නෙතු පියන් ඉන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
සද හිරුත් නැති
අහසෙ තරු නැති
ලොවක් උව කම් නැත
ඉන්න හැකි නම් නුඹට ලං වී
ගලන ගං දිය සිදී තිබුනත්
පිපාසය නැත සිතට දැනුනේ
නුඹගෙ තුරුලේ සිටිය මොහොතක්
කෙලස කිව මැන අතැර යන්නේ
තුරු මුදුන් මල් පිපී තිබුනත්
සියොත් නෑ අද ගී ගයන්නේ
හමන සුලගක් ගතට දැනුනත්
සිසිලසක් නෑ මගෙ සිතට දැනුනේ
තව වරක් මට එන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
ලොවම අහිමිව ගියත් මට නම්
එයම ඇති මිය යන්න සැනසී
ඔබේ දෑගිලිවල උනුසුම ලැබුමට
ReplyDeleteජිවන ගිතේ තනුව වයන්නට
පහන් තරැවවි හද දිදුලන්නට
පොරොන්දු වුවා මතකද ඔබහට
ගගට ඉවුරසේ ඔබ ලග දැවටි
ඔබගේ පුදසුනේ නෙලුමි මලක්වි
දිවිය පුරාවට එකම මගකවි
ජිවිත ගමනේ අත්වැල වන්නෙම්
ම්ම්ම්ම්..............
ReplyDeleteආදරේ හරියට අපේ සෙක්ශන් එකේ වාහනේ වගේ තියනකොට ඔහේ පාක් එකේ තියනව....කිසි ගානක් නෑ...නැති උනාම තියන අගේ...හොයනව හෝ ගාල...කොහෙද ගියෙ කියල....වෙන මොකෙක්ගෙ හරි උවමනාවකට කොහෙ හරි ගියා කියන්නෙ අපේ ඩ්‍රයිවරය බැනුම් කියන දේ අහන්න ලබන මාර චාන්ස් එකක්....ඔයාගෙ වචන ටික අගෙයි....
ReplyDeleteම්ම්ම්ම් ඕකට අනික් අතට කියන්න පුලුවන් එක තමයි "තෘෂ්ණාව". අන්තිම කවියෙ තෘෂ්ණාව පුරවල අඩුවක් නැතිව කියල මට හිතෙනවා.
ReplyDeleteකොහොම උනත් දෙමව්පියන්ගෙයි, සහෝදරයින්ගෙයි ආදරයට වඩා වෙනස් ආදරයක් හිතට දනවන්න කෙනෙක් නැති උනාම ලොකූ පාළුවක් වගේ මොකක්ද එකක් දැනෙනවා කියන එකත් මම පිළිගන්නවා.
හ්ම්ම්ම්ම්
ලස්සනයි
ReplyDeleteNipu/
ReplyDeleteකාටද අප්පේ ඔය අත්වැලක් වෙන්න යන්නෙ. මේක නන් හරි යන්නැහැ කොලුවට කියන්න වෙනව බලාගන්න කියල හික්.... හික්....
dinesh /
ReplyDeleteඇයි ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියන්නෙ මොනව උනත් ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගිය එකට
indi /
ReplyDeleteආදරය විතරක් නෙමේ කිසිම දෙයක් තියන කොට අගයක් නෑ නැති උනාම තමා ඉතින් හතර අතේ හොයන්නෙ
ගොඩක් ස්තූතියි අගය කරාට
ස්වප්නා/
ReplyDeleteපොයට සිල් අරන් වගෙ හොදා හොදා මාත් එහෙනන් බණ පදයක් අහගත්ත කියමුකො
ඇත්තම කිවුවොත් කෙල්ලෙ මට නන් තෘෂ්ණාව කියපු දේ එච්චර තේරුනේ නෑ මේක දැක්කොත් පුලුවන් නන් ටිකක් විස්තර කරන්න
ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ලස්සන අදහසක් දාල ගිය එකට...
දිල්/
ReplyDeleteස්තූතියි අගය කරාට
"හමන සුලගක් ගතට දැනුනත්
ReplyDeleteසිසිලසක් නෑ මගෙ සිතට දැනුනේ" හිත නතරවු තැන ..............
වැප් /
ReplyDeleteකොහෙද අප්පා ඔය හිත නතර උනේ........:D
තෘෂ්ණාව කියන්නෙ ඇලෙන, බැදෙන ස්වභාවයට. අපි හැමෝම පසිදුරන් පිනන දේවල් වල බැදෙනව. ඇලෙනව. ඒව අපිට නැති වෙච්ච වෙලාවට වැලපෙනව. ඕක කාටත් පොදුයි. ඔය බණ පද ටික දන්න මට පවා. වැඩේ තියෙන්නෙ අපේ හිත හැදිල තියෙන්නෙ එහෙමයි. හිත පිනවනවයි කියල හිතෙන තැනට ඇලෙන්න. ඔයාගෙ කවියෙ ඒ ඇලීම දරුණු විදිහට පෙනව. ඒකයි මම කිව්වෙ තෘෂ්ණාව පුරවල කියල
ReplyDeleteස්වප්නා/
ReplyDeleteස්තූතියි පහදල දෙන්නත් ආයෙත් මේ පැත්තෙ ආවට උත්තර දෙන්න තරන් ඔලුව නිදහස් නෑ ස්තූතියි ආයෙත්