Wednesday, April 21, 2010

මිතුරියේ නුඹ!!!!


මිතුරියේ නූඹ
ඇයිද මේ ලෙස වෙනස් වූයේ
පෙම් කලේ නැත
මගේ කවි සිත ඇයට හැර
වෙන කිසිවෙකු‍ට එලෙසේ
යෙහෙලියන් සිටියත්
මගේ තනියට
සැවොම එක ලෙස මා සිතන්නේ
ඇයිද නුඹ අද
මාව මග හැර
ඉවත හැරිලා බලන් ඉන්නේ
දුකින් සිටිනා විටදි සැම විට
නුඹයි තනියට ලගම සිටියේ
‍කෙලෙස නුඹෙ සිත
මෙවන් විලසට
ගලක් කරගෙන බලන් ඉන්නේ
හිනා වීලා කථා කෙරුවට
පෙමක් නැහැ එහි වැඩෙන්නට
මගෙ පුරුද්දට සැමට එක ලෙස
හිනාවෙන් මා මත්කරන්නේ
එපා කිසිවිට උරන වෙන්නට
අහිංසක මම කරන වරදට
මිතුරියේ නුඹ ලගට එනු මැන
මහමෙරකි නුඹ මගේ දිවියට

14 comments:

  1. උන් ව මෙව්වට උණු වෙන්නෙ නැහැ.. උණු වුනත් උන්ගෙ හිතෙ තියන ලොකුකමට එක පෙන්නන්නෙත් නැහැ..

    ReplyDelete
  2. රවා/
    අනිවා මචං එන්නැති හේතු ගොඩක් තියනව
    ලොකු කම
    ඊරිසියාව
    අපිට පොඩ්ඩක් රිද්දන්න ඕනි කම
    ඔය වගේ හේතු ‍නිසා එන එකක් නෑ කොහොමත් හිත රිදිලනෙ තියෙන්නෙ. බලමුකො දැන්වත් ලොකු කම අමතක කරයිද කියල :(

    ReplyDelete
  3. මම නම් ආයෙම අවට බාර ගන්නෙ නැහැ. ඒත් එදා වගේම අදරෙයි.

    එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා......

    ReplyDelete
  4. රවාට/

    කාටද ඔය උන් උන් කියන්නේ රවා ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දිල්,
    වෙන කාටද ඉතින් කෙල්ලන්ට තමා...

    ReplyDelete
  7. ගීත්/
    එහෙම කියන්න තිබ්බ ආදරය කරානන්. ඒත් මට ඒ යාලුවව ඊට වඩා වටිනව. ඒ නිසා දහ සැරයක් දාල ගියත් ආපහු එනකන් බලන් ඉන්නව..

    දිල්/
    රවා එහෙම කිව්වෙ ගමේ භාෂාවෙන්නෙ ඇයි වැරදිද?? :(

    K.C. Hewage/
    සාදරයෙන් පළිගන්නට ඔබව සද මතට :D :D

    ReplyDelete
  8. ඔය ඉන්ටර්නෙට් චැට් අයින් කරපන්......ෆෝන් වීසි කරපන්......කෙල්ල මීට් වෙයන්...ලව් නැතිව වෙන ඕන එකක් කථා කරපන් අල්ලන්න යන්න එපා කිසිම තැනක් දවස් 2ක් ‍යනකම්....අඩුම වසයෙන් දවස් 3ක් මීට් උනාම කියාපන්...යෝදියෙ මට තෝව නැතුව බෑ කියල....මිනිස්සු අවුරුදු 1000 ගානක් ගෑනු සෙට් කරගත්තෙ ෆෝන්,නෙට්,ලියුම් නැතිව...මීට් වීමෙන්....ඒක තමා අත්දුටු ක්‍රමය....

    ReplyDelete
  9. මචං indi තොගේ කටට රුපියලක් දාන්න වටිනවා.

    ReplyDelete
  10. අනිවා රවා...මාත් එකගයි කතාවට

    ReplyDelete
  11. indi/
    කියපු දේ නම් හරි මචන් ඒත් මේක කවදාවත් ආදරයක් වෙන එකක් නෙමේ යාලු කමක් විතරයි හැමදාටම ගොඩක් සතුටුයි මේ පැත්තෙ ආපු එකටයි දීපු වටිනා අදහසටයි

    Sagara/ කරුමක්කාරයා

    සාදරයෙන් පිළිගන්නව ඔය දෙන්නවම ගොඩක් සතුටුයි මේ පැත්තෙ ආපු එකට

    ReplyDelete
  12. nipuni shanika pereraApril 22, 2010 at 12:32 PM

    කවිකාර හිත අස්සේ
    හගවාපු කවි අහගෙන
    හිමිකාරි නොවුනට
    ජිවිතේ ලග ඉදගෙන
    උන්නු
    මම තාම
    ගියෙ නැහැ
    දුර ඇත..
    ඉන්නමි
    මිතරේ
    හැමදාමත්
    නුඔ ගාව...

    ReplyDelete
  13. නිපූ/
    comment එක නන් නියමයි.. දැන් මරුනේ නිපූ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...