Monday, April 12, 2010

සදවතිය පායන්න හිනැහී හොරා


සදවතිය පායන්න හිනැහී හොරා
තරු පොකුරු සැග වෙන්න ඉඩ දී බලා
දුර ඈත සිහිනයක මා තනි වෙලා
නෙතු නෑර ඉන්නේය නුඹ එන තුරා

හැංගිල හිනැහීල මා කලඹලා
ලං වීලා වෙන් වීල මා රිදවලා
තරු පොකුරු නුඹ ලගට තව ලං වෙලා
උදුරාවි නුඹෙ කිරණ නුඹටත් හොරා

පවසන්න ආදරය මට ලං වෙලා
සරසන්න ජීවිතය නුඹ මගෙ වෙලා
සනසන්න ආසයි නුඹ තුරුලේ හොවා
සද කුමරි හිනැහීයන් තව ලං වෙලා



8 comments:

  1. පසන් මිතුරා.. හරිම ලස්සනයි .. දැනෙනවා. .. හිතට.. ලස්සනයි.

    ReplyDelete
  2. රවා /

    ගොඩක් ස්තූතියි රවා.......

    ReplyDelete
  3. හරිම ලස්සනයි අයියෙ පද පෙල.... සරල සුන්දර වචන එකතුවක්......

    ReplyDelete
  4. ලස්සනයි මචන් පදපෙළ.

    ReplyDelete
  5. Patta machan umbata mara hakiyawak tiyenne. meke tiyana Nidasas baya nathuwa kellekta liyala denna puluwan

    ReplyDelete
  6. nipuni shanika pereraApril 13, 2010 at 8:19 AM

    නිල් තරැ අතරින්
    පායන සදවතියට
    සැවොම ආද​​රේ
    දුරින් ඈති නිසා තමයි
    මෙවන් ආද​​රේ

    සොදුරැ සිතක ඉඩ සොයා
    පැමිනි නුඹට හද යොමා
    පාඵවෙන් පිරැනු නුඹෙි ෙලා්කෙට
    පායා එන්නමි එලිය අරන්
    නුඹෙි සිතට සැනසුම විලා

    ReplyDelete
  7. විශ්මි/Raven

    ගොඩක් ස්තූතියි දෙන්නටම

    Amazing/
    ‍ගොඩක් ස්තූතියි මචං

    ReplyDelete
  8. නිපුනි/
    ලස්සනයි ඔයාගෙ කවි ටික ගොඩක් ස්තූතියි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...