මිතුරියකගෙ ඈරයුමකි
උපන්දින සාදයට
පුන්සදේ කැලුම් දෝරෙ ගලන සීත වැහි බිදු
දෝතින් තුරුලු කර
ගත පෙයූවෙමි ඈගේ ගෙමිදුලට
මගේ අත සෙල්ලම් වලස් පැටියෙකි
ඈගේ සිහිවටනයට
මිතුරියන් පෙම්වතුන් සමගද
මිතුරන් පෙම්වතියන් සමගද
හිනාකැන් පිරී ඉතිරෙන අමුතු ලෝකයක
මම අතරමන් වුනි
ඇත කොනක තිබූ විදුලි බුබුලෙන් වට වුනු
පුංචි කුඩයක්යට මම තනි වීමි.
නිමේෂයකි..............
රනින් බැබෙලෙන
අමුතුහැඩ ඈති බෝතලයකි මා ඉදිරිපිට
මකන්නට තනිය
වක්කරමි පිරෙන්නට හිස් වීදුරුව
එක දෙක වුණි
ලෝකය බමන්නට වුණි
ඔවුනොවුන් තුරුලුව
රගන රැගුම්ද ගයන ගැයුම් ද
ඉවසාගත නොහැකිව මා
තනිව වින්දෙමි
මා අසරණය
දුක තනිව විදින්නට මගේ සිත අණ කරයි
නැගිටින්න වෙර දැරූවද මා එක තැනය
මිතුරෙකු කැවු බත් පිඩෙන්
කුස පුරවා ගත් මා එන්නට සැරසුණී
"හිටපන් මම ගිහින් දාන්නන්"
මගේ මිතුරෙකි මා අසල
සතුටු කදුළකි නෙතු අග
නුඔ නැතත් මා ලග
මා තවත් තනි නැත......
තනිකමත් එක්ක දැනෙන අසරණකම හිතට දෙන්නෙ පුදුම වදයක්........එහෙම වෙලාවකට යාලුවෙක් කියන්නෙත් මහමෙරක් .... නිර්මාණය නම් අපූරුයි සහෝ.....
ReplyDeleteඒක ඈත්ත විෂ්මි ඒ වෙලාවට එක වචනයකින් ගොඩක් දේවල් කරන්න පුලුවන්...ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට...
ReplyDeleteහරිම ලස්සනයි... කියවාගෙන යද්දී ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා කියලා තිබුනු සංවේදි කතාව.....
ReplyDeleteආගන්තුක පුංචි සමනළීව ආදරයෙන් පිළිගන්නවා මගේ මල් වත්තට.මලකින් රොන් බීපු එක ගැන ගොඩක් සතුටුයි. ඉදිරියටත් මේ මල් වත්තට එයි කියල මම හිතනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි අදහසට.....
අයැඳ සිටිමී සමා ඔබෙන්
ReplyDeleteරිදවුවාට ඔබෙ හිත
හැගෙන්නේ නැත තවම ඹබට
එකදූ තරැවකත් නැති
මගේ හිත් අහස යට
කෙලෙස සතපමිද ඔබව අදූරැ කර ඔබ ලොවඳ...