ඇවිත් යන්න එන්න
මගේ මිනිය දෙස බලාගෙන
මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය
සියලු දේ පවසන්න
මා අසා සිටින්නෙමි
ඔබේ හිත නිවෙන තෙක්
මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ බර නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන
සමන් මල් පියලි බැද
නුඹ රන් තොරන් බදිනු ඇත
එපා මගෙ නමින් වෙහෙසෙන්න
ගල් බෝතෙලෙන් සිනාසුන මැන
පාවඩ මතින් පියළි බැද
විල්වුද සයන එපා මට
පිදුරු යහනකින් බැද
ලෑලි මට උවමනා නැත
නුඹ ඇවිත් යන්නට එන්න
මට බැනපු නැති වදනින් දොඩා යන්න
මා අසා සිටිනු ඇත
අද මෙන්ම මා මිය ගිය දිනට..........
බොට බනින්නේ නැ.බැනල වැඩක් නැ..
ReplyDeleteමේ දවස් වල ඔය වගේ කවි වැඩි වගේ..
අවුලක් නැ..කවිය හොදයි.හරී ලස්සනයි..හරි හැඩායි,මාරයි අෆ්ෆා...
අඩේ මං එක :p
Deleteමට බනින්නෙ මක්කටැයි පබූ..
Deleteබොලා එක උනත් අන්තිම උනත් තෑගි නෑ ඇ... මං හොදයි නේ...:-D
පුළුවන් වෙයිද
ReplyDeleteකියා ගන්නට
සිතේ හිර වුනු
හැම දේම
ඔයාට...
.
.
දැනෙන කොට
සවන් දෙන බව
ලඟින් හිඳ ගෙන
පෙර සේම
මට ...
.
.
:D
ලස්සන කවියක් ! :)
හැහ්.. පිළීතුරත් පට්ට ලස්සනයි ඇ..ස්තූතියි :-D
Deleteලස්සන කවිය.මේ දවස් වල බ්ලොග් ලෝකේ ගොඩ දෙනෙක් තමන්ගේ මරණේ ගැන ලියනවනේ.
ReplyDeleteඇයිද මන්දා..:ඕ
හැහ්.. වත් අක්කා හැර තවත් අය එහෙම ලිව්වද..
Deleteමැරෙන එක කොහොමත් වෙන දේනෙ ඉතින්.. ලිව්වට මක්කැයි වෙන්නෙ..:-D
මටනම් අල්ලලම ගියේ අර "ගල් බෝතලේ " ටික තමා ,බැරිද ඕල්ඩ් වගේ ලැස්ති කරගන්න ..
ReplyDeleteබෑ.. මං ආස නෑ පොල් අරක්කු බොන්න.. :-D
Deleteඉතින් උඹයැ බොන්නෙ. අනිත් උන්නෙ. ඔන්න ඔය රොබින්ට ඉල්ලපු ජාතිය ලෑස්ති කරලා තියපං බං.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
එහෙම ඔට්ටු නෑ...මං මැරුනම වත් මං ආස දෙයක් කරන්න බැරිද.. එව්වා අසාධාරණයි බං.. :-D
Deleteබනින්නේ කුමට
ReplyDeleteප්රාණයක් නැති කඳට
බනින්න ඕනේ නම් මට
බනිනවානේ මන් මූණට
ලස්සන කවියක් පසන්.. :)
ඔයා වගේ මූණට බනින අය අඩුයි අනේ.. අපි නැති තැන බනින්න අය තමා වැඩියෙන්ම ඉන්නේ.. මේක ලංකාවනේ ඉතින්..:-D
Deleteකාටද මේ කියන්නේ??????
ReplyDeleteකෙල්ලෙක්ටනං වෙන්න බෑ..
කෙල්ලෝ කෝමත් මිනි කර ගහන්නෑනේ..
කෙල්ලො හුරතල් වෙන්නනේ කැමති.. මේක මචං හැමෝටම කියපු දෙයක්.. කෙල්ලොත් මිනියට කරගහන්නෑ.. හැබැයි සමහර කෙල්ලො නන් මිනිකුණ කන්න හරි බලාගෙන ඉන්නේ.. බොරුනන් බ්ලොග් ලෝකෙම ටිකක් විපරං කරලා බලපංකෝ.. :-D
Deleteමොකද්ද අවුල...!!!??? මේ මරණය ගැන ලියපු දෙවෙනි කවිය නේද ?
ReplyDeleteඅපෝ අයියා.. මං මගේ මලගම ගැන පෝස්ට් ගොඩක් ලියල තියනවා.. මේක දෙවනි එකට වඩා වැඩී මං හිතන්නේ....
Deleteබැනලා කිතා ඉන්නේ නෑ මම
ReplyDeleteබොලාගේ මිනී වලට
දානවා පස් මිටකුත් !!!
අනිවා... බොල පස් දාන්න එන්නම ඕනි.. :-D
Deleteමම නම් ඔය එන එකෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ,උබත් බලන්න යන්න එපා එතකොට ඔය වගේ සිතුවිලි එන්නේ නෑ
ReplyDeleteමාත් එහෙම තමා බං දැන් නන් ඉන්නේ.. මැරුනමවත් උන්ට චාන්ස් එකක් දෙන්න ඕනිනේ.. නේද බං.. :-D
Deleteමේ මෑතක දී සුනිල් එදිරිසිංහ මීට සමාන අදහසක් ගීයකන් කිව්වා. ඒ ගීතය වගේ කියලා හිතුණා
ReplyDeleteඊයෙ ඒ සිංදුව දෙතුන් පාරක්ම ඇහැව්වා.. ඒක අහලා හිතුන දෙයක්..
Deleteමං හිතන්නේ අයියා කියන්නේ මේ සිංදුව ගැන වෙන්නැති..
http://www.youtube.com/watch?v=4NIaTIUxnGo
මම ආසම 'මගේ මල ගම දවසේ
ReplyDeleteඑපා මිනියට කර ගසන්නට
හිතේ නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන' කියන ටිකට..ඒත් මොකද අනේ මේ හැමෝම වගේ මැරෙන කතා ලියන්නේ?? :(
හැහ්..හැමෝම ලියන්නේ එව්වද.. මං හිතුවා ගොඩක් අය කරන්නෙ අනිත් මිනිස්සුන්ට බනින එක විතරයි කියලා...:-D
Deleteමොකද අෆ්ෆා කට්ටියම මරණය ගැන ලියන්න අරන් තියෙන්නෙ. කොහොම වුනත් අපූරු කවි ටික.
ReplyDeleteදැන් ගොඩක් අය ලියන්නේ තව කාට හරි බනින්නනේ.. කවුද මරණය ගැන ලියන්නේ..
Deleteආහ්.. වෙන එකෙක් මැරිලා පලයන් කියලා සාප කරල ලියන අය නන් ගොඩක් ඉන්නවා.. :-D
අපරාදේ විනෝද අරමුදලකුත් දාන්න ගියා...අවුලක් නෑ ගල් හොදයි...ගද උනාට ඇගට ගුණයි...මිනිස්සු අපි ඉල්ලන විදියට කරාවිද බන්...
ReplyDelete( මම මැරෙනව කිව්වම," කෙනෙක් කිව්වා මම ඇවිත් තේ හදන්නම් කියල " ,ඔන්න මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ )
මචං..උඹ ඒ අතින් වාසනාවන්තයි.. තේ එකක් හදන්න හරි කවුරු හරි ඉන්නවා.. සමහර මිනිස්සු මැරුනම මිනිය බලන්නවත් මිනිස්සු එන්නෑනේ බං.. ඒ අතින් උඹ හරි වාසනාවන්තයි..
Deleteදැනෙන්න ලියල තියෙනවා,එල
ReplyDeleteලග ලග මැරෙන කතා ගොඩක් ඇහුවා. තුනද හතද මන්දා මේක.
ReplyDeleteගන්ධබ්බ වෙලා ඉන්නකොට පසුතැවීමක් හෙම ආවොත් විනාසයි මචන්..
ReplyDeleteela kawiya machan..
ReplyDelete