මං මේ ලගදි අමිලයා වගේම
දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය අත්හැරපු එක්කෙනාට බනිනවා.. නමුත් ලෝකෙට සුද්දවන්තයෙක් වෙලා අහිංසක පෙම්‍වතෙක් හෝ පෙම්වතියක් වෙනවා..
නමුත් අපි ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. තමන් පණ වගේ ආදරේ කරපු කෙනාගෙ වැරදි කියන්න තරං පහත් මානසික මට්ටමක් තියෙන්න ඕනි නේද.. එහෙම බලද්දි මං නන් හිතන්නෙ ඒ වගේ ආදරයක් නැති වෙන්නේ බෑ කියන කෙනාගෙ වාසනාවට.. සමහර අය ආදරේ කරන කාලෙ කෙල්ල ගැනවත් හිතන්නැතුව රූම් වලට ගිහින් ඇති තරං සැප විදිනවා. කෙල්ල යන්න ගියාම අරවා වීඩියෝ කරලා ඉන්ටනෙට් එකට දානවා.. ඒක මොන තරං තිරිසං වැඩක්ද.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන්නෙ ලගින් ඉන්නෙ යමක් විශ්වාස කරල.. නමුත් ආදරය නැති උනයි කියලා අනිත් පුද්ගලයාට පුලුවන්ද තමන්ගේ ආදරේ කරපු කෙනාගෙ ගෞරවය නැති කරන්න.. ඒ විශ්වාසය පාගලා නැති කරන්න.. මිනිස්සු අහිංසක වෙන්න ඕනි ලෝකෙට පේන්න නැලවිලා නෙමේ.. තමන්ගෙ හදවතින්.. ලෝකෙට දරුණු උනත් කමක් නෑ.. හදවතින් අහිංසකයි නන්..
බ්ලොග් පෝස්ට් වල පිටු ගනන් ලියනවා ආදරේ ගැන.. ඇත්තටම ආදරේ කරන්න ගියාම ඒ මෙලෝ මගුලක් නෑ.. අනිත් කෙනා බෑ කියපු ගමන් පුලුවන් තරං කුණු හරුප කියාගෙන ඇවිදිනවා හැමතැනම.. එයාල හිතන්නේ එයාල හැංගිලා කරන දේවල් ලෝකය දකින්නෑ කියලා.. අපි කවුරු හැංගිලා මොන සෙල්ලං දැම්මත් මං දන්න විදිහට මේ බ්ලොග් ලෝකෙ එව්වා කවද හරි එලියට එනවා... මං දන්න දෙයක් තියනවා නන් කවද හරි මුළු සමාජයක් ඉස්සරහා සාක්කිත් එක්ක ඔය වගේ නින්දිත වැඩ කරන්න එපා කියලා මං මූණටම කියනවා.. ඒ දවසෙදි ඒ පුද්ගලයින් ලැජ්ජාවක් තිබ්බොත් ලැජ්ජ වෙයි.. ලැජ්ජාවක් නැති උනොත් තරහා වෙයි.. මට අදාල නෑ ඒක..
ඕනිම කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්.. නමුත් ආදරය කරපු කෙනෙක් අතින් වැරැද්දක් උන පලියට ඒ ගැන ඒ ආදරේ කරපු හිතින්ම වෛර කරලා පලිගන්න පුලුවන් නන් මට තියන සැකය ඇත්තටම ඒ පුද්ගලයා ආදරය කරන්න දන්නවද කියන එක... ආදරේ කියන්නේ රෙදි ගලෝලා නිර්වත්‍රෙන් ගෑණු ළමයා හෝ පිරිමි ළමයා ඉදිරියේ හැසීරීම නෙමේ. ආදරය කරද්දි පිරිමියෙකුට නන් පිරිමිකමක් තියෙන්නෙ ඕනි.. කඩේ යද්දිත් සීමාවක් තියෙන්න ඕනි.. අසීමතව කඩේ ගිහින් පස්සෙ බෑ කිව්වම.. අරයා මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා තැන තැන කුණුහරුප කියන්න තරං මානසිකත්වයක් තියන පුද්ගලයො සමාජයේ ඉන්නවා දකින එක නන් මහ අප්‍රසන්න දෙයක්..
තමන් ආදරේ කරා නන් ඒ ආදරේ සදාකාලික වෙන්න ඕනි.. ඒක තමා ලූෂන් බුලත්සිංහල මහත්මයා ලියලා තියෙන්නේ
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙත්
වෙන් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස සදාකාලිකව ජීවත් වේ" ඔන්න ඔය වගේ කතාවක්.. මට මතක නෑ.. ඉස්සර නන් ෆේස් බුක් එකේ හැමතැනම ඕක ෂෙයාර් උනා.. ඒකට ලයික් කරලා.. එව්වට බ්ලොග් පෝස්ට් ලියලා එව්වා ඉස්සරහා නිකැලැල් පෙම්වතුන් වගේ හැසිරිලා.. පස්සෙ ආදරේ නැති උනාම සත්තු වගේ හැසිරෙන මිනිස්සු දැක්කාම මට නන් ඇති වෙන්නෙ මහ කළකිරීමක්..
ආදරේ කරන හැමෝම එකතු වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ.. ආදරේ කරපු අය නැති වෙන්න පුලුවන්.. ඒක වෙන්න මේ ලොකෙ පලවෙනි කෙනා අපි නෙමේනේ.. මීට කලිනුත් එහෙම වෙලා තියනවා.. ඉස්සරහටත් එහෙම වෙයි.. නමුත් ආදරෙ කරන්න දන්නැති මිනිස්සු කෙල්ලෙක් ඉස්සරහා රෙදි ගලවන් නටලා පස්සෙ ආදරේ නැති උනාම දාල ගිය කෙනාට තැන් තැන් වල බොරු චෝදලා දාල කේලං කියනවා.. එව්වා අහන්නත් මොලයක් නැති හිතන්න කල්පනා කරන්න තරං බුද්ධියක් නැති අය වට වෙලා ඉන්නවා...
මම නන් කියන්නේ ආදරේ නැති වෙන්න පුලුවන්.. ඒත් ඒ වෙනුවෙන් දාල ගිය කෙනාගෙ චරිතය ඝාතනය කරන්න පුලුවන් තරං හිතක් තියනවා නන් ඇත්තටම ආදරේ කරලා තියනවද කියලා මට නන් සැකයි....ආදරේ කියන්න මොකක්ද කියලවත් එයාල දන්නැතුව ඇති..එහෙම මිනිස්සු මේ ලෝකෙ පිරිලා..හරියට සත්තු වගේ..
එහෙම මිනිස්සු මට දැක්කම හිතෙන්නෙ.. මේ ලෝකෙ හරි කූරයි අප්පා.. ඊක්කා.........
මේ සිංදුවත් අහලම යන්නකෝ....