Monday, May 3, 2010

නැවතත් ඇය තුරුලු විය

මන්දාරම ගොඩ ගලන වෙලාවක
කිසිදා නොපැතූ මොහතක
මගේ දෙනුවන පින් කර ඇතිද මෙතරම්
ඇය යනු දුටිමි
මම ආසම ඇදුමින් සැරසී
අහිංසක මුහුන දකින්නට
පිං කර ඇතිද මා මෙතරම්
දුව ගියෙමි
මේ ඇයමද......
දෙදෙනෙත් අදහා ගත නොහැක
නැවත ඇය පැමිණ ඇත
දෙනෙතින් උතුරා යන
සතුට වවා ගත නොහැකිව
දෙදෙනාම ගොලුය
දෙනුවන දොඩමලුය
මලින් පිරීගිය
වන උයනක්තුල අප තනිවමය
අනන්තය තෙක් සිතුවිලි ගලා එයි
ඇය දෙස බැලූ මොහතක
දෙනුවන් පියා ගත් ඇය
වත ලං කලෙමි
සිඹින්නට ඒ මුහුණ
නැවතත්
මුවින් ඇද හැලෙන සුන්දර සිනහව
ඇය මගේමයි
නැවතත් ඇය මා ලගයි
තුරුලු විය තවත්
දෙතොල ලං කරමි
සිඹින්නට සුසිනිදු දෙතොල



" දඩාස් ".....
මා ඇද වැටුණි
සිහිනයෙන් අවදි විය
නැවතත් ඇද මතට පැමිණි මා
නිදන්නට වීමි..........

8 comments:

  1. දැන්නම් ලෙඩේ හොදටෝම වැඩිවෙලා වගේ...මේ වෙන දේවල්වල හැටියට මොකට ගෙදර ඉන්නවද මන්ද 150 හේ නගින්නේ නැතුව ....

    ඒ පැත්තට ගියානම් ඕක නිට්ටාවට හොද කරගෙන එනවනෙ ඉතින් ;D

    ReplyDelete
  2. දිල්/
    අනේ මට නන් 150 යන්න ඔනි නෑ. 164 ගිහින් එතන බහින එක ලගයිනෙ. අනික මේ ලෙඩේ මම පොඩි කාලෙ ඉදල තිබ්බ දෙයක්නෙ. මගෙ යාලුවො නන් කියන්නෙ අංගොඩ පැත්තෙ ඉදල එන හුලං වැදුන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ ඉතින් ඒකට බෙහෙත් නැති නිසා එයාල අමාරුවෙන් ඉවස ගෙන ඉන්නවලු ඔයත් දැන් මගේ පිස්සු වැඩයි මෝඩ වැඩයි ඉවසගන්න උත්සහ කරන්නකො...

    මොනව කරන්නද ඉතින්

    ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ

    ඩිගිරි ඩිකින්

    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබ්බත් නෑ ඇදේ ඇරෙන්නේ
    හුග දෙනෙක් මේ වගේ
    ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ....

    විටක් කැමතියි.... විටක් අකමැතියි.....

    අනේ එක නෙමේ අර කිරිහාමිගෙ කථාව කියන්නකෝ

    ReplyDelete
  3. අවසාන කොටස අයින් කරානම් හොදයි!.
    එහෙනම් කට්ටිය කදුළු පෙර පෙර මෙතන comments දන්නේ.

    ReplyDelete
  4. කවුද මේ ඈනී අපි ෂර්ලොක් හෝම්ස් විදිහට කල්පනා කරමුකො මෙයා ගැන

    මෙයා කියන දේ ට්කක් අපහාසයක් අන්තර්ගතයි
    ද්වේෂය ටිකක් මුසු වෙලා වගේ
    එළියට එන්න බයයි වගේ
    මොනව උනත් කවිය ලස්සනයි කියපු එකට ස්තූතියි කවිය කැත නන් තව කෙනෙක්ව අඩවන්න බැහැනෙ
    අනේ මන්ද මෙහමත් මිනිස්සු
    තමන් වැපුරූ දෙය තමන් නෙලා ගනී කිව්වලු

    ReplyDelete
  5. oh .......

    ඒ කියන්නේ පසන් ඉන්නේ ඒ පැත්තේ.....එහෙනම් ඉතින් රෝග ගැන අහන්න දෙයක් නෑ :)

    ReplyDelete
  6. ලස්සනයි පසන් කවිය,
    අන්තිම වෙනකන් ම
    සිහිනයක් බව දැනෙන් නෑ නේ...
    ඒකෙ අමුතුම මිහිරක් තියෙනව..

    ReplyDelete
  7. චේජනා/
    ගොඩක් ස්තූතියි අගය කලාට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...