ලියා ගන්න බැරි උන තව කවි තියනවද
කියපු වදනන් දහසක් අතරෙ
කියාගන්න බැරි වන තව වදන් ඉතුරුද
දකින සිහින ගොන්නක් අතරෙ
දැක ගන්න තව සිහිනයක් නැතිවද
විදගන්න සිසිලසක් තුරු අතරෙ
නොවිදනා සිසිලස තවත් ඇතුවද
නොලැබෙනා පෙම් සිතක් අභියස
සිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...
සත්සමුදුරින් පියඹා
එන්න නුඹ මා සිතින් ලගමද
සැතපෙන්න නුඹ සුසුම් හමනා
සුවද මා සිත මත් කරාවිද...
හරිම ලස්සනයි සහෝ..:)
ReplyDeleteස්තූතියි.. !!!
Deleteපද ගෙතුම අගෙයි! රස වින්දා!
ReplyDeleteස්තූතියි !!!!
Deleteනොලැබෙනා පෙම් සිතක් අභියස
ReplyDeleteසිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...
මේකනම් පපුව අතුල්ලටම ඇනුනා.මම අන්තිම කවිය ලිව්වේ ඒකමයි.
පරිස්සමින් මචං.. පපුව තුවාල වෙයි.. හික් හික්.. ස්තූතියි......
Deleteසිරා ලස්සනයි මචං..
ReplyDeleteපට්ට..
තැංකූ.. මචං...
Deletelassanama lasasnai sithata danena pada walak
ReplyDeleteස්තූතියි නමක් නැති මිතුර....
Deleteලස්සනයි ලස්සනයි!!!
ReplyDeleteපටන් ගද්දිම මට සිංදුවක් මතක් වුණා... පුළුවන් නම් කියන්න බලන්න....
ආං.. දඟකාරී ලියලා තියනවා පහල.. හික් හික් ඒක වෙන්නැති නේ...
Deleteස්තූතියි අනූ...
සික්....දඟකාරි වැඩේ කාලනෙ.... :((((
Deleteලස්සනයි....
ReplyDeleteතැංකූ.......
Deleteලියූ කවි පද දහක් අතරේ
ReplyDeleteලියා ගන්නට බැරිව ළතැවෙන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
ඕක තමයි මට නම් මතක් වුනේ...
ලස්සනම ලස්සනයි...
හැකිස්.. ඕකම වෙන්නැති අනූටත් මතක් වෙන්න ඇත්තෙ..
Deleteස්තූතියි මේ පැත්තට ආවට...
ආදරය නොලියූ කවිය වගේ හැමදාම අලුත් වෙනවා.
ReplyDeleteසිතුවිල්ල ලස්සනයි.
ස්තූතියි අගය කිරීමට...
Deleteමාතෘකාව කවියේ නෙමේ පෝස්ට් එකේ. ඒකයි වරද!
ReplyDeleteහික් හික්.. නෑ අයියෙ කාලෙකින් කවියක් ලිව්වේ.. ඒකයි මාතෘකාව ඒ විදිහට දැම්මේ.. :-D
Deleteමමත් කියෙවුවා ඒත් මට කවි වැඩිය තේරෙන්නේ නෑ බන්
ReplyDeleteදැන් වෙනස් වෙලාද මන්දා
ReplyDeleteඒ වුනාට කවිය සුපර් පසා..!
පැතූ පැතුමන් ගොන්න අතරේ
ReplyDeleteමගේ මතකය රැදේවිද
නින්ද අභියස සිහින අභියස
ඔබේ සූසුමන් දැනේවිද