Saturday, May 29, 2010

නෙතු පියන් ඉන්න හැකි නම්

නෙතු පියන් ඉන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
සද හිරුත් නැති
අහසෙ තරු නැති
ලොවක් උව කම් නැත
ඉන්න හැකි නම් නුඹට ලං වී

ගලන ගං දිය සිදී තිබුනත්
පිපාසය නැත සිතට දැනුනේ
නුඹගෙ තුරුලේ සිටිය මොහොතක්
කෙලස කිව මැන අතැර යන්නේ

තුරු මුදුන් මල් පිපී තිබුනත්
සියොත් නෑ අද ගී ගයන්නේ
හමන සුලගක් ගතට දැනුනත්
සිසිලසක් නෑ මගෙ
සිතට දැනුනේ

තව වරක් මට එන්න හැකි නම්
නුඹෙ තුරුලට තවත් ලං වී
ලොවම අහිමිව ගියත් මට නම්
එයම ඇති මිය යන්න සැනසී

14 comments:

  1. ඔබේ දෑගිලිවල උනුසුම ලැබුමට
    ජිවන ගිතේ තනුව වයන්නට
    පහන් තරැවවි හද දිදුලන්නට
    පොරොන්දු වුවා මතකද ඔබහට

    ගගට ඉවුරසේ ඔබ ලග දැවටි
    ඔබගේ පුදසුනේ නෙලුමි මලක්වි
    දිවිය පුරාවට එකම මගකවි
    ජිවිත ගමනේ අත්වැල වන්නෙම්

    ReplyDelete
  2. ම්ම්ම්ම්..............

    ReplyDelete
  3. ආදරේ හරියට අපේ සෙක්ශන් එකේ වාහනේ වගේ තියනකොට ඔහේ පාක් එකේ තියනව....කිසි ගානක් නෑ...නැති උනාම තියන අගේ...හොයනව හෝ ගාල...කොහෙද ගියෙ කියල....වෙන මොකෙක්ගෙ හරි උවමනාවකට කොහෙ හරි ගියා කියන්නෙ අපේ ඩ්‍රයිවරය බැනුම් කියන දේ අහන්න ලබන මාර චාන්ස් එකක්....ඔයාගෙ වචන ටික අගෙයි....

    ReplyDelete
  4. ම්ම්ම්ම් ඕකට අනික් අතට කියන්න පුලුවන් එක තමයි "තෘෂ්ණාව". අන්තිම කවියෙ තෘෂ්ණාව පුරවල අඩුවක් නැතිව කියල මට හිතෙනවා.

    කොහොම උනත් දෙමව්පියන්ගෙයි, සහෝදරයින්ගෙයි ආදරයට වඩා වෙනස් ආදරයක් හිතට දනවන්න කෙනෙක් නැති උනාම ලොකූ පාළුවක් වගේ මොකක්ද එකක් දැනෙනවා කියන එකත් මම පිළිගන්නවා.

    හ්ම්ම්ම්ම්

    ReplyDelete
  5. Nipu/
    කා​ටද අප්පේ ඔය අත්වැලක් වෙන්න යන්නෙ. මේක නන් හරි යන්නැහැ කොලුවට කියන්න වෙනව බලාගන්න කියල හික්.... හික්....

    ReplyDelete
  6. dinesh /
    ඇයි ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියන්නෙ මොනව උනත් ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගිය එකට

    ReplyDelete
  7. indi /
    ආදරය විතරක් නෙමේ කිසිම දෙයක් තියන කොට අගයක් නෑ නැති උනාම තමා ඉතින් හතර ​අතේ හොයන්නෙ

    ගොඩක් ස්තූතියි අගය කරාට

    ReplyDelete
  8. ස්වප්නා/

    පොයට සිල් අරන් වගෙ හොදා හොදා මාත් එහෙනන් බණ පදයක් අහගත්ත කියමුකො
    ඇත්තම කිවුවොත් කෙල්ලෙ මට නන් තෘෂ්ණාව කියපු දේ එච්චර තේරුනේ නෑ මේක දැක්කොත් පුලුවන් නන් ​ටිකක් විස්තර කරන්න

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ලස්සන අදහසක් දාල ගිය එකට...

    ReplyDelete
  9. දිල්/
    ස්තූතියි අගය කරාට

    ReplyDelete
  10. "හමන සුලගක් ගතට දැනුනත්
    සිසිලසක් නෑ මගෙ සිතට දැනුනේ" හිත නතරවු තැන ..............

    ReplyDelete
  11. වැප් /

    කොහෙද අප්පා ඔය හිත නතර උනේ........:D

    ReplyDelete
  12. තෘෂ්ණාව කියන්නෙ ඇලෙන, බැදෙන ස්වභාවයට. අපි හැමෝම පසිදුරන් පිනන දේවල් වල බැදෙනව. ඇලෙනව. ඒව අපිට නැති වෙච්ච වෙලාවට වැලපෙනව. ඕක කාටත් පොදුයි. ඔය බණ පද ටික දන්න මට පවා. වැඩේ තියෙන්නෙ අපේ හිත හැදිල තියෙන්නෙ එහෙමයි. හිත පිනවනවයි කියල හිතෙන තැනට ඇලෙන්න. ඔයාගෙ කවියෙ ඒ ඇලීම දරුණු විදිහට පෙනව. ඒකයි මම කිව්වෙ තෘෂ්ණාව පුරවල කියල

    ReplyDelete
  13. ස්වප්නා/

    ස්තූතියි පහදල දෙන්නත් ආයෙත් මේ පැත්තෙ ආවට උත්ත​ර දෙන්න තරන් ඔලුව නිදහස් නෑ ස්තූතියි ආයෙත්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...