Thursday, January 12, 2012

ගමේ කථාවක් - දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!!

ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පා‍යගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් ‍පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න හිතේ තියාගෙන.දත මැද ගන්න පහල වෙලේ ළිදට ගිහින් ආපහු එව ගුනයට ඇහුනෙ උඩහ ගෙදර කිරි අප්පා කෑගහනවා..

මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නෙ කියලා තේරුන ගුනයා කෙහෙල් පදුර අස්සෙන් රිංගලා බලපුවම තමා වෙච්ච සංතෑසිය දැක්කෙ.දනිපනි ගාල කෙහෙල් ගාලෙන් පැන ගත්ත ගුනයා ‍කාමරේට පැනගෙන සරමට උඩින්ම කමිසයක් ඇගට දාගෙන පිලිකන්න පැත්තෙන් එලියට බහිද්දි තමා ගුනයට මතක් උනේ සෝමපාලගෙ ගෙදරට දෙන්න කියපු කොස් ගෙඩිය තාම පිලිකන්නෙ කියලා..කුසුමා බලන්න යන ගමන් වැව් කණ්ඩියෙන් පැනල සෝමදාස‍ ලගෙ ගෙදරට යන්න හිතාගෙන ගුණයා එලියට බැස්සා.

වැව් තාවුල්ලෙ දිය කඩිති වල තිත්ත පැටවු නටනවා වෙනදට අසාවෙන් බලා හිටියත් අද තියන වැඩ ටික ඉවර කරන්න ඕනි නිසා ගුණයා සෝමදාසගෙ ගෙවල් පැත්තට හැරුනෙ ගමන ඉක්මන් කරන්න හිතාගෙන. සෝමදාසෙගෙ ගේ තිබ්බෙ වැව පල්ලහා තිබ්බ කඩමණ්ඩිය කෙලවරේ.. උන්ගෙ ගෙදර කවුරුත් පේන්න හිටිය නැති නිසා ‍ගුණපාල මිදුලටම ගියා..

"සෝම දාස................. සෝම දාස..... " පුලුවන් තරන් හයියෙන් ගුණපාල කතා කරත් ගේ පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ..

"සෝම දාස........... තෝගෙ අම්මට....... " වචනෙ ඉවර කරන්න හම්බ උනේ නෑ

"කවුද යකෝ මෙතන කෑහගහන එකා.. කාගෙ අම්මටද යකෝ....."

"සෝමදාම.. උඹලගෙ අම්මට කියපං අපේ ගේ පිළිකන්නෙ තියන කොස් ගෙඩින ඇන්න එන්න කියලා.. දැන් දවස් දෙකක් විතර වෙනවා.. කොස් ගෙඩිය වැල වෙයි.."

"දැන් උඹ කොහෙද ඔය දුවන්නේ.."

මං අද දවල්ට කුසුමට එන්න කිව්වා බං දං කැලේ කොටු පනින්න..

ඉතින් මේ උදේ කොහෙද යන්නෙ..

අර අපේ ගෙවල් උඩහ කිරි අප්පට බලලෙක් පැනලනේ..

ඉතින් තොගෙ බල්ලද.. තෝ කොහෙද දුවන්නේ..

අප්පගෙ ඇට තැලිලලු.. මං හිටියොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මට.. ඒ නිසා මං ගෙදරින් පැන ගත්තා..

කොයි ඇටේද තැලිලා තියෙන්නේ...

උකුල් ඇටේ කියලා තමා අපෙ අම්මා කියනවා ඇහුනේ...

මාත් මේ පියවතී නගාට කිව්වා ඔලිඳ කෙලින්න දවල්ට එන්න කියලා.. මාත් එන්නද එහෙනන් උඹලත් එක්ක දං කැලේ කොටු පනින්න..

හා එහෙනන් උඹ ඇදුමක් දාගෙන වරෙන්කො.. මං එතකං වෙරළු ගෙඩි ටිකක් කඩා ගන්නං..

හිටපං ගුනේ මං හාල් ටික ගරලා එන්නං..

තෝ කාටද හාල් ගරන්නෙ..

මං ආච්චිට හාල් ගරන ගමන් හිටියෙ බං..

නොදකින්.. ආච්චිට හාල් ගරා ගන්න කියපං බං.. උඹ නැඹිලිය ආච්චිට දීලා වරෙන් යන්න..

දෙන්නත් එක්ක දෙකේ ඇලෙන් ඇග පොඩ්ඩක් හොදගෙන සපත්තු පාලම උඩට වෙලා කදයක් දාගෙන හිටියේ කුසුමයි පියවතියි එනකං.
කුසුමා සුදු ගවුමක් ඇදගෙන නියර දිගේ එනවා දැක්ක ගුණපා‍ලගෙ මූණු අදුරු වෙලා ගිහ හැටි සෝමදාස ‍දැක්කත් නොදැක්ක වගේ හිටියේ ගුණපාල ගැන හොදින්ම දන්න නිසා.

මොකද කුසුමා සුදු ඇදුමක් ඇදගෙන

අම්මා රෙදි හෝදලා ගුනේ අයියා.. මේක විතරයි තිබ්බෙ..

දැන් සුදු ගවුමෙ මඩ ගැවෙයිනේ..

ඒක තමයි අයියා.. මට බයයි.. සුදු ගවුමෙ මඩ ගැවුනොත් ගෙදරින් බනී මට..

මොකද කරන්නෙ සෝමදාස..

අපි එහෙනන් සියාතු ආතගෙ බඩඉරිඟු කොටුවට පනිමු.. පැලත් තියනවා මැස්සත් තියනවනේ..

ආහ්.. එතකොට සියාතුව නැද්ද

නෑ බං.. අද සමෘද්ධිය දෙන දවසනෙ..මං දැක්කා අද ජැංඩියට ඇඳගෙන අප්පුවගෙ ටැක්ටරේ නැගලා යනවා.

එහෙනන් පියවතී කැමති වෙයිද..

ආන්.. එන්නෙ ඒකී.. පියවතී.. සියාතු අතාලගෙ හේනට යමුද..

හා.. මං මේ කියන්නමයි උන්නෙ.. ලපටි ඉරිඟු කරලක් කාලෙකින් කෑවෙ නෑ..

වරෙව් යන්න එහෙනන්.. පය ඉක්මන් කරපං.. ඉර මුදුන් වෙන්න කලින්..

‍සුමනා අක්කා මට බැන්නනේ සෝමදාය අයියේ..

ඒ මොකද පියව‍තියෝ

නෑ මං උඹත් එක්ක දං කැලේ රිංගනවා කියලා කොටු පනින්න..

ඇයි බොල.. ඒකිය සිරිදාසව පිලිකන්නෙ තියාගෙන කොස් වරකා කපා ගන්න හොදයි.. තොයි මායි දං කැලේ කොටු පැන්නම ඒකිට තියන රුදාව මොකද...

ඔව්වට කෑ ගහලා වැඩක් නෑ සෝමෙ.. මෙන්න මෙහි වරෙන් යන්න පය ඉක්මන් කරලා...

සියාතු ආතාගෙ හේන බඩ ඉරිගු කරල් පිරිලා එක යායට.. බලං ඉන්න ආස ආස දර්ශනයක්.. පරිසරේ ලස්සන විදින්න කැමති ගුණපාල කුසුමාගේ අතින් අල්ලගෙ අඹගහ මුදුනෙ තියෙන පැලට දිව්වෙ මැස්ස පැත්ත යන සෝමදාට කතා කරගෙනමයි

සෝමේ.. ඉර බහින්න කලින් ඇල ලගට වරෙන්.. නාගෙනම යමු..

සෝමදාසට ඒ දේ ඇහුනා දැයි මා නොදනිමි.. පරිසරය තුල විහඟ ගී නාදය හැරෙන්නට වෙන කිසිම හඩක් නෑසුනි...

අදට කතාව ඉවරයි....................

26 comments:

  1. සුපිරියි මචන්... කැමති කෙනෙක්ට කැමති විදියකට කියවල තේරුම් ගන්න පුලුවන් කතාවක්.

    ReplyDelete
  2. සිංහලයේ එන දෙපිට කැපෙන වදන් හරවත් ලෙස එකට කැටි කොටගත් සාරගර්භ (හරිද මංදා වචනෙ) නිර්මාණයක්. අපි පහන් සංවේගයෙන් බලං ඉන්නව ඊලග කොටහ කියවන්න පසං කොලුවො.

    අරූගෙ අම්මට හු...





    ...රුල්ලො තම්බන්න මුට්ටියක් ඕනෙ කිව්වලු.

    ReplyDelete
  3. ඉස ඉස පසා මොනවද මෙ..... ඔක්කොම දෙපැත්ත කැපෙන එව්වානෙ.... තෙරුමකුත් නැහැ.. මොකට ලිව්වද මන්දා....

    ReplyDelete
  4. හික්ස්,උබට මොකෝ උනේ ඒ පාර

    ReplyDelete
  5. සුපහන් සිතින් යුතුව කියෙව්වෙමි... සුපිරිය !

    ReplyDelete
  6. හෆ්ෆට සිරි, එල ස්ටෝරිය ඈ... ඊලග කොටස දාන්න As soon as possible... :D

    ReplyDelete
  7. මං හොඳයි කියන්න ඕනි නෑනෙ බන්..මේක කොහොමත් එල කිරි...බයවෙන්න එපා උඹට කවදාවත් මේ වගේ ඒවට සම්මාන ලැබිල පොරක් වෙන්න ලැබෙන එකක් නෑ..මොකද මේව කෙටිකතා වත් නවකතාවත් හෙම නැත්තං වෙන කතා වලටවත් අයිති නැති නිසා...

    ReplyDelete
  8. අමුතුම ඉට්ටයිල් එකක්.. මට ටීවි එකේ යන ඇඩ් සිංදු අනම් මනම් දේවල් වගයක් මැවිලා පෙනුනානෙ බං :D

    ReplyDelete
  9. හික් සුපිරියි ඈ

    ReplyDelete
  10. හික් හික්...කොටු කොටු වෙයිද ? අදට කතාව ඉවර නම් හෙට ඉතුරු ටික දෙන්න

    ReplyDelete
  11. නියම කතාවක්... රසවින්දා උපරිමේටම..

    ReplyDelete
  12. හිනා වෙලා ඉල ඇට කූඩුව රිදෙනවා අයියා මතං.... ඇයි බන් උඹ කිරි අප්පට බල්ලෙක් පනිනකල් බලා හිටියේ උඹට තිවුනේ බල්ලා අල්ලලා ඒකගේ නැට්ට උණ පුරුකක දාන්න... :)

    ඒ නියම කතාව තව කොටහක් විහහට ලියන්න ඈ.....

    ReplyDelete
  13. මැක්සා... තමන්ට ඕනෙ විදියට හිතාගත්තෑකි..

    ReplyDelete
  14. ikmanata ithiri tika danna

    ReplyDelete
  15. පොඩි කාලේ භාවිතා කරපු වචන වල තේරුම් ලොකු වෙනකොට වෙනස් වෙන හැටි නේද? :D

    ReplyDelete
  16. අනේ මංද . . . මට තේරෙන විදියද ???? නැත්තං . . . . ????

    ReplyDelete
  17. සමහර ඒවා තේරුනේ නෑ. ඒත් මට ඕන විදියට කතාව තේරුම් ගත්තා...:D

    ReplyDelete
  18. මේක දෙවනි සැරේට කියවන කොටනෙ තෙරුනෙ !!! ඊයාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ කුණුහබ්බ කතාවක් !

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...