Wednesday, April 7, 2010

කෙටි කථාව I

ඇරඹුමක අවසානය

මචං........
හ්ම්ම්............
මේ අහපන්කො ..
"කියපන් ඉතින් තටමන්නැතුව."
මම අද අරකිගෙන් අහන්න හිතුව....
මොකිගෙන්ද??
නෙට් බෝල් ගහන නංගිගෙන් බං වෙන මොකෙන්ද?..
හ්ම්ම්...... කොයි වෙලේද අහන්නෙ,
ඉන්ටවල් එකේ ටැප් එක ලගදි, උඹ එනව නේද මාත් එක්ක යන්න??
හ්ම්ම්.. කොටාවත් ඇදන් යමු
හා..

"සිනහ පිරූ දත් දෙපල විදා
බලා සිටිමි නුඹ වඩින තුරා
ප්‍රථම ප්‍රේමයේ සුවද බදා
පෙරුම් පිරුමි බෙල් වදින තුරා"....

බෙල් කරා ...දුවල යමු නැත්තන් ඒකි ඇවිත් යයි,
....................................................................................
අන්න අන්න අරකි එනවා
හිටපන් ඉතින්..... නළියන්නැතුව.
දැන් අහපන්..
අනින්න එපා යකෝ..... මම අහන්නං.
නං නං නංගි
ඇයි??????
නංගි මම ඔයාට කැමතියි ඔයා මට කැමතිද???

පිස්සුද??? හැටි විතරක් අයෙ පස්සෙන් ආවොත් මිස්ට කියනව

හ්ම්ම්..................

"පැතූ ආදරේ බැනුම් හෙලා
හීන හතම බිම වැටිල ගියා
කුලුදුල් සිහිනේ නැතුව ගියා
ඇය මිතුරන් අතරේ සැගව ගියා"

...............................
වරෙන් දැන් යන්න බෙල් කරා ‍
මොනවද දැන් තියෙන්නෙ
කෙමිස්ටිරි,
අපෝ මට බෑ යන්න
හ්ම්ම් එහෙනන් කැඩෙට් රූම් එකට ගිහින් ඕමියක් බලමු.
.....දිග සුසුමක් හෙලුවෙමි......
හා වරෙන් යමු..

4 comments:

  1. හ්ම්ම්ම්ම්ම් !

    අමුතු කතාවක්....

    ReplyDelete
  2. හික්.. හික්...පොඩි උත්සහයක් දැම්මෙ ලිවීමේ හැකියාව ගැන.. ඒක බැහැම ද කොහෙද??? මොනව කරන්නද. ලබා උපන් හැටිනෙ :(

    ReplyDelete
  3. හි හී..ලස්සනට ලියල තියනවා.

    "පිස්සුද??? හැටි විතරක් අයෙ පස්සෙන් ආවොත් මිස්ට කියනව"

    හි..හී.. හිතට දුකයි තමයි ඒත් ඕව ඔහොම තමයි :P :P :P

    ReplyDelete
  4. පබලු/

    මොනව කරන්නද අනේ ඉතින් ලබා උපන් හැටිනෙ.. ඒක මොනව උනත් ලස්සනට ලියල තියනට කියපු එකට නන් ගොඩක් සතුටුයි.. මම හිතුවෙ මට ලියන්න බැහැ කියලනෙ. හික්... හික්... ගොඩක් ස්තූතියි පබලු.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...