Wednesday, April 7, 2010

හිගන්නන්ට කවි ටිකක්

අවේලාවෙ ගොඩ උනාට
එපා රවල පිටු පාන්ට
මගෙ දුප්පත් කමට ආවේ
මම ඔහෙලට අත පාන්න

කද සුරිදුනි දිවැස් හෙලා
අපෙ දුක සැප හොයනු බලා
නැති බැරිකම තුරුල් වෙලා
බැහැ මග හැර යන්න පලා

පින්වතුනේ මේ අහන්න
දුප්පත්කම බලා ඉන්න
අතේ මිටේ මාරු ගන්න
තියනව නන් දීල යන්න

හොරකම නැහැ පුරුදුඋනේ
ඉගන ගන්න බැරුව ගියේ
අත පානව මහතුනනේ
ඇයි නුඔලා පිටුපාන්නෙ

විෂ්නු සමිදෙ දිවැස් හෙලා
කද සුරිදුනෙ සමා වෙලා
ඔබෙ දිවැසින් ලොවම බලා
පතනු මැනවි සතුට සැමා

දුප්පත්කම වැඩි උනාට
එපා මෙමට පිටු පාන්න
අතේ මිටේ තියනව නන්
කීයක්හරි දීල යන්න

සමන් දෙවිදු රැකවරනින්
කද සුරිදුගෙ බල මහිමෙන්
තුරුනුවන්ගෙ සෙත සලමින්
රැකදේවා යන මගියින්

(මේ අර හිගන්නො මේ කවි කියද්දි ගහන රබන් පදේ අහල ඇතිනෙ ඒක හැම පද දෙකක් මැද්දටම හිතින් දාල කියවල බලන්න
)

2 comments:

  1. ඩිගි ටක ටක
    ඩිගි ටක ටක
    බුම්......

    ReplyDelete
  2. හික්.... හික්.... හික්...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...