Tuesday, April 27, 2010

මාතෘකාවක් නොමැත

මගේ ලග උන්නා නම්
දනිමි මා අද කරන දෙය
පෙර පින් ඇත්තියකි
මන්ද යත් නුඹ දුර ඈත වෙන්
තවත් දුර යන්න
ඈතට ඈතටම යන්න
එපා ලං වෙන්න
ලං වුවොත් වෙයි
හිනහෙන්න
කදුලු රස බොන්න
එපා ඉන් සැනසෙන්න
තවත් විදගන්න
හොදටම අඩ අඩා සැනසෙන්න
නුඹට ඔහු හොදනම්
යන්න.......... තව.... තවත්..... ලං වෙන්න
තුරුලටම රිංගන්න
එපා කිසිවිට සතුටු වෙන්නට
දුකම උරුමයි
හැමදාම මේ ලෙසට
දනිමි මම
පිළිතුරක සිත පොරබදන බව
හිනහෙන්න
තවත්.... තව..තවත්.....
දනිමි නුඹ
මට බනින බව........

8 comments:

  1. හම්ම්... අහිමි නම් දුක් වෙලා වැඩක් නෑ නේද?

    ReplyDelete
  2. හ්මිමිමිමි....අනේ පසා... කාටද මේ කියන්නේ?????

    ReplyDelete
  3. පසනා මෙක කියවපු ගමන් මෙක මම ලියන්න ඔනා දෙයක් නෙ උඹ ලියන්නෙ.. මෙවගෙම එකක් චන්දිකත් ලියලා තිබුනා.. බලගෙන යද්දි අපි එකම සෙට් එකෙ ඉන්න වුන්.. බුට් කාල ඇලෙ දොලෙ චාටර් වෙලා ඉන්න සෙට් එකක් නෙ..මචන් උබ මෙ ලියන්නෙ උබෙ අද්දැකිම් නෙ.. මෙතනදි මම ගොඩක් අත්මාර්ථකාමි උනා.. මම එකාලෙ මගෙ සතුට ගැන විතරයි හිතුවෙ.. එක මට තෙරුනෙ බොහොම මැතකදි.. අපි පොඩ්ඩක් අනිත් පැත්තෙන් කල්පනා කරද්දි අපිත් ගොඩක් වැරදි කියලා මට හිතෙනවා දැන්.. මම නම් දැන් ඉන්නෙ වැරැද්ද හදන්න කාලය එනකම්.. හිතෙ ලොකු දුකක් එක්ක.. ලොකු සතුටක් තියනවා... අපිත් එක්ක චාටර් වෙනවට වැඩිය කොහෙහරි ඉදන් සතුටෙන් ඉන්නවනෙ කියලා හිතද්දි දැනෙන සනීපෙ.............

    ReplyDelete
  4. අනේ හුඟක් දුක හිතුනා මේක කියෙව්වාම..... අද හිනාවෙවී හිටියට සමනලීටත් ඉස්සරහට මොන මොනා වේවිද කවුද දන්නේ?? අහිමි වීම ජීවිතයට හිමියිනේ..... හිත හදාගන්න උත්සාහා කිරීමයි වැදගත්, අහිමි වීම පිටුපසින් හිමි වීමකුත් එන්න ඉඩ තියෙනවානේ......

    ReplyDelete
  5. ​වෛර කරන්න මට
    එපා අනුකමිපා කරන්න..
    දිව යන්න මා වෙතින්
    මා දෙනෙතින් ඈතට..
    එපා හලන්න එකදු කදුලක්
    පේමයක් නොහදුනනා
    මා සිතට...

    ReplyDelete
  6. ලස්සනයි අයියෙ.

    දුර ඈත නුඹ යන්න
    මතකයත් අරගෙනම
    එපා සිහිනෙන්වත් මට
    නුඹ ආයෙ පෙනී යන්න...

    ReplyDelete
  7. Hipo/
    ඒ දුකෙත් පොදු රහක් නනැත්තෙම නෑ ඒක අමතක කරන්න අමාරුයිනෙ කොහොමත්

    නිපූ/
    අනේ ඔයා දන්නවනෙ කවුද කියලා

    රවා/
    ඔව් රවා අපි ඇත්තටම ආදරේනන් එයාගෙ සතුට දැකල අපිට හිත හදාගන්න පුරුදු වෙන්න ඔනි එයාලට වද දීල අපිට ලැබෙන කිසිම දෙයක් නෑනෙ

    ReplyDelete
  8. punchisamanalee /
    පිස්සු කථා කරන්න එපා කිසිම දෙයක් නැතිකරගන්න හිතන්න එපා කොහොමහරි ලග තියාගන්න බලන්න

    විහඟිගෙ සිතුවිලි/
    ගොඩක් ස්තූතියි විහගි ලස්සනයි ඔයාගෙ පදපෙල

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...