Monday, April 26, 2010

තවත් එක් දිනක්

තවත් එක් දිනක..

මහ මගට වන්නෙමි සොයා යන්න‍ට

නොමගක්

ගෙවන්නට තවත් එක් දිනක්

කිසිවකුත් නැති,

මහ වැසි ඇද වැටෙන..

තවත් එක් දිනක්.........

එය නුඹට නම්….

තවත් එක් දිනක් වනු ඇත

සතුට උතුරන

සිහින මල් පුබුදින

එහෙත් ……..

මම අදත් තනිවම

තවත් එක් දිනක්

ගෙවන මොහොතක් තනිව………




11 comments:

  1. මේකනම් හරිම ලස්සනයි පසන්.....මම කියවපු ඔයාගේ නිර්මාණවලින් හොදම නිර්මානය මේක කියන්න පුළුවන්..නේතරම් රහට ලියලා තියෙනවා

    keep it up ur good work dear

    ReplyDelete
  2. දිල්/

    හත්දෙයියනේ මාව මුරුංග කරටියටම යැව්වනෙ. මේ දිල් කෙල්ලත් පුදුම වැඩ තමා ‍කොරන්නෙ ගොඩක්... ගොඩක්... ගොඩා.......ක් සතුටුයි. මම කිව්වනෙ මේ දවස් වල සතුට වැඩි. ඒ කියන්නෙ දුක අතලගමයි.. හික්... හික්..... හික්....

    ReplyDelete
  3. අදහස නම් අගනේය නිර්මාණය අසාර්ථකය. මේ අදහස ඔබට මිට වඩා නිර්මාණාත්මකව ඉදිරිපත් කල හැකි යැයි මම දනිමි .ඔබ හදිසි වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  4. nipuni shanika pereraApril 26, 2010 at 9:09 PM

    කදුල පමණයි දැන් මගේ ලෝකයේ
    සතුට සැනසුම ඈතට ගිහින්..
    නෙතින් වැටුනා අදත් කදුලක්
    නුඹෙ මතකය ගුලි කරන්..
    හුස්ම ගන්නට අරැත් නෑ දැන්
    නුඔ අතහැර මා ගියේ
    මටත් මාවම නැති කරන්..

    ReplyDelete
  5. ගීත්/
    මේක වෙන්නැති මම දාපු හොදම පෝස්ට් එක පලමු විචාරය මට ආපු මොනව උනත් මම වැඩින කැටයන් දන්නැහැ දන්න දේ තමයි මචන් දැම්මෙ මොනව උනත් දාපු පලවෙනි විචාරයට ගෙඩාක් ස්තූතියි මචන්

    ReplyDelete
  6. පසන්. ඉතින් .... කොහොමද මම හිතෙ තියන දෙ කියන්නෙ.. කියලා කල්පනා කලෙ.. මම කෙටියෙන් කියන්නම්... උබත් එක්ක ඔතන හිටියා මන් ටික වෙලාවක් උබට පෙනුනෙ නැති වුනාට... මට සතුටුයි උබට පෙනුන ඔක්කොම මට පෙනෙන්නෙ නැති එකට.. මට .. දුකයි උබට පෙන්නෙ නැති එවා මට පෙනුනට....

    ReplyDelete
  7. ලස්සන අදහසක් පසන්. තනිකම අපි හැමොටම උරුමයි නේ. එය බෙදාගන්න ඔන්න මමත් දැන් ඉන්නවා... දිගටම ලියන්න...

    ReplyDelete
  8. නිපූ/
    කදුල ජීවිතය නම්
    සරසන්න කදුලින්ම ජීවිතය
    කදුලැලි නුඹෙ නෙතින් ගලනා
    මුතු කැටය නුඹව සරසන

    ReplyDelete
  9. රවා /
    මම උඹ කියන දේ තේරුන් ගත්ත විදිහට තනිඋන මො‍හතෙ නොපෙනෙන්න හරි මම ලග හිටපු එක ගැන ගොඩක් ස්තූතියි මචන්

    ReplyDelete
  10. Hipo /

    හරිම ෂෝක් හිපෝ බබත් මේ පැත්තෙ ඇවිත් හරිම සතුටුයි ගොඩක් ස්තූතියි අගය කරාට

    ReplyDelete
  11. වහින නිසා නෙවෙයි උල ලේනෝ මෙ තනි කම........
    තනි කම තමයි වැස්සට ආවඩන්නෙ........
    ඒ තනිකම තමයි බෙහෙතකටවත් ලගින් උන්නේ.............

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...