Wednesday, May 12, 2010

විවාහයට තුන් මසක් ගෙවුනු තැන

විවාහයට තුන් මසක් ගෙවී ඇත
කුලුදුල් බිරිද මගේ තුරුලේ නිදන මොහොතක
මහ රෑ උදා වන්නට පෙර මං බලන විට
වදින්නට විය දුරකථනය විටින් විට
හලෝ
පුරා සිවි වසරක ප්‍රේමයක
මුවින් නැගුනා වූ ඒ පුරුදු හඩ
මසිත මත් කරමින් ඇසෙන විට
බිරිදකි මගේ තුරුලේ සැපට නින්දක
සියොලගම කිළිපොලා යන
වෙවුලන මුවින් පිටවන
වචන කැටි කොට දුනිමි පිළිතුරු ඇගේ පැනයට
මට නුඹ මුන ගැසීමට අවසර දෙන්න මොහොතකට
එසේ බැරි නම් නුඹට එනු මැනවි මගේ මල ගමට
නැවතත් නෙත් හැර බැලීමි සිහිනයක් නොවන බව වටහා ගතිමි
අන් දෙයක් කරන්ට සිතක් නැති හෙයින් මම එන බවට පැවසීමි
මහ රෑක බිරිද තනි කොට
යන්නට ගියත් ඇයගෙ වදනට
වෙන අන් මගක් මසිත නැති විට
කැටුව ආවයි ඈව ගෙදරට
බිරිදක් මගේ දකුණු පස
පෙම්වතියයි මගේ ඉදිරිපස
දෙදෙනාට මා මැදිව හිද
අසරණව දෙවියන් යදිමි මම

9 comments:

  1. අනේ ඇත්තට...මම ඒ බිරිද වුනානම්..ඔයාගෙයි ඒ ගැනිගෙයි ‍බෙල්ල මිරිකනවා

    ReplyDelete
  2. අනේ ඔයාට නන් එහෙම වෙන එකක් නෑ ඔයාගෙ කොල්ල එහෙම එකෙන් නෙමේනෙ මොනව උනත් ඒකා හොද එකා ඒ නිසා කේන්ති ගන්න එපා අපරාදෙනෙ.....hik hik hikz....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ බොට
    නොතිබුනානම්
    අවලම් ගතිය
    අන් බිරිදක් හැර
    සිවු වසරක ‍ප්රේමය
    ගන්නට බිරිය ලෙස.

    නු‍නෙඔ නොහොබිනාකම ලග
    දෙහදක් අතර මංව ඇත
    දුටුවොත් දෙවියන් නුඔව
    දියයුතු ලොකුම දඩුවම
    ඉපදුනොත් නැවතත් මනුලොව
    නැත අවැසි නුඔට ප්රේමය

    ReplyDelete
  5. අය්යෝ මේ මොකද මේ උනේ හරියට මම කළා වගෙනෙ මේක හිතල දාපු දෙයක්නෙ මම තාම තනිකඩයනෙ ඈයි ඔහොම බනින්නෙ මම පවුනෙ ෂික්...... කාටවත් මම ගැන දුක නැද්ද.???

    අහෝ!!!!! කොච්චර කුරිරුද මේ සමාජය... නිර්මාණකරුවෙකුට එළව එලවා පරහ දෙන අපූරුව බලන් ඉන්නෙ කොහොමද ඔයාල

    මම පවු නැද්ද

    ReplyDelete
  6. මට පේන්නෙ ගෙදරින් බලෙන් බන්දවපු කේස් එකක් වගේ......

    ReplyDelete
  7. නියමට ගලපලා තියෙනෝ...
    ඇත්තට ම එහෙම දෙයක් උනොත් මහ ජංජාලයක් වෙන්.. ශුවර් එකට ම ඉස්සේල්ලා ම වෙන්නේ ගෑණු දෙන්නා කෙහිවලු පටලවාගන්න එක..හැබැයි දෙන්න ම සෙට්වෙලා යුද්ධය ප්‍රකාශ කළො ත් සොරි ම තමා..

    ReplyDelete
  8. බුද්ධික/

    අනේ නෑ හිතට ආපු දෙයක් විතරයි ස්තූතියි අදහස් දැක්වුවාට

    sampathjt/

    සමාවෙන්න ඔනි අදයි කොමෙන්ටුව දැක්කේ ස්තූතියි දක්වපු අදහසට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...