Monday, May 31, 2010

මිතුරානෙනි ඔබට නිවන් සුව !!!!!!!!!!



විසි පස් අවුරුද්දක් පුරාවට
ජීවන මහ සයුර මැද
තනිව කරපින්නා ගත් ජීවිතය සමග
මහා රළ සමග උරෙන් උර ගැටී
ගෙවා දැමූ ජීවිතය
මරුවාට බිලි වුයේ කෙසේද
විවාහය නැමැති සුන්දරම සිතුවිල්ලක පැටලි
තම පෙම්වතිය අත හැර
තනිව ගමනක් යන්නට සැරසෙන නුඹ කොතරම් රුදුරුද
එන්න නැවත එක් වරක්
අප නිසා නොව
දිවි මගක අතරමන් උන
පෙම්වතිය නිසාවෙන්
අයදිමි සැමගෙන්ම නුඹට යළි ජීවය දෙන මෙන්
එක වරක් දෑස් ඇර බලනු මැන
සොවින් වැලපෙන නුඹේම සොයුරන් වෙත
යන ගමන නවතාලිය නොහැකි බව දනිමි
පතන්නට එක දෙයක් ඇත
උපදින මතු භවයෙත් අපි අතරම ඉද
ඉක්මන් නිවන් සුව හැර නුඹ වෙනුවෙන්
අසරණ මම කුමක් අයදිම්ද?????

Saturday, May 29, 2010

නෙතු පියන් ඉන්න හැකි නම්

නෙතු පියන් ඉන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
සද හිරුත් නැති
අහසෙ තරු නැති
ලොවක් උව කම් නැත
ඉන්න හැකි නම් නුඹට ලං වී

ගලන ගං දිය සිදී තිබුනත්
පිපාසය නැත සිතට දැනුනේ
නුඹගෙ තුරුලේ සිටිය මොහොතක්
කෙලස කිව මැන අතැර යන්නේ

තුරු මුදුන් මල් පිපී තිබුනත්
සියොත් නෑ අද ගී ගයන්නේ
හමන සුලගක් ගතට දැනුනත්
සිසිලසක් නෑ මගෙ
සිතට දැනුනේ

තව වරක් මට එන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
ලොවම අහිමිව ගියත් මට නම්
එයම ඇති මිය යන්න සැනසී

Friday, May 28, 2010

වෙසගේ සිරි අසිරි

පුන් සද නැතත් වෙසගේ මහ රෑ අහසේ
බැලුමට ගියයි වෙසගේ සිරි සිත්සේ
මහ මග ඇවිද බැලුවයි අසිරිය වෙසගේ
දුටුවේ වෙසක් නොව අමුතුම සිරි වෙ​සගේ

සිල්ගත් ගැහුණු සුදු ඇදුමින් සැරසීලා
රසනැති දානෙ ගැන පවසයි වට වීලා
උන්ගේ මොල වලට මැටි ඇත පිරවීලා
ඒ ගැන කියන්නට මගෙ පද මදි වීලා

සුපිරිම වාහනය වහලය ඇරගෙන ආවා
එහි පිටි පස්සෙ කෙල්ලන් දෙදෙනෙක් දුටුවා
එකෙකුගෙ උඩු ඇදුම ගලවා විසි කෙරුවා
අපි නන් හොදට ඇගෙ අම්මව සිහි කෙරුවා

​ඇදලා ඩෙනිම එය ඉහලට නමලා
සුදු දිග සාය එය ඇත ඉන තෙක් පලලා
උඩු කය නිරුවතින් පන්සලෙ දන වැටිලා
කාටද වදින්නේ මේ හැටි පේ වීලා

කොල්ලන් උවත් මහ මග හැසිරෙන්නේ
උමතුව අයාලේ ගිය උන් වැන්නේ
යම ලොම යම පල්ලො මේ විදිහට එන්නේ
කොල්ලන් උවත් කොල්ලන් දැයි සැක හිතුනේ

ගෙදරට තියන හොදම ඇදුම තෝරාලා
අම්මත් එක්ක ඇය එයි හුරතල් වීලා
කොල්ලෙකු සොයා ගැනුමට අරමුණ වීලා
වෙසගේ සිරි බලන්නට ඇය ඇත පැමිණිලා

වෙසක් පුන් පොහෝ දින ගෙදරට බොරු කියලා
ඔහු එන්නේයෙ මිතුරන් හා එක් වීලා
කෙල්ලන් එක්ක බොරුවට හුරතල් වීලා
ඔහුගේ අරමුණත් කෙල්ලකු ගැනුමට හොයලා

කැරකෙන කූඩු මග දෙපසේ තිබුනාට
කෙල්ලන් කැරකීලා ගස්සල යන කලට
බාගෙට ඇදල තොල් රතු කර එන කලට
මරගන රැගුම් පරදී ​මුන්ගේ වැඩ වලට

අප මහ සමිදු මේ බව දැන සිටියා නන්
පස් මහ බැලුම් නොව මේ ගැන සිතුවා නන්
මතු බව දකින නුවනක් ඇති වී තිබුනා නන්
ඉපදී බුදු නොවී සැනසෙනු ඇත නිවනින්

කීමට ඇතත් වෙසගේ සිරි රස කරලා
දෙනතම නිදි බරයි ඒ අසිරිය බලලා
අයිදිමි එක දෙයක් ඔබ සැමටම වැදලා
සංවර ලෙසට හැසිරෙන් තෙමගුල සිහි කරලා


Monday, May 24, 2010

කොල්ලන්ට පමණයි

අද ලියන්න යන දේ කොල්ලන්ට පමණයි. ඒ කිව්වෙ අද මම ලියන්න හදන්නෙ ගැහැණීය ගැන. පෙම්වතිය බිරිද මේ මොන විදිහකට බැලුවත් ගැහැණිය තමයි සතුට. ඒ ගැහැණිය ගැන කෙටියෙන් ටිකක් ලියන්න තමයි හදන්නෙ. දිගට ලිව්වොත් කොටස් කඩන්න වෙන නිසා කෙටියෙන් ලියන්නන්. දිගට ඔනි නන් කියන්න තව පෝස්ට් එකක් දාන්න බැරියැ නෙ.

"ගැහැණියකට තම සැමියාගේ කබාය මත රැදුනු කෙස් ගසක් මීටර් 20 ක දුර සිට පෙනෙන අතර මොටර් රිය නැවැත්වීමට එන විට ගරාජයේ දොර නොපෙනන බව එක්තරා පොතක සදහන් විය"

ගැහැනුන් සහ පිරිමින් වෙනස් ය. සිතුම් පැතුම් අශාවන් සහ හැකියාවන් අතරින්ද ඔවුනොවුන් වෙනස් වෙති. ලිපිය කෙටි කීරිම පිණිස කරුණු වශයෙන් පමණකි දක්වමි.

ගැහැණියට බොරු හදුනා ගැනීම සදහා සහජ ඉවක් පවතී. තම සැමියා/පෙම්වතා බොරුවක් පවසන විට ඇයගේ දෙනෙත් දෙස බලන්න. එය ප්‍රමාණයෙන් විශාල වන අතර බොරුව පවසා යන්නට යන විට ඇය සැක හැර දැන ගැනීමට මෙන් ඔහු පසු පසම පැමිණේ.

අනිකාගේ අදහස් තේරුම් ගැනීමට පිරිමින්ට වඩා වැඩි හැකියාවක් ඇත. උදා* පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩන්නේ යනුවෙන් පවසනු විනා පියාට තම දරුවා වටහා ගැනීමේ හැකියාවක් නැත. නමුත් ගැහැණියත් දරුවකු අඩන විට ඒයට හේතුව සහ කල යුතු දේ මැනවින් දනී. එය ඈත යුගයේ සිට පැවත එන්නකි. පිරිමියා දඩයමේ ගොස් කෑම සැපයීම සදහා පරිනාමනය උන අතර ගැහැණිය තම දරුවන් නිවස බලාගැනීම සදහා පරිනාමනය වී ඇත.

ඇස් වලින් යමක් දෙස බැලීමේදී ගැහැණුන්ට පුලුල් ප්‍රදේශයක් පෙනෙන අතර පිරිමින් උමගක් තුලින් මෙන් ඈතට දකිති. ගැහැණුන් පිරිමින් දෙස හොරෙන් බලන අවස්ථාවල පිරිම්නට කලාතුරකින් එය අසු වන්නේ මෙම දර්ශන ප්‍රදේශවල තිබෙන වෙනස් කම නිසාය.

ගැහැණුන්ගේ කන් ඇසීමද පිරිමින්ට වඩා හොදින් සිදුවේ රාත්‍රියේ තම දරුවා හඩන ශබ්ධයට පිරිමියන්ට වඩා ඉක්මනින් ගැහැණිය හදුනා ගනී.

අපි දැන් බලමු ගැහැනියකගේ හිත දිනා ගන්නා ආකාරය.....................

නිතරම ගැහැණියකට සවන් දිය යුතුය. ඇය කථා කරන අවස්ථාවන් වලදී එයට බාදා කිරීමෙන් ඇය පිරිමින් ගැන කලකිරීමට පත්වේ.
ගැහැණියක් පිරිමියකු සමග බොහෝ කථා කරයි නම් එයින් අදහස් වන්නේ ඇය එම පිරිමියා කෙරෙහි ආකර්ශනයක් පවතින බවයි.

ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය එසේ නොවුනහොත් ගැහැණිය දුක් වේ.

මිතුරන් අතර සිටිනවිට තම පෙම්වතියගේ හෝ බිරිදගේ අත අල්ලාගෙන සිටින්න. එය මගින් ඇයතුල පිරිමියා කෙරෙහි වැඩි විශ්වසයක් ඇති වේ.

පෙම්කරන සමයෙහි ලිංගික ඇසුරු කීරීම් සදහා කිසිවිටකත් බලපෑම් නොකල යුතුය. එය මග හැර දෙදෙනාම එකතු වී බොහො වේලා පිළිසරක යෙදී සිටීමෙන් වැඩි ආදරයක් ලබාගත හැක.

ගැහැණුන් ආදරය කිරීමටත් පෙමින් වෙලී සිටිමටත් අධික ලෙස අශාවක් දක්වති.

කිසි විටකත් ගැහැණියක් කථාකරන අවස්ථාවල​දී වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමනේ වලකින්න. එවිට ඔබ ඇයට ආදරේ නැතැයි යන සිතුවිල්ල ඇයතුල හට ගනී.

ඇයගේ විසින් කරන හොද ක්‍රියාවන් සහ ඇගේ ලස්සන නිතරම අගයන්න. උදා* අද උයපු කෑම රසයි... ලස්සන ඇදුමක් මේක ඔයාට ලස්සනයි... එවැනි දෑ..

විවාහ උන පසු මසකට දිනක් හෝ රාත්‍රි කෑම සදහා එළි මහන් ප්‍රදේශයකට ගොස් දෙදෙනා කථා කරමින් ගෙවන දිනක්තුල ඇගේ සතුට වැඩි කල හැකි අතර වැඩි ආදරයක්ද පිරිමින්ට ලැබිය හැක.

ලිංගික ආස්වාදය (මේව කියවන පොඩි ළමයි නෑ කියල හිතනව) ගැහැනියට බොහෝ ලිංගිකආස්වාදය ඕනෑය නමුත් ඒ තමා ආදරය කරන තමාගේ සැමියාගෙන් පමණි පෙම්වතාගෙන් එවැන්නක් අපේක්ෂා නොකරයි. පෙම්වතා ලග සීටීමෙන් පමණක් ඇය සෑහීමකට පත්වේ.

අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්...........

වැළද ගන්න, වර්ණනා කරන්න, සුව පහසු ලෙස හැසිරීමට ඉඩ දෙන්න, ආදරයෙන් අත ගාන්න, ඇල්ම මහත්සේ දක්වන්න, ඇය තම ජීවිතය බව හගවන්න, ඇගේ හැගීම් දැනීම් වටහා ගන්න, ආදර ගී ගයන්න, ඇය අගය කර කථා කරන්න, ඇයගේ කටයුතු සදහා උදවු කරන්න, ඇයගේ වේදනාවන් වලදී සුව පහසුව දෙන්න, ඇය අස්වස්සන්න, තුරුලුකර ගනිමින් තදින් සිප ගන්න, ඇය අනුමත කරන්න, ඇයට ඉතා උතුම් ලෙස ආදරය කරන්න..............

මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න

තව විස්තර තියනව කෙටියෙන් දැම්මෙ කියවන අයටත් වැඩ ඇතිනෙ මේ පීළිබද වැඩිපුර කරුණු ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරපු
"පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි" කියන පොත කියවල ලබා ගන්න පුලුවන් විවාහ උන අය ඒ පොත බැලුවනන් හොදයි කියල මම හිතනව මේ සමහර කරුණුත් එ පොතේ ඒව තමයි

මේ ලිපිය බැරි වෙලාවත් කෙල්ලෙක් බලලා එයාට හිතුනොත් පිරිමින් ගේ ආදරය දිනා ගන්නෙ කොහොමද කියල දැන ගන්න මට කියන්කො ඒකටත් මොනව හරි කරන්න බැරියැ

Friday, May 21, 2010

කම්මැලි හිරු කුමාරිය

වෙනදාට මටත් පෙර නැගිට ගෙන
සිහින දකිමින් නළියන නෙත් ​දෙකට එබි කම් කරන
නෙතට වද දී ඒ සිහිනෙන් අහැරවන
නපුරු දිලිසෙන හිරු එළිය
අද මද්දහනය උදා වූවත්
මිදුම් සලුව පොරවාගෙන
වළාකුලු කොට්ටයක හිස තියාගෙන
හිරිපොදින් සැදුන සුන්දරම සයනක
තාමත් නිදන හැටි
අප සීතලේ
ගැහෙමින් සිටින විට
ඒ දෙස කිසි ලෙසකින් නොබලාම
කම්මැලිකම ඉහටත් උඩින් ගිය
මේ හිරු කුමාරිය නිදන හැටි
කම්මැලි කුමාරියනේ
දැන්වත් පිබිදෙන්න
සීතල පොරවාගත් අපේ සියොලග දැවටී
උණුසුමක සුව දෙන්න
දැන්වත් පිබිදෙන්න

Wednesday, May 19, 2010

ගෙනත් දෙන්න මට මගෙ සද





සිනා සලන ඔය ඇස් ලග
කථා කරන තොල් පෙති ලග
සමන් පිච්ච සුවද හමන
නුඹ ලග මම සැතපෙන්ද


කඩන් වැටෙන වැහි පොද උඩ
හඩා වැටෙන රළ පෙල ලග
පෙම් කලාට නුඹ මන් වට
නුඹ ඇත ඔහු සමගින් අද


රෑ අහසේ තරු කැට නැත
පෝය උනත් පුර හද නැත
වළාකුලින් හැංගූ සද
ගෙනත් දෙන්න මට මගෙ සද

Tuesday, May 18, 2010

නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

බලන්න
කවුලුවෙන් නෙතු යොමා
වැහි බිංදු පොළව සිඹින අපූරුව


මගේ හද කුමක් කියන්නේ
නුඹ ලගටම දිව එන්නේ
මල වැහි යටින් මගෙ තුරුලට එන්නේ
මම නුඹ ලගමයි නුඹ තුරුලේ ඉන්නේ

මල් මත වැහි බිදු රග දෙනවා
තුරු මත වැහි බිදු දිලිසෙනවා
මද අදුරින් ලොව වැසි යනවා
නුඹ තව වර මගෙ තුරුලට එනවා

දෙනුවන් කැලුම් උතුරා ඇද හැලෙනා
නලලේ දිය බිංදු දෙකපුල් සිඹ යනවා
දෙතොලම නුඹෙ තෙමිලා දිය පොද පිරිලා
එදිය බිංදු මගෙ දෙතොලින් රස බලනා

නූඹ හැර ගියත් මගෙ හිත දුක් වෙනවා
මම තාමත් නුඹ එනකන් දුක් වෙනවා
නුඹ අද දිනෙත් ඔහු තුරුලෙම සැතපෙනවා
නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...