Wednesday, May 5, 2010

ඉතින් අවසරයි නෙත් පියන්නට


අවසන් මොහොත පැමිණ ඈත
ජීවිතය නැමති වේදිකාව තුල දිග හැරුනු
නාටකය අවසන් වීමට කාලයයි
තිරය වැසීමට ඔවුනොවුන් පොරකති
අවසන් සුසුම පිළිගැනීමට
මුලු ලොවම නිසලය
ගැලු ගං දිය නිසොල්මන්ය
පිපී හිනැහුන මල්
මගේ තනියට මල් වඩමකට එතෙනු ඇත
වේදනාවන් දොරේගලන නෙත් කෙවෙනි
කදුලින් තෙත්ව ඇත
දුකට නොව
අත්හැර යන්ට කිසිත් නැත
නැවතත් හැරී බැලුවෙමි
පෙර ලෙසමය මා පමණය
දෙකපුල තෙමා රෑටා වැටෙන කදුලු
වේදනාවට නොව නුඹ දකින්නට ඇත්නම්
දෙනුවන පියෙන්නට පෙර එක වතාවක්
බොදවූ දෑස් ඉදිරියෙහි මැවෙම නුඹෙ රුව
වෙවුලන දැගිලි වලින් පිරිමදින්නට වෙර දරමි
වාරු නැත අසරනය තවත් රැදෙන්නට මේ මායාවතුල
කාලය හරස්ව ඇත
ඔහු අත වනයි යන්නට කාලය පැමිණ ඇත
ඉතින් අවසරයි නෙත් පියන්නට

15 comments:

  1. අනේ මන්ද හෝස් ගාල යනවා

    ReplyDelete
  2. නුඹෙ ඔය මලානික මුහුනේ
    සුදුමැලි දෙනෙතේ බැල්ම
    වියැලුනු දෙතොිල් සිනහව
    බලා ඉන්න වුනොත් දවසක
    ඔබට වඩා මා අසරනයි නේද

    නුඔ නැතිදා මගේ ලොකෙට
    ජිවත් වෙන්න අරැත් නැති බව
    දුක් සුසුම් ලග මගේ ආත්මය
    තනි වෙන වග
    තාමත් නුඔ දන්නේ නැතිද


    ලැබුනත් අවසර
    මා තනිකර නුඔට යන්න
    නුඔත් එක්ක මටත් එන්න
    නුඹෙ අවසර මට තියේද

    ReplyDelete
  3. හසී/
    මොකද හ්ම්ම්.......... කියන්නෙ

    ගීත්/
    මොකක්ද මචං හෝස් ගාල ගියෙ....? :D

    ReplyDelete
  4. නිපූ/
    අනේ මන්ද........ හ්ම්ම්........

    නුඹේ ලොවයි
    මගේ ලොවයි
    දුර ඈතයි
    අසම සමයි

    සිතන පතන හැම මෙ​හොතෙම
    දකින දකින හැම දසුනෙම
    පෙනෙන පෙනෙන හැම සිහිනෙම
    මම නැතිවෙයි හැම වෙලේම

    ReplyDelete
  5. හුගාක් සංවේදී නිර්මාණයක්

    ReplyDelete
  6. දිල්/

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... කියන්න දෙයක් නෑ... ස්තූතියි අදහසට...:D

    ReplyDelete
  7. අනේ... ඇත්තටම එහෙම හිතෙනවා ඇති නේ ඒ වෙලාවට... හ්ම්ම්ම්..

    ReplyDelete
  8. මට දුක හිතුනා...

    ReplyDelete
  9. Hipo /
    හ්ම්ම් බලමුකො එදාට එහෙම හිතෙයිද කියල.....

    හසී/

    ආ.... එක මිසක් මම බැලුව මොකද මේ කියල.. :D :D

    ReplyDelete
  10. අදහස නියමෙට ගලපලා තියෙනෝ...
    මේක ත් හීනයක් ද??

    ReplyDelete
  11. sampathjt /
    නෑ නෑ හිනයක් නෙමේ.. ඇගේ අමාරුව වැඩි කමට හිතට ආපු දෙයක්...:) :D .. ගොඩක් ස්තූතියි අගය කරාට

    ReplyDelete
  12. අනේ සමනලීට දුක හිතුනා.....

    ReplyDelete
  13. පවු පුංචි සමනළී ඔව ගැන වැඩිය හිතන්න එපා අනේ... :( ... :D :D

    ReplyDelete
  14. හරිම සංවේදි..... අත්තටම හොදයි... මගේ ඇස් වලට කන්දුලු ආව....අගය කරනවා....මිනිස්සුන්ට ඔය වෙලාව මතක් වෙන්නැති එක තමා ප්‍රශ්නෙ..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...