බිද දමා බැදි යදම්
මහා විරුවෙකු ලෙසින්
සොයා නූඹ වෙත
හැල්මෙ අවෙමි
තුරුලු වන්නට නුඹ ලගින්
මහා විරුවෙකු ලෙසින්
සොයා නූඹ වෙත
හැල්මෙ අවෙමි
තුරුලු වන්නට නුඹ ලගින්
සලා නුඹෙ දිදුලනා තටුවෙන්
සනසවා එහි නැගුනු පවනින්
නොපවසා නුඹ රකුසියකු විලසින්
සැනසුවා මා සුරගනක සෙනෙහසින්
නුඹේ සුන්දර මුහුන දුටු විට
සැක කලේ නැත රකුසියක විලසට
හැර දමා නුඹ ගියත් මෙලෙසට
සුරගනකි නුඹ තවම දිවියට
හැර දමා ප්‍රේමයේ සලුපිළි
පෙන්නලා රකුසියක හැගුමන්
තටුසලා නුඹ රුදුරු විලසින්
පියඹුවේ ඇයි මෙලෙස රහසින්
විරහව කියන්නෙත් ආදරනීය ජිවිතයක සැබෑම සුන්දර වේදනාවක්.
ReplyDeleteඒක ඇත්ත ගීත් ඒ අත්දැකීම හරිම සුන්දරයි.......
ReplyDeleteසුරගනක සේ ලගට ලං වු
ReplyDeleteනමුදු සෙනෙහස පාලා
දුරට දුරටම ගියේ මම නම්
හීන කන්දක් දීලා (pabalu)
(pabalu)/
ReplyDeleteහීන කන්දක්ම දීලා
හීන කන්දේම මාව බැදලා
තැනූ ලොකයේ මරා දමලා
ගියේ ඇයි නුඹ දුකම දීලා
හිත තුල පාවෙන
ReplyDeleteහැගමි එක් කර
තනා එක් ඔරැවක්
පැද යා හැකි නම්
ඈත අනන්තය වෙත
බිදි ගිය අප සිත්
අමුණා හැගමින් එක් සිතක...
පියාපත් සිද දමා පොලවට
දෑස අලවා තාරකාවක
හැකිද තුරුලු වන්නට
ආයෙමත්..
නිපූ/
ReplyDeleteසිද දමා ගිය මගෙ අහිංසක සිත
නැවත දෙන්නට නුඹ පැමිණි විට
හදා ගත හැක තුරුලු වන්නට
යලි නොයන බව දිවුරන්න මා හට
රැයට පෙමි කර නැත එලියක් දුටුවෙ කිසිදාක
ReplyDeleteජිවිතයම පහන් කල පුරහද ඔබමයි හැමදාම
මියෙන තරා හිස තියාන උණුහුමට තරැල් වෙන්න
ලෙංගත සිතින් මට ලංවු
කිසිවෙක නැත නුඔ සේම..
නිපූ/
ReplyDeleteහ්ම්ම් අනේ මන්ද. ලස්සනයි.. ගොඩක්..
සුරගන නුඹ සදක් සේ බැස ගියද...
ReplyDeleteනුඹෙන් එකළු වු ජිවිතය.....
පොදින් පොද අවකාශයට නික්මෙන්නා වු පන නලට....
කළ එලියක්මයැ විය.
ටිකිරී/
ReplyDeleteමරු ආ නියමයි කියල වැඩක් නෑ....
නොහැක මට තරැවක්ව ඉන්නට..
ReplyDeleteනොහැක මට සිසිලස පුදන්නට..
කදුල වන්නට කුමට
මා ඔබ ලග රැදෙන්නද...
වරෙක සුරඟනකි ඔබ ලඟ සැතපෙන්න
ReplyDeleteවරෙක් රකුසෙකි ඔබ හැර දා යන්න
ආලය කිමෙක්දැයි මට යලි පවසන්න
විරහව නොමැති කල සුන්දර නැද්ද එය