Wednesday, March 24, 2010

අතීතය ගොඩ ගතිමි මම....

විභාගය අත ලගය, සොයා නොදන්නා ගිණුම් ශේෂයට පිළිසරණක්
ඈදෙන්නට විය මිතුරෙකුගෙ බෝඩිමට
අතරමන් වූ වැස්සකට යටින් පොත් මිටිය තුරුල් කර
දුවිල්ලෙන් පිරි නගරයක මහල් තුනක පියගැට මැනීමි
අද අමුතු පාඩමකි..........
මිතුරන් තිදෙනෙකි එලූ පත්තර පිටුවක් වට කර
අසන්නට මෙන් බණ පදයක්
යොමා දෙනුවන සොයා බැලුවෙමි හිනා වැස්සකි මගෙ මුවින් විසිඋන
එකෙකු කපා දෙයි,
අනිකා හොද නරක තෝරයි,
හික්.. හික්... අනිකා සුදු කොළ සොයයි,
සිවිවසරකට පෙර නුඹෙ ආලයෙන් අන්ධව මා මරා වල දැමූ
අතීතයෙ රූප පෙළහර සිනමා පටයක් ලෙසින් මැවෙන්නට විය
ගිලී අතීතයෙ සිටින මොහොතක
"දොර වහල ඈවිත් ඉද ගනින්"
ගැස්සී බැලූවෙමි මා තවම පැමිණි තැනමය
අගුල තද කර විසිකර පොත් මිටිය ඈද මතට
මාද හිද ගතිමි අසන්නට මෙන් බණ පදයක්
"මොකද කියන්නෙ??"
මා නැවතත් සිතුවිලි අතර සිර වීමි
මා දැන් නිදහස්ය වල දැමූ අතීතය ගොඩ ගන්න කාලය පැමින ඈත
සොයා ගොස් අතීතය වල දැමූ තැන හාරා ගොඩ ගතිමි
මගේ ඒ මිහිරි අතීතය
"ඕනි දෙයක්" හිනා පිරි වදනින් පැවසූවෙමි
ගතවුවේ නිමේෂයකි
කොහේදෝ සිට පැමිණි ඝන මීදුමකින් කාමරය වැසෙන්නට විය
අප එකිනෙකා නිහඩය කාළය ටික් ටික් හඩින් ගලා යයි
මා පාවෙන්නට වීමි තටු සැලිය යුතු නැත
සිතුවිලි නැමැති අහසපුරා පාවෙන්නට වීමි
සුදෝසුදු වළාකුලකට ගොඩ වූ මා පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩා
අත මත තබා නිදහසේ පාව යන්නට දෙතොල් අතරින් සුසුමක් යැවිමි
දෙවිලොව ගීතයක් ලෙසින් කපුගේ උලලේනාගේ විරහව පවසයි
විදින්නට ඒ ගී මිහිර දෙනුවන් පියා ගතිමි
ම්ම්..... හ්ම්ම්..... ම්ම්..... හ්ම්ම්...
අනේ......................
එපා වද දෙන්න. මට පාඩුවෙ ඉන්න දෙන්න.

4 comments:

  1. හ්ම්ම්ම්ම්!

    ඉතින් පාඩුවේ ඉන්න අපි වද දෙන්නේ නෑ.... ;p

    ReplyDelete
  2. :D :D....දැන් වද දුන්නට කමක් නෑ සින්දුව අහල ඉවරයි ආයෙ කවද අහන්න වෙයිද දන්නැහැ.. එදාට වද දෙන්න එපා. මම පවුනෙ. හික් හික් :)

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
    සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
    පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩාගෙන
    මොනාද ඔයා පලා පොරොත්තු උනේ.....
    වලා කුලක් වෙලා පාවෙන්න ආසනම්
    කියන්නම් එකම එක වැඩක්
    නගින්න උස ගොඩ නැගිල්ලකට
    උඩම තට්ටුවේ ඉදන් පනින්න බිමට...
    පුදුම සැහැල්ලුවක්
    දිඩි.... දිඩි... ගාල ගැහෙනව නේද පපුව
    ඔයාට ඔයාව අමතකයි වගේ නේද
    ජීවතේ දුක... විරහවේ දුක
    හැමදේම
    ඔයා පියාඹනව වගේ දැනෙනවද
    නිදහසක්....
    කාගෙන්වත් බාදාවක් නැති නිමේෂයක්
    විදින්න හදවතින්ම
    මම ඉන්නම් ශක්තිමන් දැලක් අල්ලගෙන
    බිල්ඩිම පාමුල... බේර ගන්න ඔයාව වැටෙන්න නොදී...

    මේ කරපු දේට වඩා මේක හොදයි නේද.....

    ReplyDelete
  4. හෙ හේ...

    දිල් අක්කාව මෙතන හරි දෑකීම සතුටක්.....



    මටත් ඕනෙ බන් පාවෙන්න..දෑන් නම් මෙහෙම ඉදලා එපාම වෙලා ....

    හේ ....

    මට ටිකක් ඉතුරු කරපන්..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...