Friday, May 21, 2010

කම්මැලි හිරු කුමාරිය

වෙනදාට මටත් පෙර නැගිට ගෙන
සිහින දකිමින් නළියන නෙත් ​දෙකට එබි කම් කරන
නෙතට වද දී ඒ සිහිනෙන් අහැරවන
නපුරු දිලිසෙන හිරු එළිය
අද මද්දහනය උදා වූවත්
මිදුම් සලුව පොරවාගෙන
වළාකුලු කොට්ටයක හිස තියාගෙන
හිරිපොදින් සැදුන සුන්දරම සයනක
තාමත් නිදන හැටි
අප සීතලේ
ගැහෙමින් සිටින විට
ඒ දෙස කිසි ලෙසකින් නොබලාම
කම්මැලිකම ඉහටත් උඩින් ගිය
මේ හිරු කුමාරිය නිදන හැටි
කම්මැලි කුමාරියනේ
දැන්වත් පිබිදෙන්න
සීතල පොරවාගත් අපේ සියොලග දැවටී
උණුසුමක සුව දෙන්න
දැන්වත් පිබිදෙන්න

8 comments:

  1. ඒක ලියලා තියෙන්නෙත් කුමාරිය කියලා.. මට නං හිරු- කුමාරයෙක් සහ සද - කුමරියක්... කෙල්ලන්ට පල් එකටමයි ඒකත් ලියල තියෙන්නෙ.

    ReplyDelete
  2. බදුල්ලෙ ගිය කෙනා දැන් තමා ඇහැරිලා තියෙන්නේ මට පේන්නෙ.... ;)

    කොහොම උනත් කවිය නම් හරිම සුන්දරයි

    ReplyDelete
  3. උන්දැ නැගිටින කොට අපි ගංවතුරෙ ගිහින් තියෙයි..
    හොඳයි වැඩේ....

    ReplyDelete
  4. ස්වප්නා/

    එහෙම තමයි අනේ කෙල්ලො තමයි නිදා ගන්නේ නිදි කුමරියකුත් හිටියෙ නිදි කුමරෙක් ඉදල නෑනෙ දැන් බලන්න ඔයා උනත් කරන්නෙ වැඩිපුර නිදාගෙන හීන දකින එකමනෙ නෙගග හික්...... හික්... හික්....

    ReplyDelete
  5. දිල් /
    ඔව් අනේ සීතලයි නේ.. ස්තූතියි අගය කරාට. ඒක නෙමේ මොකද පිටු පාල ඉදගෙන ඉන්නෙ. ඔයා ඔය කාටද පිටු පාන්න හදන්න :D :P

    ReplyDelete
  6. දියරකුස් /

    ආ දියරකුස් කෙනෙකුත් ඇවිත් ඉන්නෙ හොදයි හොදයි මොනව උනත් කියපු දේ නන් ඇත්ත උන්දැ නැගිටිද්දි වෙන්න ඔනි දේ වෙලා තියෙයි...:D... ස්තූතියි මේ පැත්තෙ එන එකට

    ReplyDelete
  7. ගීත් /
    මොකද යකෝ හිනා වෙන්නෙ ලැජ්ජ කරන්න එපා මට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...