Sunday, March 21, 2010

මවකගේ විලාපය

පාපතරයකුගේ ලෙයින්
කුස තුල පිළිසිද
හිතේ ගින්නෙන් දැවුනු
කරවුන රොටියෙන්
නු‍ෙඕකුස පුරවා
ඇතිකළේ නුඔ
මරන්නට නොව
මතුදිනක රජයන්නයටය....
නුඔ විදින දුක දැක
උතුරායන මව් සෙනෙහසට
වහල් වී පරිවාසයට ගිය පවට
උන්ගේ වහසි බසින් අසරණව
විසිකළේ නුඔ මරන්නට නොව
මතු භවේ
රජවෙන්නටය..........
නුඔ ඇතිකළ සමයෙහි
රුපියලට අත පෑ මට
කෙළ ගසා ඉවත ගිය දුදනන්
අද නු‍ෙඕ උතුරා යන සෙනෙහසින්
සුදනන්ව
යළි ඉපිද ඇත

(කලුතරදී තම දරුවා ගගට විසි කල සිදුවීම හ බැදේ)

3 comments:

  1. ලංකාවේ සිද්ධ උන තවත් එක සිද්ධියක් විතරයි කියලා හිත හදාගන්න තමා වෙන්නේ...මේ ගැන තව මොනවත් කතා කරන්න කැමති නෑ.එච්චරට හිත රිදුන සිද්ධියක්

    ReplyDelete
  2. හ්ම්ම්.........අසරණ අපි තවත් අසරනයකුට කොහොම පිහිට වෙන්නද??????

    ReplyDelete
  3. ඔබේ මතය ගැන තරයේ විරුද්ධ වන්නට සිදු වෙනවා දිල්. ලංකාවේ සිද්ධ වෙන අපරාධ අමෙරිකාවේ තරම් බිහිසුණු ‍ඒවා නොවුණට ඒවා ගැන මිනිසුන්ිගේ තියෙන සංවේදී භාවය අඩු‍වීම ඔබේ අදහසින් ම පෙනෙනවා. ජීවිතයක් නැතිවීම කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාක් වැනි සිද්ධියක් ලෙස සලකන්නට ඔබ පෙළඹීම පිළිබඳ මට සිනා නැගෙන්නේ නම් නැහැ. මොකද ඔබේ අදහස මේ සමාජයේ ඔඩු දුවා ඇති විශාල ඛේදවාචකයක හරස්කඩක් වගේ. පහුගිය අවුරුදු ගණනාවක තිබුණු යුද්ධය විසින් දකුණේ ජන සමාජයට නිරන්තරයෙන් අත් දකින්නට සැලැස්වූ බරපතල හා අමානුෂික මනුෂ්යබ ඝාතනයන් මේකට ප්ර ධාන හේතුවයි.
    අතීතයෙන් අහුලන මතකයන් තුළින් ඔබ සමාජයට නිරාවරණය කරන (ඔබේ යයි මා විශ්වාස කරන) අතීතය හා එයින් ජීවිතයට වුණු පීඩාවන් නිරාවරණය කිරීමෙන් අවුළුවන්නට බලාපොරොත්තු වන හෘදයාංගම බව ප්රුථමයෙන් ඔබ තුළි තිබිය යුතු බව විශ්වාස කරමි.
    එසේ නැතිනම් ඔබ ලියා තබා ඇති පාඨයේ ඇතුලත් “ බැඳීම් වලට ගරු කරන” යන්න නිකංම නිකං හිස් වචන ටිකක් පමණක් වන්නේ ඔබ බැඳීම් වලට සැබැවින්ම ගරු කරනවා නම් ගරුකට යුතු ප්රමථම බැඳීම මව හා දරුවාගේ බැඳීම බව මා විශ්වාස කරන බැවිණි.

    එනිසා එය කිසිසේත් ම තවත් එක් සිද්ධියක් ලෙස දැකීමට මා (පුද්ගලිකව) නොකමැති අතර සමාජය (ඔබ වැනි) එසේ දකිනවාට ද දැඩි ව නොකැමැති වෙමි.

    තේජාන්.
    http://lankanthoughts.blogpsot.com

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...