සිත තුල හැගුම් හිර කර
නෙත් තුල පැතුම් පොදි බැද
සිහිනයෙ අලුත් පිටුවක
නැවතිලා මගේ දිවියම
ආදරය කරමිද
නැවතත් අහිමි වී යයිද
මේ පෙර ලෙසද
මං උමතු වේවිද
පෙර මං බලමි මොහොතක් ඉදගන්න
නුඹෙ ලගට වී අපි ගැනම විමසන්න
සුන්දර සිතුවිල්ල සිහිනයක් වි යන්න
එපා සිහිනෙන් මාව පුබුදන්න
සිහිනෙන් මැවෙන නුඹෙ රුව
විදිමි වරක් නොව සිය දහස් වර
ජීවිතය මෙය නම් උරුම ලද
එකම දේ සිදු වේවිද යළිත් වර
ෂා ෂා.....සඳ බබා ලව් කරන්න අරන් වගේ....
ReplyDeleteඅනේ වාසනාවන්...ලස්සන පද එක්ක ලස්සන ප්රාර්ථනාවක් හැංගිලා වගේ.....මගෙන් සුබ පැතුම් !
වෙිදනාවෙන් ඉරි තැලුනු නුබෙ හදවතේ
ReplyDeleteපිපෙන්නම් මම මලක් සේ..
රදවා ගන්නම් නුබෙ කදුලු
මගේ පෙති මත පිනි බිදු සේ...
සැගවෙන්නම් නුබෙ දෙඅත් මත
උණුහුමක් දැනෙන සේ...
විහිදන්නම් මගේ පෙති
නුඔට සිප ගන්න රිසි සේ...
දිවුරන්නමි සුවද තියා යන්නේ නැ කියා
කවදාවත් නුබට රිදෙන සේ...
දිල්/
ReplyDeleteපිස්සු කථා කරනව ඔයත්...... මොන ලව් ද...:(
ඉලව් තමා මේ දවස්වල නිකන් හිතිල දාපු පද ටිකක් අනෙ.....ස්තූතියි අගය කරාට
නිපූ/
ReplyDeleteඔන්න අනේ මන්ද කිව්වෙ නෑ හරිනෙ no comments දැන් අම්බානක දියුනුයි නෙ ඉතින් අනේ මන්ද නොකිය කොහොමද අනේ