Sunday, April 25, 2010

50වෙනි එක

දවස් ගානක් කල්පනාකරා 50වෙනි එකට මොනවද දාන්නෙ කියල ​මොන මගුලකට 50වෙනි කියල එකක් තියනවද මන්ද?? අද නන් කොහොම හරි දෙයක් දානව කියල හිතාගෙන යාලුවගෙ බෝඩිමට ආව දෙකක් දාගත්තම ඔය එන්නෙ අදහස් ගලාගෙන මොනව උනත් මම මේ බ්ලොග් කෙරුවාවට කඩන්පාත්උන විදිහ ලිව්වනන් හොදයි කියල හිතුන

මගුල නැති උනාට පස්සෙ මෙලෝ රහක් නැතිව වේලි වේලි බෝඩිමට වෙලා ඉද්දි මගෙ යාලුවෙක්ට කවියක් ඔනි වෙලා තියපු කවි තරගකින් මම පළවෙනිය උනා ඉතින් එතන හිටපු මගේ යාලුවෙක්ගෙ යෝජනාවක් නිසා මටත් හිතිල ඒ යාලුවට කියලම මේ බොලොග් එක හදාගෙන තමයි මම මෙතනට පාත් වුනේ

මෙතනට ආපු මට මෙතනින් වාසි ගොඩක් උනා

කවදාවත් දැකලනැති අහල නැති හීනෙන්වත් පෙනිල නැති යාලුවො ටිකක් මට හම්බ උනා මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවල comment දාල මාව සතුටු කරපු ඒ හැමෝටම ඔක්කොටම කලින් පිං දෙන්න ඔනි මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවල දාල මාව සතුටු කරන එකට( මම වැඩිය පිං කරපු කෙනෙක් නෙමේ මගේ ලග පිං පොඩ්ඩයි ඇත්තෙ ඒ ටික රන්ඩු කරගන්නැතුව ඔය හැමොම බෙදා ගන්න)

මම තනියෙන් හිටපු කාලෙ මගේ කාමරයට හොරන් එබිල මම තනියෙන් ඉන්නව දැකල මට නෝනඩි දාපු ඒ පුර හද අද මම කවි ලියද්දි අපේ පේරගහ උඩ වාඩි වෙලා මාත් එක්ක ඉන්න එක හැමදාම ඒකා අපේ පේරගහ උඩ නළියල කොයි වෙලේ හරි පේර අත්තක් කඩපු දවසට තමා ඒකා අපේ අම්මගෙන් තරු පේන්න ගුටි කන්නෙ ඔවට මම පළිනැහැ ඕන්

තව මගේ දුක කියන දේ නැතිවෙලා පොඩිහරි සතුටක් හිතට දැනේන් පටන් ගත්තෙ මේ කෙරුවාව නිසාම තමා ඉතින්

තව ලියන්න පුලුවන් ඒත් අකුරු බොද වෙනවනෙ අනේ මන්ද මේ කම්පීතරයගෙ අවුලක්ද කොහෙද
ඒ නිසා මම නවතිනන් පස්සෙ මම තව ලියනන්​කො මම ගියාවෙ එහෙනන් ආයෙත් පාරක් කියනව මේව කියවන හැමෝටම පිං හොදේ

පොඩි කවි කෑල්ලකුත් දැ​ම්මෙ නැත්තන් හොද නෑනෙ

පුරහද ඈවිත් නළියයි අපෙ ගේ ලගම
කවි පද ගලයි මගෙ හිතටත් රහසේම
පෙර කවි අහපු නුඹ ලග නැති හින්දාම
විහිදා හැරිමි කාගෙන්වත් නොවිසාම

කියවා විදින ඔය සැම ලග නැති හින්දා
දිවුරා කියමි මගෙ හිත නළියන හින්දා
වෙන කිසි දෙයක් දෙන්නට මට නැති හින්දා
මම දැන් යන්ට යමි ඔබ සැමටම වැන්දා

8 comments:

  1. යහලු.. කාමරෙක තට්ටතනියම අන්දකාරෙ තනිවෙලා ඉද්දි අරුනොදයෙ පායන හිරුගෙ අරුනළු දකින්න කවුලූවක් ලගට ගොසින්.. එය විවෘත කල යුතුමයි........ දොර විවෘත කරාට වැඩක් නැහැ ගතියක් නැහැ......

    ReplyDelete
  2. තනි අපට කවි රස මිස වෙන මොනවද
    කවි මඩුවේදී සෙට් වෙමු මොන තනිකන්ද
    ඔටුවෝ පිටින් මම එන්නේ සෙල්ලන්ද
    ඕන තරම් කතා කරමු ඔට්ටුයි ද

    ReplyDelete
  3. කොහොම උනත් 50වෙනි පෝස්ට් එකට මගෙන් සුබ පැතුම්....
    තව හුගාක් ලස්සන කවි පද වලින් අපි එක්ක රැදේවි කියලා හිතනවා....

    ReplyDelete
  4. 50 වෙනි ලිපියට සුබපැතුම් මචන්. තව ඉදිරියටත් හොඳ දේවල් ලියන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. රවා/

    ගොඩක් ස්තූතියි රවා ඔයා කියපු දේ සම්පූර්ණ ඇත්ත ස්තූතියි වෙලාවට ඔයාගෙ පෝස්ට් එක අද දැක්කෙ ඊයෙ දැක්ක නන් අයෙත් සෙට් වෙන්න වෙනව ඒක තේරුන් ගන්න හික්... හික්... හික්....:D

    ReplyDelete
  6. ගීත්/
    ගොඩක් ස්තූතියි මචන් ලස්සන පද පෙලක් ඒක

    දිල්/

    ගොඩක් ස්තූතියි ඔයාගෙ සුබ පැතුමට

    Raven/
    ගොඩක් ස්තූතියි මචන්

    ReplyDelete
  7. nipuni shanika pereraApril 26, 2010 at 2:13 PM

    තෙලිතුඩට ලෙන්ගතුව
    නුඔ ගොතනා කවි පද
    ගිලන් වු සිත් මල් වලට ඉසිනා
    පැන් පෙදක්ම වෙවා

    ReplyDelete
  8. නිපූ/

    ගොඩාක්.. ගොඩාක්.... ගොඩාක්.... ස්තූතියි නිපූ ඔයාගෙ ලස්සනම... ලස්සනම... ප්‍රාර්ථනාවට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...