Monday, July 5, 2010

මගේ මල ගම දා........


​ගොම්මන් අදුර මැදින්
සුපුරුදු පාරෙන්ම
නුපුරුදු අයුරකින් ඈදී යමි
පාවෙන්නාක් මෙනි
මග දෙපස සුදු වතින් සැරසුන
දෙනෝ දාහක් දෙන
දුකින් පිරි මුහුණ තුල
හිස් බැලුම් සගවා
තැනින් තැන හිදගත් වනම
මුමුණයි
මග දෙපස මගේම මිතුරන්ම
සුදු කොඩිත් අත දරා
මගේ පෙර මං නොබලාම
තුරු වියන් සරසයි
අමුතු හැගීමකි
විදුලි කනුවක තිබූ රුව දැක
ඒ දෙසටම ඈදී ​යමි
දෙනෙත් අදහා ගත නොහැක
ඒ මමද
මගේ මල ගම අදද..
ඔවුන් බලා සිටිනුයේ මා මිහිදන් කරන තෙක්මද???


(
දැඩි විරෝධයන් මැද ප්‍රකාශයට පත් කරන ලදී)

15 comments:

  1. hmmmm.. eka kiyawaddi nan amuthuma deewla godak hithuna aiya.. ada math inna thaththwe ekka mata hithuna heta meka mage kathawa weida kiyalath.. hmmmm..

    ReplyDelete
  2. අයියෝ නගෝ.... ඒ මොකද ඒ...බය වෙන්න එපා අනේ අපි හිතුවට ඕව එහෙම වෙන්නැහැ...

    අදත් පලවෙනි එකම දාගත්ත නෙ.. හික්ස්....

    ReplyDelete
  3. මේක කටත් පොදුයි ...
    [කවුද යකෝ විරෝධය පෑවේ]

    ReplyDelete
  4. අද මොකද හෙට මොකද......කවදාහරි කාට කාටත් වෙනෙදේ නෙව.........

    ReplyDelete
  5. මමත් නිකන් මැරුණවගේ වුනා මේක කියවද්දි..ලස්සනයි .හැමදාම කියනව වගේ සජීවියි වචන...
    මල - පුෂ්පය
    මළ - මැරුණු
    මෙහෙම නේද වෙන්න ඕන ...?

    ReplyDelete
  6. අපි හැමෝටම පොදු දෙයක්....

    ReplyDelete
  7. ජිවිත ගමනේ ...
    තවත් එක මොහොතක
    නතරවී.....
    බොහො දෙනෙකුට හඩනගා...
    කියාගන්නට බැරිවුන කවියක්.....

    ඇත්තටම මගේ මලගමදා මට ඔය විදිහට හිතුනොත්....මට හඩනගා කියන්න බැහැ නෙද..


    හැගුම් හිරකල පදවැලක්...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @පසන්
    ගොඩ කාලෙකට පස්සෙ ගොඩ වුනේ. හපොඉ මෙථන මළගමක් නොවැ. දුකත් හිතුනා. ඒත් සැබැ සිදුවීමක්. මම මේ දෙය හීනෙන් දැකලා තියෙනවා. හි හි. ලස්සනට ලියලා මලෝ....

    ReplyDelete
  10. විරෝධයට එරෙහිව මාගේ දැඩි විරෝධය.

    හොදයි නමුත් එදා එක තරම් ලස්සන නැහැ

    ReplyDelete
  11. අයියෝ. මේ මොකද මේ.... මං කමෙන්ට් මැකුවෙ නෑ නෙ... මොකද මේ වෙලා තියෙන්නෙ.......:(

    ReplyDelete
  12. @පසන්
    මගෙ කමෙන්ට් එකථ් ඊයේ මැකිල තිබ්බා. දැන් ඇවිල්ලා... හොල්මනක් ද?

    ReplyDelete
  13. මරණානුස්සති භාවනාව වගේ..

    [විරොධයට එරෙහිව මාගේද විරොධය..]

    ReplyDelete
  14. හැමදාම මගේ සද අලුත් පෝස්ට් එකක් දැම්මොත් මගෙ අදහස් තමා මුලින් තියෙන්න ඕන.. :) :) මගේ අයියා වගේම මගෙ ලගින් ඉන්න කෙනෙක් නෙ ඔයා... ටිකක් ආත්මාර්තකාමියි.. ඒත් එ සහොදරකමට මගේ තියන ලෝබ කම වෙන්න ඇති අයියා..

    ReplyDelete
  15. මරණය වනාහි ෆැන්ටසියකි...
    කාටත් පොදුය..
    එකෙකු මෙම ෆැන්ටසියට බියය...
    තවකෙකු මෙම ෆැන්ටසියට බිය නැත..
    සැමටම උරුමය උපතේ සිටම...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...