Tuesday, March 1, 2011

අවුරුද්දක්ම කෙටුවලු

ඔන්න අවුරුද්දක්ම මං කෙටුවලු.. මොනවද හප්පේ ඉතින් කෙටුවේ.... වෙන මක්කෙයි ඉතින්.. මේ බ්ලොග් ඩිංගිත්ත තමා ඕං අවුරුද්දක්ම කෙටුවේ.. අදට හරියටම දින 365කට කලින් පටන් ගත්ත මේ බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් උනයි කියන්නේ..දැන් මොකක් හරි කියන්නත් ඕනි නොවැ..මං දැන් මොනවද කියන්නේ....ම්ම්ම්ම්ම්ම්ම්. මං ​මේ බ්ලොග් ​එක පටන් ගත්ත හැටිත් කලින් කිව්වා නොවැ....එතකොට අද මොනවද කියන්නේ ඇ.........

කල්පනා කොරද්දි මගේ හිත අතීතයටම දුවගෙන යන්න පටන් ගත්තා.. මේක කොරන්ට බෑ.ඒ ඉලව්ව අල්ලලා පුටුවේ ගැටහන්න ඕනි. ඕං හරි ඇ..හිත දුවපු ඩිංගට අතීතය මතක් උනා කියහන්කෝ.. මෙන්න මෙහෙමයි දැන් උනේ..

මං මගේ බ්ලොග් ගුරාගෙන් ඈහැව්වා මොකක්ද බං මේ බ්ලොග් කියන්නේ කියලා.. ඌ මට එව්වා ලින්ක් එකක්.. මගුලයි.. මගේ තනිකමලු.. අනේ මන්දා.. නිකං මොලේ විකාර උනා එයාගෙ තනිකම දැකලා.. පබලු කියල කෙනෙක්ලු ඉතින් ඒක ලියන්නේ.මං හිතුවා පබලු කියන්නේ හෙන වයසක වියත් ප්‍රවීණ රචකයෙක් කියලා...කවුදෑ ඉතින් දන්නේ එයත් අපි වගේම සුට්ටක් මොන්ගල් චරිතයක් කියලා...දැන්නේ ඒකත් දන්නෙ ඉතින්... ඔන්න ඔහොම ටික දවසක් යද්දි මට හම්බ උනා දිල් ලියපු සිතුවිළි සැඳැල්ල කියල බ්ලොග් එකක්..ඔන්න ඔය බ්ලොග් දෙක තමයි මං ඉස්සල්ලම කියවපු බ්ලොග් දෙක.. හලේ මන්දා.. ඉතින් ඔහොම ටික දොහක් ගිහින් ආසාවෙ බැරි කමට මාත් පටන් ගත්තා කොටන්න. ඒ කාලෙ බුකියෙ​ බාර්න් බඩී එකේ වවන්න පොළව කොටපු නිසාද මන්දා මේ බ්ලොග් එකටත් කොටන්න ඕනි තරන් වෙලාවකුයි ලියන්න දේවලුයි තිබ්බා..හලේ මන්දා දැන් නන් මක්කක් වෙලාද කියලා...

ඔන්න ඉතින් මාත් හිත හදාගෙන ​ලියන්න පටන් ගත්තයි කියමුකෝ..පලවෙනි දෙවනි පෝස්ට් නන් ටිකක් විතර කරවල වගේ වේලුනා.. මෙන්න ටික දවසකින් කොමෙන්ටුවක් වැටුනා කියහන්කෝ.. කාගෙන්ද දන්නවද අර සිහින සෙවනැළී ලියන රවේන් ගෙන්..​ඒ තමයි මගේ බ්ලොග් එකට වැටුන පළවෙනි ​කොමෙන්ටුව...ඊට පස්සේ මට කොමෙන්ට් කරේ චේජනාගේ පිටුව ලියන සොයුරියගෙන්..තවත් පෝස්ට් එකක් දෙකක් යද්දි මගේ බ්ලොග් ලිවීමට දිරිය දුන්න අතීතයෙන් අහුලන මතකයන් ලියපු දිල් කොමෙන්ට් කරන්න ගත්තා...ඊට පස්සේ මට උදව්වට ආවේ අපේ බිඟු නද ලියන බිගු අයියා...ඔන්න ඔහෙම යද්දි රවාත් මට සෑහෙන්න උපදේස දීලා තියනවා මේ බ්ලොග් කෙරුවාව සම්බන්ධව..ඌටනන් මතකද මන්දා.. මට නන් මතකයි මං එක සැරක් බ්ලොග් එක නවත්තංන හදද්දි ඌ කිව්වා...

උඹලා අපි එක කාලෙ ලියන්න පටන් ගන්න අය.. උඹලව එහෙම ලේසියෙන් මග දාල යන්නෑ කියලා...හැබැයි මොන දෝෂකටද මන්දා අද ඌ එදාටත් වඩා මගෙ යාලුවෙක් වෙලා.. හලේ මන්දා ඉතින්...

ඔන්න ඔහෙමයි මගේ බ්ලොග් ලියමන ආරම්භ උනේ..ඉතින් ඔහෙම කල් ගත වේගෙන යද්දි මාත් අවුරුද්දකින් වයසට ගියා.. බ්ලොග් එකටත් වයස අවුරුද්දක් උනා නොවැ..මේ ​බ්ලොග් කෙරුවාව නිසා සෑහෙන්න යාලුවෝ ටිකක් එකතු උනා නොවැ... ඉස්සල්ලාම යාලුවො ටිකක් සෙට් උනේ කවි මඩුව නිසා.. ඒ අයගෙන් පළවෙනියා තමා තමා අපේ ගීත් සහෘදයා.ඈත්තම කිව්වොත් ඌ මට සෙට් උනේ කොමෙන්ට් වලින් මගේ බ්ලොග් එකේ ගිය වලියක් නිසා.. ඌටනන් මතකද මන්දා..හික්ස්... කවි මඩුවෙන් ඊලගට මට සෙට් උන ​උතුමා තමා අපේ වැප්නි සාතන් කියන්නේ.. ඒ උතුමා නිසා තමයි මං අද වෙනකං බ්ලොග් එක ලියන්නේ.. එක පාරක් මං බ්ලොග් එක නවත්තනවා කියලා පෝස්ට් එකක් දැම්මට පස්සේඒ උතුමා මාව හොයාගෙන ඈවිත් මට හොදවයින් දෙකක් කියලා ඒ පෝස්ට් එක මකවලා දැම්මෙ නැත්තං.. සමහර විට මං මේ බ්ලොග් එක නවත්තන්නත් තිබ්බා..පස්සෙ පටන් ගන්නත් තිබ්බා හැබැයි.. හලේ..මං පවු අප්පා...ඔන්න ටික දවසකට පස්සේ ඒ වැප් උතුමා මාව එක්කං ගියානේ බස් පදින්න.. මගුලයි

එතන ඉන්නේ බ්ලොග් ලියන දැවැන්ත අයනේ..මුලදි නන් ඈත්තටම මට බයත් හිතුනා.. අපේ තිස්ස අයියා.. (පස්සෙ බැලුවම නෑ කමට මගේ පුතා වෙනවලු ඉතින්)දුකා අයියා, මරණේ.රන්දිකා අන්ශා.. ජීවිතේ මල්..වත් අක්කා. තව බොහොමයි..(ඔය දැවැන්තයෝ කිව්වේ ඉතින් පෝස්ට් එහෙම හරබර උගත් සම්භාවය කොමෙන්ට් 30 ක් 40ක් වැටෙන බ්ලොග් නිසා ඕං)ඔය වගේ වියතුන් කියලා හිතාගෙන හිටපු සෙට් එකක් මැද්දට මං වගේ දුක් අදෝනා කාරයෙක් රිංගද්දි සුලුපටු බයක්ද ඉතින්.. වැප් උතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය නිසාම මාත් බය නැතුව පය ගැහැව්වා ඉතින් බස් පදින්නත්..හලේ මෙන්න බස්.. එයාලා වියතුන් වගේ හිටියට අපි වගේමයි නොවැ...සැහෙන්න පිරිසක් මට අදුරගන්න පුලුවන් උනා ඔය බස් කෙරුවාව නිසා..ඔය සමහර අයට පිං සිද්ද වෙන්න මං එක විභාගයකුත් ගොඩ ගියා නොවැ...

බස් පදින්නෝ ගැන ලියන්න ගියොත් වෙන මුකුත් ලියන්න වෙන්නෑ ඉතින්..දැන්ඉතින්වෙනමොනව කියන්නද.දැන් ඉතින් ස්තූති කථා වාරේ..

මුලින්ම ස්තූති කරන්න ඕනි මට බ්ලොග් උගන්නපු ගුරාව.. ඌගෙ නම කියන්න එපා කියල නොවැ තියෙන්නේ..ඊලගට මගේ පස්සෙන් එක සියළුම සහෘදයන්ටත් ඒ වගේම කොමෙන්ටුවක් දාලා මාව දිරිමත් කරන කරපු ඒ සියලුම දෙනාට මගේ හද පිරි ස්තූතියි පිරිනමනවා.. ඕං බාර ගන්න හොදේ..
මොන බයිලෙ කිව්වත් මේක කියවන අය දාන කොමෙන්ට් ​නිසා තමයි ඉතින් ලියන්න ආස හිතෙන්නේ.. ඒ අයට කොයි තරන් ස්තූති කරත් මදි ඉතින්..අනිත් දේ තමා මගේ බස් යාලුවෝ.. දැන් නන් බයක් නැතුව රටින් භාගයක් විතර යන්න පුලුවන්.. කොහෙ ගියත් බස් පදින් බස් යාලුවෙක් ඉන්නවා..

බස් යාලු​වනේ නම් වශයෙන් කියන්න යන්න ඕනි නෑනේ.. මගේ දුකේදිත් සැපේදිත් මාත් එක්ක හිටපු සියළුම දෙනාට මං ස්තූති කරන්නෑ.. එහෙම ඕනි නැති නිසා.. හූ හූ....(ඔන්න ස්තූතියි හොදේ...)

අවසාන වශයෙන්
ආහ්.. අමතක උනානේ.. අහිංසකී කියල කෙනෙකුත් මං අදුර ගත්තනේ.. අනේ මට ලැජ්ජයි අප්පා.. ඕං මං එයාවත් අදුරගත්ත හොදේ....
ඔන්න දැන් නන් අවසාන වශයෙන් මට මුකුත් කියන්න දෙයක් නෑ.. ආයෙමත් ඔබ සියළු දෙනාටම මාගේ ස්තූතිය පිරිනමනවා....ගොඩා.....................ක් ස්තූතියි හොදේ...

මං ගියාවෙ හොදේ...ආහ් කියන්න අමතක උනා.. ඉලංදාරියා ගැනත් චුට්ටක් මතක් කරන්න ඕනි.. මතක් කරන්න ඔයාලට අමතක වෙලා නෑනේ.. ඒ නිසා ඕනි නෑ නේ..

එහෙනන් මං ගියාවෙ ඇ......... හැමෝටම ස්තූතියි ආයෙමත් වතාවක්....


ප.ලි.

අවුරුද්දටම ලියන පළවෙනි පසු ලිවීම.. මට කොඩක් අය කියනවා කොමෙන්ට් එක​ට රිප්ලයි කොමෙන්ට් එකක් දාන්නෑ කියලා.. අනේ මිතුරනේ තරහ නන් වෙන්න එපා.. මේ වැඩ අස්සේ තියන බ්ලොග් ටික කියවලා ආයෙත් මොනව හරි ලියලා.. රිප්ලයි කමෙන්ට් එකකුත් දාන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි අප්‍රේල් මාසෙන් පසසේ මං ටිකක් නිදහස් වෙයි කියලා හිතනවා.. මගෙන් වැරැද්දක් වෙලා තියනවා නන් ඒකටත් සමාවෙන්න හොදේ......:-D

23 comments:

  1. සුභම සුභ උපන් දිනයක් වේවා අපේ සඳට....................

    ReplyDelete
  2. ඔය වැදගත් ම දේ තමයි ලැජ්ජාවෙන් කියලා ගිහින් තියෙන්නේ.......... අනේ අප්පේ ඒක කියද්දි මුණේ තියෙන පෙම් පාට....................

    ReplyDelete
  3. හික් හික් හික් .... මෙහෙමත් දේවල් ලෝකේ වෙනවා නේ ඈ

    ReplyDelete
  4. :-o බ්ලොග් ගුරා නම් එල පොරක්.මගේ තනිකම ලින්ක් එකලු එකටම පසන්ට දීල තියෙන්නේ.මට සන්තෝසේ බැරුවා.

    එවයින් කමක් නැ කියමුකෝ සූටටක් මොන්ගල් චරිතයක් ලු මම. මම හිතන් හිටියේ හොදටම මට මොන්ගල් කියලා. ඇති යාන්තන් සුට්ටයි ලු මොන්ගල්. :P
    පසනෝ.මම ප්‍රවීන රචිකාවික් හොදේ..හිකිzz ( වෙන නැත්නම් )

    එවයින් මේවයින් අමතක වුනා බර්ත් ඩේ එකට විශ් කරන්න.

    හැපි බර්ත් ඩේ ටු යු
    හැපි බර්ත් ඩේ ටු යු
    හැපි බර්ත් ඩේ ඩියර් මගේ සඳ
    හැපි බර්ත් ඩේ ටු යු

    තව කාලයක් මෙ අබ්ලොග් අවකාශේ රැදෙන්න වාසනාව ශක්තිය ලැබේවා කියල හදවතින්ම සුභ පතනවා මගේ සඳ හෙවත් පසන් අයියට. :D :D

    ReplyDelete
  5. හලේ ඔයාට තැන්කූ මගේ ලඟ ඉන්නවට ඔයා මට හයියක් :)
    අපි දෙන්නටම අදට අවුරුද්දයී
    හේ හේ
    ඉස්සරහට දෙන්නම එකතු වෙලා ලියමු අපි හුගා.............................ක් දෙවල්
    මගේ සඳට සුභ උපන්දිනයක් හේ හේ

    ReplyDelete
  6. එල එල පතං අයියේ......දිගුකල් වැජ‍බේවා....‍කේක් කැල්ලක් එවන්ඩෝ.....

    ReplyDelete
  7. අහම්බෙන් හරි දෙන්නම එක දවසේ නේ බ්ලොග් පටන් අරන් තියෙන්නේ
    එළ එළ:-D
    උඹේ අන්දෝනා බලන්න නම් වැඩිය එනෙන නැහැ ආතල් කතා නම් බලන්න එනවා :-D
    සුභ පැතුම් මචන් !!!!

    ReplyDelete
  8. අඩේ අප්පා උඹලා දෙන්නම එක දවසේ එහෙනම් බ්ලොග් ලියන්න අරන් තියෙන්නේ....නියමයිනේ...
    සුබ පැතුම් මචෝ....
    තවත් දිගු කලක් බ්ලොග් එක්ක ඉන්න ලැබේවා...

    ReplyDelete
  9. මගෙනුත් සුබ පැතුම් මගේ සඳට, දැන් ඉතින් දෙන්නා එක්කම ලියන එකයි ඇත්තේ පැල් බැඳගෙන.. ජය වේවා...!

    ReplyDelete
  10. අවුරුද්දක් ගෙවලා ඇත මගේ සද
    තනිකම ගැන කවි සීපද කියු සද
    අද තනි වී නැත මිතුරන් සතර අත
    මතු මතුවටත් ජය වේවා නුඹට සද

    ReplyDelete
  11. සුබ පැතුම් පතං අයියා :D

    ReplyDelete
  12. එහෙනම් අවුරුද්දයි මගේ සඳටත්...... මාත් ඉතින් අදෝනා ඇවිල්ලා බලලා ගියාට මුකුත් ලඅයන්නැහැ. ලියන්න ගියොත් ලියවෙන්නේ හ්ම්ම්ම් අනේ මංදා කියලමනේ..... ඒ නිසා........

    ආ අනෙක අර බුබුලුවට හොඳටම සහ තව ටිකක් මොන්ගල්.....

    තව අර ලැජ්ජාවෙන් කියපු එකේ ලස්සන පොටෝත් මේ බ්ලොගේම ලබන වසර තුල වැටේවා.......!!!!! හිහ් හිහ්...... :P

    එහෙනම් අදින් පටන් ගන්න වසර අදෝනා වලින් තොර ආදරණීය බ්ලොග් වසරක ඇරඹුමක් වේවා.....!!!!!

    කේක්??? නැ එක්කො අර දවසටම දෙන්න...... :D

    ReplyDelete
  13. Congratulations from me. It is indeed a great achievement.

    "මගේ සඳ" ට සුභ උපන්දිනයක්!

    ReplyDelete
  14. "මගේ සඳ" ට සුභ උපන්දිනයක්

    sinhala naehae ban

    ReplyDelete
  15. සඳරුත් "මගේ සඳට" සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
  16. නියමයි. සුබ පැතුම් !

    ReplyDelete
  17. "මගේ සද" යාළුවේ ..උබට තවත් බොහෝ දේ කොටන්න
    සදාවාසනා

    ReplyDelete
  18. සුබ උපන්දිනයක්වෙවා

    ReplyDelete
  19. මගේ බ්ලොග් ගුරාගේ "මගේ සඳ" ට සුභ උපන්දිනයක්!සුබ පැතුම් !

    ReplyDelete
  20. එල එල..තව හොදට ලියන්න....මීට වඩා පුලවන්...මට සේරම කියවන්නනම් උනේ නෑ..පාඩම් වැඩ ගොඩයි...
    http://dileepas.blogspot.com

    ReplyDelete
  21. aluth post ekak neddoooooooooooooooo

    ReplyDelete
  22. සුභ පැතුම් පසන්....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...