අනේ පවු සද පැටියට හොදටම උණ හැදිල හරිම අමාරුයි බදුල්ලෙ මිතුරෙක්ගෙ මැණියන්ගෙ මරණය හේතුවෙන් එහෙ කාලය ගත කරල අද තමයි ගෙදරට පාත් උනේ එහෙදි කොහේදො යන පාහර කූඩැල්ලෙක් මාව කාල මට හොදටම උණ හැදිල හරිම අමාරුයිඑකා දන්නෑනෙ ඔය ජාතියෙ එවුන් මට ඈලජික් කියල ඒකට නන් වැඩිය අමාරු නැහැලු පිස්සු ගතිය පොඩ්ඩක් වැඩි වෙලාලු මාව කාපු නිසා වෙන්නැති නෙ මට අමාරු තිසා කෙටියෙන් කියන්නන් මම දැන් යන්න ඕනි හරි අමාරුයි ඊට කලිව් පොඩි උපදෙසක් දෙන්නන්
තමන්ගෙ මැණියන් හෙද නිළධාරිනියක් නන් උණක් හෙම්බිස්සාවක් හැදුනට ජීඋවිතේට එයාලට කියන්න එපා අත් දැකිමෙන් කියන්නෙ අද උදේ ඈති උන දෙබසක් කියන්නන්කො
මම :- අම්මෙ මට හොදටම උණ හරිම අමාරුයි
අම්මා :- පැනඩෝල් 2ක් බොන්න
මම :- ඇග හොදටම රිදෙනවනෙ
අම්මා :-- එහෙම තමයි ලෙඩ උනාම දැන් නිදා ගන්න
ඉතින් අසරණ මම නිදා ගත්ත මැරෙන්නැයැ ඉතින් ඔහොම තමයි එයාල ලෙඩක් ගනන් ගන්න නම් මැරෙන්නම යන්න ඔනි අපිනෙ මේකෙ අමාරුව දන්නෙ
කවි ලියන්න අමාරුයි ඒත් පිස්සුව හොදටව වැඩි වෙලා ඉන්නෙ ඒ තිසා පොඩි එඩිට් කරපු කවි ටිකක් දාල යන්නන්
මුලු ගතම ලෙඩ වෙලා
දාඩියෙන් නෑවිලා
කූඩැල්ල නිසා උණ හැදිලා
මම දුක් වෙන්නා
උණ හැදිලා
දුක් විදලා
ඇදටම වී මම ලත වෙන්නා
අනිත් එක
හනික වරෙවු කොල්ලනේ
මෙන්න මෙහෙ වරවු
තොපිට හරිම වාසියක් නට නටා වරෙවු යකෝ
පසන් බබයි නියන්නේ
මගේ සදයි කියන්නෙ
මගේ කකුල කාපු එකා හොයල මරල ගෙනත් දියෝ
වනන්තරේ සොයාපියෝ
ගස් අතරේ සොයා පියෝ
මගේ කකුල කාපු එකා කවුරුන් හරි ගෙනත් දියෝ
අනිත් එක
ගල් ලෙන බිදලා
ලෙන් දොර ඈරලා
පැනල ගිහිල්ලා
පර කූඩැල්ලා
කූඩැල්ලා නම් ඔල මොල ගති ඇති
මම මෙන් මුදු නැති
ඈයි කුඩැල්ලො
මාවම කෑවේ
කන්නට කවුරුත් නැද්දෝ හිටියේ
අනිත් එක
මඩේ ලගින කූඩැල්ලන් මරල දාමි මං
දුවල ගිහින් කූඩැල්ලව කඩල දාමි මං
චපල උගේ බොටුව කඩා වලදන්නෙමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං
මකුලු දැලෙන්
මකුලු දැලෙන් උව බැදල කෑලි කඩමි මං
දුවල ගිහින් උව මරලා කැලි කපමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං
ඇති අනේ දැන්නන් ආයෙත් අමාරුයි මම කාගෙවත් බොලොග් මේ දවස් වල බැලුවෙ නෑ සනීප උනාම එන්නන්කො එතකන් හැමොම පරිස්සමින් ඉන්න රන්ඩු කරගන්නෙ එහෙම නෑ තේරුනයි
බුදු සරණයි
ටටා
මට පෙන්නේ මෙයාට උන විකාරෙ වගේ ලොල්... නියම සින්දු ටික
ReplyDeleteහපොයි සද මේ මොකද? උණ හොදටම වැඩීයි වගේ!!!! සදගේ අම්මා එහෙම කීව එක පුදුමයි, සමනලී නම් ඔය දෙබස අහගන්නේ මෙන්න මෙහෙම:
ReplyDelete"උණ??? අනේ මේ දවස් වල ඩෙංගු හැමතැනම.... මේ ළමයත් කරගන්න වැඩ.... අපි ලේ එකක් බලමු...... කෝ ඔය තුවාලේ සුද්ද කරන්න.... මෙන්න මේ පෙත්ත බොන්න.... ආ මේ මේකත් බොන්න.... හපෝයි!!!!"
සදගේ අම්මියෝ සදට පෙනඩෝල් 2 ක් මදි වගේ,තව දෙක තුනක් දුන්න නම් හොදයි.
ReplyDeleteරැ උනත් ලෝකෙට
ReplyDeleteහිතට එලියක් ගෙනා
හැම මොහොතකම ලගින් හිද
දග කර හිනාවක් ගෙනා මගේ සද
ගිලන්ව ඈත අද අමාවක කර
මුලු අහසම...
පතමි සුවය හදවතින්
පායා එන්න ආයෙත් අහසට
දුකෙන් ඉන්න තරැ වලට
එලිය අරන්..
උණ වැඩි වෙලා වගේ මට නම් හිතෙන්නේ... කිරිහාමිගේ බෙහෙත හරියාවිද දන්නෙ නැහැ.
ReplyDeleteමෙහෙම ඒවා ලියවෙන්නෙ උණ විකාරෙන්ම තමයි..හෙක් හෙක්..නියමයි මොනව උනත්.
ReplyDeleteඉක්මන් සුවය පතනවා මචෝ.
මටනම් පේන්නේ හැදිලා තියෙන්නේ මොලේ උණවගේ...රෝග ලක්ෂණත් දරුණුයි වගේ....අර වත් කිව්ව වගේ කිරි හාමිගෙ බේතවත් ට්රයි කලොත් නරකද ?
ReplyDeleteසද පැටියට තාම හොද නෑ වගේ.....ඉක්මනින් හොදවෙලා එන්නකො ඉතින්
ReplyDeleteහසී/
ReplyDeleteඅනේ මන්දා හසී ඇගේ අමාරුවට මතක් උන ඒවානෙ උන විකාර වෙන්නැති
punchisamanalee /
ඒ ඔයාලගෙ අම්මා නර්ස් කෙනෙක් නෙමේනෙ ඒකයි ඔය නර්ස් කෙනෙක් නම් අර විදිහ තමා ඉතින්
පබලු/
ReplyDeleteඇති ඇති 2ක් හොදටම ඇති තව මොකටයි :P.. :D
wath /
ඉදල ඉදල ඇවිත් නෙතේරන දෙයක් දාල ගියා නෙ මොනවද කිරිහාමිට දුන්නෙ එයාට හැදුන ලෙඩේ මොකක්ද
නිපූ/
ReplyDeleteසද වැසුනත් වලාකුලින්
එළිය දේවි තව මොහතින්
එපා සිතනු කිසි විටකින්
සද නුඹ ලගමයි මෙලසින්
Raven /
ReplyDeleteහික් හික් ගොඩක් ස්තූතියි ප්රාර්ථනවට :D
දිල්/
ReplyDeleteඔයත් ඉතින් මම දන්නැති ඒවමනෙ දාන්නෙ ඇත්තටම මොකක්ද ඔය කිරිහාමිගෙ කථාව
සද පැටියව අමාරුයි අද මාව ඇදන් යනව කිව්වා ඩොකෙක් ගාවට ඊට කලින් රැකියා ස්ථානයට ආව පඩි හදල යන්න
ඒක නෙමේ කියන්න අමතක උනා මාව බලන්න ආපු ඔය හැමෝටම පින් හොදේ
ReplyDeleteඅනේ මෙයා කිරිහාමියගේ කතාව දන්නෙ නැද්ද.
ReplyDeleteහත්පණේ කිරිහාමිය....
දවසක් කිරිහාමියගේ කැත්තට උණ ගත්ත( වෙලේ වැඩ කරද්දි අවුවෙ තියල රත්වෙලා)
ඉතින් කිරිහාමියා ඔයා වගේම මෝඩ පැටියෙක් නෙ. එයා කැත්තත් අරන් "අනේ මගේ කැත්තට උණ අරන් කියල " රට වටේම යනව කැත්තට බෙහෙත් ගන්න හරිද...
ඉතින් කිරිහාමියගේ මෝඩ කම දන්න ගමේ මාමා කෙනෙක් කීව "කිරිහාමියේ කැත්ත ගිහින් දාපන් අර දොල පාරට. ටිකකින් උණ බහිවී " කියල හරිද...
ඉතින් කිරිහාමිය එහෙම කරාම කැත්තට උණ හොද වුනා
කිරිහාමියටත් සතුටුයි...
ඔන්න දවසක් කිරිහාමියගෙ නැන්දම්මට සහලෝල උණ ගත්ත.
( දැන් ඔයාට වගේ හරිද?)
ඉතින් මෝඩ කිරිහාමිය කරපු දේ හිතාගන්න පුලුවන් නේද සඳ පැටියෝ...
ඒනත් හිතා ගන්න බැරි නම් මාව අමතන්න කෝ ... හරිද... කතා කියන්න බැහැ මෙහෙම නිකම්...
ReplyDeleteඅලි අලි දැන් තේරැනා කවුද අනේ ඒ බවක් දන්නෙ මේ මගේ නම වැඩිය ප්රසිද්ධ කරන්න එහෙම නෑ තේරුනයි(මෝඩ පැටිය කියල) මම පවුනෙ
ReplyDeleteස්තූතියි කථාව පහදල දුන්නට ඔයා ලස්සනට කථා කියන්න දන්නවනෙ ඔයා ශෝයි නෙ