Sunday, March 10, 2013

වීරයා මැරිලද.. මරලද ?

ආසයි වීරයෙක් වෙන්න
හදවතින් ලෝකෙටම පේන්න
බයයි යුධ වදින්න
කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි
ඒත් වීරයෙක් වෙන්න ආසයි
යූධ පිටියට යන්න බයයි
ජීවිතය නැති වෙයිද හිතයි
ඒත් ආසයි යුධ වදින්න
හදමු..
අපේම
කොලොසියමක්
එන්න කියමු අපේම උන්ට
බලන්නට වීරයා යුධ වදින හැටි
වීරයා මරන්නට බැරිය
සතුරා පෙනෙන්නට නැතිය
පෙන්නයි කඩු හරඹ..
පවසයි මරන හැටි ආවොතින් ඉදරියට
ජය ඝොෂා හඩ නැගෙයි සතර අත
දිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිස
රගයි වීරයානන් සතර අත
ගෙදර ගිය පසු වීරයා සවස අත
නැතිය කිසිවක් තනිකමට කවුරුවත් නැති නිවස මිස
පිම්බී නැටුවාට කොලොසියමක් තුල
හිත පමණි දන්නේ තනිකමක
මිය යන විරුවාගෙ වත ගොත........

19 comments:

  1. ගනු කඩුව එනු සටනට

    ReplyDelete
    Replies
    1. මට බෑ.. රට්ටු මගේ හිත තලා පෙලා දායි.. :-D

      Delete
  2. කාඩ්බෝඩ් විරයෝ තමා දැන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අපෝ ඔවු.. කියලා වැඩක් නෑ.. කුණුහරුප කියන්න විතරයි දන්නේ.. :-D

      Delete
  3. දැන් ඉන්නේ ඇනෝ වීරයෝ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං.. රට්ටු කියන කතා ඔව්වා.. :-D

      Delete
  4. හැබෑ ලෝකෙට මූන දෙන්න තරම් පෞරුෂයක් නැති උන්ට ඔහොම වෙනවා බන් . . ගනන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ලෝකෙට බණ කියන ගොඩක් අය තමන්ගේ ඇත්ත රූපෙ වහගන්න දගලනවා.. ඒකයි සීන් එක...

      Delete
  5. දොර ගුලු ලා ගත් අපේම කොලොසියම තුල අපේම උන් එක්ක බැන අඩ ගාමු සතුරන්ට...

    අයියෝ යුනිකෝඩ් කියල හිතුන බන්... උබටත් එහෙම හිතුනද ?

    ReplyDelete
    Replies
    1. මට හිතිච්චා කියලා වැඩක් නෑ බං.. :-D

      Delete
  6. මට නම් මේක කියවල ඉවරවෙද්දි මතක් උනේ මේ තරම් සියුමැලිද කලු ගල් කියන සින්දුව.එකේ කියන නිර්මාණකරුවා ත් මේ කවි කතාවේ ඉන්න කෙනා වගේයි නේහ්.

    ඇත්තටම හොදයි.. ඔබට ඉදිරියට යන්න පුලුවන් :පි

    ReplyDelete
  7. ඇත්තටම ටිකක් හිතන්න දෙයක් තියෙනවා. කවුරු වුනත් වීරයෝ වගේ හිටියාට හිතෙන් බයයි.

    ReplyDelete
  8. ආවා, ගැහුවා, ගියා...අන්න නියම වීරයෝ. නිකන් වන්ශොට් වගේ.
    අද කාලේ වීරයෝ ගුටිකාලා වමනෙ දදා ආපහු එනවනෙ බන්. එපා වෙනවා.. :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...