ලස්සන චූටි කෙලි පැටික්කියෙක් මං ඉස්සරහ.. මං බැලුවා මේ මොකෝ කියලා.. බැලින්නං ලිට්ල් ස්ටාර් කෙනෙක්ලු.. හලේ.. මං ඉතින් ඔව්වා බලනව කියලයැ.. ඉතින් මං මේ සුට්ටි කෙල්ල දිහා බලාගෙන හිටියා.. ඒ කෙල්ලයි අම්මයි සීට් එකක් එකක් ගානෙ ගිහින් කාඩ් බෙදනවා.මං කල්පනා කරේ මේ පොඩි කෙල්ලව නාම මාත්රිකව ලැජ්ජ බය නැති කරලා හිගමනේ යවනවා නේද කියලා.. අද ඉස්කොලෙ දවසක්.. උදේ 8ට විතර නැටුම් ඇදුම් අන්දවගෙන.. හැහ්... ඒ කියන්නේ ඉස්කොලෙත් යවන් නැතුව.. දෙයියනේ.
මේ වගේ වැස්ස දවසක අපි පොඩි කාලෙ ඉස්කොලෙ යන්න කොයි තරන් ආසද.. ගුරුවරු අඩුයි.. මඩ නාලා.. වැස්සෙ සෙල්ලං කරන්න අපි කොයි තරන් ආසද.. ඒ හැම ආසාවක්ම නැති කරලා ඒ පොඩි කෙල්ලව බස් වල කාඩ් බෙදන්න යවන එක කොයි තරන් සාධාරණද කියලා මට නන් හිතාගන්න බෑ. ඒ අම්මගෙ සතුට වෙන්න පුලුවන්.. අපිත් කවද හරි බැරි වෙලාවත් කසාදයක් බැඳලා තමන්ගෙ ළමෙක් මේ වගේ ප්රසිද්ධ වෙනවා බලන්න ආස වෙන්නෑ කියන්න බෑ.. අපිත් එහෙම වෙයි. ඒත් එහෙමයි කියලා ළමෙක්ව බස් වල මේ විදිහට යවලා පොඩි කාලෙම ලැජ්ජ බය නැති කරාම පස්සේ ඒ ළමයාගෙ ජීවිතේට වෙන හානිය ගැන හිතන්න මේ අම්මලට බැරි හැටි. මං නන් මේ ක්රියාවට පුද්ගලිකව කැමති නෑ. මොකද පොඩි කාලෙ මනසට ඇතුල් වන දේ අම්මල හැසිරෙන හැටි අම්මා කතා කරන විදිහ..පොඩි ළමයා මොනවද කරන්නේ.. මේ සියලු කාරනා මත තමා අනාගත කෙල්ලෙක් බිහි වෙන්නේ..
ඒකනේ කියන්නෙ දුව ගන්න කලින් අම්මව බලලා ඉන්න කියලා.. :-D
මටත් ඕනි නැති දෙයක් නෑනේ.. මං ඉතින් ඇන්ටනාව දාගෙන ඉද්දි මට ඇහෙනවා කියනවා කාඩ් 6000ක් ගැහැව්වලු.. යකෝ.. කාඩ් එකක් රුපියල ගානෙ බැලුවත් රුපියල් 6000ක්... හැබැයි ඒක රුපියලට නන් බැරි වෙයි.. 4 කලර් කාඩ් එකක්..අපි හිතමු රුපියල් 6000ක් කියලා.. ඒ රුපියල් 6000ට ඒ කෙල්ලට ඇදුමක් අරන් දීලා අම්මයි තාත්තයි එක්ක ගෝල් ෆේස් එකටවත් ගිහිල්ලා එක දවසක් සතුටින් පවුලත් එක්ක එකතු වෙලා ගන්න පුලුවන් සතුට විනෝදය මීට වඩා වැඩි වෙනවා කියලයි මං නන් හිතන්නේ.
මේ අලවිකරණ සංකල්ප (Marketing Concept) ලංකාවට කොහෙන් ආවද මන්දා.. මේ පොඩි කෙල්ලවයි දුර දිග බලන්නැතුව කඩේ යවන්න පුලුවන් අම්මලයි නිසා ඒ ලොකු ලොකු කම්පැණි කීයක් නන් සල්ලි හම්බකරනවද. කලින් බිහි කරපු ස්ටාර් පැටුව් අද කොහෙද.. කාටද උන්ව මතක. හැබැයි ඒ කොම්පැණී උන්ව විකුනගෙන කීයක් හම්බ කරගෙන ඇතිද.ඒ උනාට ළමයිගෙ මොලේට වැටිච්චි විච්චූරණ අගතිගාමී අදහස් නැති කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ..
අනික් අතට මෙහෙම ස්ටාර් පැටව් බිහි උනාම ඒ දරුවට ඇත්තටම සතුටු වෙන්න පුලුවන්ද.. කවදාවත් ඒ කෙල්ලට කියන්න පුලුවන්ද මගේ හැකියාවට මං දිනුවේ කියලා.. කවද හරි ඒ කෙල්ලෙගෙ අම්මා කියයි
''මං මේ කෙල්ලව එක්කගෙන බස් ගානෙ ගිහින් කාඩ් බෙදලා නිසා තමයි මෙයා දිනුවේ කියලා''
මෙහෙම අහන කෙල්ලට තමන්ගෙ හැකියාව ගැන ඇත්තටම සතුටු වෙන්න පුලුවන්ද.. මේ ඇත්ත සිදු වීමක්..
ළමෙක් 5 වසරේ විභාගෙ පාස් උනාම කියනවද ඒ ළමයගෙ හැකියාව කියලා.. ඒ වෙනුවට මෝඩ අම්මලා කියන්නෙ මොනවද..
"මේ අහවල් ගුරුවරයා ලගට ක්ලාස් ගිය නිසානේ පාස් උනේ"
"මං තමා ඉතින් මෙයාව ක්ලාස් ඇදගෙන ගියෙ.. නැත්තං මෙයා පාස් වෙයි"
මෙහෙම ඒ ළමයා ඉස්සරහ කියන කිසිම මොලයක් නැති අම්මලා මං දැකලා තියනවා.. මේවා අහල ළමයට ඇත්තටම තමන්ගේ ජයග්රහනය ගැන සතුටු වෙන්න පුලුවන්ද.. තමන්ගේ හැකියාවට වඩා ළමයට හිතෙන්නේ පිටස්තර පුද්ගලයෙක්ගෙ හැකියාව. අනේ මන්දා මේ මෝඩ අම්මලා සංස්කෘතිය කවදා නැති වෙයිද කියලා.. හැමදාම හිතන්නේ ලග තියන දේ ගැන විතරයි.. ඒ තුලින් ළමයට වෙන මානසික සමාජීය බලපෑම හිතන්න බැරිද..
මේ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මීට වඩා මේ සිදුවීම වෙනස් විදිහකට කාට හරි පේන්න පුලුවන්.. ඒත් මං කියන්නේ පවුලක සතුට ළමයාගේ සතුට මේ හැමදේම තියෙන්නේ මෙවැනි භාහිර ක්රියාකාරකම් මත නෙමේ. මීට වඩා මනසින් උසස් සමාජයේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන් ළමෙක් හදන්න නන් පවුලෙ හැමෝම ඒ කිව්වේ අම්මා තාත්තා සහෝදරයෝ එකතු වෙලා දවසකින් එක පැයක් එකට එකතු වෙලා විනෝදයෙන් ඉන්න පුලුවන් නන් ඒ තරන් වෙන දෙයක් නෑ කියලා. පොඩි කාලෙ ළමයි මල් වගේ.. බැරි වෙලාවත් මල් වල පාට අඩු උනොත් කවදාවත් ඒ අඩුව පුරවන්න බැරි වෙයි.. අම්ම කෙනෙක් උනාට එයාට ළමයව මරන්න අයිති නෑ.. එයාට අයිතිය තියෙන්නේ සමාජයට වැඩදායි අර්ථවත්..පිරිපුන් මනසකින් යුතු දරුවෙක්ව සමාජයට දෙන්න විතරයි.
ඇති ඇති.. ඔන්න මං ගියා..
ප.ලි..
මං නන් ඔය ස්ටාර් ප්රෝගෑං බලන්නෑ ඕං.. ඔය කවුරු හරි බලනවා නන් මේ කෙලි පොඩ්ඩට මනාපයක් දෙන්න.. හැබැයි මේක ඒ කෙල්ලගෙ කවුරු හරි දැක්කොත් කියන්න ආයෙ බස් වල කාඩ් බෙදන්න නගින්න එපා කියලා.. ඉස්කොල ගිහින් වැස්සේ නටන්න කියන්න..:-D
DLS (හිස්තැනක්) අංක 15 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න.. (නොවැම්බර් 5 දක්වා පමණි.)
පසන් ඔයා මේ කියලා තියෙන දේට 100% එකඟයි. මේ ගැන ලිපියක් ඊයේ පෙරේදා බූන්දියෙත් තිබුනා. රට යන අත තමයි ඉතිං නේද?
ReplyDeletepodi ewnta therenawada oya tharu sankalpa......... egollo ethin ammala kiyana dewal ne karanne......... ammala dana ganna ona mole pawichchi karala wada karanna......... :D
ReplyDeleteමේක බලල මාත් එකක් ලියල දාන්න ඕනි..වැදගත් දෙයැකි..
ReplyDeleteඒක ඇත්ත අපේ මිනිස්සුන්ට සල්ලි හම්බ කරන්න ඕන නිසා බඩදරු අම්මා කෙනෙක්ව උනත් ඔය මාකට් කරයි ඔය මළ විකාර නිසා මට දැන් ටීවී බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ
ReplyDeleteමෙවට සම්පුර්ණයෙන්ම වග කියන්න ඔනා HR කාරයො...
ReplyDeleteඔයා බැනලා කරල තියෙන්නෙත් ඒ වැරද්දමයි නමුත් මනුස්සකමෙන් පිරිච්ච අහිංසක අනුකම්පා සහගත ඉල්ලිමකුත් එතන තියෙනවා. මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි ඕවලට ඔයිට හොඳයි ළමය විකුණගෙන කන එක. කාළකන්නි දෙමව්පියෝ සහ අමු ගොන් දෙමව්පියෝ මුන් දරුවන්ගේ ළමා කාළය නැති කරනවා. ඔයාගේ බ්ලොග් එක පේන්නේ නෑ. හොඳ පෝස්ට් එකක්. අහම්බෙන් දැක්කේ..
ReplyDeleteThumbs up..:)
ReplyDeleteඅයියා කියල තියෙන දේ හරි....
ReplyDeleteඋඹ කියල තියන දේට 100% ක් එකඟයි මචං . . . කලිං ලිට්ල් ස්ටාර් වෙච්චි හිමාශ මනුප්රිය කියන දරුව මම දන්න විදියට මේ වෙනකොට වැඩිම කාලයක් ගතකරන්නෙ විදේශ සංචාර වල සහ ප්රසංග වේදිකාවෙ . . සල්ලි ලැබෙනව තමයි ඒත් කොලුවගෙ අනාගතේ ??? පොඩි කාලෙ ඔය වගේ පට්ට විදියට ජනප්රිය වෙච්චි ගායකයෙක් තමා රුවන් ශ්රීලාල් . . හොඳ වෙලාවට ඌ රුසියාවට හරි ගිහිං ඉගෙනගත්තෙ . . . නැත්තං අද මිනිහට යන එන මං නෑ . . .
ReplyDeleteඉගෙනගන්න තියන කාලය ටී.වී. එකේ නටන්න ගෙනියන දරුවන්ට අවසානෙ උරුම වෙන්නෙ කොතනද කියල අපි වෙනමම හිතන්න ඕනෙ . . . .එක අතකට අපි හිතල වැඩක් නෑ . . උංගෙ දෙමාපියොහිතන්න ඕනෙ . . . පොඩි කාලෙ ඔය විදියට නොහිතපු දෙමාපියන්ගෙ දරුවො ගැන මම හිතන උදාහරනෙ තමයි *** කුමරියො ටිකයි ලවිං ස්ටාර් බඩු ටිකයි . . . උංට අන්තිමටම මොකද උනේ කියල ගොඩක් අය දන්නව . . . රූපවාහිනී ආයතනවල වැඩකරන එවුං හොඳටම දන්නව . . .
ප.ලි.
ඇති යන්තං අඳෝනාවක් නැතුව වෙන යමක් ලිවුව . . .
ප.ප.ලි.
ශර්ලොක් හොල්ම්ස් ට උනෙත් ප්රගීත් එක්නැලිගොඩට වෙච්චි දේමද . . . . ???
ලිපිය ගොඩාක් වටිනව ලිට්ල් ස්ටර් සුපර් ස්ටර් කොහෙද දැන් හරියට සොඩ බොතලේ ඇරියවගේ....
ReplyDeleteමගෙ යාලුවෙකුගෙ නංගි කෙනෙක් හිටිය උගෙ අම්ම තමයි එක්ක ගියෙ යුනියන් ප්ලේස් එකේ රොහාන්ස් එකේ නටවන්නයි කරඕකෙ වල නටවන්නයි. පස්සෙ මුං එව්වයි වරුණෙත් කියනව ලැජ්ජ නැතුව. ඔව්ව ආරෙන් එන වැරදි. ඉස්සර ඉඳලම මොහොකට හරි මූණ දාල ජනප්රිය වෙන්න බලන ඔහොම බොළඳ චරිත හිටියනෙ මේ සමාජෙ.
ReplyDeleteඅම්මලම ළමයින්ව ඒ පාරට දාල පස්සෙ තැවෙන එක තමයි ඉතින් වෙන්නෙ. ඔව්ව කවුරුත් පැහැදිලි කරන්න ගියොත් කියන්නෙ ඉරිසියාවට කියලනෙ. ඒ නිසා දෙකොන වහන් ඉන්නව "කිව්ව නාහන ගුරු ඉහල ගියත් මරු, පහළ ගියත් මරු, කිළින් ගියොත් මරේ මරු" කියල.
RanDil/
ReplyDeleteඔවු අක්කා..මේක තමා රට යන අත..මොනවා කරන්නද ඉතින්.. අපිත් ඒ රටේමනේ..:-D
Nushi /
ReplyDeleteඅම්මලා එහෙම කරන්නැති එකනේ අවුල නුසී..හී හී.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට...:-D
ශානු/
ReplyDeleteඔයාගෙ කොමෙන්ට් එකට මං අමුතුවෙන් මුකුත් කියන්න ඕනි නෑනේ..හී හී.. ස්තූතියි ආවට මේ පැත්තට..
රවා/
ReplyDeleteඅනිවා මචං.. මෙව්වට වග කියන්න ඕනි උන්ම තමා.. හික්ස්..
මාතලන්/
ReplyDeleteස්තූතියි පැත්තට ආවට.. මං මේ දවස් වල වැඩිය මුකුත් ලිව්වෙ නෑ..අහම්බෙන් හරි ආපු එකට සතුටුයි..
Prasad Jayashanka /
ReplyDeleteස්තූතියි..........
Prasanna/
ReplyDeleteස්තූතියි ප්රසන්න මේ පැත්තට ඇවිත් ගියාට...
ඕනයා /
ReplyDeleteආහ්.. ඕනයා අයියා.. දිග කොමෙන්ටුවක් දාල තියෙන්නේ.. හී හී... තැන්කූ තැන්කූ..
දැන් අපි හොද ළමයි.. ඒ නිසා උඹට කොමෙන්ට් කරන්න පුලුවන් දේවල් ලියන්නේ..
ආහ්.. මේ බ්ලොග් එකේ ඇදුම වෙනස් කරපු ගමන් ෂර්ලොක් හෝම්ස් එනවා මචං.. තව ටික දවසක් යයි..:-D
මුදී /
ReplyDeleteඒක ඇත්ත මචං.. මේ හැමදෙයක්ම කෙටි කාලයයි..ස්තූතියි මෙ පැත්තට ඇවිත් ගියාට..:-D
indi/
ReplyDeleteඒක හොදයි.. වැදගත් දෙයක් නන් අපිටත් බලන්න ලියන්නකෝ.. ස්තූතියි මේ පැත්තට ආවට..
ඉන්දික උපශාන්ත /
ReplyDelete"කිව්ව නාහන ගුරු ඉහල ගියත් මරු, පහළ ගියත් මරු, කිළින් ගියොත් මරේ මරු"
මේක නන් ඇත්ත කතාව.. හික් හික්.. ස්තූතියි මේ පැත්තට ආවට..
ඇත්තමයි දැන් ටීවී බැලිල්ලත් එපා වෙනවා හැම එකකම මොකක් හරි ස්ටාර් එකක් යනවා. මේවලට යන ළම්යින්ගෙ ඉගෙනීමට මොනව වෙනවා ඇත්ද ?..
ReplyDeleteනියමයි! මෙන්න ලිපි ! :) වෙරි ගුඩ් !
ReplyDeleteඑකඟයි මචන්... මමත් ඔය කතාව දැන් දවස් කීපයකට කලින් කතකලා යාලුවෙක් එක්ක. මම නන් ඔය පොඩි අයගේ ස්ටාර් ප්රෝග්රෑම් බලන්නෙ නෑ. ඒකෙ රසයකුත් නෑ, අනික පොඩි එවුන්ට ඔරොත්තු නොදෙන තැනකට උන්ව තල්ලු කරන එක බලන්ඩ හිරිකිතයි.
ReplyDeleteඇත්තටම වෙන්නේ මේක තමයි.
ReplyDeleteමේ ක්රමේ තව කාලයක් යනකම් වෙනස් වෙන්නේ නැති වෙයි.:-/
පබලු
සම්පූර්නයෙන් එකඟයි!ඔය වැඩසටහන් වල හරවත් බව සැහෙන්න ඉහල නංවන්න පුලුවන් විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ කියන සංකල්පේ පිහිටුවලා තරඟය පවත්වනවා නම්!ඔය එස්.එම්.එස් ක්රමය නම් වෙලඳ ප්රයෝගයක්!
ReplyDeleteසිරා මචං. ඇත්ත කතාව. ඕවට ළමයි එක්කන් යන අම්මලට තේරෙන්නෙ නැ ඒ ළමයින්ව විකුණන්කාලා කීයක් හරි හම්බකරගන්න තැනකට ළමයව ගෙනියන්නේ කියලා. අනේ මන්දා මේකට කාට වැරදී කියන්නද කියල හිතාගන්න බැ. සමාජ ක්රමයද ? නැත්තම් දැණ් කාලෙ අම්මලා හිතන විදියද ?
ReplyDeletecjgayan/
ReplyDeleteමෙව්වා තමයි බං රටේ තිත්ත ඇත්ත..ස්තූතියි අදහසක් දීලා ගියාට..
ජීවිතේ මල් /
තැන්කූ තැන්කූ දිල් අක්කා....... :-D
චමිල /
ReplyDeleteනූගත් කමද දැනුම නැති කමද දන්නෑ චමිල.. ඒත් ඒ දේ තමා වෙන්නේ හැමතැනම.. ස්තූතියි ඇවිත් ගියාට..
පබලු../
පබූ මොකෝ ඇනී වෙලා...මේ ක්රමේ වෙනස් වෙන්නැති වෙයි තමා පබූ.. අපිට බලන් ඉන්න විතරයි වෙන්නේ..
Sabith /
ඒත් මචං ඒ දේ වෙන්නැති එකනේ අවුල.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට...
ජේ.ඩී /
අම්මලාට හිතන්න පුරුදු කරන විදිහ වෙන්නැති බං මේක..
සික් ඉතරක්. උඹනම් මොකෙක්ද මන්දා....
ReplyDeleteඊට එහා දෙයක් උනේ නෑනෙ.......:D
සහතික ඇත්ත කතාවක්..
ReplyDeleteපොඩි ලමයින්ගේ හැකියාවන් පෙන්නුවට කමක් නැ. ඒත් ඒක ඔය විදිහට අලෙවි කරන්න හොඳ නැ..