Monday, April 5, 2010

මගේ පැතුම

සිහින ලොවක පාව යන්න
වලා රොදක ඉගිල්ලෙන්න
දේදුන්නක සැගව යන්න
ආසයි මම පෙම් කරන්න

කුරුල්ලනේ ගී ගයන්න
සමනලුනේ පියාඹන්න
මලකින් මට රොන් උරන්න
මී මැස්සනි කියා දෙන්න

හිතේම දුක පාකරන්න
සතුටින් හිත පිරිල යන්න
නෙතින් කදුලු මැකිල යන්න
පවන් රොදක් හමා එන්න

හිරු කුමරුනි නුඹ වඩින්න
වසන්තයත් අරන් එන්න
තුරු හිස්වල මල් පිපෙන්න
ජීවිතේම එළිය වන්න

8 comments:

  1. සිහින ලොවේ සැරිසරන්න
    හිතට සැහැල්ලුව ගෙනෙන්න
    හිත් අහසට පායා එන්න
    නුඹෙ සද මම දැයි කියන්න

    හිතේම දුක දිය කරන්න
    ඔය දුක් ගොඩ මට එවන්න
    සෙනෙහෙ දියෙන් නුඹ තෙමන්න
    මම ලග ඇති බව සිතන්න

    ජීවිතේම අරන් එන්න
    දිනයත් ලග බව කියන්න
    අපේ සතුට ගැන කියන්න
    වසන්තයට අඩ ගසන්න

    ReplyDelete
  2. නියමයි දිල්... ඇත්තටම ලස්සනයි..

    සිත් අහසේ පැයූ සද
    තරු පොකුරෙන් වට උන සද
    හිතේම දුක අඩු කළ සද
    නුඹම තමයි ඒ මගෙ සද

    මගෙ හි‍තෙ දුක දුරුකරන්න
    සෙනෙහෙ දියෙන් මා තෙමන්න
    මගෙ දුක් ගොඩ දරා ගන්න
    නුඹෙ හිතෙ දුක් දුරු කරන්න


    පැතූ පැතුම් ඵල දරන්න
    ආදර සිත් ලං කරන්න
    තව මට බැහැ කල් මරන්න
    වසන්තයේ දුවල එන්න

    ReplyDelete
  3. ලස්සනයි නිර්මාණය...... :) දිල් අක්කගෙයි පසන් අයියගෙයි පිලිතුරු කවිත් ලස්සනයි...

    ReplyDelete
  4. කවිය අගය කලාට ස්තුතියි පසන්.....අපේ ජීවිත අපි හිතන තරම් සුන්දර වෙනවා නම් මොනතරම් හොදද......

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි විෂ්මි.......... :D..

    ReplyDelete
  6. හරිම අගෙයි.. පදවැල් ලස්සනයි. සුමටයි..

    ReplyDelete
  7. දිල්/
    ජීවිත කොහොමත් සුන්දරයි අනේ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි සුන්දරත්වය දකින් නැති එක. අපි ලගදි යාලුවොත් එක්කත් ඔය ගැන කථා කරා. අපි නොදකින සුන්දරත්වය ගැන හොදටම කියන කථාවක් ගියා "ඔෂීන්" කියල ඔයා බලල ඇතිනේ. ආයෙත් වාද කරල වැඩක් නෑ. දෙනෙත් හැර බලන්න අපි ජීවිතය ගැන දැකපු දේට වඩා නොදැකපු ගොඩක් දේවල් ඔයා දකී...

    ReplyDelete
  8. ``` Outsider```/

    ගොඩක් ස්තූතියි කරපු අගය කිරීමට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...