබුනොත් අනිවාර්යෙන්ම රෝස මලක් නේ.කාට වුනත් ලේසියෙන් කඩාගෙන යන්න බැහැනේ..ඒ හින්දා රෝස මලක් ගාව ඉන්න කොට වනබඔරැ කොහොමත් පරිස්සමෙන් තමා ඉන්න ඔනේ............මොකද දන්නවාද?????? අල්ලන්න ගියොත් කටු අැනෙනවානේ...........
දුමී /
ReplyDeleteහ්ම්ම්ම් මාත් හිතන් උන්නෙ එහෙම තමා ඉතින් මක්කොරන්ද දුක තමා කිව්වලු ගොඩක් සතූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ගීත් (සහෘදයා) /
ඒත් බං කෙලි පොඩ්ඩක් හොයා ගන්න ඔනිනෙ ඒකනෙ මෙතන අමාරු වැඩේ මක්කොරන්නැයි ඉතින්......:(
පබලු/
ReplyDeleteඅපෝ බෑ පබලු ඒව වෙලාවට කෙරෙන්න ඔනි වැඩ ඔයත් මොනව කියනවද මන්ද අසුභ කථා කියන්න එපා
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Nipu/
ReplyDeleteඔන්න ඉතින් පැටලෙන්න ඇවිත් නිපු මම මුකුත් මෙතන කියන්නැහැ කෝල් කරලම කියන්නන් නැත්තන් ඔයා පවුනෙ
රවෝ දැක්කනෙ මම කියපු දේ කටු අත්තක් නෙමේ කටු ගහක්
අනේ මෑදයි කොලා .දෑන් ඉතින් හොයාපංකො අමාරුම එක
ReplyDeleteසිහ්...... මදැයි කොරා........ මේ පුංචිටම කියන්න අන්දන්නත් කෙනෙක් එක්කන්ම එන්න කියල......... වැඩේ ගොඩ එතකොට...... :D :D :D :D :D :D
ReplyDelete(කොහොමද මගේ හා මොලේ...... )
Anonymous/
ReplyDeleteඅන්න හරි කවුද දන්නෑ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල මොන අවුරුද්දෙද ඔබතුමා/තුමී සතුටුයි මේ පැත්තට ඇවිත් ගිය එකට
NUWAN"s lane
ඒකනෙ සීන් එක ගොඩක් සතුටුයි මේ පුත්තට ඇවිත් ගියාට
හා පැටික්කි (MS)/
ReplyDeleteහා මොලේ නන් මරේ මරු තමා. හික්.... හික්... හික්ස්... බලමු බලමු ඒ වැඩේවත් කොරල තන්කූ... තන්කූ ...මරු අදහසට
පසා
ReplyDeleteජපනා කොළඹටයි, මඩකලපුවටයි බොම්බා දාපු වෙලාවෙ, පත්තුවෙන්නෙ නැතිව ගිය බොම්බයක් වෙන්නැති මෙ පොඩි එකීගෙ ආච්චී. එක තමයි මෙ කෙල්ල මෙච්චර සැර.
හරි නංගි රොස මල් වල කටු ඇනෙනෙ නැති වෙන්න මල් කතුරු තියනවා. අනික නංගි රොස මල් කියන්නෙ කිසිම වැඩකට නැති ලස්සන දෙයක්. ඔයා රොසමලක් නම් වෙන්න එපා.
ඔයා බොම්බයක් වෙන්න.. පසා ඉන්න වෙලාවක, තව හතර පස්දෙනෙකුත් වට වෙලා ඉන්න වෙලාවක, ඩොං ගාල පුපුරන්න. මෙ ලමයා LTTE එකෙන් පැනපු කෙනෙක්ද මන් දන්නෙ නැහැ.
පසා මම වැඩියි ද කිව්වා.. මෙ ලමයට තරහා යන්නෙ නැහැ නෙද...
ඉතින් නංගි ඔයත් මොනවා හරි ලියන්න පටන් ගන්නකො , ඔයාගෙ අත්දැකිම් ගැන, තව එකෙක් හරි වැඩිවෙනවානෙ..
පසා ඔය ලමයටත් බ්ලොග් එකක් හදහන් ඔය මොනවා හරි කොට කොට ඉන්න.
පට්ට බං......... මනමාලියෙක් නෑ........ :D :D :D :D :D :D
ReplyDeleteඅප්පේ නොවැම්බර් වෙන්න තව කොච්චර කල් තියෙනවාද?? බැරිම වුනොත් එදාට මනමාලියෙක් රෙන්ට් කරමු!!
ReplyDeleteහුටා....අයියට අමතක වෙලා තියෙන්නෙ නූතන මගුලකදි වැදගත් නැතිම දේ නෙ....හි හි
ReplyDeleteඒ නිසා ඒක අමතක කරල අනිත් වැඩ ටික හරියට කරගමු ඩී
රවා /
ReplyDeleteඔව් අනේ ඔයා හරියටම කිවුවා මගේ ආචිචි ගැන ලකුනු 100/100 යි..පුංචි වුනත් හරිම සැරයි ගමිමිරිස් ඈටේ හායි හුයි කැවා නේද ගමිමිරිස් ඈටේ...
රොස මල් කියන්නෙ කිසිම වැඩකට නැති ලස්සන දෙයක් වෙන්නේ කොහොමද?හොදට හිතලා බලන්නකො පෙබරවාරි 14 වෙනිදාටම කොචිචර ඔන වෙනවද?එදාට වැඩකට ඈති ලස්සන මල් කොචිචර තිබුනත් වැඩක් නැහැනේ රොස මල තරමි...
හරියට හරි පසා ඉන්න වෙලාවක,ඔය කියන හතර පස්දෙනෙක් ගෙන් එක් කෙනෙක් ඔයා වුනොත් අනිවාර්යෙන්ම මම නිකම්ම නිකමි බොම්බයක් නෙමෙයි හිරෝශිමාවට වැටුනා වගේ බොම්බයක් තමා වෙන්නේ...
අනේ මට තරහා යන්නේ නැහැ.ඔික ඉතින් පසා ගෙන් අහන්න ඔිනෙද? නේද පසා ??කියන්නකො මෙයාට...
බොහොම ස්තුතියි අාරාධනාවට..මම ඉතින් කොහෙවත් යන්නේ නැහැනේ මගේ සද දාලා..ඉතින් ඔයා මගේ සදට ආපු වෙලාවක මාවත් බලලා යන්න එන්න මේ විදිහට..
පසාත් හැම වෙලාවෙම කියනවා බ්ලොග් එකක් හදන්න කියලා බලමුකො....
හිකිස්... ළමයාගෙ අදහස නරකද පසන් අයියේ??? රෙන්ට් කරමු බැඉම උනොත්..
ReplyDeleteනැත්තන් එන හැම කෙනාටම මනමාලියෙක් අරන් එන්න කියමු,හොදම කෙනා තෝර ගමු.. [ ටිකිරි මොලේ ;) ]
මනමාලියන් සොයා දෙමි!! :))
ReplyDeleteඅවශ්‍ය සුදුසුකම් සහිත ඉල්ලුම්පතක් දාපංකෝ මුලින්ම.ඊලඟට අපි හොයලා දෙන්නං එකක්.අනිවා!!
එනකොට තෑගි මුකුත් එපා මට හොඳයි කියලා හිතෙන මනාලියක් සමඟ පැමිණෙන්න කියලා ආරාධනාපත්රයේ ලියන්න..හික්..හික්...
ReplyDeleteඑතකොට කැමති එකක් තෝරගතහැකියි...මේ වගේ කථාවක් කලින් අහලා තිඹුණා..හැබැයි මම හිතුවේ සිරාවට ම කියලා.කොහොම උනත් මරු පෝස්ට් එක..
ජයවේවා!!!
හෆොයි...පිටේ බෝඩ් 1 ගහ ගනින් බං..."වෙඩින් 1 ට සියල්ල ලැස්ති.බඳින්න කැමති කවුරු හරි ඉන්නවනම් අත උසන්න කියලා" :පී
ReplyDeleteP.s:-
"It seems you studied in a mixed school (now boys only) in Kotte, close to the Election Commissioner’s Office. Hmm... me too."
ඇත්තද බං මේ කියලා තියෙන්නේ??? මාත් අන්න ඒ ඉස්කෝලේ නේ බං :)
රවා /
ReplyDeleteනෑ නෑ එයාට එහෙමට තරහ යන්නෑ මට විතරයි බැනුම් උඹල කථා කරද්දි මම එයාගෙ පැත්තට කථා කරන්නැහැලු අනේ මන්ද ඔන්න මම නිපූගෙ පැත්තෙ දැන් හරිනෙ නිපූ ඔය බොම්බෙ පුපුරන වෙලාවක් දන්නෑ බං හිටපු ගමන් තමා පුපුරන්නෙ
මාත් කිව්ව බ්ලොග් එකක් හදන්න කියල බෑ කිව්වෙ ඒ නිසා නිකන් හිටිය
Anonymous /
ReplyDeleteඅනේ මන්ද මෙයාලට හිනා. මටනෙ දුක.......:( ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ළමයා/
අනේ ළමයො එහෙම හරි තැනක් තියනව නන් කියහන්කො මටත් එකක් රෙන්ට් කර ගන්න හික්.. හික්.. හික්ස්... ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Prabhath Darshana /
ReplyDeleteබෑ බෑ කොලුවො ඒක අමතක කරන්න බෑ ඒක ඔනිමයි අනිත්ව නැතුවට කමක් නෑ ඉතින් හික්ස් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Nipu /
ReplyDeleteඔන්න මම රවාට කිව්ව මම ඔයාගෙ පැත්තෙ කියල දැන් හරිනෙ ......:D hikz....
nirahankaara ahinsakaawi /
ReplyDeleteමේ අහින්සකාවියගෙ ටිකිරි මොලේ නන් මරු ඒත් හොද එක්කෙනෙක් ආවෙ නැත්තන් තනියම තමා පොරුව උඩ ඉන්න වෙන්නෙ අපි එකක් රෙන්ට් කරමු ඒක හොදයි ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ජංජාල චාමර /
එළ එළ මම දාන්නන් විස්තර කියල ඉල්ලුම් පතක් එහෙනන් ඒ වැඩෙත් ගොඩ හික්ස් ස්තූතියි මචන් මේ පැත්තට ඇවිත් ගියාට
sampathjt /
ReplyDeleteඑහෙම බෑ තෑගිත් ඔනි කෙල්ලෙක්ත් ඔනි.. හික්... හික් ...හික්ස් ...ස්තූතියි මචන් මේ පැත්තට ඇවිත් ගියාට.
මල්$han/
ඔවු ඔවු මාත් ඒ ඉස්කොලෙම තමා අදුනගන්න හම්බඋන එක සතුටුයි අර ඈනී කවුද දන්නෑ අක්කෙක්ද අයියෙක්ද නංගියෙක් ද මල්ලියෙක්ද කියල නන් දන්නෑ කිව්වෙත් නෑ නෙ තාම ...:(
අනේ යකෝ මදැයි මගුල් කන්න බලං හිටිය.
ReplyDeleteඅඩෝ උබ මගේ චායාරුප කලාව ගැන ඔහොම කතා කරන්න එපා. ප්‍රසිද්දිය නැති උනාට මටත් ගන්න පුළුවන් හොද හොද ෆොටෝස් හා..... අපි ඔය මැෂින් ගන්ස් අල්ලනව වගේ ෆොටෝ ගහන්නේ නෑ...
ReplyDeletethariya /
ReplyDeleteකමු කමු කොහොම හරි මගුලක් කමු හික්ස් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Anonymous /
මේ උපුල නෙ අඩෝ අර සීන් එක එලට වැඩනෙ හොදට සිංහල ටයිප් වෙන්නෙ අනේ උඹෙ කලාම මම නොදන්නවයැ ඉතින් අඩෝ අපේ ස්කෝලෙ දෙන්නෙක් මේක බලල බං
හික් හික් මටත් ඔය සීන් එකමනෙ බන්
ReplyDelete@ Pasan : අනේ මන්දා බං...කොහෙද මුං නමක් ගමක් කියන්නවත් කැමති නැති එවුන් නේ.... :)
ReplyDeleteඑල එල සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගන්නවා.. :)
නිපු නංගි පෙබරවාරි 14 වැනිදට රොස මල් ඔනා වෙන්නෙ.. බිස්නස් කරන අයට.. මිසක් ආදරෙ කරන අයට නෙමෙ... පෙබරවාරි 14 වැනිදා ආදරෙ කරන අයට ඔනා තමුන්ගෙ පෙම්වතාගෙන් හො පෙම්වතියගෙන් සොදුරු සලකුණක් විතරයි. 1500 යක රොස මලකට වැඩිය වටිනවා කෙල්ලගෙ නලලට දෙන හාද්දක්..
ReplyDeleteමම නම් ලාබෙට ආදරෙ කරන්නෙ.. වැඩිය වැඩිය මිල අධික වෙන්න බැහැ ආදරෙ වෙනුවෙන්.. හික්ස්... 1500 රොසමලකුත් දිලා වෙලාවට තැනකට එන්න බැරි වුනා කියලා තරහා වෙලා යද්දි ඉතින් ඇඹරි ඇඹරි, දඟල දගල හිටහන්කො මෙ පසා වගෙ...
රවා/
ReplyDeleteඉතින් අනේ බිස්නස් කරන අයට ඔනා වෙන්නෙ රොස මල් ගන්න අය ඉන්න හින්දනේ..
ලාබෙට ආදරෙ කරන එකනමි හොදයි අනාගතේට...
මේ කවුද. අනේ ඒ??? පසා 1500 රොසමලක් දිපු කෙල්ල??? අනික පසාට ඇඹරි ඇඹරි, දඟල දගල ඉන්න ඔවා වෙන්න ඔනේ නැහැ අනේ කොහොමත් එයාගේ වැඩෙ ඒක තමා..
පසා/
කවුද ඒ 1500 රොසමලක් දිපු කෙල්ල??????????????
ලස්සනට කියාගෙන අන්දගෙන ගිහින් නෑව්වනෙද කට්ටියවම??
ReplyDeleteNipu /
ReplyDeleteඔයා ඉතින් දන්නවනෙ මම ටෙඩී ල ඇර වෙන මුකුත් අරන් දීල නෑ කියල
Dangamalla/
හික්ස් අපි එහෙමයි ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට