Friday, May 7, 2010

සිහිනයෙ අලුත් පිටුවක

සිත තුල හැගුම් හිර කර
නෙත් තුල පැතුම් පොදි බැද
සිහිනයෙ අලුත් පිටුවක
නැවතිලා මගේ දිවියම

ආදරය කරමිද
නැවතත් අහිමි වී යයිද
මේ පෙර ලෙසද
මං උමතු වේවිද

පෙර මං බලමි මොහොතක් ඉදගන්න
නුඹෙ ලගට වී අපි ගැනම විමසන්න
සුන්දර සිතුවිල්ල සිහිනයක් වි යන්න
එපා සිහිනෙන් මාව පුබුදන්න

සිහිනෙන් මැවෙන නුඹෙ රුව
විදිමි වරක් නොව සිය දහස් වර
ජීවිතය මෙය නම් උරුම ලද
එකම දේ සිදු වේවිද යළිත් වර

4 comments:

  1. ෂා ෂා.....සඳ බබා ලව් කරන්න අරන් වගේ....
    අනේ වාසනාවන්...ලස්සන පද එක්ක ලස්සන ප්‍රාර්ථනාවක් හැංගිලා වගේ.....මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
  2. වෙිදනාවෙන් ඉරි තැලුනු නු‍‍‍බෙ හදවතේ
    පිපෙන්නම් මම මලක් සේ..
    රදවා ගන්නම් නු‍‍‍බෙ කදුලු
    මගේ පෙති මත පිනි බිදු සේ...
    සැගවෙන්නම් නු‍‍‍බෙ දෙඅත් මත
    උණුහුමක් දැනෙන සේ...
    විහිදන්නම් මගේ පෙති
    නුඔට සිප ගන්න රිසි සේ...
    දිවුරන්නමි සුවද තියා යන්නේ නැ කියා
    කවදාවත් නුබට රිදෙන සේ...

    ReplyDelete
  3. දිල්/
    පිස්සු කථා කරනව ඔයත්...... මොන ලව් ද...:(
    ඉලව් තමා මේ දවස්වල නිකන් හිතිල දාපු පද ටිකක් අනෙ.....ස්තූතියි අගය කරාට

    ReplyDelete
  4. නිපූ/
    ඔන්න අනේ මන්ද කිව්වෙ නෑ හරිනෙ no comments දැන් අම්බානක දියුනුයි නෙ ඉතින් අනේ මන්ද නොකිය කොහොමද අනේ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...