හිරු කුමරුනේ මගෙ තනිකම හුරුයි මට
ගොම්මන් අදුර අවටින් එන වේලාවට
පාලුව මකන්නට දිව්වයි කඩ පිලට
යන විට මගදි දුටු ඒ රූ සොබාවට
අතර මගදි හැරුනයි මේ වැව දෙසට
තිසා වැවේ වැව් බැම්මේ ඉන්න කොට
නිල් දිය දහර රළ නංවයි ලතාවට
ඈතින් පදින ඔරුවේ යන කලාවට
සිත දිව්වයි මට නොදැනිම අතීතෙට
මතකද වැවේ ඔරු පැද්දා අපි එකට
දෙතොලින් මොට්ටු තිබ්බා නුඹෙ නලලතට
දෙනුවන් පියා නුඹ ලං වී මගෙ කනට
කිව්වා සත්තමයි ආදරේ කියා මට
දෑසින් වැටෙන කදුලැලි පිසදමන්නට
මල හිරු එබෙයි දුක හිතිලද රැස් වලට
අද බැස ගියත් නුඹ යළි එයි හෙට ලොවට
හිරුකුමරුනේ මගෙ තනිකම හුරුයි මට
හැම හිතකම ඇතිවෙන පොදු සිතිවිල්ල විරහව වෙන්න ඇති. නේද පසන් ....ඒකනෙ අපි විරහව ගැන කවි ලියන්නේ
ReplyDeleteදිල්/
ReplyDeleteහ්ම්ම් විරහව තමයි ඕනි කෙනෙක් විදින සුන්දරම අත්දැකීම. ඒකයි කවි ලියවෙන්නෙ. අනේ මන්ද.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. හ්ම්ම්ම්ම්ම්ම්....:(
ඒ.... පට්ට මචන්....
ReplyDeleteහරිම ලස්සන කවි පන්තිය...
ReplyDeleteමම දැක්ක තව කවියක රටාවක්..
අතර මගදි හැරුනයි මේ වැව දෙසට
සිත දිව්වයි මට නොදැනිම අතීතෙට
දෙතොලින් මොට්ටු තිබ්බා නුඹෙ නලලතට
හිරුකුමරුනේ මගෙ තනිකම හුරුයි මට
බුද්දිමය දෙපලද මන්දා සෑහෙන්ට හිතට වැදුනා..
ගීත්/
ReplyDeleteගොඩක් ස්තූතියි මචන්
දස්කොන්/
ගොඩක් ස්තූතියි මේ පැත්තට ආපු එක ගැන සතුටුයි
සෙනෙහසින් ලග හිටිය
ReplyDeleteඅතිතය සිහිපත්ව
නෙත අගින් ගලා යයි
කදුලු බිදු මටත් නොදැනිම
කෙලෙස අදහමිද
නුඔ නැති අරැම
මටත් එලෙසමයි නුඔට වාගෙම
තනිකම විතරයි
තනිකමට හැමදාම....
නිපූ/
ReplyDeleteතතිනම හොදයි සතුටෙන් නන් හැමදාම
කවුරුන් නැතත් මම ඉන්නෙමි නුඹ ලගම
ගොතනා පද වැලුත් රස වෙයි නුඹ සේම
ලියපන් නගේ දිගටම පද වැල් අමුනාම
නොයෙක් විසිතරැ රටා නැති
ReplyDeleteතිබු හින දෙනෙත් අද්දර
නුඔට මිසක් කාට කියමිද
නුඔයි තැනුවෙ මගේ කවි සිත...