Sunday, May 2, 2010

සද ලෙඩ වෙලා

අනේ පවු සද පැටියට හොදටම උණ හැදිල හරිම අමාරුයි බදුල්ලෙ මිතුරෙක්ගෙ මැණියන්ගෙ මරණය හේතුවෙන් එහෙ කාලය ගත කරල අද තමයි ගෙදරට පාත් උනේ එහෙදි කොහේදො යන පාහර කූඩැල්ලෙක් මාව කාල මට හොදටම ​උණ හැදිල හරිම අමාරුයිඑකා දන්නෑනෙ ඔය ජා​තියෙ එවුන් මට ඈලජික් කියල ඒකට නන් වැඩිය අමාරු නැහැලු පිස්සු ගතිය පොඩ්ඩක් වැඩි වෙලාලු මාව කාපු නිසා වෙන්නැති නෙ මට අමාරු තිසා කෙටියෙන් කියන්නන් මම දැන් යන්න ඕනි හරි අමාරුයි ඊට කලිව් පොඩි උපදෙසක් දෙන්නන්

තමන්ගෙ මැණියන් හෙද නිළධාරිනියක් නන් උණක් හෙම්බිස්සාවක් හැදුනට ජීඋ​විතේට එයාලට කියන්න එපා අත් දැකිමෙන් කියන්නෙ අද උදේ ඈති උන දෙබසක් කියන්නන්කො

මම :- අම්මෙ මට හොදටම උණ හරිම අමාරුයි
අම්මා :- පැනඩෝල් 2ක් බොන්න
මම :- ඇග හොදටම රිදෙනවනෙ
අම්මා :-- එහෙම තමයි ලෙඩ උනාම දැන් නිදා ගන්න

ඉතින් අසරණ මම නිදා ගත්ත මැරෙන්නැයැ ඉතින් ඔහොම තමයි එයාල ලෙඩක් ගනන් ගන්න නම් මැරෙන්නම යන්න ඔනි අපිනෙ මේ​​කෙ අමාරුව දන්නෙ
කවි ලියන්න අමාරුයි ඒත් පිස්සුව හොදටව වැඩි වෙලා ඉන්නෙ ඒ තිසා පොඩි එඩිට් කරපු කවි ටිකක් දාල යන්නන්

මුලු ගතම ලෙඩ වෙලා
දාඩියෙන් නෑවිලා
කූඩැල්ල නිසා උණ හැදිලා
මම දුක් වෙන්නා

උණ හැදිලා
දුක් විදලා
ඇදටම වී මම ලත වෙන්නා

අනිත් එක

හනික වරෙවු කොල්ලනේ
මෙන්න මෙහෙ වරවු
තොපිට හරිම වාසියක් නට නටා වරෙවු යකෝ
පසන් බබයි නියන්නේ
මගේ සදයි කියන්නෙ

මගේ කකුල කාපු එකා හොයල මරල ගෙනත් දියෝ

වනන්තරේ සොයාපියෝ
ගස් අතරේ සොයා පියෝ
මගේ කකුල කාපු එකා කවුරුන් හරි ගෙනත් දියෝ

අනිත් එක

ගල් ලෙන ​බිදලා
ලෙන් දොර ඈරලා
පැනල ගිහිල්ලා
පර කූඩැල්ලා

කූඩැල්ලා නම් ඔල මොල ගති ඇති
මම මෙන් මුදු නැති

ඈයි කුඩැල්ලො
මාවම කෑ​වේ
කන්නට කවුරුත් නැද්දෝ හිටියේ

අනිත් එක

මඩේ ලගින කූඩැල්ලන් මරල දාමි මං
දුවල ගිහින් කූඩැල්ලව කඩල දාමි මං
චපල උගේ බොටුව කඩා වලදන්නෙමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං

මකුලු දැලෙන්
මකුලු දැලෙන් උව බැදල කෑලි කඩමි මං
දුවල ගිහින් උව මරලා කැලි කපමි මං
එහෙම උනොත් නුඹ කියාවි මෝඩ කොල්ල මං

ඇති අනේ දැන්නන් ආයෙත් අමාරුයි මම කාගෙවත් බොලොග් මේ දවස් වල බැලුවෙ නෑ සනීප උනාම එන්නන්කො එතකන් හැමොම පරිස්සමින් ඉන්න රන්ඩු කරගන්නෙ එහෙම නෑ තේරුනයි

බුදු සරණයි
ටටා

17 comments:

  1. මට පෙන්නේ මෙයාට උන විකාරෙ වගේ ලොල්... නියම සින්දු ටික

    ReplyDelete
  2. හපොයි සද මේ මොකද? උණ හොදටම වැඩීයි වගේ!!!! සදගේ අම්මා එහෙම කීව එක පුදුමයි, සමනලී නම් ඔය දෙබස අහගන්නේ මෙන්න මෙහෙම:
    "උණ??? අනේ මේ දවස් වල ඩෙංගු හැමතැනම.... මේ ළමයත් කරගන්න වැඩ.... අපි ලේ එකක් බලමු...... කෝ ඔය තුවාලේ සුද්ද කරන්න.... මෙන්න මේ පෙත්ත බොන්න.... ආ මේ මේකත් බොන්න.... හපෝයි!!!!"

    ReplyDelete
  3. සදගේ අම්මියෝ සදට පෙනඩෝල් 2 ක් මදි වගේ,තව දෙක තුනක් දුන්න නම් හොදයි.

    ReplyDelete
  4. රැ උනත් ලෝකෙට
    හිතට එලියක් ගෙනා
    හැම මොහොතකම ලගින් හිද
    දග කර හිනාවක් ගෙනා මගේ සද
    ගිලන්ව ඈත අද අමාවක කර
    මුලු අහසම...
    පතමි සුවය හදවතින්
    පායා එන්න ආයෙත් අහසට
    දුකෙන් ඉන්න තරැ වලට
    එලිය අරන්..

    ReplyDelete
  5. උණ වැඩි වෙලා වගේ මට නම් හිතෙන්නේ... කිරිහාමිගේ බෙහෙත හරියාවිද දන්නෙ නැහැ.

    ReplyDelete
  6. මෙහෙම ඒවා ලියවෙන්නෙ උණ විකාරෙන්ම තමයි..හෙක් හෙක්..නියමයි මොනව උනත්.

    ඉක්මන් සුවය පතනවා මචෝ.

    ReplyDelete
  7. මටනම් පේන්නේ හැදිලා තියෙන්නේ මොලේ උණවගේ...රෝග ලක්ෂණත් දරුණුයි වගේ....අර වත් කිව්ව වගේ කිරි හාමිගෙ බේතවත් ට්‍රයි කලොත් නරකද ?

    ReplyDelete
  8. සද පැටියට තාම හොද නෑ වගේ.....ඉක්මනින් හොදවෙලා එන්නකො ඉතින්

    ReplyDelete
  9. හසී/
    අනේ මන්දා හසී ඇගේ අමාරුවට මතක් උන ඒවානෙ උන විකාර වෙන්නැති

    punchisamanalee /

    ඒ ඔයාලගෙ අම්මා නර්ස් කෙනෙක් නෙමේනෙ ඒකයි ඔය නර්ස් කෙනෙක් නම් ‍අර විදිහ තමා ඉතින්

    ReplyDelete
  10. පබලු/
    ඇති ඇති 2ක් හොදටම ඇති තව මොකටයි :P.. :D

    wath /
    ඉදල ඉදල ඇවිත් නෙතේරන දෙයක් දාල ගියා නෙ මොනවද කිරිහාමිට දුන්නෙ එයාට හැදුන ලෙඩේ මොකක්ද

    ReplyDelete
  11. නිපූ/

    සද වැසුනත් වලාකුලින්
    එළිය දේවි තව මොහතින්
    එපා සිතනු කිසි විටකින්
    සද නුඹ ලගමයි මෙලසින්

    ReplyDelete
  12. Raven /

    හික් හික් ගොඩක් ස්තූතියි ප්‍රාර්ථනවට :D

    ReplyDelete
  13. දිල්/
    ඔයත් ඉතින් මම දන්නැති ඒවමනෙ දාන්නෙ ඇත්තටම මොකක්ද ඔය කිරිහාමිගෙ කථාව

    සද පැටියව අමාරුයි අද මාව ඇදන් යනව කිව්වා ඩොකෙක් ගාවට ඊට කලින් රැකියා ස්ථානයට ආව පඩි හදල යන්න

    ReplyDelete
  14. ඒක නෙමේ කියන්න අමතක උනා මාව බලන්න ආපු ‍ඔය හැමෝටම පින් හොදේ

    ReplyDelete
  15. අනේ මෙයා කිරිහාමියගේ කතාව දන්නෙ නැද්ද.
    හත්පණේ කිරිහාමිය....
    දවසක් කිරිහාමියගේ කැත්තට උණ ගත්ත( වෙලේ වැඩ කරද්දි අවුවෙ තියල රත්වෙලා)
    ඉතින් කිරිහාමියා ඔයා වගේම මෝඩ පැටියෙක් නෙ. එයා කැත්තත් අරන් "අනේ මගේ කැත්තට උණ අරන් කියල " රට වටේම යනව කැත්තට බෙහෙත් ගන්න හරිද...
    ඉතින් කිරිහාමියගේ මෝඩ කම දන්න ගමේ මාමා කෙනෙක් කීව "කිරිහාමියේ කැත්ත ගිහින් දාපන් අර දොල පාරට. ටිකකින් උණ බහිවී " කියල හරිද...

    ඉතින් කිරිහාමිය එහෙම කරාම කැත්තට උණ හොද වුනා
    කිරිහාමියටත් සතුටුයි...

    ඔන්න දවසක් කිරිහාමියගෙ නැන්දම්මට සහලෝල උණ ගත්ත.
    ( දැන් ඔයාට වගේ හරිද?)

    ඉතින් මෝඩ කිරිහාමිය කරපු දේ හිතාගන්න පුලුවන් නේද සඳ පැටියෝ...

    ReplyDelete
  16. ඒනත් හිතා ගන්න බැරි නම් මාව අමතන්න කෝ ... හරිද... කතා කියන්න බැහැ මෙහෙම නිකම්...

    ReplyDelete
  17. අලි අලි දැන් තේරැනා කවුද අනේ ඒ බවක් දන්නෙ මේ මගේ නම වැඩිය ප්‍රසිද්ධ කරන්න එහෙම නෑ තේරුනයි(මෝඩ පැටිය කියල) මම පවුනෙ

    ස්තූතියි කථාව පහදල දුන්නට ඔයා ලස්සනට කථා කියන්න දන්නවනෙ ඔයා ශෝයි නෙ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...