Thursday, January 27, 2011

බලා ඉමි රළ නවතිනාතුරා..........


ආදරය නැමැති සහ සයුර මැද
මහා මේරුවක් ලෙස හිදිමි අසරණව
නගන විට මහ රැළි දසත
හැපී රිදවයි සිතක් නැති මහ ගලක් වුව
සුදු පෙන පිඩැති ලෙස ලෝකයක් රවටන
සුන්දරවත්ය එහි ලොවම විදිමින
අසරණව ගල් පරය නිහඩව
වේදනාවන් දරා සිටිනු දුටුවද
නගන දිය රැළි වැදී බිදීගිය
සිහින් පිණි පොද වැටී නැහැවුන
හදවතක් නැති මහ ගලක් වුන
දිස්නෙ දෙනු ඇත ලොවට එක ලෙස
දිනෙන් දින නගන දිය
රැළි
වැදී වේදානාවන් සිත තුල දරා ගෙන
නැවත එන දිය රැළියකට පෙර මං බලමින
ගල් පරය වුව රැදෙයි හැමදින

4 comments:

  1. ජිවිතේ මචො මහ මුහුද වගේ වෙලාවකට ගොඩගලනවා උතුරන්නම සමහරවෙලාවට හරිම නිහඩ්ව ඉන්න්වා ආදරේ කුනාටුවක් වගේ වෙන වෙලාවල් තියනවා..

    ReplyDelete
  2. a kathawa nam attha pasan...................
    mokada adare kiyana deya hariyata miriguwak wage................

    ReplyDelete
  3. රිදෙන්නට වැදෙන රළ පෙල
    සුන්දරයි ඒත් ඇතැම් විට
    වේදනා දැරාගෙන සිටින විට
    පෙම් කරයි දිනෙක රළත් නුඹ හට

    ReplyDelete
  4. රිදෙන්නට වැදෙන රළ පෙල
    සුන්දරයි ඒත් ඇතැම් විට
    වේදනා දැරාගෙන සිටින විට
    පෙම් කරයි දිනෙක රළත් නුඹ හට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...