මෙය මා ලගදී දුටු ඉංග්‍රිසි ලිපියකින් උපුටා ගත් කථාවකි.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දුම්රිය පිටත්වීමට සුදානම්ව අවසන් නළා හඩ ගුවනය මුසු කරද්දී දුම්රිය තුලට හිස හොවා ගත් මා ඉද ගැනීමට අසුනක් සොයමින් ඉදිරියට ඇදෙන්නට විය. අසුන් කිහිපයක්ම හිස්ව පැවතියත් කවුලුව අසල ඉද ගැනීමේ තිබූ ආසාව නිසාවෙන් කවුලුවක් අසල හිස්ව තිබූ එකම අසුන වෙත ගොස් හිද ගතිමි. මා අසල වම් පස අසුන මත මහලු පියෙක් සහ අවුරුදු 25ක පමණ නිරෝගී තරුණයෙක් උන් අතර එම දෙදෙනාට ඉදිරියෙන් මැදිවියේ වන් වූ ගැහැණියක සහ පිරිමියක වුවෝය. දුම්රිය නළා හඩ වැඩි කරමින් ඉදිරියට ඇදෙන්නට විය
මා කවුලුවෙන් නෙතු යොමා ගත දැවෙටෙන සිහින් පවන් රැල්ලක සුව විදිමින් ගමන් කරන්නට විය. ගත වුවේ නිමේෂයක්.පියත් තම දරුවාත් අතර ඇති වූ දෙබසක් නිසාවෙන් මගේ දෙසවන ඒ දෙසට යොමු වන්නට විය.
"තාත්ත.. අර බලන්න... ගස් ඔක්කොම අපිව පහු කරන් යනවා.... "
දීප්තිමත්ව දිදුලන දෙනයනින් යුතු ඒ තරුණයාගේ වදනින් මා වික්ෂිප්ත වූයෙමි. එවන් තරුණයකුගෙන් එවැන්නක්????
මා සිත තුල කුතුහලය දොරේ ගලායන්නට විය.. මා පියා දෙස නෙතු යොමා බැලීමි
ඔහුගේ දෙනයනතුල නළීයන කුදුලු කැට අයාසයෙන් සගවා අහිංසක හිනාවකින් මුව සරසා තම පුතුදෙස බලා ඉන්නට විය
"තාත්තේ අර බලන්න අර උඩින් යන්නෙ. උන්ටද කුරුල්ලො කියන්නෙ.. උන්ද අපේ ගෙදර ඉස්සරහ කෑ ගහන්නෙ.........."
"ඔව් පුතා.. උන්ට තමයි කුරුල්ලො කියන්නෙ... ලස්සනයි නෙ.."
දෙනෙත් අදහා ගත නොහැක.. මෙවන් කරදඩු උස් මහත් වූ තරුණයක්ගෙන් මෙවන් වදනක් කෙසේ නම් අපේක්ෂා කරන්නද... පිස්සද කොහෙද?? මා සිතට නැගුන සිතුවිල්ල සගවා ඉදිරියේ උන් මැදිවියේ යුවල වෙත නෙත යොමා බැලීමි.. ඔවුන්ද එසේ සිතනවා විය යුතුය.. වික්ෂිප්තව පිය පුතුගේ සංවාදය දෙස බලා සිටි ආකාරයත් ඔවුන්ගේ ඇස්වලින් කියන්නා වූ වදනිනුත් එය මනාවට පසක් වන්නට විය.
කුඩා ළමයෙක් මෙන් හැසිරෙන තරුණයක් මා මින් පෙර දැක නොමැත... දුම්රිය සිසාරා නෙත යොමු කරමින් කුඩා දරුවකු මෙන් හැසිරෙන මෙම තරුණයා එහි සිටි සියලුම මගීන්නේ අවධානයට ලක්වන්නට විය.... කාලය කෙමෙන් ගතවත්ම සුන්දර කදුකරය වෙත ඇදෙන දුම්රිය මනරම් වටපිටාවකින් වැසීයන්නට වූ අතර තරුණයාගේ හැසීරීමද වෙනස් වන්නට විය.
තම ඇස ගැටෙන සියලුම දේ තම පියාට පවසන අතර ඒ පිළිබද අතොරක් නැති ප්‍රශ්න පියාගෙන් විමසන්නට විය.. මේ සියලුම දේ කදුලු පිරි දෑසකින් යුතු මහලු මිනිසා කදුලු අතරින් සිනහවන පුරවා මනාවට තම පුතුට පැහැදිලි කර දෙන්නට විය....
මෙය තවදුරටත් ඉවසා ගැනීමට නොහැකි වූ ඉදිරියේ උන් මැදිවියේ මිනිසා,,
මේ.... උන්නැහේ.... ඔය ඔහේගෙ පුතාද??
ඔවු මහත්තයො.. ඇයි ඒහෙම ඇහුවෙ?
ඔය මිනිහව හොද දොස්තර කෙනෙකුට පෙන්නනවා.. ඔකාට ඔල්මාදෙද කොහෙද..
මහුලු මිනිසාගේ දෙනයනින් කදුලු කැට කඩා හැලෙන්නට විය.. වෙවුලන දෙතොලින් මහා සාගරයක් බදු වදන් පෙලක් ගොතන්නට ඔහු ගත් උත්සහය නිෂ්පල විය.. ආයාසයෙන් වේදනාව සගවා ගත් ඔහු....
"අපි මේ දොස්තර ලග ඉදල තමයි මහත්තයො එන්නෙ.... අද තමයි මගේ පුතාගෙ ඇස් දෙක පේන්න ගත්තෙ.. අද වෙනකත් මගෙ පුතාගෙ ඇස් පෙනීම තිබුන්නැහැ....."
අයාසයෙන් එළියට දමා ගත් එම වදන් පෙල අවසානයේ මහ හඩින් ඉකිබිදිමින් මහලු මිනිසා හඩන්නට විය... තම දෙනයනින් ගලා යන කදුලු කැට තම පියාගේ උර මතින් බේරී යන්නටදෝ මෙන් එම තරුණයා පියාගේ උර මත හිස තබා සැගවෙන්නට විය...
මා කවුලුවෙන් ඉවත බලා ගතිමි....
දුම්රිය නළා හඩ අතරින් සුන්දර කදුවැටියක් පසු කරන්නට විය.....
ඈත්තටම දුක හිතෙන කතාවක්..
ReplyDeleteඅපේ මනස අපි විසින්ම කොයිතරම් දුරට ක්‍රමලේකනය කොට ඇත්ද?...යමක් දුටු පමනින් අප පුරුදු පුහුණු කොට ඇති යාන්ත්‍රික නිගමන වලටම එළඹෙන්නෙමු..:(.
ReplyDeletehmmmmmm...
ReplyDeleteඇත්තටම හරිම සංවේදි සටහනක්.
ReplyDeleteහ්ම්ම්.. ලස්සන කතාවක් ...
ReplyDeleteමට නං දුක හිතුනෙ නෑ හැබැයි. සතුටුයි.
අවුරුදු 25 කට නොදැක්ක දේ දකින නිසා සතුටුයි.
අර මෝඩ මනුස්සයට පොළොව පලන් යන්න හිතෙන්න ඇති.
ඒ හින්දත් සතුටුයි :)
සිරාවටම හදවතට වදිනවා බං..
ReplyDeleteලස්සනයි කතාවත්..
aurudu 25 kata passe me dewal dakinna labunama eyata monawa hithenna athida.... hmmmmm lassana kathawak..
ReplyDeleteමාර කාථාවක්....නියමයි
ReplyDeleteකඳු මුදුන් දිහා බලලා භූ විෂමතා තීරණය කරන්න එපා කියන්නේ ඒක තමයි.
ReplyDeleteහොඳ, වටිනා පෝස්ට් එකක් මචං
නියමයි!!! හදවතටම නෙවෙයි හදවතේ ගැඹුරටම වැදුනා.... :D
ReplyDeleteඅනුවේදනීය සත්‍ය කතාවක්..?
ReplyDeleteසංවෙදී කතාවක්.. ඇත්තටම අපි ලෝකෙ ගැන අනිත් මිනිස්සු ගැන මොනාද දන්නෙ...
ReplyDeleteහුඟක් සංවේදී කතාවක්....
ReplyDeleteලස්සනයි.
ReplyDeleteඇත්තටම ලස්සන කතාවක්
ReplyDeleteහරිම ලස්සන කතාවක් පසන්
ReplyDeleteනියම කතාවක්.. කතාව කියවගෙන යද්දි දර්ශන පෙළක් හිතේ ඇඳෙනවා චිත්‍රපටියක් වගේ.. හරිම සංවේදීයි..!
ReplyDeleteසංවේදිත්වය 100%
ReplyDeleteහැමදාම ඉගනගත්තා, අදත් ඉගෙන ගත්තා යමක්, ස්තුති මිත්‍රයා....
ReplyDeleteඉස්සරා ඉන්න මිනිසාව තෙරුම්ගන්න බැරි මිනිස්සුන්ගෙන් ලොකයට ලැබෙන දෙ ගැන යමක්....
ලෝකයේ ජිවත් වන ඇස් පෙනෙන හුගක් අයට ඇස් නොපෙනෙන අය ඉන්න බව වටහා ගන්න හරිම ඇමාරුයි.එහෙම අයට මෙක හොද සංවෙදී කතාවක්
ReplyDeleteපිස්සු හැදෙනව.... මාරයි....
ReplyDelete