Friday, January 28, 2011

පිං කළ නැතිද පෙමින් පිරි හදවත


පියඹා යන්න හැකි නම්
නුඹෙන් ලද පියාපත් විහදා
අහස සිසාරා සැරිසරමි
නුඹ මගෙයි කියලා
බැදි යඳම් බිදලන්නට හැකිනම්
නුඹෙ ආදරය නාමයෙන්
එක වදනකින් සැනසීමට හැකි නම්
ඒ ආදරයෙ මිහිර විදින්නට
දිදුලනා නුඹෙ නිල්වන් දෙනෙත් යට
නෙතු පියා ඉන්නම් නිහඩවම නුඹ ලග
විදින්නට ආදරයක අරුම
පිං කළ නැතිද පෙමින් පිරි හදවත
සිතතුටින් පිරෙන හැම විට
නෙතු නගයි කදුලැලි සිතට රහසෙම
පිදු ආදරය මතින්සගවා ගලන විරහව
ආදරය කරමි නුඹට මම තව
මතු දිනක වෙන් වෙතැයි සිතාගෙන




2 comments:

  1. "ආදරය කරමි නුඹට මම තව
    මතු දිනක වෙන් වෙතැයි සිතාගෙන"

    මෙහෙම හිතලා හරියන්නෙ නෑහෑ බන්

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම් අපි ඔක්කෝම එකම බෝට්ටුවේ බං....අනේ මන්ද...හැමදාම උඹ ලියන්නේ මගේ හිත‍.‍‍‍...මට හිතෙන දේ මට ලියාගන්න බෑ....උඹ මගේ හිතත් එක්කම හොරෙන් කියවලා අකුරු කරනවා...අවුලක් නෑ කොහොමහරි වැඩේ ගොඩනේ....‍

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...